දරුවා අමතක වීම නම් සින්ඩ්‍රෝමය "Forgotten Baby Syndrome” (FBS). මෙය ඔබටත් සිදුවිය හැකිද?

බැරි වෙලාවත් දරුවාව අමතක වී වාහනයේ දමා ගොස් තිබෙනවාද? දරුවා අමතක වීම නම් සින්ඩ්‍රෝමය ඔබ සිතනවාට වඩා බහුල විය හැකි අතර එහි ප්‍රතිඵල බොහෝ සේ දරුණු විය හැකියි.

තවත් කර්යබහූල දවසක්. ඔබ සුපුරුදු ලෙස වහනය පදවන්නේ දරුවා පිටුපස අසුනේ රඳවා වන්නට පුළුවන්. වාහනය දෙවනත් කරමින් ළමා ගීත පටය විකාශනය වනවා. දරුවා ආයේ අඬන්නට කලින් බිස්කට් පැකට්ටුව අරින්නට උත්සාහ කරන ඔබ අතින් දරුවා අමතක වීම ක්අ වේ යැයි ඔබ සිහිනයකින්වත්  සිතන්නේ නැහැ.  

දරුවාට නින්ද ගිහින් වන්නට පුළුවන්. නැතිනම් නිහඬව ජනේලයෙන් එලිය බලා ඉන්නවා වන්නට පුළුවන්. කෙසේ නමුත් දරුවාගෙන් ශබ්ධයක් නැහැ.

එසේත් නැතිනම්, වෙනදාට දරුවා පෙර පාසැල් ගෙන යන්නේ දරුවාගේ පියා. නමුත් ඔහුට අසනීප නිසා ඔබ ඒ කාර්යය භාර ගන්නවා. නමුත් අවහනයේ පසුපස අසුනේ නින්දට වැටුණු දරුවා ගැන ඔබට හාන්කවිසියක් අමතක වන්නේ එය ඔබේ දෛනික කාර්යය නොවන නිසාත්.. ඔබ සුපුරුදු ලෙස වහනයෙන් බස ගොස් ඔබේ සුපුරුදු දවස ගත කරන නිසාත් වන්නට පුළුවන්.  

සැබැවින්ම මෙය ඔබ සිතනවාට වඩා බහුලව සිදුවන දෙයකි. දරුවා අමතක වීම නම්  සින්ද්රෝමය නොහොත් Forgotten Baby Syndrome (FBS) ලෙස හැඳින්වෙන මෙම තත්වය අමරණීය බේබි සින්ඩ්රෝ (FBS) ලෙස හදුන්වයි. උණුසුම් වූ මෝටර් රථ හා සම්බන්ධ මරණ වලින් මෙම හේතුව මුලික තැනක් ගන්නවා. පසුගිය වසර 15 තුළ මෙම දරුණු ප්‍රපංචනයෙන් මියගිය ලොව පුරා සිටින ළමුන් 200ක් පමණයි.

නමුත් දරුවා වාහනයේ රැඳී සිටින්නේ යැයි දෙමාපියන්ට අමතක නොවන්නට කල හැක්කේ කුමක්ද?

මෙයට කිසිදා මුහුණ නොදීමට නම් ඔබ ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

මෙය සිදු වන්නේ ඇයි?

"දරුවා අමතක වීම නම්  සින්ඩ්රෝමය" “Forgotten Baby Syndrome” (FBS) යනු රැකියාවට යන දෙමාපියෙක් හෝ දරුවා බලාගන්නා කෙනෙක් අමතක වීමෙන් දරුවා මෝටර් රථය තුළ දමා යාමයි. මෙය ඛේදජනක අවසානයකට හේතු විය හැක.

මෙම යෙදුම ගවේෂණය කළේ දකුණු ෆ්ලොරීඩා විශ්ව විද්යාලයේ ස්නායු විද්යාඥයකු සහ මහාචාර්යවරයකු වන ආචාර්ය ඩේවිඩ් ඩයමන්ඩ් විසින්ය. ඒ මිනිස් මොළයට මෙතරම් බරපතල අත්වැරදීමක් වීමට ඉඩ සැලසෙන්නේ කෙසේද යන මානසික ක්රියාවලිය පිළිබඳ පුළුල් අධ්යයනයකින් අනතුරුවය.

ආචාර්ය ඩයමන්ඩ් අනුව, දරුවා අමතක වීම නම්  සින්ඩ්රෝමය මිනිස් මොළයේ ක්‍රියාකාරී පද්ධති දෙකක් ආශ්‍රයෙන් සිදු වේ:

දෛනික පුරුදු මතකය (Habit Memory)

දෛනික පුරුදු හා දිනපතා යම් යම් ක්‍රියාකාරකම් වන්නේ කිසිඳු ආයාසයකින් තොරවයි. මෙය ස්වභාවයෙන්ම සිදුවන දෛනික චාරිත්‍රයක් වන්නේ ඒ නිසයි.  නිදසුන් ලෙස අපි නිවසින් පිටව යාමට පෙර පාවහන් පැළඳීම, නිවසින් පිටත් වන්නට පෙර දොරටුව වැසීම වැනි ක්‍රියාකාරකම් මිට අයත් වේ.

අනාගත මතකය (Prospective Memory)

මේ දෛනික ක්‍රියාවලියෙන් පිටත ඇති වන සිදුවීම් පිලිබඳ මතකයි. එනම් දිනපතා රාජකාරියට යාමට අමතරව අද දවසේ ඉන්ධන පුරවා ගත යුතුවීම.

මෙහිදී  විශේෂ වන්නේ අපගේ දෛනික පුරුදු මතකය නිතරම අනාගත මතකය පැරදවිය හැකි බවයි. අප යම් අනාගත ක්‍රියාවක් ඉටුකර හමාර බවට සාවද්‍ය පණිවුඩයක් දෛනික මතකය විසින් මොලයට යැවිය හැක. කොටින්ම කියතොත්, නිතර දෛනික මතකයෙන් පිට එකතු කරගන්නා ක්‍රියාවන් අමතක වීමේ ප්‍රවනතාව වැඩි වනවා.

දරුවාව දිනපතා පෙර පාසලෙන් ගන්නේ ඔබ නොවේ නම් මෙය ඔබේ දෛනික ක්‍රියාවලියට අයත් කාර්යයක් වන්නේ නැහැ. මේ නිසා එක් දිනක ඔබට දරුවා ගන්නට සිදුව තිබුනොත්, ඔබට මෙය පහසුවෙන අමතක විය හැකි වනවා. දරුවා අමතක වීම නම්  සින්ඩ්‍රෝමය ඇති වන්නේ මෙවන් අවස්ථා වලයි. මෙය දෙමාපියන්ට පමණක් නොව කාර්යබහුල ගෘහ සේවිකාවන්ට හෝ දරුවන් බලාගන්න මිත්තනියන්ට වුවද සිදුවිය හැක.

අමතක වීමේ ක්‍රියාව

වෛද්‍ය ඩයමන්ඩ් පවසන පරිදි දරුවන් අමතක වීම ඔබ අප සිතනවාට වැඩ බහුලව සිදු වන්නක්. දරුවන්ට මහත් සේ ආදරය කරන, දරුවන් ගැන නිතර සැලකිලිමත් දෙමාපියන්ට පවා මෙවන් අමතක වීම් සිදු නොවනවා නොවේ.

දවසක් රැකියාවට ප්‍රමාද වූ සරෝජා තම තුන් හැවිරිදි පුත් රුශාන්ව දිවා සුරැකීමේ මද්යස්ථානයට ගෙන යන ලෙසත් සවස් වී යලි ඔහු එතනින් ගන්නා ලෙසත් ඇගේ මවගෙන් ඉල්ලා සිටියේ යට සවස් වරුවේ විභාගයක්ද තිබුණු නිසයි.

