දරුවා තිර වලට ඇබ්බැහි වීම බරපතල ප්‍රතිවිපාක ගෙන දේවි

lead image

දයාබර අම්මේ, ඔබේ පුංචි දරුවා අති දක්ෂ ලෙස iPad, iPhone අඩිය පරිශීලනය කරයි නම්, එය හිතකර තත්වයක් නොවේ. හේතුව මෙතනින් දැනගන්න.

"මගේ දරුවාට යන්තම් වයස අවුරුදු දෙක ලැබුවා විතරයි. නමුත් එයා iPad සහ iPhone භාවිතා කරන්නේ ඇති දක්ෂ විධියට! එයාට කතා කරන්නටවත්, කියවන්නටවත් තවම බැහැ. නමුත් ඔහු YouTube වෙත ගොස් ඔහුගේ ප්‍රියතම ගීතය සොයා ගන්නේ කෙසේදැයි හිතාගන්නටවත් බැහැ" ඇතැම් මව්වරුන් බොහොම ආඩම්බරයෙන් මෙසේ පවසන අයුරු ඔබත් අනන්තවත් අසා ඇති.  සත්‍යය නම් දරුවා iPhone, iPad චක්‍රවර්තියෙකු නම් එය විශාල ගැටලුවක පෙරනිමිත්තකි. දරුවා තිර වලට ඇබ්බැහි වීම ආඩම්බර වීමට කාරණාවක් නම් නොවේ!

පමණට වඩා තිර වලට ඇබ්බැහි වීම ළමා සංවර්ධනය මෙන්ම සමාජ සහ භාෂාමය කුසලතාවන් වළක්වනු ලබනවා.

වර්තමාන තත්වය

මෑතකදී සිදු කළ දේශීය අධ්‍යයනයකින් සොයාගත් පරිදි වයස මාස 6ට අඩු ළදරුවන්ගෙන් 30%ක ප්‍රමාණයක් දෛනිකව නොයෙක් තිර වලට යොමු වී තිබෙන බවයි. මේවා නම් රූපවාහිනිය, ජංගම දුරකථනය, ටැබ් වැනි දේට දරුවා නිරන්තරයෙන් නිරාවරණය වේ. මෙසේ ගත වන සාමාන්ය කාලය දිනකට විනාඩි 60ක් පමණ වනවා.

වයස අවුරුදු දෙකෙන් පසු මෙම ප්‍රතිශතය තවත් වැඩි අගයක් ගන්නා අතර සෑම දරුවන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම දෛනිකව තිර වලට යොමු වීම සිදු වනවා. දරුවන්ගේ තිර වලට  ක්ම මෙම සංඛ්යාව වැඩි වන අතර, වයස අවුරුදු දෙක වන විට, දරුවන් 10 න් 10 න් නිතිපතා තිරගත වේ. මෙය ඉතා පැහැදිලිව පෙන්නුම් කරන අතර මකරා තිර කාලය ඇබ්බැහි වීම සැලකිය යුතු ගැටලුවක්.

මෙම සංඛ්යා වලට වඩා සිත් තැවුලට පත්වීම මෙම කාරණය සම්බන්ධයෙන් දුර්වලව දෙමාපියන් දැනුවත් කිරීමේ ප්රශ්නයයි. ළමුන් සඳහා තිරගත වූ කාලය සම්බන්ධයෙන් වෘත්තීයමය මාර්ගෝපදේශනයක් පිළිබඳව සමීක්ෂණයට ලක් වූ දෙමව්පියන්ගෙන් 20% ක් පමණි! 40% ක් සිය දරුවන්ගේ තිර-කාලීන භාවිතය නිරීක්ෂණය නොකළේය.

අයිපෑඩ් වැඩසටහන 2010 දී එළිදැක්වූ අතර පසු කලෙක ජංගම ජංගම ටච්ස්කී්රන් උපකරණවල ප්රබෝධය දරා ඇති අතර මෙම ළමා පරම්පරාව දරුවන්ගේ පරම්පරාවෙහි අර්ථය වෙනස් කර ඇත.

මෙය සිදුවන්නේ ඇයි?

දෙමව්පියන් වන්නට බලාපොරොත්තු වන සෑම යුවලක්ම පාහේ තම දරුවන්ට කිසි සේත්ම තිර සහිත උපාංග පාවිච්චි කරන්නට ඉඩ නොදෙන බවට ඉඳුරා පවසන්නේ දරුවන් මෙම තිර වලට යොමු වීම බරපතල තත්වයක් ලෙස ඔවුන් දකින නිසාවෙනි. බොහෝ දෙමාපියන් විශ්වාස කරනුයේ දරුවන්ට තිර සහිත උපාංග පරිහරණය කිරීමට නොදීමෙන් තම නිඑව්ස් වල එවන් තත්ව ඇති නොවේ යයි කියාය.

