theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවා තනිව සෙල්ලම් කිරීමට යොමුකරන්නේ කෙසේද?

5 අවම කියවීම
ඔබේ දරුවා තනිව සෙල්ලම් කිරීමට යොමුකරන්නේ කෙසේද?ඔබේ දරුවා තනිව සෙල්ලම් කිරීමට යොමුකරන්නේ කෙසේද?

ඔබේ දරුවා තනිව සෙල්ලම් කිරීමට යොමු කිරීම අභියෝගාත්මක කර්තව්‍යයක් වේ. නමුත් එය කරන්න පුලුවන්. මෙම ලිපිය කියවා ඔබේ දරුවා තනිව සෙල්ලම් කරන්න උනන්දු කරවන්නේ කෙසේදැයි දැනුවත් වෙන්න.

ඔබ බෝනික්කන් සමග සෙල්ලම් කරමින් සිටිනවාද? ඔබට ඉංජිනේරුවෙක් තරම් උසස් මට්ටමකට බ්ලොක් පිළියෙළ කරන්න පුලුවන්ද?

ඔබ ඇග සෝදමින් පෙරපාසැල් ගීත කොටස් ගායනා කරනවාද? හොදයි. ඔබේ දරුවා තනියම සෙල්ලම් කිරීමට යොමුකරන්නේ කොහොමද යන්න සිතීමට දැන් කාලය උදාවෙලා.

ඔබ ඔබේ දරුවාත් සමග සෙල්ලම් කරන විට ඔබ හා දරුවා අතර සම්බන්ධතාවය ලබාදීම තීරණාත්මක වෙනවා. ඒ හා සමානව  ඔහුගේ ස්වාධීනත්වයේ වැදගත් පියවරක් වන තනිව සෙල්ලම් කරන්නේ කෙසේදැයි ඔහුට ඉගැන්වීම  වැදගත් වෙනවා.

තනිව සෙල්ලම් කිරීම මගින් ඔබේ දරුවාගේ සිතීමේ හැකියාව, තමා පිලිබඳ විශ්වාසය සහ ඔහුගේ ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව පිලිබඳ  විශ්වාසය වැඩිදියුණු වේ.

තනිව සෙල්ලම් කිරීම

තනිව සෙල්ලම් කිරීමට ඔබේ දරුවා උනන්දු කරමින් ස්වාධීන වන්නේ කෙසේද යන්න ඔහුට උගන්වන්න.

ඔබේ දරුවාට ස්වාධීනව සෙල්ලම් කිරීමට හැකි වු විට ඔබටද ප්‍රතිලාභ ලැබෙනවා.

ඔබට ඔබ වෙනුවෙන් වැඩිපුර කාලයක් ලැබෙන අතර එය තේ කෝප්පයක් රස බැලිමට පවා යොදා ගත හැකිය. ඒ වගේම ඔහුගෙන් තොරව ඔබ කිරීමට කැමති දේවල් හා ඔබ කල යුතු දේවල් ඇති බව ඔබේ දරුවා ඉක්මනින්ම ඉගෙන ගනිවි. එය ඔබේ දරුවා රැවටීමට ලක්වීම අවම කරන පියවරක් වේවි.

ඔබේ දරුවා තනිව සෙල්ලම් කිරීමට හරියටම උනන්දු කරන්නේ කෙසේද? 

ඔබට ඔබේ දරුවා ළදරු වියේ සිටියදීම තනිව සෙල්ලම් කිරීම ආරම්භ කිරීමට උදව් කරන්න. කල යුත්තේ කුමක්දැයි පෙන්වමින් ආරම්භ කරන්න. ක්‍රමයෙන් දින හා සති ගෙවෙත්ම ඔබ හා දරුවා අතර ශාරීරික හා මානසික පරතරය  වැඩි කරන්න. කොහොම නමුත් ඔබේ දරුවා අවධානයෙන් තොරව තනි නොකිරිමට වගබලා ගන්න.

ඔබේ දරුවා තනිව සෙල්ලම් කිරීමට යොමු කරන්නේ කෙසේදැයි තව ඉගි  දැන ගැනීමට ඊලග පිටුව බලන්න. ඔබේ දරුවාට කල යුත්තේ කුමක්දැයි පෙන්වා ඔබ ක්‍රමයෙන් දුරස්වෙන්න. නමුත් ඔහුව කිසිවිටෙක අවධානයෙන් තොරව තනි කරන්න එපා.

මුලින්ම ඔහුට මග පෙන්වා දෙන්න.