සිදු වූයේ සිහිනෙකින්වත් නොසිතු දෙයකි. රුශාන්ගේ මිත්තනිය රැකියාවට යන අතර රුශාන් කැටිව දිවා සුරැකුම් මධ්‍යස්ථානයට ගියත් ඔහුව පසු පස අසුනේ රඳවා සුපුරුදු ලෙස රැකියාවට ගියේ දිව සුරැකුම් ස්ථානයෙන් රුශාන් බැස්සවීමට අමතක වූ නිසාය. මේ නිසා මිත්තනියගේ රථ ගාලේ පැය දහයකට වැඩි කාලයක් රුශාන් වාහනයේ තනි වුනා. මෙහි කුරිරැ ප්රථීඵලයක් ලෙස වාහනයේම රුෂාන් මියැදුණේ ඔහුගේ සිව්වැනි උපන්දිනයට දින කිහිපයකට මත්තෙනි.

වෛද්‍ය ඩයමන්ඩ් පැහැදිලි කරන පරිදි දෛනික ක්‍රියාවක නිරත කාර්යබහුල කාට නමුත් මෙවන් මතකයේ ගිලිහිමක් සිදුවන්නට පුළුවන්  වන්නේ නාන කාමරයේ විදුල බුබුල නිමන්නට අමතක වනවා සේයි.    

"ඇත්තෙන්ම මිනිසුන්ට මහත් ප්‍රහේලිකාවක් වන්නේ මෙය සමනය යමක් අමතා වීමේ තත්වයක් හා සමාන නම් එය සින්ඩ්‍රෝමයක් ලෙස හැඳින්වෙන්නේ මක් නිසාද යැයි කියායි. මෙහි ඉතාමත්ම විශේෂ කාරණය වන්නේ මෙම තත්වය සිදු වන්නේ දෙමාපියන් විසින් දරුවන් නොසලකාහරින නිසා නොවන බවයි.”

දරුවා අමතක වීම නම්  සින්ඩ්රෝමය" “Forgotten Baby Syndrome” (FBS) නිසා ඇති විය හැකි අනිසි ප්‍රතිඵල

ෆිලඩෙල්ෆියාහි පිහිටි ශාන්ත ක්රිස්ටෝෆර් ළමා රෝහලේ ළමා රෝග මධ්යස්ථානයේ අධ්යක්ෂ ක්රිස්ටෝෆර් හයිනස්ට අනුව, පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 22ක් වූ සාමාන්‍ය දිනයක වාහනයක ඇතුළත උෂ්ණත්වය පැයක් ඇතුළතඩි අංශක 30 සිට 40 දක්වා වන වැඩි විය හැකි අතර මෙම වැඩි වීමෙන් 70%ක් සිදු වන්නේ මුල් විනාඩි 30 ඇතුළතදීයි."

මෙලෙස උණුසුම් වූ මෝටර් රථයක වාඩි වී සිටින දරුවා තාප ආඝ්රාණයෙන් පීඩා විඳිය හැකිය:

* එක්වරම හුස්ම නැවතීම

* සිහි නැති වීම

* කොමා තත්වය

* ශ්වසන, වකුගඩු සහ අවයව අක්‍රිය වීම

* මොළයට හානි සිදු වීම

* හෘදය අක්‍රිය වීම

* මරණය

සාමාන්යයෙන් මෝටර් රථ උණුසුම් වීමට හසු වී මරණයට ගොදුරු වන දරුවන් වැඩිමනක් වයස අවුරුදු එකට වඩා අඩු වන අතර අවුරුදු එකත් දෙකත් අතර වයස් කාණ්ඩ වල දරුවන්ද මිට ගොදුරු වනු දක්නට ලැබෙනවා.

