ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

lead image

දරුවා තනිව නිදිකිරීමට හුරු කිරීම අපහසුයිද ?

ඔබත් එක්කම නිදාගත් දරුවා තනිව නිදාගන්නට හුරු කරන්නේ කෙසේද? එය පහසු නැත, නමුත් එය කළ හැකිය. ඔබට  මේ වෙනස්වීම පහසු කිරීම සඳහා උපදෙස් කිහිපයක් පහත දැක්වේ.

අද කාලයේ බොහෝ  දෙමාපියන් දරුවන් රැකබලා ගැනීම හා දරුවන් සමග එක්ව  නිදා ගැනීම සම්බන්ධ කර පවත්වා ගන්නවා.කෙසේවෙතත්, අවසානයේදී, දෙමාපියන් වෙනම නිදා දරුවන් තනිව ඇදක  නිදිකිරීම  අවශ්‍ය වේ.  ඒ ඇයි?

හෆින්ටන් පෝස්ට්  (Huffington Post) අනුව, පාසල් දරුවන් තමන්ගේම ඇදක නිදා ගැනීමට  ඉගෙන ගත යුත්තේ පහත හේතු නිසයි.

  • දරුවන්ට තමන් සැනසීමට ඉගෙන ගත යුතුය.
  • දෙමව්පියන්ට ඔවුන්ගේ පෞද්ගලිකත්වය  අවශ්‍ය වන අතර දරුවන්ට එය තේරුම්ගත යුතුය.
  • දරුවන් තමන් ගැනම සැලකිලිමත් වීම ගැන ආඩම්බර වෙනවා. එය ඔවුන්ගේ ආත්ම අභිමානය  ගොඩනඟයි.
  • දෙමාපියන් නොමැතිව නිදා ගැනීමට නොහැකි වීම, දරුවන්ගේ ක්‍රියකාරිත්වය සීමා කරයි (එනම්, යහළුවන් සමඟ නිදා ගත නොහැකි වීම ).
  • එකව නිදා නොගැනීමෙන් දරුවන් සමඟ බැඳී සිටීමට වෙනත් මාර්ග සොයාගැනීමට දෙමව්පියන් දිරිමත් කරනවා.
  • දරුවන්ට තම බිය (උදා: අඳුරු, ඇඳන් යට  සිටින යක්ෂයන්, ආදි තවත් බොහෝ දේ) තමන්ටම පරාජය කිරීමට හැකි වේ.

දරුවා තමාගේම ඇඳේ නිදාගැනීම

ඔබේ දරුවා පාසැල් යන තෙක් බලා සිටින්න.  ඔහුට කිසිම පක්ෂපාතිත්වයක් දක්වන්න එපා. වේලාසනින් ආරම්භ කිරීමට සුදුසු  වේ. ඔබේ දරුවා  තනිවම නිදා ගැනීම  දෙමාපියන්ට ගුණාත්මක  විවේකයක් ලබා දෙනවා. කෙසේ වෙතත්, ඔබේ දරුවා තනිවම නිදා ගැනීමට පුහුණු කිරීම කියන තරම් පහසු දෙයක් . WebMD සහ Parenting.com විසින් ලබාදෙන  උපදෙස් කිහිපයක් පහත දැක්වේ.

1. හරිම  වේලාව තෝරා  ගන්න

සියල්ල ස්ථාවර වන තෙක් ඉන්න. ඔබ නැවත  දරුවෙක් අපේක්ෂා කරන්නේ නම් හෝ ඔබ නිවාඩුවකට යෑමට අපේක්ෂා කරන්නේ නම්, තව ටිකක් ඉන්න. ඔබ නිතිපතා චර්‍යාවක්  ඇති විට ඔබේ දරුවා පුහුණු කිරීම පහසුය.

2. සැන්දෑවේ ඔබේ සැලසුම් ගැන කතා කරන්න

ඔබ ඔබේ චර්යාව වෙනස් කිරීමට සැලසුම් කරන ආකාරය ගැන ඔබේ දරුවා කලින් දැනගැනීමට  ඉඩ දෙන්න.

