theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවා තවම ඇවිදින්නේ නැතැයි ඔබ පසුතැවිල්ලෙන්ද? මෙන්න අත්දුටු ක්‍රම 7ක්

3 අවම කියවීම
දරුවා තවම ඇවිදින්නේ නැතැයි ඔබ පසුතැවිල්ලෙන්ද? මෙන්න අත්දුටු ක්‍රම 7ක්දරුවා තවම ඇවිදින්නේ නැතැයි ඔබ පසුතැවිල්ලෙන්ද? මෙන්න අත්දුටු ක්‍රම 7ක්

දරුවා තවම ඇවිදින්නේ නැතැයි ඔබ පසුතැවිල්ලෙන් නම් දරුවාට පහසුවෙන් ඇවිදීම හුරු කිරීම සඳහා ප්‍රයෝජාවත් වන මේ සරල ක්‍රම හත උත්සාහ කර බලන්න

දරුවකුගේ වර්ධනය ආශ්‍රිත සංධිස්ථාන වැඩි ප්‍රමාණයක්  ඔවුන්ගේ පළමු වසර තුළ පසු කරන බව අප කවුරුත් දන්නා කාරණයක්. ඇවිදීම යනු ඒවා අතුරින් විශේෂිත සන්ධිස්ථානයක්. දරුවන් බහුතරයක් 12ස් වන මාසයේ තනිව ඇවිදීම ආරම්භ කරන අතර මෙය ඊට පෙර හෝ පසුව සිදු වන්නටත් පුළුවන්.

ඇවිදින්නට මත්තෙන් ළදරුවන් ස්වභාවිකවම වාඩිවීම, පෙරළීම, බඩගෑම, නැගිටීම වැනි සංධිස්ථාන කිහිපයක් පසු කරනවා. මේවා කලට වෙලාවට සිදුවීමට දෙමව්පියන්ගේ මාර්ගෝපදේශනය ඉවහල් වනවා. ඉතින් මෙවන් සියලු සංධිස්ථානයක් කරා සාර්ථකව ලං වීමට ප්‍රායෝගික හා භෞතික සංවර්ධනය ශක්තිමත් කිරීමෙන් දරුවට උදව් වන්නට පුළුවන්.

දරුවාට තනිව ඇවිදීමට උදව් විය හැකි ක්‍රම

1.උදව් නැතිව වාඩිවීමට උපකාර කරන්න

දරුවාට ආධාරකයක් නොමැති බංකුවක වාඩි වන්නට උපකාර කරන්න. මෙය දරුවාගේ පාද බිම වදින ගානට සරිලන උස අඩු බංකුවක් විය යුතුයි. දරුවාට පහසුවෙන් මෙසේ වාඩිවන්නට හුරු වන තෙක් දරුවා තනි නොකරන්නට වග බලාගන්න.

දරුවා සාර්ථකව වාඩිවන්නට හුරු වූ පසු, ඔහුගේ පාද ආශිතව සෙල්ලම් බඩුවක් තබා, වාඩි වී සිට නැමී එය අහිඳීම්ට උදව් කරන්න.

ඇය මෙම තනතුරට පත් කළ පසු ඇය බිමට සෙල්ලම් කර පසුව පුටුව මත වාඩිවී සිටින්නැයි ඉල්ලා සිටින්න. ඔබගේ කුඩා ළමයෙකුගේ සහ විවිධ මාංශ පේශිවල වැඩිදියුණු කිරීම සඳහා සෙල්ලම් බඩු විවිධ ස්ථානගත කිරීම් කිරීමට ඔබට හැකිය.

මෙම ක්‍රියාකාරකම් දරුවාට ස්වාධීනව සමතුලිතතාව රැකගනිමින් අත්පා හැසිරවීමට උපකාරී වන අතර දරුවාගේ අත්පා, උරහිස් ආදියේ මාංශ පේශි ශක්ත්හිමත් කිරීමටද ඉවහල් වනවා.

2.දරුවාගේ කුතුහලය දනවන හා ඔවුන් ආකර්ශනය වන දේවල් පෙන්වන්න

මෙයින් දරුවාගේ හිස සහ ගෙල චලනය කිරීමට දිරිමත් කෙරෙනවා. මෙය දරුවාගේ කොන්ද ආශ්‍රිත මාංශ පේශි ශක්තිමත් කරන අතර ඇවිදීම සඳහා පාද වල මාංශ පේශි  වලට අමතරව පිටකොන්දේ මාංශපේශිද උදව් කරන බව මතක තබාගත යුතුයි.

දරුවන්ගේ මාංශ පේශි ශක්තිමත් කිරීම සඳහා දෙමව්පියන්ට කළ හැකි තවත් දෙයක් නම් දරුවා මුනින් හරවා තැබීමයි. මෙයින් දරුවන්ට ඔවුන්ගේ පේශි පාලනය කිරීමට ඉගෙන ගත හැකි අතර, ඉක්මණින් ඇවිදීමට ඉඩ සලසයි.