මේ ඔවුන් උදව් ඉල්ලීමට ඇති නොහැකියාවත් තනිව වාහනය විවෘත කර ගැනීමට ඇති නොහැකියාවත් නිසායි.

වාහනය වසන්නට කලින් පරික්ෂා කරන්න

මෙවන් දෙයක් ඔබ අතින් කිසිදා සිදු නුවත් පුරුද්දක් හැටියට මෙම පුරුදු අනුගමනය කිරීම ඔබටත්, ඔබ දෙස බලා හැදෙන දරුවන් හා යාහු මිත්රයින්ටත් බොහෝ වටිනු ඇත.

මෙම ආරක්ෂිත උපක්‍රම අනුගමනය කිරීමෙන් මෝටර් රථය තුළ දරුවකු අමතක වීම වළක්වා ගත හැකිය.

1. ඔබේ මෝටර් රථයෙන් බැහැර වීමට ප්‍රථම, පසුපස අසුන් පරීක්ෂා කිරීම පුරුද්දක් කරගන්න

2. රථයේ පසුපස කොටසේ ඔබේ අත්බෑගය / කඩදාසි, මුදල් පසුම්බිය, ජංගම දුරකථනය (හෝ ඔබේ වම් සපත්තුව) තබා ගන්න. එමඟින් ඔබේ ගමනාන්තයට ආ විට එම භාණ්ඩ ආපසු ලබාගැනීමට ඔබට පිටුපස දොර විවෘත කිරීමට සිදුවනු ඇත.

3. ගමන ඇරඹීමට පෙර පසුපසට පිරික්සීමට ඔබගේ ජංගම දුරකථනයේ සිහිකැඳවුමක් සකසන්න

4. ඔබේ දරුවා පිටුපස අසුන්ගෙන සිටින විට ඔබේ අසල අසුනේ විශාල සෙල්ලම් සතෙකු තබා ගන්න. මෙය ඔබේ අවධානය ගෙන දරුවා පසුපස අසුනී සිටිනා බව මතක් කරනු ඇත.

5. ඔබ අතිශයින් කාර්යබහුල අවස්ථාවලදී විශේෂයෙන් ප්‍රවේශම් වන්න.

6. දවස පුරාම නිවැසියන් සමඟ හොඳ විවෘත සන්නිවේදනයක් පවත්වා ගන්න (ඔබගේ සහකරු හෝ ළමාරක්ෂකයා වැනි) එම නිසා සෑම අවස්ථාවකදීම ඔබේ දරුවාගේ කොතැනක සිටිනු ඇත්දැයි දන්නා පිරිසක්ම සිටිනු ඇත.

7. දරුවා හෝ බිලිඳා පුරුද්දක් ලෙස කිසිඳු විටෙක මෝටර් රථය තුළ තනි කර තබන්න එපා.

8. ඔබේ දරුවා මෝටර් රථයේ සිටින බව ඔබට මතක් කර දෙන ජංගම දුරකථන App වර්ගයක් භාවිතා කරන්න “Mom I am here” එවන් එකකි.

9. වෙනත් කෙනෙකු ඔබේ දරුවා සමඟ රථයේ ගමන් කරයි නම් (ඔබේ සහකාරිය හෝ ඔබේ මාපිය වැනි), ඔවුන් ඔබගේ ගමනාන්තය කරා ළඟා වූ පසු දරුවාගේ පින්තූරයක් ඔබ වෙත එවන ලෙස ඉල්ලා සිටින්න. මෙවිට අහඹු අමතක වීමක් හෝ වලක්වාගත හැක.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

දරුවන් සමඟ රිය පැදවීම හා සම්බන්ධ තවත් ලිපියක් වන දරුවන් සමග රිය පදවන විට හා වාහනයක යන විට ඔබ මේ ගැන සිතුවාද? ලිපියත් ඔබට ප්‍රයෝජනවත් වේවි!