3. ඔබේ දරුවාට  නිදාගැනීමේ පොත   කියවන්න

ඔබට යමෙක් තනිව ඇඳේ නිදාගැනීම ගැන කියවෙන  පොතක් සොයාගත හැකිය. සමහර නිර්දේශිත මාතෘකාවන් වන්නේ, ඔබගේම  ඇදක  නිදා ගැනීමට කාලයයි. මම මගේම නිදන ඇදක නිදාගන්නෙමි. තනි ඇදක නිදාගන්න තරම් ලොකුයි. විශේෂිත චරිත ඇතුල් කර ඔබට ඔබේම කතන්දර පොතක් සකස් කර ගත හැකි අතර, ඔබට වඩාත් පෞද්ගලික කතාවක් සකස් කල හැකිය.

4.  සෙමින් එය කරන්න

මෙම මාරුවීමේ කාලය බොහෝ විට පහසු නොවේ. නමුත් ඔබට කුඩා පියවර ගත හැකිය. මුලින්ම ඔබේ ඇඳ අසල කුඩා ඇදක ඔබේ දරුවා නිදා ගැනීමට සැලැස්වීම  හෝ ඔහුගේ ඇඳ වෙත ගෙන යෑමට  මිනිත්තු කිහිපයකට පෙර ඔබේ ඇඳෙහි සුරතල් වීමට  ඔහුට  ඉඩ දීම කරන්න. සමහර දෙමව්පියන් තම නිදන කාමරයට දරුවන්  පැමිණියහොත් ඔවුන්ගේ නින්ද බාධාවකින් නොවීමට  ඔවුන්ගේ කාමරයේ මෙට්ටයක්  (නැමිය හැකි හෝ වායු) කුට්ටියේ තබා ගනී.

5. ආපස්සට  නොයන්න

ඔබේ දරුවා  හඬමින්  ඔබේ ඇඳේ නැවතී සිටින්න කියා ඉල්ලා සිටින විට දරුවාට නැවත ඇදට හඩගසන්න එපා. මුලදී එය අපහසු වනු ඇත. එහෙත් ඔබේ දරුවා එයට පුරුදු වු විට, ඔබට හොඳ නින්දක් ලැබෙනු ඇත.

6. විපාක පද්ධතියක් නිර්මාණය කරන්න

‍රාත්‍රීය සාමකාමීව ගත කල විට  ඔබේ දරුවාට විපාක දීම සඳහා ස්ටිකර් වගු හෝ අමතර සෙල්ලම් කරන වේලාවන් වැනි කුඩා දේවල් භාවිතා කළ හැකිය.

7. ඔබේ දරුවාට නැවත නින්දට වැටෙන ආකාරය  උගන්වන්න

රාත්‍රිය මැද ඔබේ දරුවා අවදි වන විට, ඔවුන්ට නැවත  නිදාගන්නට හැකි  වීම සදහා  ඔබේ කාමරයට යන්නට ඔවුන්ට අවශ්‍ය  වනු ඇත. එවිට  ඔබට  සනසවමින්  නින්දට යවනු ඇත.මෙය ඔවුන් ඔබ මත රඳා පැවතීම   පමණක් නොව, රාත්‍රියේ ඔබට නිසි නින්දක් ලැබීමද  වළක්වයි. ඒ වෙනුවට, ඔවුන්ට  ඇස් වසා ගෙන සහ ඔවුන් නින්දට වැටෙන තුරු    ප්‍රසන්න, සැනසිලිදායක  දේවල් ගැන සිතන්න උගන්වන්න.

තනිව නිදාගන්න දරුවාව පුරුදු කිරීම ඔවුන්ව ස්වාධීන කිරීමක්ද වෙනවා. ඔබට ඒ සදහා මේ වටිනා උපදෙස් ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී