විෂකර පැළෑටි: දරුවාට විෂකර විය හැකි පැළෑටි 5ක්

නිවසේ විසිතුරු පැළ වවන්නට පෙර විෂකර පැළෑටි ගැන දැනුවත් වීම තුළින් නිවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනය නොවන අකාරයේ පැළ වගා කල හැකි වනවා....
නිවසේ ගෙවත්තේ විසිතුරු පැළ වැවීම ගොඩාක් හොඳ දෙයක්. එය අප අවට වාතය පිරිසිඳු කරනවා පමණක් නොව ගත මෙන්ම සිතටත් සොඳුරු සිසිල් සුවයක් ගෙන දෙනවා. මේ කෙසේ වෙතත් මිනිස් සිරුරට විෂකර පැළෑටි වුවද අප අතර ඇති අතර නොදැනුවත්ව හෝ මේවා වගා කිරීම නිවැසියන්ට විෂදායි විය හැකියි.
එවන් පැලැටි කිහිපයක් ගැන දැනුවත්ව සිටීම වඩා යෝගයයි.
ෆිලෝඩෙන්ඩ්‍රන් (Philodendron)
ෆිලෝඩෙන්ඩ්‍රන් නිවස් වල වවන ජනප්‍රිය ගෘහ ශාකවලින් එකකි. කෙසේ වෙතත් මෙම ශාකයේ සතුන් මෙන්ම මිනිසුන්ටද ඉතා විෂකර විය හැකි කැල්සියම් ඔක්සලේට් ස්ඵටික අන්තර්ගත වනවා. මේ නිසා මෙය විෂකර පැළෑටි ඝනයට අයත් වනවා.
මෙම ශාකය මිනිස් සිරුරට ඇතුළු වුවහොත් මුඛයේ, උදරයේ හා අහාර ජීර්ණ පද්ධතියේ ප්‍රදාහය ඇති විය හැකි අතර මින් විශාල ප්‍රමාණයකින් පරිභෝජනය කළහොත් විශේෂයෙන්ම දරුවන්ගේ, මරණය පවා ඇති කරන්නට පුළුවන්.
සුරතල් සතුන් සඳහා මෙය වඩාත් උග්‍ර ලෙස විෂකාර විය හැකි අතර සුනඛයින් තුළ බඩගින්න, වේදනාව හා බඩ ඉදිමීම් ඇති කළ හැක. මීට අමතරව එය බළලුන්ට වඩාත් විෂ සහිත විය හැක.
පෝටා වැල් නොහොත් මනී පැල (Pothos)
Pothos Ivy, Devil’s Ivy වැනි නම් රැසකින් හැඳින්වෙන මේ ශාකය වාතය පිරිසිදු කරන ගෘහස්ත වගාවට සුදුසු හොඳම පැළෑටි වලින් එකක් ලෙස සැලකෙනවා. පොටෝස් වැල් තෑගි ලෙසද යහළු මිත්‍රයින්ට පිරිනැමීම සාමාන්‍ය දෙයක්.
මෙහි මෙවන් වාසිදායක ගුණාංග රැසක් තිබුනද, එය පරිභෝජනය කළහොත් මිනිසාට යම් යම් අතුරු ආබාධ ඇති විය හැක. මුඛය තුළ ඇතිවන දැවෙන සංවේදීතාවය, සමේ උද්දීපනය, ඉදිමීම, වමනය සහ පාචනය වැනි දේ අත්දකින්නට පිළිවෙන.
මෙය සුරතල් සතුන් පරිභෝජනය කළහොත් සතුන්ටද විෂකාර විය හැක. හුස්ම හිරවීම, මුඛය සහ දිව ඉදිමීම, හුස්ම ගැනීමේ අපහසුතාව හා වේදනාව ආදිය ඇති විය හැකි බැවින් එය වඩාත් විෂ සහිත වේ. මේ නිසා සුරතල් සතුන්ගේ වකුගඩු අක්‍රිය වීමෙන් මරණයටද හේතු විය හැක. මේ නිසා මෙම පැලෑටිය වවන්නේ නම් දරුවන්ට මෙන්ම සුරතල් සතුන්ටද ලඟා විය නොහැකි ස්ථානයක වගා කිරීම සුදුසු වේ.
ලිලී මල්
ලිලී යනු ඉතාම අලංකාර මල් සහිත පැළෑටියකි. කෙසේ වෙතත්, ලිලී වර්ග සමහරක් ශරීරගත වීම ඉතා භයානක විය හැක. පහත සඳහන් වර්ග ඒවාට ඇතුළත් වේ:
- කැලෑ ලිලී (Calla Lillies) දරුවන්ට මාරාන්තික විය හැක.