නමුත් යතාර්ථය වන්නේ සැම දෙයක්ම බලාපොරොත්තු වන පරිදි හෝ සැලසුම් කරන පරිදි සිදු නොවීමයි. මුලින්ම, ඔබ නිවසේ දැඩි විනයක් පවත්වාගෙන දරුවන්ට තිර සහිත උපාංග මුළුමනින්ම තහනම් කලේ නම් ඔබේ නෑදෑ හිත මිතුරෙකු හරහා හෝ යම් දිනෙක දරුවන්ට මෙම උපාංග භාවිතා කිරීමට ඉඩ සැලසෙනු ඇත. පිළිගන්නට අකමැති වුවද සත්‍යය එයයි.

ඇබ්බැහි වීම

අනෙක් අවස්ථා වලදී නොහොත් දරුවන් දෙමාපියන් නොවන අනෙකුත් අයගේ අධීක්ෂණය යටතේ හැදෙන්නේ වැඩෙන්නේ නම් එතැනදීද තත්වය ගැටලුකාරී විය හැක.

දරුවාගේ ආච්චිලා සීයලා හෝ ගෘහ සේවිකාවන් හෝ ඔබේ රෙගුලාසි අකුරටම පිළිපදින්නේ යැයි ඔබ බලාපොරොත්තු වුවත් එය එසේ සිදුවන්නේ කෙතරම් කලාතුරකින් විය හැකිද?

ගෘහසේවිකාවන් තම කාරිය වඩාත් පහසු කරගැනීමට බොහෝ විට දරුවා තීරයකට යොමු කල හැක. ඔබේ දෙමාපියන්ට දරුවන් පසුපස දුව පැන සෙල්ලම් කිරීමට තරම් ශක්තියක් නොතිබිය හැක. මේ නිසා  දරුවා තීරයකට යොමු කල හැක.

මේ නිසා දරුවාට කිසි සේත්ම තිර භාවිතා කිරීමට ඉඩ නොදීම ඔබ සිතින් මවාගන්න අතාත්වික විපිලියම්ක් පමණයි. කල යුත්තේ දරුවා විසින් තිර සහිත උපාංග පාවිච්චි කිරීම කළමනාකරණය කිරීමයි.

දරුවා තිර සහිත උපාංග වලට ඇබ්බැහි වීමෙන් සිදුවන අහිතකර බලපෑම්.

අපි පුංචි සුපුන්ගේ අත්දැකීම ගනිමු (සුපුන් යනු දරුවාගේ සත්‍ය නම නොවේ). පුංචි සුපුන් කතා කරන්නට හෝ ඇවිදින්නටත් කලින් සුපුන් තිර සහිත උපාංග පරිහනරය කිරීමට බෙහෙවින් දක්ෂයෙක් විය. දිනකට විනාඩි 30ක කාලයක් තිර සමඟ කාලය ගත කල ඔහු නිමේශකය කාලයකින් දිනකට පය 6ක කාලයක් දක්වා තිර වල නිරත වූයේ ඔහු වයස අවුරුදු දෙක ලබන්නට මත්තෙන්. මෙය ළදරුවන් තිර සහිත උපාංග වලට ඇබ්බැහි වීමේ කදිම නිදසුනකි.

දරුවාව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කල විට වෛද්‍යවරුන්ට පවසන්නට තිබුනේ මෙයයි. සුපුන්ගේ මනසේ අර්ථවත් වචන තිබුනේ නැහැ. අනෙක් අය සමඟ මුහුණට මුහුණ නැතහොත් ඇසට ඇස බලා සන්නිවේදනය කිරීමේ දුර්වලතාව නිසා, ඔහුගේ නම කතා කල විට දුර්වල ලෙස ප්‍රතිචාර දැක්වූ අතර ඔහුගේ අවධානයද පහසුවෙන් බිඳෙන කෙටි කාලින එකක් ලෙස පෙනුනා.

ඇබ්බැහි වීම

උපාංග තිර වලට ඇබ්බැහි වීම නිසා මෙවන් තත්ව වලට මුහුණ පාන දරුවන් බහුල ප්‍රමාණයක් අද සමාජයේ දක්නට ලැබෙනවා. තිරවලට ඇබ්බැහි වීම පිලිබඳ විධිමත් සංඛ්යාලේඛන තවමත් පුළුල් ලෙස නොපවතින නමුත්  ඒවාගේ ඍණාත්මක බලපෑම් අනාවරණය වීමේ සිදුවීම් දැන් කෙමෙන් වැඩි වෙමින් පවතිනවා.