ඔබේ දරුවා කල යුත්තේ කුමක්දැයි නොදන්නා නිසා ඔහු තනිව සෙල්ලම් කිරීමෙන් කෝපයට පත්විය හැක. කෝච්චියේ ධාවන පථය සකස් කරන විදිය හෝ පබළු අමුණන විදිය ඔබේ දරුවාට පෙන්වා දෙන්න. ඔහු එය සකස් කරන විදිය තේරුම් ගත් පසු සංසුන්ව ඒවා කලින් තිබු පරිදි සකස් කර ඔහුට තනිව සෙල්ලම් කරන්න.

ඔහුව අත්හැර දමන්න එපා.

මෙයින් අදහස් කරන්නේ ඇයව අනිත් අයගෙන් හුදකලා කිරීමයි. විශේෂයෙන්ම  මව්වරුනි ඔබේ දරුවා තනිව සෙල්ලම් කිරීමෙන් සතුටට පත්වෙන්නේ නැහැ. හැකි සෑම විටම ඔබ එකිනෙකා ඉදිරියේ ඔබේ දේවල් කිරීමට උත්සහ කරන්න.

ඔබට තේ කෝප්පයක් බොන්න අවශ්‍ය නම් ඔබේ දරුවා සිටින කාමරයේ අසුන් ගෙන ඇය ඇගේ සෙල්ලම් බඩු සමග සෙල්ලම් කරමින් සිටින බවට තහවුරු කරගන්න.

ඔබට  කියවීමට  අවශ්‍ය නම් ඔබේ ළදරුවාව ඇද මතට හෝ පුටුව මතට ඒ සදහා ඇයගේ පොත්ද සමග කැදවා ගන්න. ඇය ඔබව අනුකරණය කිරීමට බොහොම කැමති වේවි.

ඔබේ දරුවා වටා සෙල්ලම් බඩු ගොඩ ගැසුවිට ඇයගේ කැමැත්ත යටපත් වෙන්න පුලුවන්.

සෙල්ලම් බඩු - නමුත් එක වරකට එකක්

ඔබ අවට මාස දහඅටක දරුවෙක් සෙල්ලම් බඩු කන්දක් සමග සිටි නම් ඔහුගේ කැමැත්ත යටපත් වීම හා ආසාව අඩුවීම ඉක්මනින්ම සිදුවිය හැක. ඒ වෙනුවට සෙල්ලම් බඩු එකක් හෝ දෙකක් ලබාදීමට හැකිනම් ඔහු නිසැකවම ගැඹුරින් සෙල්ලම් කිරීමෙන් විනෝදය ලබන අතර එකින් එක ඒවා පරීක්ෂා කරනු ලබයි.

ඔබට ඔහුගේ කැමැත්ත අඩුවෙනු දැකිය හැකි නම් , "හරිම අගෙයි. බ්ලොක්ස් දිහා බලන්න.ඔයාට තව එකක් ඒවා උඩින් තියන්න පුලුවන් නේද?" කියලා කියන්න.

වැඩිමහලු දරුවන් සදහා පෙහෙළිකා වැනි දේවල් යොදා ගන්න. මගේ අවුරුදු හතරක් වයස දරුවා මෙන් ඔබේ දරුවා අත්වැඩ හා චිත්‍ර වලට කැමති නම් පාටකූරු, දියසායම් ,ගම්,දිලිසෙන ආලේපන (ග්ලීටර්), වියළි පැස්ටා යොදා ගන්න පුලුවන්.

පෙන්වාදෙන්න

ඇය කරන දෙයක් වැඩිදියුණු වී ඇත්නම් එය අගය කරමින් ඇයට පවසන්න. උදාහරණයක් වශයෙන් ඇයට ක්ලේ හා අදාල සෙල්ලම් ඉහුම් පිහුම් භාජන ලබා දී අම්මා වගේ බිස්කට් හදන ලෙස පවසන්න.

හෝ ඔහුට සෙල්ලම් වැකුම් ක්ලීනර් එකක් හා කොස්සක් ලබා දී  වැඩිහිටියන් කරන ලෙස බිම පිරිසිදු කිරීමට උනන්දු කරවන්න ඔබට පුලුවන්.

තවත් සුදුසු ක්‍රමයක් වන්නේ ඔබට ටයිල් සහිත ගෙබිමක් ඇතිනම් වියළි පැස්ටා ඒ ගෙබිම පුරා විසිරුවා හැර  ඒ සියල්ල එක ටයිල් එකක් මතට අතුගා දමන ලෙස ඔහුට දන්වන්න. මේ මගින් ඔහු තනිව සෙල්ලම් කිරීමට ඉගෙන ගන්වා පමණක් නොවේ පිරිසිදු කිරීමටත් ඉගෙන ගන්නවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මෙම උපක්‍රමය ඇය වැඩක නිරත කරනවා පමණක් නොවේ ඒ එක්කම පිරිසිදු කරන්නේ කෙසේදැයි ඇයට උගන්වනු ලබනවා.

