theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පොප් සංගීතයෙන් දරුවාට ලැබෙන විශ්මයජනක ප්‍රතිඵල 3ක්

4 අවම කියවීම
පොප් සංගීතයෙන් දරුවාට ලැබෙන විශ්මයජනක ප්‍රතිඵල 3ක්පොප් සංගීතයෙන් දරුවාට ලැබෙන විශ්මයජනක ප්‍රතිඵල 3ක්

පොප් සංගීතය රස විඳින මෙන්ම ඉගෙන ගන්නා දරුවන් මෙවන් විශ්මයජනක ප්‍රතිඵල ලැබෙන බව ඔබ නොදැන සිටියා වන්නට ඇති. එවන් වාසි තුනක් ගැන මෙතැනින් වැඩි විස්තර...

ඔබත් ඉන්නේ දරුවාට සංගීතය අධ්‍යාපනය හදාරන්නට ලබා දීමට බලාපොරොත්තුවෙන්ද?  

දරුවා සංගීත උපකරණයක් හැදෑරීමට යොමු කිරීමටද?

ඉතින් දරුවා සංගීතයට යොමු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනා දෙමාපියන් හැටියට ඔබ සම්භාව්‍ය සංගීතයෙන් අධ්‍යාපනය ආරම්භ කිරීමට බොහෝ විට පෙළෙඹෙනවාට සැකයක් නැත.

මෙය ඉතා සුලභ තෝරාගැනීමක් මෙන්ම දරුවාගේ අධ්‍යාපන දිවියට හොඳ අදිතලමක්ද වන්නේ සංගීතය පිළිබද දැනුමත්, සංගීතයට සංවේදී ශ්‍රවණ හැකියාවකුත් ස්ථාපිත කර විශාල කුසලතා පරාසයකට දොරටු විවර කරමින්.

නමුත් බොහෝ දෙමාපියන්ට ඇති වන ගැටළුවක් වන්නේ දරුවා සම්ප්‍රදායික සංගීතය වෙනුවට පොප් සංගීතයට ඇලුම් කිරීමයි.  

මේ කනස්සල්ල ගැන අපට නොතේරෙනවා නොවේ. නමුත්, පොප් සංගීතය සම්ප්‍රදායික සංගීතයට වඩා වටිනාකමින් අඩුද? පොප් සංගීතය දරුවාට හානිකරද?

නමුත් වාර්තා වලින් සඳහන් වන සතුටුදායක කරුණ වන්නේ පමෙයයි.

පොප් සංගීතය සහ රොක් සංගීතය නව යොවුන් සංගීත රසකාමින්ට සහ සංගීත ශිෂ්‍යයින්ට බොහෝ ප්‍රයෝජනවත් වීමයි. පහත දැක්වෙන්නේ එසේ වන ප්‍රයෝජන තුනක්.

1. පොප් සංගීතය ආරම්භ කිරීම ඉතා පහසුයි.

බොහෝ දෙමාපියන් දන්නා පරිදි ඔබ කෙතරම් ශාස්ත්‍රීය හෝ සම්ප්‍රදායිය සංගීතය දරුවන්ගේ කන වැකෙන්නට සැලැස්වුවත් දරුවන් එය පහසුවෙන් ධාරණය නොගත්තා වෙන්නට ඇති.

ඒත් රේඩියෝවේ යන පොප් ගීත විනාඩි කිහිපයකින් ධාරණය කරගෙන යලි යලිත් මුමනන්නට යන්නේ නිමේශයක් නොවේද?

පොප් සංගීතය බොහෝ සිත් ඇදගන්නට විශේෂිත හේතුවක් තිබෙනවා. එය එම සංගීතයේ ඇති සරල ස්වභාවයයි.

මේ නිසා ශ්‍රාවකයන් අතර ශාස්ත්‍රීය සංගීතයට වඩා වැඩි ආකර්ශනයක් පොප් සංගීතයට තිබෙනවා.

පොප් සංගීතය සුලහව අසන්නට ලැබෙන නිසා දරුවාව නිරායාසයෙන්ම ඊට යොමු කිරීමේ හැකියාවද තිබෙනවා.

නිදසුනක් ලෙස පොප් සංගීතයට ගිටාරයකින් සරල  ලෙස තත් සරන්නටත් අත්පුඩි ගසන්නටත් පහසු බවට ඔබත් එකඟ වනවා නිසැකයි.

මෙහි මිහිරි හා සරල බව නිසා දරුවන් ඊට තලයට තට්ටු කරන්නේ නිරායාසයෙන්මයි.

මේ නිසා දරුවන්ට සංගීතය රස විඳීම ඉතාමත්ම පහසු වන අතර නිරායාසයෙන්ම පොප් සංගීත තාලයට නැටීම තුළින් දරුවා ක්‍රියාශීලි කරවීමටද හැකියාව තිබෙනවා.

2. පොප් සංගීතයෙහි නිරත වීමෙන් දරුවකු තුල  හුවමාරු කළහැකි කුසලතා රාශියක් රෝපම්නය වනවා. ගණිතය හා විද්‍යාව වැනි විෂයන් සඳහාද මෙය අදාළ වනවා.

ගෝලීය විශ්ව විද්‍යාල මගින් සිදුකල බොහෝ අධ්‍යයන වලින් පෙන්වාදෙන්නේ කුඩා අවධියේ සිටම සංගීතය ඉගෙනීමෙන් දරුවන්ට ප්‍රතිලාභ රැසක් අත්පත් වන බවයි.

යේල් වෛද්‍ය විද්‍යාලයේ ළමා මනෝ වෛද්‍ය මහාචාර්ය කයිල් පෲට් පවසන්නේ සංගීත අත්දැකීම් දරුවෙකුගේ වාචික නිපුණතාවයට විශාල ශක්තියක් වන බවයි.

දරුවාට සංගීතය

තවත් අධ්‍යයනයකින් පෙන්වා දුන්නේ පංතියක සංගීත භාණ්ඩයක් වාදනය කරන සිසුන් සංගීතය ශ්‍රවනය පමණක් කරන සිසුන්ට වඩා වැඩි දියුණු වූ ස්නායු සැකසුම් පද්ධතියක් ප්‍රගුණ කරන බවයි.

සංගීත භාණ්ඩයක් වාදනය කරන දරුවන්ට නිතැතින්ම භෞතික විද්යාව සහ ගණිතමය රටා හා සම්බන්ධ පුළුල් න්‍යායන් පිළිබඳව ගම්‍ය වන බවක් පෙන්නුම් කෙරෙවා.

මේ අතර ශබ්ධ තරංග ගමන් ගන්නා අකාරය සහ ශ්‍රවණ ක්‍රියාවලියේ සංයුතියේ වෙනස් වීම් ආදිය ගම්‍ය කරගැනීමේ හැකියාවක් ඇති බවට පෙන්වා දෙනවා.  

සංගීත භාණ්ඩ වාදනය කිරීම තුලින් සම්බන්ධීකරණය වැඩිදියුණු වීම, අභිමානවත් බව සහ කාල පරාස හා රිද්මය පිලිබඳ අවබෝධයද වැඩි දියුණු වනවා.

හාවඩ් වෛද්ය විද්යාලයේ සහ බොස්ටන් විද්යාලයේ මහාචාර්යවරුන් විසින් මෙහෙයවන ලද තවත් අධ්යයනයක් මගින් පෙන්වා දුන්නේ සති 15 ක කාලයක් තුළ සංගීත උපදේශනය ලැබු සිසු දරු දැරියන්ට.

විවිධ ශබ්ධ වෙන්කර හඳුනාගැනීමේ හැකියාවත් මෝටර් කුසලතා වැඩි දියුණු වීමත් සංගීතය තුලින් ප්‍රගුණ වූ බවයි.

මෙවන් කුසලතා සමුදායක් විවර කිරීමට මං පාදන පොප් සංගීතයට දරුවන් ප්‍රවේශ කරන්නට උත්සාහ නොකරන්නට තවත් හේතුවක් තිබේද?

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

3. යථාර්තය නම් උගන්වන්නේ කුමක් වුවද, එය දරුවා රස විඳින සහ දරුවා කැමැත්තක් දක්ක්වන්නක් වියයුතු බවයි.

දරුවාට නිතර ඇසෙන පොප් ගීතයක් සියවන වරටත් අසන විට එය දෙමාපිය අපට හිසරදයක් වන වෙලාවල් නැතුවාම නොවේ නේද?

නමුත් මෙම රසවින්දනය දරුවාට අලුත් මාවතක් පෙන්වා දෙන්නට අවස්ථාවක් කරගතහොත් කෙතරම් අගනේද?

චිත්‍රපට නැරඹීම, සංගීත ක්‍රීඩා, ගුවන්විදුලිය, YouTube ගීත හා එළිමහන් ප්‍රසංග වැනි විවිධ දේ තුළින් දරුවා සංගීතයට යොමු කරන්නට අපට හැකියාව තිබෙනවා.

දරුවන්ව මෙසේ පුළුල් සංගීත ප්‍රභවයන් වෙතට යොමු කිරීම තුලින්  දරුවන්ගේ විවිධාකාර සංවේදනයන් උත්තේජනය කල හැකි වන අතර එය දිගුකාලීනව දරුවන්ට විශාල ප්‍රයෝජනයක් අත්පත් කර දෙනවා.

වඩාත් සුදුසු වන්නේ ව්යුහගත ගවේෂණයන්ගෙන් වෙත ඔවුන් යොමු කොට ඔවුන්ට අවශ්‍ය සහ සුදුසු මාවත තෝරාගැනීම සඳහා පුළුල් ප්‍රභව රැසකට ඔවුන්ව නිරාවරණය කොට ඔවුන්ට ධෛර්යය ලබා දීමයි.

පොප් සංගීතය වනාහි මෙය කල හැකි එක් සාර්ථක මාවතකි.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • වර්ධනය
  • /
  • පොප් සංගීතයෙන් දරුවාට ලැබෙන විශ්මයජනක ප්‍රතිඵල 3ක්
බෙදාගන්න :
  • ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

    ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

  • මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන්නට උදව් වන මොකද්ද මේ IVF ප්‍රතිකාරය?

    මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන්නට උදව් වන මොකද්ද මේ IVF ප්‍රතිකාරය?

  • ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

    ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

  • මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන්නට උදව් වන මොකද්ද මේ IVF ප්‍රතිකාරය?

    මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන්නට උදව් වන මොකද්ද මේ IVF ප්‍රතිකාරය?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it