සතියකින් ඔබේ දරුවාට පොටිය භාවිතා කිරීමට පුහුණුව?

lead image

සතියකින් සිය දරුවා පොටිය භාවිතා කිරීම පුහුණු කිරීම සඳහා එක් මවක් භාවිතා කළ ශිල්පීය ක්‍රම ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා කියවන්න.

ක්‍රිස්ටීන් කොප්පා නැමති මව සතියක් තුල ඇයගේ දරුවාට පොටිය භාවිතා කිරීම පුහුණු කිරීමට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳව ඇයගේ උපදෙස් කිහිපයක් බෙදා ගනී.

1.  ඒ සදහා වේලාවක් යොදාගන්න.

ඒ සදහා වේලාවක් යොදා ගැනීම   ඔබේ දරුවාට  පොටිය භාවිතා කරන  ආකාරය ඉගෙන ගැනීමට පහසු කරවයි. පැය කිහිපයක් උදෑසන හා සවස   ඔබේ කුඩා දරුවා  පොටිය භාවිතා කිරීමට  පුහුණු කිරීමට උත්සාහ කරන්න.

ඔබේ දරුවාට කන්න, බොන්න හෝ සෙල්ලම් කිරීමට ඉඩ දෙමින්  සෑම විනාඩි 15 කටම, ඔබේ දරුවා පුහුණු කිරීම සදහා පොටිය මත තැබීමෙන්  ඔබට මෙය කළ හැකිය. ඔබට දින දෙකක් මෙය කළ හැකිය. නමුත් තුන්වන දින ඔබට එය මුළු දවස පුරාම   උත්සාහ කිරීමට හැකිය. එවිට ඔබේ දරුවාට පොටිය භාවිතා කලයුත්තේ කුමන වේලාවටද කෙසේද යන්න දැන ගැනීමට හැකි වේ.

2.නිරුවත්ව තබන්න

ඔබගේ දරුවා නිරුවත්ව හෝ ඩයපර් රහිතව ඇවිදින්න දෙන්න.      ඔවුන්ට මළපහ හෝ මුත්‍රා පිට  කිරීමට අවශ්‍ය වු විට ඔවුන්ගේ ඩයිපර් එක නොමැති  බැවින්  එය කළ හැකි ස්ථානයක් සොයා ගැනීමට උත්සාහ කරනු ඇත.  එවිට ඔබ පොටිය ඉවතට ගෙන  ඔවුන්ගේ අවශ්‍යතාවය  ඉටු කරගන්න දෙන්න. මේ ආකාරයට, ඔවුන් ඩයපර් ඇද නොතිබුනේ නම්  පොටියට යෑම අවශ්‍ය  බව  ඔවුන් ඉගෙන ගනිවි.

3. ඔබේ පුංචි  පැටියාට  තෑග්ගක්  දෙන්න

පැණිරස ටිකක් හෝ සංග්‍රහයක් ලබා දීමෙන් ඔබේ දරුවා පොටිය භාවිතා  කිරීම සඳහා පෙලඹවීමට සහයක් ලැබේ.

4. ඔබේ දරුවා පොටිය භාවිතා  කළ විට අගය කරන්න

සංග්‍රහ වලට  අමතරව, ඔබේ දරුවා පොටිය  පාවිච්චි කරන ඕනෑම අවස්ථාවකදී ඔබට ප්‍රසංශා කල  හැකිය. සමහර අවස්ථාවලදී,  ඔවුන්  ඔබගෙන් වාචික ප්‍රසංශා  ලබන විට තව  තවත් උද්‍යෝගීමත් විය  හැකිය.

5. ඔබේ දරුවාගේ ගුරුවරිය දැනුවත් කරන්න

ඔබේ දරුවා පෙර පාසලට යනවා නම්, ඔබ ඔබේ දරුවා පොටිය භාවිතා කිරීමට පුහුණු කරන බව දරුවාගේ ගුරුවරියට දන්වන්න. එවිට  ඔබ පොටිය භාවිතා කිරීම පුහුණු කරන නිසා කල යුත්තේ කුමක්දැයි  ඇය දන්නවා. එය නොකඩවා වීම වැදගත් නිසා ඔබේ  දරුවාගේ ගුරුවරියට දැන්වීම මහත් පිටුවහලක් වේවි.

6. එය කළ යුතු ආකාරය පෙන්වන්න

එය කරන ආකාරය පෙන්වීමට ඔබ ඔබේ  දරුවා ඉදිරිපිට වැසිකිළි  භාවිතා  කිරීම  අවශ්‍ය  නොවේ. එහෙත් ඔබට   පොටිය හෝ වැසිකිලිය භාවිතා කරන්නේ කෙසේද යන්න ප්‍රදර්ශනය කිරීමෙන් උගන්වන්න පුලුවන් .  දරුවන්ට සැබැවින්ම පොටිය  භාවිතා කරන ආකාරය පෙන්වීම  වඩා හොඳ නිසා මෙය විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.

7. නින්දට පෙර ඔවුන්ගේ දියර පානය  සීමා කරන්න

හදිසියේ මුත්‍රා පිටවීම  වළක්වා ගැනීම සඳහා හොඳ ක්‍රමයක් වන්නේ  ඔබේ දරුවා නින්දට යෑමට පෙර භාවිතා  කරන දියර සීමා කිරීමයි. එමනිසා, මධ්‍යම රාත්‍රියේ  මුත්‍රා පිට කිරීමට  අවශ්‍ය  වු විට ඔවුන් ඔබ අවදි කිරීමට බිය නිසා සිදුවෙන ඇද තෙමීමේ  පුරුද්ද මග හැරගන්න පුළුවන්.

දරුවාට පොටිය භාවිතා කිරීම පුහුණු කිරීම පහසු කටයුත්තක් නෙවෙයි. ඒ සදහා The Asianparent Sri Lanka ගෙන එන මේ ක්‍රමත් උත්සහ කර බලන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී