ඔබට ඕනෑ දරුවා ඔබ කියන දේ අසන්නද?

මව්පියවරුනි, දරුවාගේ ආවේගයට ඔබත් අවේගයෙන් ප්‍රතික්‍රියා කිරීම සම්පූර්ණයෙන්ම නිශ්ඵල දෙයක්. කියවා බලන්න ඇයි කියා ඔබට තේරේවි!

දරුවා ඔබේ ප්‍රශ්නවලට ‘‘ඇයි?’ ‘‘ඇයි?’ කියා ඇසීම ඔයාලට කන්දොස්කිරියාවක් වෙලාද?

එක අතකට දෙමව්පියන් කියන්නෙත් හරිම විහිලුකාරයො කට්ටියක් තමා. දරුවා අඩනකොට අපි හොඳින් දන්නවා දරුවාට මොනවද ඕනෙ කියලා. එයාලගේ එක බැල්මෙන්ම අපිට එයාලව තේරුම් ගන්න පුළුවන්. නමුත් දරුවන් වචනයක් දෙකක් කතාකරන්නට පටන් ගත්ත ගමන්ම අපි එයාලගේ හැඬුම්, ඉරියව් වලට ප්‍රතිචාර දැක්වීම නවත්වන්නට පෙළඹෙන්නේ ලොකු කෙනෙක් වගේ අපිට දේවල් තේරුම් කරයි කියලා අපි හිතන නිසා, බලාපොරොත්තු වන නිසා.

මේ නිසා අපි පෙළඹෙනවා එයාල කරන හැම දේකටම ‘‘ඇයි ඒක කරන්නේ?’ ‘‘ඇයි ඕක කරන්නේ?’ කියලා අහන්න. මේක අප දෙමව්පියන් අතර බොහොම සුලභ පුරුද්දක්.

‘‘ඇයි?’ කියන ප්‍රශ්නය සමහර වෙලාවට අපිට කේන්ති කරන දෙයක්.

‘‘ඇයි?’ කියන්නේ සාමාන්‍ය ප්‍රශ්නයක්. අප නිතර දෙවේලේ අහන්න කියන සාමාන්‍ය වචනයක්.

නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි නිතර මේ වචනේ පාවිච්චි කරන එකට වඩා, අපට තේරුම් ගියත් ඇයි අපි මේ වචනේ පාවිච්චි කරන්න කියලා; අපට තේරුම් ගියත් අපේ සිතැඟි මොනවගේද කියලා; පොඩි දරුවෙකුට එය එලෙස තේරුම් ගන්නට අමාරු බව අප තේරුම් ගන්නේ නැති එකයි.

නිකමට හිතන්න ඔයාලා ග්‍රීසියේ ලස්සන පාරාදීසයක් වගේ දූපතට ගියා කියලා. ඔයාල මේ දූපත ගැන දැනගෙන හිටියා. එක ඇතුලේ පුදුමාකාර ලස්සන දේවල් තියනවා කියලා දැන සිටියා. ඒ නිසා ඉතින් ඔයාලා බෝට්ටුව දූපතට ළං වෙනවාත් සමඟම ඔයාල තේරුම් ගන්නවා මේ දූපතේ දවසක් ගෙවන්න විශාල මුදලක් වැය වෙනවා කියලා. ඔයාල එතන ඉන්න කට්ටියගේ භාෂාව පාවිච්චි දන්නෙත් නෑ. එතන ඉන්න කට්ටිය ඔයාලගේ භාෂාව දන්නෙත් නෑ.

ඔයාලා ලොකුම දුරක් ගෙවාගෙන, ගමන් මහන්සියත් එක්ක බොහොම පීඩා විඳිද්දී ඔයාලට අවශ්‍ය වතුර වීදුරුවක් හරිහෝ කෑම ටිකක් හෝ පමණයි. මෙච්චර මහන්සි වෙලත් ඔයාල කියන කිසිම දෙයක් ඒ යට තේරෙන්න නැති කොට මොන වගේ දුකක් ඇති වෙයිද? මේ වගේ තමයි අපි හතර හැවිරිදි පුංචි දරුවොත්. එයාලගේ හිතේ තියාගෙන තියෙන දේ ඒ විදිහටම කියාගන්න බැරිව විඩාවට පත්වෙනවා, කේන්ති ගන්නවා. බැරිම තැන එයාලා කෑකෝ ගහලා එයාලට ඕන දේ ඉල්ලනවා. මේ කාලගෝට්ටිය මැද්දේ අපි එයාලගෙන් ඊට උඩින් කෑගහල අහනවා ‘‘ඇයි?’ ‘ඇයි මේ?’ කියලා.

‘ඇයි?’ කියන්න හානිකර වචනයක්

දරුවා සිත් තැවුලකින් ඉන්නකොට එයාල අපි වෙත එන්නේ සැනසීමක් පතාගෙන. සිත් තැවුල ප්‍රකාශ කරන්නේ ආවේගකාරීව වන්නට පුළුවන්. දරුවාගේ නින්දට බාධා වුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාල අඩ නින්දේ වෙන්න පුළුවන්. ඉතිං එයාලා මේ විදිහේ මානසික තත්ත්වයකින් ඉන්න වෙලාවේ අපි අහනවා ‘ඇයි?’ කියන ප්‍රශ්නය. අපි බලාපොරොත්තු වෙනවා එයාලගේ තත්ත්වය එයාලා අපට පැහැදිලි කරල දෙයි කියලා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ දරුවාට වත් තේරෙන්නෙත් ඇයි ඔහු හෝ ඇය මෙහෙම හැසිරෙන්නේ කියලා.

මේ අර්ථකතනය ටිකක් ගැඹුරු වෙන්න පුළුවන් නමුත් ඒ ෆේබර් සහ මැස්ලිශ් කියන විද්වතුන් දෙදෙනා දරුවන් සහ වැඩිහිටියන් අතර සන්නිවේදනය ගැන කල විශ්ලේෂණයකින් පැහැදිලි වෙන්නේ මේ වගේ දෙමාපියන් විසින් දරුවාගේ හැසිරීම තේරුම් නොගැනීම නිසා දරුවා වැඩිහිටියන් කෙරෙහි තියෙන විශ්වාසය පලුදු වන බවයි.

ඉතින් අපි බලමු දරුවාගේ ආවේගකාරී හැසිරීම් වලට අපි ප්‍රතිචාර දක්වන්න ඕනෙ කොහොමද කියලා

දරුවා වයස අවුරුදු හතක් විතර ඉක්මවූ පසු සාමාන්‍යයෙන් හැඟීම් හොඳින් ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙනවා. නමුත් අවුරුදු හතකට කලින් දරුවන්ට හැඟීම් ඒ හැටියෙන්ම ප්‍රකාශ කරන්නට අමාරුයි.  මේ නිසා දරුවාට ආවේගයක් ඇති වුණ වෙලාවට අපි ප්‍රතිචාර දක්ව විට මදක් කල්පනාකාරී වීම වැදගත්. “මොකද වෙලා තියෙන්නෙ?” “ඇයි මේ?” කියල අහන්නෙ නැතුව අපිට පුළුවන් වෙන්න ඕනේ වඩා වෙනස් ක්‍රමයකට ප්‍රතිචාර දක්වන්න.

ආවේගය ක්‍රමානුකුලව වැඩි වීම අදියර හතරකින් සිදු වන්නක්

දරුවාට කේන්තිය මේ ගෝඨාභයගේ ඇතිවීම ඇතිවීම අදියර කිහිපයකින් සිදු වෙනවා කියලා හොයාගෙන තියෙනවා.

පළමු අදියර: දරුවා තමන්ගෙම ලෝකයේ වැඩක හෝ සෙල්ලමක නියැලිලා ඉන්න වෙලාවක, දරුවාට හිටි ගමන් ඇතිවන යම් කිසි බාධාවක් එහෙමත් නැත්නම් අවධානය බිඳීමක් නිසා එක් වරම තැති ගැන්ම අවේගයේ මුල්ම අදියරයි. මෙහිදී මොහොතකට තැති ගත දරුවා යලි තමා කරමින් සිටි සෙල්ලම දිගටම කරගෙන යයි.