- ඊස්ටර් ලිලී (Easter Lily)
- රුබ්රුම් ලිලී (Rubrum Lily)
- ටයිගර් ලිලී (Tiger Lily)
- ඩේ ලිලී (Day Lily)
- ආසියානු ලිලී (Asian Lily)
මේවා ශරීරගත වීමෙන් ඇති විය හැකි රෝග ලක්ෂණ වන්නේ උග්‍ර උදර අසාදනය, බඩේ අමාරුව, වමනය, හිසරදය, අඳුරු පෙනීම සහ සමේ ඇතිවන ප්රත්ක්රියාය. බළලුන්ට වඩාත් විෂකාර වන අතර වමනය, ආහාර අරුචිය, වකුගඩු හා අක්මා අක්‍රිය වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. ඔබේ නිවසේ බළලුන් වෙසේ නම් ලිලීස් තබා ගැනීමෙන් වැලකීම වඩාත් සුදුසුය.
කොට කිඹුල කොළ (Dieffenbachia/Dumb Cane)
මෙම ශාකයද ෆිලෝඩෙන්ඩ්‍රන් කුලයට අයත් වන මෙවන් විෂකර පැළෑටි ශරිරගත වීමෙන් ඇති වන අසාත්මිකතා සියල්ල ෆිලෝඩෙන්ඩ්‍රන් ශාකය හා සමාන වෙම් මෙය පොලවට වඩාත් කිට්ටුව පිහිටන නිසා දරුවන් මෙන්ම සුරතල් සතුන්ටද ශරීරගත වීමේ වැඩි ප්රමනතාවක් ඇත.
කනේරු (Oleander)
කනේරු පැළ ඉතා දැකුම්කලු විය හැකි මුත් ඉතාම විෂකාර විය හැකි බව සිහි තබාගත යුතුය. මේවා එක් කොලයක් පමණක් අහාරයට ගැනීමෙන් මරණය පවා සිදු වී ඇති බව වාර්තා වී ඇති අතර වැඩි කොළ ප්‍රමාණයක් ශරීරගත වීම වඩාත්ම භයානක තත්වයයි. කනේරු පැළ දරුවන්ට වඩාත් හානිකර විය හැකි අතර මේවා දරුවන් සිටින නිවෙස් වල වගා නොකිරීම වඩාත් සුදුසුය.
වික්ශිප්තිය සහ කරකැවිල්ල මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර සුරතල් සතුන්ගේ වමනය සහ සිතල වීම රෝග ලක්ෂණ අතර වේ.
ගෘහස්ත පැළෑටි වලින් ගෘහය ආරක්ෂා කිරීම
මෙම ශාකවල වලින් විෂකාර ප්‍රතිපල ඇතත් පවුලේ හෝ සුරතල් සතුන්ගෙන් ඈත් කර තැබීමට යම් යම් ආරක්ෂිත පියවරයන් අනුගමනය කළහොත් මේවා නිවසේ වගාකර ගැනීම පුළුවන් කම ඇත.
* ඔබ නිවසේ විෂ සහිත ශාක තිබේ නම්, ඒවා ඔබේ සුරතල් සතුන් හා දරුවන්ට ලඟා විය නොහැකි ස්ථාන වල තබන්න.
* විෂ සහිත ශාක හඳුනාගැනීම සඳහා ඔබේ ශාක ලේබල්යක් ගසා නම්කර ගන්න.
* විෂ සහිත ශාක හසුරුවන විට ක්ෂණිකව ඔබගේ අත් සේදීම සහ ඔබේ ඇස් හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකී සිටින්න.
* ශාක වටා සුරක්ෂිතව සිටීමට ඔබේ දරුවන්ට උගන්වන්න, ඉන් ආරක්ෂිත වීමට වග බලා ගන්න නම් ඒවා ස්පර්ශ නොකරන්න.
* බළලුන්ගෙන් පැලෑටි ආරක්ෂා කිරීම ඉතා අසීරුය. මේවා බළලුන්ගෙන් ඈත් කර තැබීම සඳහා එල්ලෙන කූඩු භාවිතා කරන්න. ඒවා සැරසිලි ලෙස වැඩි අලංකාරයක්ද ගෙන එනු ඇත.
TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිලුෆ පෙරේරා
පැළෑටි හා සම්බන්ධ තවත් ලිපියක් වන තම්පලා-අධික ඔසප් මැඩලන, මළ බද්ධය වලකන, රක් පිත් රෝග සමනය කරන දිව්‍ය පැළෑටියක් ගැන තතු ලිපියත් ඔබට ප්‍රයෝජනවත් වේවි!