දරුවා නිතරම අන් අයට ගහනවද? එහෙනම් මේ ගැනත් හිතන්න.

lead image

නිතර ගහන සහ ගහගන්න සිඟිත්තන් මෙහෙය වන්නේ කොහොමද? ඔබ නොකළ යුතුම ක්‍රියා කිහිපයක්.

නිතර අනිත් අයට ගහන්න හදන, ගහන සිඟිත්තෙකුට ‘එපා’ කියනවා කියන්නේ වෙලාවකට කුළුහරකෙක් ආම්බන් කරනවා වගේ කියල ඔබට හිතෙන්න පුළුවන්. මෙවැනි දරුවෙකු මෙල්ල කරන්න ඔබට මේ කරුණු උපයෝගී වෙන්න පුළුවන්.

මේ ලිපිය කියවන ඔබේ දරුවත් එවැනි දරුවෙක් වෙන්න පුළුවන්. එහෙනම් මේ කරුණු ඔබේ දරුවාව හොඳ මගට ගන්න උදවු වෙනවා.

ඔවුන් ගහගන්නේ ඇයි?

සිඟිත්තන් කියන්නේ හැමදේම අලුතෙන් ඉගෙන ගන්න අයයි. සමහර විටක ගහගන්නවා කියන එක පළමු වාර කිහිපයේදී ඔහුට පරීක්ෂණයක් වෙන්න පුළුවන්. ඔවුන්ට දැනගන්න ඕනේ මේ සමගම ඊට ඔබේ ප්‍රතිචාරය කොහොමද කියලයි. සමහර විටෙක එය ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමක් ද විය හැකියි.

නොකළ යුත්තේ මොනවද?

දරුවන් ගහගන්න හදන කොටම නිරායාසයෙන් අප තුළින් පිටතට එන දෙයක් “ගහගන්න එපා" කියන එක සහ එය දරුවන්ට මතක් කර දීම. නමුත් මෙය එතරම් ප්‍රතිචාර ලැබෙන පිළියමක් ලෙස බොහෝ විට පෙනෙන්නේ නැහැ.

ඔවුන්ගේ කෑගැසීම් හා ඔහු විසින් එය පරීක්ෂණයට ලක් කරන අතර ඊට වැඩිහිටියන් ගේ  ප්‍රතිචාරය වැඩිවීමක් පමණක් සිදුවෙනවා.

නමුත් එය එතරම් ලොකු දෙයක් ලෙස ගණන් නොගෙන “ගහගන්න එපා එතකොට රිදෙනවා” වැනි ප්‍රතිචාරයන් දෙනවා නම් එය සෑහෙනවා.

වඩාත් සංවේදී දරුවෙකු නම් තව දුරටත් ඔහු මේ ගැන පැහැදිළිව සිතන්න නොයන්නේ ඒ වන විටත් ඔහුගේ සිත මේ දැඩි හැඟීම් වලින් වැසී ඇති නිසයි. හුඟක් කේන්ති ගිය කුළුහරකෙකුට කෑගැහුවා කියලා වෙනසක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2016/11/dedi danduwam featured.jpg දරුවා නිතරම අන් අයට ගහනවද? එහෙනම් මේ ගැනත් හිතන්න.

මෙය හසුරවන්නේ කෙසේද?

ඔබ හැකි තරම් ඔබට පහර දෙද්දී ඉන් මිදෙන්නට උත්සහ කරන්න. ඔහුට නොරිදෙන ලෙස එහෙත් ස්ථීර ලෙස ඔහුගේ අතින් අල්ලාගෙන ඔහුගේ අවධානය වෙනතකට යොමු කල හැකි තැනකට යන්න. මේ සමග ඔබේ ප්‍රතිචාරය විය යුත්තේ දරුවාව ඔබට දැනෙන බව ඇඟවිමයි: “අම්මට පේනවා පුතාට හුඟක් තරහා ගිහින් කියලා”.

දරුවා ඔහුව තේරුම් ගත් බව තේරුම් ගැනීමත් සමග පමණක් ඔහු ඔහුගේ ප්‍රකාශනය අත හරින්න ඉඩ තියෙනවා. මන්ද ගැසීමත් එක්තරා අයුරක සන්නිවේදන ක්‍රමයක් නිසයි. ඉතින් දරුවාගේ සිතුවිලි හඳුනාගෙන ඔහු කියාගන්න බැරුව කරන හැසිරීම් වටහා ගන්න.

ඔයාට චොක්ලට් තව දෙන්නේ නැති නිසා හුඟක් කේන්ති ගිහිල්ලා. මම එහෙම කිවුවම පුතා හරියට කලබල වෙලා. ඒකද මට ගහන්නේ. හැඟීම් හරිම පුද්ගලිකයි. ඔබට දුකක් දැනීම අනෙක් කෙනාට එතරම් බලපෑමක් නොවන්න පුළුවන්. එත් ඒකෙන් කියන්නේ ඔබ දුක් විය යුතු නැහැ කියන එක නෙමෙයි.

නමුත් ඊට වඩා ඔබේ සිතුවිලි විනිශ්චයන් නොකර ඔබේ කතා අහන්න හා එහි වැදගත්කම තේරුම් ගන්න කෙනෙක් හිටියොත් ඔබට දැනෙන සැනසිලිදායක බව වැඩියි නේද? ඉතින් පුංචි දරුවන්ටත් හැඟෙන්නේ අන්න ඒ විදිහටමයි. දරුවට ඇහුන්කන් දෙන්න. ඔබ ඔහුව අල්ලගෙනම ඔහුට අඬන්න දෙන්න.

වෙනත් විකල්ප මොනවද?

දරුවාගේ කේන්තිය සංසිඳුනාට පසුව ඔබට ඔහුට හෙමිහිට කතා කරන්න පුළුවන්. “ඊළඟ සැරේ ඔයාට කේන්ති ගියාම ගහන්න නම් බැහැ. මොකද ගහනකොට හුඟක් රිදෙනවා. ඔයාට ඒක පුහුණු වෙන්න පුළුවන්. ඔයාට කියන්න පුළුවන් එදා ඔයා කොච්චර කෙන්තියෙන් ද, ඒ ඇයි කියලා?” ඊට පස්සේ මේ කරුණු ඔහු ඉදිරියේ ඔහුට පෙන්වන්න.

  • කොට්ටයකට හැකි තරම් ගහන්න.
  • හැකි තරම් හයියෙන් කෑගහන්න.
  • තමන් කැමති බව වචනයෙන්ම කියන්න. “මට හරි කේන්තියි”.

ඔහුගේ අත ක්‍රියාත්මක වෙන වේගය මෘදු කිරීමට ඔහුගේ අත අල්වාගෙන ඔබේ මුහුණට දැඩි නොවන ලෙස ගසා පෙන්වන්න. මවක වන මරියෙල් උයික්ජින්තෝ පවසන ආකාරයට මම දැන් හොඳයි. නෑ මම දැන් හරි හොඳයි ආදී වශයෙන් තාලයකට ඔහුට ඇහෙන්න කියන්න. එය ඔහුගේ කේන්තිය පාලනය කරන්න පුලුවන්.

තවදුරටත් ශක්තිමත් කල යුත්තේ කොයි අවස්ථාවේදී ද?

දිගින් දිගටම මෙය පවත්වා ගෙන යාම වැදගත්. මේ මගින් දරුවන් තමන්ගේ ක්‍රියාකාරිත්වයේ පැවැත්ම හා ක්‍රමය තේරුම් ගන්නවා. ඔවුන් සෙල්ලම් කරන විට හා යමක් නරඹන විට පහර දෙන දර්ශන දකින විට එය නරක දෙයක් බව ඔවුන් ඉගෙන ගන්නවා.

“අර බබා එයාගේ යාළුවට ගැහුවේ එයා නරක නිසයි”. අපි එවිට ගැසීම නරක දෙයක් බවත් එය වේදනාකාරී බවත් ඔහුට කිව යුතුයි. “එපා එපා එයාට ගහන්න එපා” ඔහු එවැනි ජවනිකාවක් නරඹමින්ම ප්‍රතිචාර දැක්වීම ඔබව පුදුමයට පත් කරාවි. එය ඔහු තුලින් ම පිට වෙද්දී, අවේගයකදී ගැසීම නුසුදුසු බව හා එය පාලනය කල යුතු බවට ඉඟියක් දරුවට දෙන්න.

දරුවන්ගේ හැසිරිම් දෙමාපියන් වගේම දරුවනුත් අසරණ කරනවා. ඒ නිසා අපි අවේගශීලි නොවී ඔවුන්ව වටහා ගැනීම වටිනවා. ඔබේ හොඳම මිතුරිය  Asianparent ඔබ මුහුණ දෙන මේ ව්‍යාකුල අවස්ථාවන් හොඳින් වටහා ගන්නේ ඔබත් ඔබේ පවුලත් නිරන්තරයෙන් සතුටින් තබන්නයි.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