මින් බහුලවම දක්නට ලැබෙන අතුරුඵලය වන්නේ පෙර පාසල් දරුවන්ගේ වඩාත් කැපී පෙනෙන භාෂා සංවර්ධන ගැටලු, කථන ප්‍රමාද සහ හා සමාජ ගැටළු වේ.

සුප්‍රසිද්ධ ජූලියා ගාබ්රියෙල් අධ්යාපන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී ෆියෝනා වෝකර් මහත්මිය ප්රකාශ කලේ වර්තමානයේ පෙර පාසැල් වියේ දරුවන්ට (වයස අවුරුදු 3ක පමණ) තම හැඟීම් ප්‍රකාශ කිරීම  අභියෝගයක්ව තිබෙන බවයි.

මේ වඩාත් තිවර වූයේ දරුවන් පාසැල් වලට ඇතුළු කිරීමේදී ඔවුන් සමඟ කල මිත්‍රශීලි සංවාදයකින් අනතුරුවයි. ළමයින්ගේ සංවාද කුසලතාවන් මැන බැලීමේ අරමුණින් මෙම මිත්‍රශීලී සංවාද සිදු කරන අතර පසුගිය වසර දෙක ඔස්සේ දරුවන්ගේ චතුරතාවයේ විශාල පහල බැස්මක් ඇති බව සොයාගෙන තිබෙනවා.  

විශේෂඥයන් විශ්වාස කරන්නේ දරුවන් උපාංග තිර වලට යොමු වීම පාලනය නොකළහොත් එය බිලිඳුන්ට  මෙන්ම දරුවන්ටද දිගුකාලීනව විශාල පරිහානියක් ඇති කරන බවයි.   

මේ සම්බන්ධයෙන් දෙමාපියන් මතක තබාගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. අලුත උපන් බිලිඳෙකුගේ මොළය දරුවාගේ මුල් අවුරුදු තුනේ ප්‍රමාණයෙන් තුන් ගුණයකින් වර්ධනය වනවා. මේ කාලයේදී දරුවාගේ මොළයේ සිදුවන ක්‍රියාදාම දරුවාගේ  වැඩිහිටි වියට බලපානවා ඇති. දරුවා උපාංග තිර සමඟ ඇති සබඳතාවෙන් ප්‍රයෝජනයක් ඇතැයි පෙනෙන්නට තිබුනත් එය සමාජයේ පටු ආකල්පයක් පමණයි. මෙය සමාජය සමඟත් වටපිටාව සමඟත් ඇති සබඳතාව මුළුමනින් කපා හරින බැවිනි.

උපාංග තිර වලට යොමු වීම දරුවකුගේ මානසික මෙන්ම ශාරීරික සෞක්‍යයටද අහිතකර බලපෑම් ඇති කරන බව සිහි තබාගත් යුතුයි. මෙම බලපෑමත් නාස්ති වූ කාලයත් යලි කිසි විධියකින් ලබාගන්නට බැහැ.  දරුවෙකුට පැය 10ක ශාරීරික ව්‍යායාම ලබා දුන් පමණින් පැය 10ක් පුරා තිරයක් මත සිටීමෙන් ඇත වන හානිය නිරවද්‍ය කරන්නට බැහැ.

දරුවන්ට තිර භාවිතයට ඉඩ හරින්නද? නොහරින්නද?

ඩිජිටල් තාක්ෂණයේ විවිධත්වය නිසා දරුවකුට වයස අවුරුදු දෙකක් වන්නට මත්තෙන් උපාංග තිර සම්පුර්ණයෙන්ම තහනම් කළ යුතුද නැද්ද පිළිබඳව තිබෙන්නේ මිශ්‍ර මතයි.

ළමා රෝග පිළිබඳ ජාතික ඇකඩමිය වැනි (AAP) සමහර ආයතන වල දැඩි ස්ථාවරය වන්නේ වයස අවුරුදු දෙකකට අඩු දරුවන්ට උපාංග භාවිතය සපුරා තහනම් කල යුතු බවටයි.

ඇබ්බැහි වීම

උපාංග තිර සමඟ ගත කරන කාලය නිර්නය කිරීම

උපාංග තිර මත කාලය ගෙවීම දරුවාට මුළුමනින්ම නති කරනවාද යන තීරණය මුළුමනින්ම ඔබ අතේ ටන්දුනු තීරණයකි.  කෙසේ වෙතත් ඇමෙරිකානු ළමා විද්‍යා පීඨය  (AAP) මගින් දරුවනට උපාංග භාවිතා කරන්නට ඉඩ හරින්නේ නම් පිළිපැදිය හැකි යම් ප්‍රයෝජනවත් මාර්ගෝපදේශ කිහිපයක් යෝජනා කර තිබෙනවා.  