3. දරුවාට ඉදිරියට හා පසුපසට පැද්දෙන්නට ඉඩ හරින්න

මෙය දරුවාගේ සංචලනයට ඉවහල් වන මුලික ගුණාංගයක්. නිවසේ සෙටිය හෝ කෙටි බැංකුවක් අධාරයෙන් දරුවාගේ මෙම පැද්දෙන ඉරියව්ව දිරිමත් කරන්නට පුළුවන්. දරුවා කැමතිම සෙල්ලම් බඩුවක් බංකුවේ එහා කෙලවරේ තැබීමෙන් දරුවට එහා මෙහා ගමන් කිරීමේ අවශ්‍යතාවක් ඇති කරන්නට පුළුවන්.

4. දරුවාට තල්ලු කරන හෝ ඇදගෙන යන සෙල්ලම් බඩු අරන් දෙන්න

ඇදගෙන යන හෝ තල්ලු කරන සෙල්ලම් බඩු දරුවාගේ සංචලනයට විශාල රුකුලක් වනවා. මෙයින් දරුවා හිටගනිමින්, වාඩිවීමෙන්, ඒ මේ අත යාමෙන් මනා ලෙස තම සමතුලිතතාවය රැක ගන්නට පෙළඹෙනවා.

මේවයේ ඇති සංගීතය හා පාට පාට විදුලි බුබුළු නිසා දරුවා තවත් ඒවා සමඟ සෙල්ලම් කිරීමට උද්යෝගමත් වනවා. දරුවාට මෙම සෙල්ලම් බදු එකක් හෝ දෙකක් වත් ලබාදීම ඉක්මනින්ම තනිව ඇවිදීමට උපකාර වන්නට පුළුවන්.

5. පාද නිරාවරණය කොට ඇවිදින්නට ඉඩ හරින්න

මේස් සපත්තු ආදිය දරුවාගේ පාද ආරක්ෂා කරන මුත් ඒවා නැතිව ඇවිදීමෙන් දරුවාට ඉක්මනින් තනිව ඇවිදීමට යොමු කරන්නට පහසු වනවා. දරුවාගේ පාද කෙලින්ම පොළවට සම්බන්ධ නිසා සපත්තු නොදමා තම සමතුලිතතාව රැක ගැනීම දරුවට වඩාත් පහසු වනවා.

6. දරුවාට ඇවිදීමට ඔබේ උදව් දෙන්න

දරුවා ඇවිදීමට පටන් ගත විට ඔහුට සහය දක්වන්න. පසුපස් සිටීමෙන් ඔවුන් වැටෙන්නට නොදී ආරක්ෂා කරගන්නට පුළුවන්. මහන්සියක් දැනුනු විට අතින් අල්ලාගන්නට පුළුවන්. දරුවා මනා සමතුලිත්තවයකින් පහසුවෙන් තනිව ඇවිදින තුරු මෙසේ ඔහුගේ උපකාරයට ලන්හින්ම සිටින්න.

7. නිවස දරුවාට ආරක්ෂා සහිත ස්ථානයක් කරන්න.

මෙය ඉතාමත්ම වැදගත්. දරුවා ඇවිදීමට පටන් ගත කල සැම අහුමුල්ලකටම යන්නට පටන් ගන්නවා. වැටෙන සුළු බදු භාණ්ඩ, දරුවාගේ උසින් ඇති බිඳෙන සුළු භාණ්ඩ ආදිය අයින් කර තැබීම ඉතා වැදගත්.

ඉහත කාරණා අනුගමනය කිරීමෙන් ඔබේ දරුවට පහසුවෙන් හා ආරක්ෂාකාරී ලෙස තනිව ඇවිදීමට උපකාර කිරීමට ඔබට හැකි වනවා.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • දරුවා තවම ඇවිදින්නේ නැතැයි ඔබ පසුතැවිල්ලෙන්ද? මෙන්න අත්දුටු ක්‍රම 7ක්
බෙදාගන්න :
  • ළමා විය ගැන දරුවාගේ මතකය මැකී යන්නට පටන් ගන්නේ කුමන වයසේදීද?

    ළමා විය ගැන දරුවාගේ මතකය මැකී යන්නට පටන් ගන්නේ කුමන වයසේදීද?

  • නව යොවුන් වියේ දරුවන්ගේ ස්වයංවින්දනය හසුරුවගන්නා අකාරය ගැන මඟ පෙන්වීමක්

    නව යොවුන් වියේ දරුවන්ගේ ස්වයංවින්දනය හසුරුවගන්නා අකාරය ගැන මඟ පෙන්වීමක්

  • ළමා විය ගැන දරුවාගේ මතකය මැකී යන්නට පටන් ගන්නේ කුමන වයසේදීද?

    ළමා විය ගැන දරුවාගේ මතකය මැකී යන්නට පටන් ගන්නේ කුමන වයසේදීද?

  • නව යොවුන් වියේ දරුවන්ගේ ස්වයංවින්දනය හසුරුවගන්නා අකාරය ගැන මඟ පෙන්වීමක්

    නව යොවුන් වියේ දරුවන්ගේ ස්වයංවින්දනය හසුරුවගන්නා අකාරය ගැන මඟ පෙන්වීමක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it