theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවා දඩබ්බරයෙකු බවට පත් වන්නේ ඔබ කරන මේ වැරදි නිසායි

8 අවම කියවීම
ඔබේ දරුවා දඩබ්බරයෙකු බවට පත් වන්නේ ඔබ කරන මේ වැරදි නිසායිඔබේ දරුවා දඩබ්බරයෙකු බවට පත් වන්නේ ඔබ කරන මේ වැරදි නිසායි

ඔබේ දරුවා දඟයෙකු සේ හැසිරීම සාමාන්‍ය දෙයක්ද නැතහොත් ඔබේ අතින් සිදු වූ වැරදි නිසා දරුවා දඟයෙකු සේ හැසිරෙනවාද?

​ඔබේ දරුවා දඟයෙකු නම් දරුවාගේ හැසිරීම නිසා, දඟකාර කම නිසා ඔබ අපහසුතාවයට පත් වූ අවස්ථා ඒමට වන්නට ඇති.

ප්‍රශ්නය වන්නේ මෙම හැසිරීම ඉඳ හිට ඇති වන්නක්ද නැතහොත් දරුවා නිතරම මේ අකාරයෙන් හැසිරෙනවාද යන්නයි. දරුවා පුංචි දෙයකට වුවත් ඔබ සමඟ එකට එක කතා කරනවාද යන්නයි.

ඇතැම් විට දරුවාගේ යහළුවන් ඔහු මගහරින සෙයක් ඔබට දැනෙන්නට පුළුවන්. අනෙක් මාපියන්ගෙන් ඔබට දරුවා ගැන පැමිණිලි පවා එන්නට පුළුවන්, ඇතැම් විට ඔබේම දෙමාපියන් නොහොත් දරුවාගේ මිතුන් මිත්තන් පවා මෙම හැසිරීම ගැන ප්‍රශ්න කරන්නට පුළුවන්. එක් අතකින් ඔබට මෙය පිළිගැනීමට සිතුනත්, අනෙක්   අයගෙන් දරුවාට අකටයුත්තක් වන්නට ඇතැයි අනෙක් අතට ඔබට සිතෙන්නට පුළුවන්. ඔබ වෙත එල්ල වූ නෙතු දහසක් මැද දරුවා බිම පෙරළෙමින් දඟ කරද්දී ඔබ අසීරුතාවයෙන් අසරණ වන්නට පුළුවන්.

වයස අවරුදු හතරට අඩු කුඩා දරුවන් වැඩිපුර දඟ කිරීම සාමාන්‍ය දෙයක් වුවත්, මෙම පුංචි කුමාරයා රතු ඉර මදක් පනින බවක් පෙනෙන්නට ඇති බව දෙමාපියන් තේරුම් ගත යුතුය. විශේෂයෙන්ම ඔහු හෝ ඇය හොඳ නරක අවබෝධ කරගත හැකි වයසක සිටී නම්.

තම දරුවා දඟයෙකු බව වෙනත් කෙනෙකුගෙන් අසන්නට කිසිඳු මාපියෙක් කැමති වන්නේ නැහැ. නමුත් බුද්ධිමත් දෙමාපියෙක් නම් කල් නොදා මේ තත්වය ගැන සොයා බලා දරුවාගේ මේ පුරුදු මුලිනුපුටා දමන්නට කටයුතු කරයි.

දරුවන්ගේ නරක හැසිරීම දිරිගන්වන දෙමාපියන්ගෙන් වන වැරදි 10ක්.

1. දරුවාගේ නරක හැසිරීම අනුමත කිරීම.

අපි නිදසුනක් ගනිමු.  ඔබ අවන්හලක දවල් කාම ගන්නවා. ඔබේ දරුවා අතුරුපසට රස චොකලට් කේක් කෑල්ලක් දැන් කෑවා විතරයි. අනෙක් අතට ඔබෙන් අයිස් ක්‍රීම් එකකුත් ඉල්ලනවා. ඔබ එක් වරම ඊට විරුද්ධ වී ‘දෙන්නේ නෑ’ කියනවා. මෙවිට දරුවා කෑ කෝ ගසා හඬමින් අයිස් ක්‍රීම් ඉල්ලනවා.  

දැන් අවන්හලේ හැමෝගෙම ඇස් ඔබ වෙත යොමු වෙලා. ඔබ තවම ඔබේ කෑම එක කමින් සිටිනවා. දරුවා හඬන එක නවත්වන්නෙම නෑ. අපහසුතාවයෙන් හෙම්බත් වන ඔබ අවසානයේ අයිස් ක්‍රීම් එකක් ඇනවුම් කරනවා.

මෙහි ඇති වරද කුමක්ද? දරුවා ඉල්ලන දේ දීම, විශේෂයෙන්ම ඔහු කෑ කෝ ගසමින් හඬමින් ඉල්ලන දේ දීම වරදක්. ඔබ හුරු කරනවා දරුවාගේ එම හැසිරිමට ඔබ නතු වන බව.

2. දරුවා උවමනාවට වඩා දරුවන් ප්‍රවේසම් කිරීම

දෙමව්පියන් හැටියට සැම මොහතකම දරුවාගේ ආරක්ෂාව ගැන බැලීම අපගේ පරම යුතුකම සේ අප සලකන අතර ඒ වෙනුවෙන් හැකි සෑම දෙයක්ම අප කරනවා.

ඔබ දරුවාගේ සියලු දේ ගැන දරුවාගෙන් නොවිමසා තීරණ ගන්නවාද? දරුවා වරදක් කලත් ඔහුගේ පැත්ත ගෙන ඔහු මුදාගන්නවාද? මෙම කුරිරු ලෝකයෙන් දරුවා අසීමිත ලෙස ආරක්ෂා කරන්නට ඔබ අසීමිත ලෙස උත්සහ කරනවා වන්නට පුළුවන්.

මෙහි ඇති වරද කුමක්ද? මෙයට හෙලිකොප්ටර ක්‍රමය සේ පෙරදිග රටවල කියවෙනවා. මෙහිදී දරුවාට කිසිඳු ස්වාදීන තීරණයක් ගැනීමට අවස්තාව නැති වන අතර අභියෝග හා තම අතපසු වීම් වලින් උගෙනීමේ අවස්ථාවද නැති කරනවා.

3. ප්‍රායෝගික නොවන හිස් තර්ජන කිරීම

මෙය දෙමාපියන් ඉතාම සුලභව කරන දෙයක්. අපි නිදසුනක් ගනිමු.

ඔබේ දරුවා බිත්තිය පුරා කුරුටු ගානවා. ඔබ දරුවාට කොලයක් දී ඒ මත කුරුටු ගාන්නට කියනවා. තව දුරටත් බිත්තියේ කුරුටු ගෑවොත් දරුවාගේ පාට සියල්ලම ඔහුගෙන් ගන්නා බවට ඔබ නියෝග කරනවා. දරුවා ඔබ කියන දේ නොසලකා දිගටම බිත්තියේ කුරුටු ගානවා. ඔබට තව දුරටත් දරුවා සමඟ වාද කරන්නට ඔහු හඬවන්නට මහන්සි වැඩියි. හිතින් බනිමින් ඔබ එය අතහැර දමා දරුවාට ඕනෙ දෙයක් කරගන්නට හරිනවා.

මෙහි ඇති වරද කුමක්ද?

පළමුව ඔබ දරුවාට දෙන අනතුරු ඇඟවීම ඔබට ක්‍රියාත්මක කල හැකි ප්‍රායෝගික දෙයක් විය යුතුයි. ඔබ හිස් අනතුරු ඇඟවීම් දී ඒවා ක්‍රියාත්මක නොකරන විට දරුවා ඔබව හඳුනාගන්නේ කියන දේ නොකරන කෙනෙක් ලෙස. එවිට ඔබ දෙන නියෝග පිළිපදින්නට දරුවා උනන්දු වන්නේ නැහැ.

ඇමරිකාවේ ඇට්ලන්ටා සෞක්‍ය සායනයේ ළමා වෛද්‍යවරයකු වන වෛද්‍ය හන්සා භාර්ගවා පවසන පරිදි හිස් තරවටු කිරීමක සහ නිත්‍ය අනතුරු ඇඟවීමක වෙනස දරුවන්ට පහසුවෙන්ම වෙන්කර හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා. අපි දරුවන්ට ගොඩාක් ආදරෙයි. ඔවුන්ට සුදුසුම දේ හැකි පමණින් දෙන්නට අප උත්සුක වනවා. නමුත් දරුවාට යමක් පොරොන්දු වීමේදී හෝ තරවටු කිරීමේදී ඔබේ වචනය තැබීම නොහොත් කියන දේ කිරීම දරුවන් යහමග යවිමෙහි ලා ඉතාමත්ම වැදගත්.

වෛද්‍ය භාර්ගවා තවදුරටත් අනතුරු අඟවන්නේ මේ තත්වය ඔබ වෙනස් නොකළහොත් දරුවා වැඩෙත්ම ඔබව ජ්යෙෂ්ඨ හෝ උත්තරීතර කෙනෙක් ලෙස  නොදකින බවත් ජිවිතයේ වැදගත් තීරණ ගැනීමේදී වෙනත් අය වෙත යොමු විය හැකි බවත්ය.

4. දරුවන්ට යම් දෙයක අයිතිවසිකමත් සමඟ වගකීමත් භාර දෙන්න

අප දරුවන්ගේ ආත්ම විශ්වාසය හා ධෛර්යයධෛය්රිය වැඩි කිරීමෙහි ලා ඔවුන් නිතර ඇගයීමට ලක් කරනවා. ඔවුන් සතුටු වන දෑ කරනවා.

ඔවුන්ගේ පිඟාන සින්ක් එක තුලින් දැමීම වැනි පුංචි දෙයකට පවා ලොකුවට ප්‍රසාදය පල කරන්නේ ඔවුන්ව අගය කිරීමේ අරමුණින්.

මෙහි ඇති වරද කුමක්ද?

මෙය නුතන සමාජයේ දෙමාපියන් ඇති කරන ප්‍රශ්නයක්. අපි කිසි විටෙකත් අධිමාන්නයෙන් යුත් දරුවකු හදන්නට කැමති නෑ. නමුත් අපගේ වැඩිපුර ආදරය හා අගය කිරීම් නිසා අප දරුවන්ගේ වගකීමක් ලෙස දෙයක් දකින්නට ඉඩ තබන්නේ නෑ. දරුවන්ටඅත් වැරදීම් හෝ තමන්ගේම ආයාසයෙන් දෙයක් ලඟා කරගන්නට ඇති අවකාශ අප ඔවුන්ගෙන් පැහැර ගන්නවා.   

5. දරුවන්ට බලධාරී තනතුරක් ලබාදීම

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දරුවාට ‘එහෙමයි ස්වාමිනි!’ ලෙස සලකන දෙමාපියන් එමටයි. ඔවුන්ගේ අතට පයට අවශ්‍ය සියලුම දේ කියන පමාවෙන් ලබා දෙන්නට අපි පෙළඹෙන්නේ නොදැනුවත්වමයි. දරුවන්ගේ පාසැල් විවේක කාලයේදී හෝ පාසලෙන් පසු ක්‍රියාකාරකම් ඇති විට ඔවුනට කවා පොවා පය ගනනක් ඔවුන් එන තුරු බලා සිටින දෙමාපියන් මා දැක තිබෙනවා.

මෙහි ඇති වරද කුමක්ද?

ඔබේ දරුවාට ඔබ වැනි පුද්ගලික සේවා සපයන්නකු සිටීම ඉතා විනෝදජනක විය හැකි මුත් දරුවාට යම් දිනෙක ජිවිතයේ තීරණාත්මක අවස්තාවලදී යොමු වන්නට පුළුවන් බලසම්පන්න චරිතයක් ලෙස ඔබව අවශ්‍ය වන බව ඔබ අමතක නොකළ යුතුයි. ඉතින් ඔබ මුල සිට දෙන සේවාදායක චරිතයෙන් ඔබ අත් මිදෙන්නේ නැති නම් ඔබට එම බලසම්පන්න ප්‍රතුරුපය කිසි දිනෙකත් ඔහුට දෙන්නට හැකි වන්නේ නැහැ.

6. දරුවාට ඔබේ කරේ නගින්නට ඉඩ දීම

ඔබ දරුවාගේ පාපිස්සක් වගේද? දරුවා ගහන ගහන පදයට නටන්නට ඔබට සිදු වනවාද? ඔහු යම් දෙයක් ගැන කලකිරී සිටින විට, ඔබට කෑගසමින්, ඔබේ හිසකෙස් අදිමින්, ඔබට බැන වදිනවාද?

මෙහි ඇති වරද කුමක්ද?

ප්‍රචණ්ඩත්වය ප්‍රශ්නයකට පිළිතුර නොවන බව දරුවාට වටහා දිය යුතු අතර ඇති වන ගැටළු වලට ක්‍රමවත්ව මුහුණ දීමට දරුවා හුරු කල යුතුයි.

දරුවා කිසිම විටෙක තම අම්මාට හා තාත්තාට අත එසෙවීම කළ නොයුතු බව පසක් කල යුතු වනවා. මේ නරක හැසිරීම ගැන මුල් අවධියේ අවධානය යොමු නොකළහොත් දරුවා තව තවත් අක්රිය වී ඇති අතර, තව තවත් ඔහු තවත් ප්‍රචණ්ඩකාරී ස්වරුපයක් ගනු ඇත.

7. අනුන් මත වරද පැටවීම

ඔබේ දරුවාට විසින් වරදක් කළ පමණින් එය වෙනකෙකු පිට පැටවීමට ඔබ ඉක්මන් වනවාද? දරුවා ගැන යමෙක් චෝදනා කල විට දරුවා ආරක්ෂා කිරීමට ඉක්මන් වනවාද?

ගුරුතුමිය විසින් දරුවාගේ අවධානය මදි යැයි චෝදනා කල විට එය විනෝදජනක හා අකර්ශමත් ලෙස ඇය විසින් ඉගැන්වීමට ඇති නොහැකියාව ගැන ඇයව දෝෂාරෝපනයට ලක් කරනවාද? එසේත් නැතිනම් ඔබේ දරුවා තවත් දරුවෙකු සමඟ ඔන්චිල්ලාව බෙදා නොගන්නා බැවින්, ඔබේ දරුවා අස්වසාලා අනෙක් දරුවාව එතැනින් අයින් කරනවාද?

සමහරවිට ඔබ ඔබේ නිවසට පැමිණි විට දරුවා ඔබේ DVD එක කඩා දමා ඇති බව පෙනී යනවා. දරුවා ගැන සොයා නොබැලුවා යයි ඔබේ ගෘහ සේවිකාවට චෝදනා කරන්නට ඉක්මන් වනවාද?   

මෙහි ඇති වරද කුමක්ද?

දරුවාගෙන් වැරදි සිදු නොවන බවත්, සැම දේටම වෙන කෙනෙකුගේ වරදක් බවත් දරුවාට ඒත්තු ගැන්වීමෙන් ඔබෙන් වන්නේ විශාල හානියක්.

ඔහුගේ හොඳ ක්‍රියාකාරකම් වලට  හොඳ ප්‍රතිඵලත් නරක ක්‍රියා වලට නරක ප්‍රතිඵලත් අත් වන බව ඉගෙන ගැනීමේ අවකාශ ඔබ දරුවාගෙන් උදුරා ගන්නවා.

මෙසේ වැඩිහිටියෙකු බවට වර්ධනය වන ඔහු නිතර අනුන් මත වරද පැටවීමටත් තමා අතින් කිසි වරදක් සිදු නොවන කෙනෙක් ලෙසට පත් වන්නේ මේ ආකාරයටයි.

8. මාපියන් මිතුරන් හා සම වීම

දරුවන් සමග කුළුපග වීම හොඳ දෙයක්. ඉතින් ඔබ දරුවන් සමඟ සම යහළුවන් සේ සිටීම නොහ්ත් සිංහලෙන් කියන පරිදි ‘මචන්’ කෙනෙක් ලෙස පෙනී සිටින්නේ ඔහු ඔබට වඩාත් ලං වේවි යන අධිෂ්ඨානයෙන් වන්නට පුළුවන්.

මෙහි ඇති වරද කුමක්ද?

ඔබේ දරුවා සමඟ කෙලි සෙල්ලම් කිරීමට ඔහුට ඇති තරම් යහළු මිතුරන් ඇති අතර ඔබෙන් ඔහුට අවශ්‍ය වන්නේ සුහදශීලි, යහපත් වගකිව යුතු වැඩිහිටියෙකු වන මවක් හෝ පියෙක් වීමයි.

දෙමාපියන් වශයෙන් අපගේ කාර්යභාරය වන්නේ දරුවට අධ්‍යාපනය දීමත්, යහමග යැවීමත් දරුවන්ගේ ක්‍රියා වලට ඇති විය හැකි පල විපාක කියාදිමත්ය.

9. නිදහසට කරුණු ඉදිරිපත් කිරීම

ඔබේ දරුවා හේතුවක් නැතිව දඟ කරන විට හෝ හඬා වැටෙන විට මෙයට හේතුව කුමක් වන්නට ඇති දැයි ඔබ කල්පනා කරනු නිසැකයි. සමහරවිට ඔහු නිදිමතද? නැත්නම් කුසගින්නේද? නැත්නම් කම්මැලි කමද? ඔබ සිතනවා වන්නට ඇති.

මෙම හැසිරීමට හේතුවක් තිබිය යුතුයි.

ඔව් ඔහුගේ වයස අවුරුදු 7ක් තමා. නමුත් තවම යමක් ඉල්ලා වෙළඳ සැලේ බිම දිගා වී ඉන්නවා.

මෙහි ඇති වරද කුමක්ද?

වයස අවුරුදු 4න් පසු දරුවාගේ ආවේගශීලි හැසිරීම අසාමාන්‍ය බැවින් ඒ ගැන සොයා බැලිය යුතු වනවා.

ඔහු වයස අවුරුදු හතයි. ඔහු තවමත් බස් රථ හුවමාරුව මධ්යයේ මැද භාගයේ පිහිටා ඇති අතර, ඔහු තවමත් ගෙදර යන්නට අකමැති නිසා නොවේ.

දරුවකු වයසින් වැඩෙත්ම ඔවුන් මුහුකුරා යනවා. දෙමාපියන් හා තර්ක කල හැකි ස්ථානයක ඔවුන් සිටිනවා. ඔහුගේ හැසිරීම ප්‍රතික්ෂේප කොට නිවැරදි කරන තාක් කල් එම හැසිරීම තවත් උග්‍ර වනවා මිස හොඳ අතට හැරෙන්නේ අඩුවෙන්.

10. නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපන්නට තිබීම

දරුවාට තවමත් දැනුම් තේරුම් නැතැයි සිතා ඔබේ දරුවාගේ නිෂේධාත්මක හැසිරීම කල්තියා නිවැරදි කරන්නට ඔබ යොමු වන්නේ නැහැ.

කල් යත්ම ඔහු අවබෝධයෙන් එම හැසිරීම නැති කර ගනීවි යැයි ඔබ විශ්වාස කරනවා. එයාල පොඩි දරුවොනේ?

මෙහි ඇති වරද කුමක්ද?

අධ්‍යයන මගින් පෙන්වන්නේ කුඩා අවදියේ නිවැරදි නොකෙරෙන දරුවන් ආත්මාර්ථකාමී, අනුන්ට සංවේදී නොවන, මුරණ්ඩු, දරදඬු වැඩිහිටියන් බවට පත් වන බවයි.

මේ නිසා එවන් වැඩිහිටියන් තුල පහත ලක්ෂණ දැකිය හැකි වනවා

- චිත්තවේගීය පරිණතභාවයක් නොමැතිකම

- ගැටළු විසඳාගැනීමේ නොහැකියාව

- උදාසීන බව

- නිතර අසතුටින් සිටීම

එම නිසා දරුවා කුඩා කල සිටම නිවැරදි ලෙස ඔබේ මාපිය කාර්යභාරය අවබෝධයෙන් ඉටු කිරීමෙන් දරුවා හොඳ ගුණදම් සහිත පුද්ගලයෙකු බවට ගොඩනගා ගතහැක.

දෙමව්පියන්ට ඇත්ත වශයෙන්ම දරුවන් නොදරුවන් බවට පත් කළ හැකි බව ඔබ පිළිගන්නවාද? නැත්නම් දරුවන්ගේ අවෙගකාරී බව ඉබේ ඇතිවන්නක්ද? එය නොවැළැක්විය හැකිද? ඔබේ අදහස් අප සමග බෙදා ගන්න.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • ඔබේ දරුවා දඩබ්බරයෙකු බවට පත් වන්නේ ඔබ කරන මේ වැරදි නිසායි
බෙදාගන්න :
  • දෙමාපියන් විසින් දරුවන්ගේ සිත් මානසිකව තැලෙන අවස්ථා 7ක්

    දෙමාපියන් විසින් දරුවන්ගේ සිත් මානසිකව තැලෙන අවස්ථා 7ක්

  • ඔබෙන් දිනපතා දරුවාට ලැබිය යුතු පුංචි දේවල් 8 ක්

    ඔබෙන් දිනපතා දරුවාට ලැබිය යුතු පුංචි දේවල් 8 ක්

  • දෙමාපියන් විසින් දරුවන්ගේ සිත් මානසිකව තැලෙන අවස්ථා 7ක්

    දෙමාපියන් විසින් දරුවන්ගේ සිත් මානසිකව තැලෙන අවස්ථා 7ක්

  • ඔබෙන් දිනපතා දරුවාට ලැබිය යුතු පුංචි දේවල් 8 ක්

    ඔබෙන් දිනපතා දරුවාට ලැබිය යුතු පුංචි දේවල් 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it