උද්වේගකාරී කරන්න

ඔබේ දරුවාට  කුඩාරමක් සකස් කර දෙන්න. එය ඇය කැමති සෙල්ලම් බඩු කිහියකින් පුරවා ඇය අතට කුඩා  විදුලි පන්දමක් ලබා දෙන්න. ඇගේ සිතුවිලි කොහොමද පෙන්වන්නේ  කියලා බලා සිටින්න. එය මාලිගාවක් , නිවසක්  මොකක් වුනත් ඇයගේ ආදරණීය පුංචි හදවත ආශාවෙන් පුරවාවි.

සෙල්ලම් බඩු පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවන්න. 

නිවසේ එක් ස්ථානයක සෙල්ලම් බඩු කිහිපයක් ඒ හැම සෙල්ලම් බඩුවක්ම පරීක්ෂා කර  ඒවා හොදද නරකද යන්න ඔබට පැමිණ පවසන ලෙස දරුවාට දන්වා සිටින්න.

උත්තේජනය ලබා දෙන උනන්දුව වඩවන සෙල්ලම් බඩුවක් ඔබ සතුව තිබේ නම් ඔහුට පරික්ෂා කිරීමට ලබාදෙන්න. ඔහු තුල ඒ හා සෙල්ලම් කිරීමට ඇතිවෙන උනන්දුව වාර්තා කිරීමේ කොටස අමතක කරාවි.

ඔබේ දරුවා ස්වාධීනව සෙල්ලම් කිරීමට යොමු කිරීම හිතන තරම් අපහසු නැහැ. ඒ සදහා අවශ්‍ය වන්නේ ඔබගේ ඉවසීම හා අඛණ්ඩත්වය පමණි.

ඇයට විකල්ප ලබා දෙන්න.

ඔබේ දරුවාට ඇය සෙල්ලම් කිරීමට කැමති සෙල්ලම් බඩුව තෝරා ගන්නා ලෙස පවසන්න. ඔබ කැමති ඇය පැයක් තනිව සෙල්ලම් කරනවාට නම් ඇය ටික වේලාවක් සෙල්ලම් කලයුතු බව පවසා ඒ සදහා ඇය කැමති චිත්‍රයක් අදින්නද එහෙම නැත්තම් වෙනත් දෙයක්ද යන්න විමසන්න.

දෙමව්පියනි, දරුවෙකුගේ තනිව සෙල්ලම් කිරීමේ හැකියාව ඔහුගේ හැසිරීම මත රදාපවතී.  ඒ වගේම කුසගිනි, වෙහෙසට පත් හෝ රෝගී වු දරුවෙක් ඔබ පිරිනමන සෙල්ලම් බඩු හෝ ක්‍රියාකාරකම් නොසලකා හරින අතර ස්වාධීනව සෙල්ලම් කිරීමට කැමති නොවේවි.

එමනිසා ඉවසීමෙන් කටයුතු කරන්න.ඉතා කුඩා වයසේ සිට තනිව සෙල්ලම් කිරීමේ දෛනික චර්‍යාවක් ඇතුල් කරන්න. එම අමතර කාලය තුල ඔහු තනිව සෙල්ලම් කිරීමේ හැකියාව වර්ධනය කරගනු ඔබට පෙනේවි.

ඔබ ඔබේ දරුවා තනිව සෙල්ලම් කිරීමට උනන්දු කරන්නේ කොහොමද? සටහනක් යොදා අපටත් කියන්න.

මුලාශ්‍ර : https:// stayathomemoms.about.com/

www.whattoexpect.com/playroom/ask-heid/independent-play.aspx

ඔබේ පුංචි පැටියාට ස්වාධීන වීමේ පළමු පාඩම කියා දෙන්න මේක හොදම ක්‍රමයක් , මේ තොරතුරු ආදරයෙන් තිළිණ කරන්නේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • වර්ධනය
  • /
  • ඔබේ දරුවා තනිව සෙල්ලම් කිරීමට යොමුකරන්නේ කෙසේද?
බෙදාගන්න :
  • ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

    ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

  • දරුවන්ට  සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ගේ වර්ධනයට හානිදායක විය හැකිය

    දරුවන්ට සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ගේ වර්ධනයට හානිදායක විය හැකිය

  • ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

    ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

  • දරුවන්ට  සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ගේ වර්ධනයට හානිදායක විය හැකිය

    දරුවන්ට සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ගේ වර්ධනයට හානිදායක විය හැකිය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it