දෙවන අදියර: දෙවන අදියර වන්නේ දරුවාගේ ක්‍රියාවලියට බාධාවක් ඇති වුණ සැනින් දරුවා කරමින් සිටි දෙය නැවැත්වීම හෝ නවත්වන්නට සිදුවීමයි.

තුන්වන අදියර: මෙහි තෙවන අදියර වන්නේ දරුවාගේ කනස්සලු ගතිය ආරම්භ වීමයි. අවධානය බිඳුණු දරුවා, කරමින් සිටි ක්‍රියාවේ දෙන්නද එපාද යන්න ගැන අවිනිශ්චිතව නොහොත් වට උඩ හිඳින අවස්ථාවයි.

හතරවන අදියර: සිව් වන අදියර වන්නේ දරුවා හඬා වැටීම කනස්සල්ලට පත්වී හඬා වැටීම හෝ ප්‍රකෝපකාරී වීමයි.

මේ නිසා දරුවාගේ ආවේගයට ප්‍රතිචාර දැක්වීමේදී ඉහත අදියර හතර ගැන සැලකිලිමත් වී ඊට ප්‍රතිචාර දැක්වීම දෙමව්පිය අපගේ වගකීමක් වනවා.

දරුවාගේ ආවේගයට ප්‍රතිචාර දක්වන අකාරය.

1 දරුවාට අවධානය යොමු කර හොඳින් ඇහුම්කන් දීම.

දරුවාගේ ආවේගය ඇති වීමේ පළමු හා දෙවන අදියර ගැන ඔබ දැන් දන්නා බැවින් දරුවා තම පළමු අදියරේ යැයි ඔබට ප්‍රත්‍යක්ෂ වූ විට ඔහු අසලින් සිට ඔබගේ අවධානය ඔහුට/ඇයට යොමු කරන්න.  

2 දරුවාව ඔබ තේරුම් ගත් බවට පුංචි ඉඟි දෙන්න.

දරුවාගේ තැති ගැන්මට නෙත් වලින් හෝ සුහද බැල්මකින් හෝ වචනයකින් හෝ ප්‍රතිචාරයක් දීම දරුවට අස්වැසිල්ලක් වනවා.  

3 දරුවාගේ හැඟීම් ඔබට තේරෙන බව දරුවාට පවසන්න

‘මට තේරෙනවා පුතේ!’ ‘පොඩ්ඩක් එන්නකෝ’ වැනි සුහද වචන පෙලකින් ඔහු/ඇය අස්වසාලන්න පුළුවන්.

4 දරුවාට ඔහු හෝ ඇය පතන දේ මනංකල්පිත ලෙස ලබාදෙන්න

සමහර වෙලාවට දරුවාට අවශ්‍ය දේ සම්පූර්ණයෙන්ම අතාත්වික නැතහොත් ප්‍රායෝගික දෙයක් නොවන්නට පුළුවන්. ගමනක් යන්නට නුසුදුසු ඇඳුමකින් සරවෙනවා වන්නට පුළුවන්. එවන් අවස්ථා වල ‘ඔයා මෝඩ වැඩ කරන්න එපා!” කියනවා වෙනුවට “ඒ ඇඳුම නම් ගොඩක් ලස්සන වෙයි සීත රටක වගේ හිටියා නම් නේද පුතේ? ආ පුතේ මේක අඳින්න” ලෙස ඔහුගේ අවධානය සියුම්ව බිඳීමෙන් තත්වය බොහෝම සරලව සුහදව විසඳගන්නට හැකි වනවා.

ඉතින් මව්පියවරුනි, දරුවාගේ ආවේගයට ඔබත් අවේගයෙන් ප්‍රතික්‍රියා කිරීම සම්පූර්ණයෙන්ම නිශ්ඵල දෙයක් කියා ඔබට තේරෙනවා ඇති. දරුවා වෙනුවෙන් ඔබේ අවධානය යොමුකර ආදරය සහ තේරුම් ගැනීමෙන් ඔහුගේ හෝ ඇයගේ ආවේගය පාලනය කරගැනීමට ඔබට ඉමහත් සහයක් දෙන්නට පුළුවන්.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා