දරුවාගේ ආහාර වේලේහි ඇති සෞඛ්‍යයට අහිතකර ආහාර වර්ග හතක්

lead image

වෙළද පලෙහි ඇති ළමයින් සදහා  වන සෑම දෙයක්ම සුදුසු නැත. ඔබේ දරුවා නිරන්තරයෙන් ආහාර ගන්නා සෞඛ්‍යයට අහිතකර  ආහාර 7 ක් අඩංගු ලැයිස්තුවක් මෙන්න

සෞඛ්‍ය  සම්පන්න ආහාර ලෙස පෙනෙන දේවල් පවා දරුවාට නුසුදුසු ආහාර විය හැකිය. මේවා ළමා වියේ තරබාරුකමට මෙන්ම  නිසි ලෙස වර්ධනය නොවීමට හේතු විය හැකිය.

ඔබේ දරුවාට නුසුදුසු ආහාර මෙන්ම සෞඛ්‍යයට අහිතකර ආහාර ලැයිස්තුවක් මෙහි දැක්වේ.

දරුවාගේ මොළය වර්ධනය

දරුවාට නුසුදුසු ආහාර වර්ග 7ක්

1 . උදෑසන සීරියල් වර්ග

උදේ ආහාරයට ගන්නා සීරියල් පිළිබඳ හොඳ දෙයක් වන්නේ එහි ධාන්‍ය  ප්‍රමාණයක් අඩංගු වීමයි.  සීනි හෝ පැණි රසකාරක ගොඩක් අඩංගු වන නිසා එය සෞඛ්‍යයට අහිතකර බවට පත් වේ. 

ඉහළ ග්ලයිසිමික් දර්ශකයක් පවා එහි තිබිය හැක. ඔබට සීරියල්  තෝරා ගැනීමට සිදු වේ නම්, පැණිරස නොවූ ධාන්‍ය වර්ග කිහිපයක් අඩංගු සීරියල් එකක් තෝරා ගන්න. මගේ දරුවා කිරිවලින් පිසූ ඕට් ආහාරයට  කැමතියි. 

2 . ක්ෂණික  නූඩ්ල්ස්

සාමාන්‍යයෙන් වැඩිහිටියන් විසින් පරිභෝජනය කරන විට සාපේක්ෂව සුරක්ෂිත වුවත් අවසානයේ දී එහි අඩංගු අධික සෝඩියම් ප්‍රමාණය  ඔබේ දරුවාගේ  සෞඛ්‍යයට  අහිතකර වේ.

ඔබේ දරුවා සෑම දිනකම නූඩ්ල්ස් ආහාරයට ගත් විට සෝඩියම් වල නිර්දේශිත ආහාර සීමාව ඉක්මවා යයි. නමුත් Monosodium Glutamate නූඩ්ල්ස් වල ඇති එකම ගැටළුව නොවේ. මේවා බොහෝ විට පිරිපහදු කළ පිටිවලින් සදා ඇති අතර ඒවාගේ ප්‍රමාණවත් තන්තු නොමැත. මේ නිසා මේවා දිනපතා පරිභෝජනය  නිර්දේශ නොකරයි.

3.  සකස් කල මස්

ඔබ සැකසූ හැම්, සොසේජස්, සාලමී භාවිතා කරනවා නම් , මෙය ඔබට නරක ආරංචියක් වේවි. සංරක්ෂණය කල මස් වල නයිට්රේට් හා සෝඩියම් අධික බැවින් ඒවා එදිනෙදා පරට නුසුදුසු වේ. මෑතකදී කළ අධ්‍යනයකදී, සංරක්ෂණය කල මස් දරුවන් තුල ලිව්කේමියාව ඇති වීමේ අවදානම වැඩි කරයි. එහෙනම් ඇයි  අවදානමක් ගන්නේ? ඒ වෙනුවට නැවුම් මස් භාවිතා කරන්න.

4 . පළතුරු වලින් සාදන කෙටි ආහාර

මෙම අතිශයින් ජනප්‍රිය ඇමෙරිකානු කෙටි ආහාර පළතුරු යුෂ වලින් සාදනු ලබයි. කෙසේ වෙතත්,  එයට සීනි යොදා ඇති බැවින්  සෞඛ්‍යයට අහිතකර වේ. ඊට අමතරව එහි දරුවන්ට මග හැරිය යුතු දෙයක් වන ආහාර වර්ණ අඩංගු වේ. සැබෑ පලතුරු මේවාට වඩා හොඳයි.

ඔබ එය කෙටි ආහාරයක් ලෙස භාවිතා කරන්නේ නම්, ඒ වෙනුවට පලතුරු භාවිත කරන්න. ඔබ එය විටමින් සඳහා භාවිතා කරන්නේ නම්, විටමින් මාත්‍රාවක් තෝරාගන්න.

5. දරුවාට නුසුදුසු ආහාර: ටින් කළ ආහාර

 ටින් කළ ආහාරවල ආයු කාලය ඔබ පරීක්ෂා කලේ නම්, එය මාස 12 කට වඩා වැඩි ය. නවීන ක්‍රමවලින් කල් තබා ගැනීමට කල් තබාගැනීමේ ද්‍රව්‍ය  අවශ්‍ය නොවේ. නමුත් සමහර  ටින් කළ ආහාරවල ඒවා අඩංගු වේ.

නැවුම් ආහාර භාවිතා කරන්න . එහෙත්, ඔබ ටින් අමුද්‍රව්‍ය භාවිතා කිරීමට සිදු වේ නම්, ලුණු රහිත , කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු ඒවා වලින් වළකින්න.

6. කුකුළු මස් නගට්ස් (chicken nuggets)

කුකුල් නගට්ස්  KFC පොෆ් කෝන් වලින් පසුව බැදපු චිකන් මගේ ප්‍රියතම ආහාරයයි. කෙසේ වෙතත්, එය මගේ දරුවාට සලකන විට මම එය වළක්වා ගන්නෙමි. එයට හේතු වී ඇත්තේ, එය ඉතා ගැඹුරු තෙලේ බැදීමේදී එයට සැලකිය යුතු ප්‍රමාණයක් සංතෘප්ත මේද හා ලුණු අඩංගු වේ. ඒ වෙනුවට මම ඔහුට ග්‍රීල්ඩ් කුකුළු මස් බ්‍රේස්ට් ලබා දෙන්න කැමතියි.

7 .සීනි අඩංගු බීම

සාමාන්‍ය සෝඩා කෑන් එකක සීනි ග්රෑම් 35 ක් අඩංගු වේ. ඔබ තේ එකක් සාදන විට එයට  සීනි ග්රෑම් 8-10 පමණ එකතු කරයි. ඔබේ දරුවා අනවශ්‍ය කැලරි ලබා දීමට අමතරව, සෝඩා ද බාල ගැහැණු ළමයින් කලින් වැඩිවිය පත්වීමට හේතු වේ. 

ඇසුරුම් කළ පළතුරු යුෂ  වන විට පවා සීනි ප්‍රමාණය ඉහළය. ඒ වෙනුවට, ගෙදරදී නැවුම් යුෂ මිරිකා භාවිතයට ගන්න උත්සාහ කරන්න.

පුංචි පැටියාගේ ආහාර ගැන අපි හොදින් සැලකිලිමත් වෙන්න ඕනී. මේ ආදරණීය මතක් කිරීම The Asianparent Sri Lanka  වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

Written by

theAsianparent