* මාස 18 ට අඩු ළදරුවන් - පවුලේ සාමාජිකයන් සමඟ වීඩියෝ චැට් කිරීම හැරුණු විට තිරයේ මාධ්ය වෙනත් කිසි දෙකට භාවිතා නොකිරීම

* වයස අවුරුදු 18 සිට 24 දක්වා කුඩා දරුවන් - උසස් තත්වයේ වැඩසටහන් පමණක් තෝරා දෙන්න. දෙමව්පියන් තම දරුවන් සමඟ මේ ක්‍රියාවේ නිරත විය යුතු අතර දරුවන් දකින්නේ කුමක්දැයි තේරුම් ගැනීමට උපකාර කළ යුතුය.

* අවුරුදු 2 ත් 5 ත් අතර වැඩිහිටියන්ගේ දරුවන් - උපරිම වශයෙන් දිනකට පැය 1 ක කාලයක් පමණක් ඉහළ ගුණාත්මක වැඩසටහන් වලට සීමා කිරීම. දෙමව්පියන් දරුවන් සමඟ මෙවා එක්ව නැරඹිය යුතුය.  සහයෝගයෙන් කටයුතු කළ යුතුය.

* වයස අවුරුදු හයේ සිට වැඩිහිටි දරුවන් - මාධ්ය භාවිත කිරීමේදී නියත කාලයකට එය සීමා කල යුතු අතර එය ප්‍රමාණවත් නින්දට, ශාරීරික ක්‍රියාකාරකම් සහ සෞඛ්යයට අත්‍යවශ්‍ය අනෙකුත් හැසිරීම් වලට බාධාවක් නොවන බවට වග බලාගත යුතුය.

දරුවකු තිර වලට ඇබ්බැහි වී ඇති බව පිළිබිඹු කරන සංඥා

කල් තියා ප්‍රවේසම් වීම ගැටළුවක් වූ පසු ප්‍රතිකාර කිරීමට වඩා බෙහෙවින් යෝග්‍ය දරුවන් බැවින් තිර වලට ඇබ්බැහිවීම වැළැක්වීම සඳහා සියලු පියවර ගැනීම  දෙමාපියන්ගේ වගකීමයි.

කෙසේ නමුත් දරුවා දැනටමත් තිර උපාංග වලට නිරාවරණය වුවෙක් නම්  වෛද්‍ය කීඉංග්‍ පවසන්නේ මෙම අනතුරු ඇඟවීමේ සලකුණු ගැන සැලකිලිමත් වීමෙන් දරුවා හානිදායක ලෙස ඇබ්බැහි වීමකට යොමු වනවාදැයි නිරීක්ෂණය කල හැකි බවය:

* උපාංගය දරුවාගෙන් ඉවත් කරන සෑම අවස්ථාවකදීම දරුවා අවෙගශීලි වීම

* සැමවිටම ඉලෙක්ට්රොනික උපාංගය භාවිතා කිරීමට හැකි අවස්ථාවක් සොයයි

* ඉලෙක්ට්රොනික උපාංගය භාවිතා කිරීමට ඉඩ නොලැබුණු විට ආක්‍රමණශීලීවීම  

* ඉලෙක්ට්රොනික උපාංගය භාවිතා කිරීමට බයාදු වී අයාචනා කර ඉල්ලා සිටීම

* පාසැල් කටයුතු කෙරෙහි උද්යෝගය හීන වීම

* අවධානය යොමු කිරීමේ හැකියාව හීන වීම

ඉතින් අම්මේ, තාත්තේ, වෛද්ය කීඉංග්‍ විසින් අනතුරු අඟවන පරිදි,

"උපාංගය පරිහරණය කිරීමෙහි ලා දක්ෂයෙක් වීම, උපාංග වල රහස්‍ය අංක සොයා ගැනීම ආදිය ළදරුවෙකුගේ විශිෂ්ඨ බුද්ධිය පිළිබිඹු කිරීමක් යැයි වරදවා වටහාගන්නට එපා! මෙය දරුවාගේ බුද්ධි වර්ධනය හිනා වීමේත්, කථන පමාව අදියේත්, අවධානය යොමු කිරීමේ දෝෂ ඇති වීමේත් පෙර සලකුණක් විය හැකි බැවිනි.

දරුවන් උපාංග වලට ඇබ්බැහි වීම සමාජයේ දැවෙන ප්‍රශ්නයක් වෙමින් පවතින නිසා ඔබේ දරුවා ඊට ගොදුරක් නොවීමට අවශ්‍ය සැම පියවරක්ම ගන්නටයි කියා දෙමාපිය ඔබෙන් අප ආයාචනා කර සිටිනවා.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා