නිතරම ප්‍රශ්න අසන පුංචි දඟ මල්ල එක්ක කතා කරන්නේ කොහොමද?

නිතරම ප්‍රශ්න අසන පුංචි දඟ මල්ල එක්ක කතා කරන්නේ කොහොමද?

පුංචි දරුවෝ කතා කරන්න පටන් ගත්ත ගමන් හුඟක් දේවල් ගැන හිතේ තිබුණු කුතුහලය පිටකරනවා. නිරතුරුවම ප්‍රශ්න අහනවා. ඉතින් එයාට හරියට ලස්සනට හිත නොතැලෙන්න උත්තර දෙන්නේ කොහොමද?

මගේ අවුරුදු 4 ක් වයස දරුවා දරුවා නිතර ප්‍රශ්න අසයි. පුතාගේ රස්සාව ප්‍රශ්න දාහක් විතර අහන එක. හුඟක් වෙලාවට ඒ ප්‍රශ්න වලට මට උත්තර නැහැ.

පණුවෝ වමනේ දානවද? වතුර තෙත ඇයි? ඉතින් මම මොනවා කියන්නද ?

අධ්‍යනයකට අනුව දිනකට ප්‍රශ්න 300 ක් පමණ අසන දරුවන් අතරින් වැඩි දෙනා ගැහැණු දරුවන් බවත් ඉන් බහුතරය පුංචි දුලා බවත් කියවුණා.

එකක් ඉවර වෙන්නත් කලින් තවත් ප්‍රශ්නයක්. දෙමාපියන්ව නිරුත්තර වෙනවා. නමුත් අපි මේ ගැන දැනගමු.

දරුවා නිතර ප්‍රශ්න අසයි

දරුවා නිතර ප්‍රශ්න අසයි: ඇයි ?

දරුවන්ගේ හැසිරීම් පිළිබඳ විශේෂඥයන් පවසන ආකාරයට අවුරුදු 2-4 දක්වා දරුවන් නිතරම ප්‍රශ්න ඇසීම වැඩි.

මීට හේතුව එයින් ඔවුන්ගේ කුතුහලය හා විද්‍යාත්මක හා තාර්කික බව ගැන ඔවුන් නිරන්තරයෙන් සිතන නිසයි.

මෙය ලෝකය ගැන දැනගන්න ඔවුන්ට හොඳ මාවතක් සකස්කර දෙනවා. ඔවුන් නිතරම ‘ඇයි?’ කියලා අහන්නේ ඔබේ කේන්ති අවුස්සන්න නෙමෙයි.

ඔහුට එය දැනගන්න තියෙන කුතුහලය හා ආශාව නිසයි. ඇත්තටම ප්‍රශ්න ඇසීම දරුවෙකුගේ බුද්ධි වර්ධනයට අත්‍යවශ්‍යම සාධකයක්.

දරුවා නිතර ප්‍රශ්න අසයි නම්...

1. ඉවසීම පුහුණු වන්න

සමහර විට මේ තොරතෝංචියක් නැති ප්‍රශ්න ඇසීම ඔබට කරදරයක් වගේ දැනෙනවා.

විශේෂයෙන් ඔබ ගෙදර ඉඳන් වැඩ කරන අම්මා කෙනෙක් නම් ඔවුන් නිතර කරන කියන දේ ඔබ හරියටම දන්නා නිසා මේ තත්වය ඔබට දැනෙනවා වැඩියි.

දරුවා නිතර ප්‍රශ්න අසයි

නමුත් මදක් ඉවසීමෙන් ඔබට හැකි උපරිම ලෙස පිළිතුරු දෙන්න උත්සාහ කරන්න. එහෙම කළොත් ස්වභාවයෙන් ඔවුන් තුළ ඇතිවන කුතුහලය හා දැනුම තව තවත් දියුණු වෙනවා.

2. නිතරම ඇත්තම කියන්න

අම්මා අහස නිල් පාට ඇයි ? ඔයාගේ තාත්තා පුදුම උස ගහක් දිගේ නැගලා අහස නිල් පාටින් පාට කළානේ.

මේ වගේ හිතපු උත්තරයක් ඒ වෙලාවට දීලා ඔහුගේ ප්‍රශ්න වැලෙන් ගැලවුනත් ඉන් ඔවුන්ට කිසිම උදවුවක් ලැබෙන්නේ නැහැ. නිතරම නිවැරදි දේ දරුවට කියන්න උත්සාහ කරන්න.

නැතිනම් ඔබේ සහකරුට ඊට උත්තර දෙන්න කියන්න.

දන්නෙම නැති ප්‍රශ්නයකට උත්තරය අද ඔබට අන්තර්ජාලයෙන් වුනත් දැනගන්න පුළුවන්.

නමුත් මම එහෙම කියන නිසා නැතිනම් ප්‍රශ්න ඇහිල්ල නවත්තන්න වැනි දේවල් කියන්න එපා. එය ඔබේ දරුවාගේ වැඩෙන බුද්ධියට හරස් කැපීමක්.

3. දරුවා නිතර ප්‍රශ්න අසයි නම් ප්‍රශ්නත් සමග උත්තර දෙන්න

දරුවා වයසින් වැඩෙත්ම ඔහු අසන ප්‍රශ්නයට තර්කානුකූලව පිළිතුරු ලබාගන්න ඔබ ඔහුට ප්‍රශ්න යොමු කරන්න.

ඔහුගෙන් ලැබෙන පිළිතුර අගයන්න. එය වැරදි වුනත් නිවැරදි වුනත් ඔහුගේ උත්සාහය අගයමින් ඒ පිළිබඳ පසුව ඔහුට විස්තර කර දෙන්න.

උදාහරණයක් ලෙස උතුරන විට වතුර නටන්නේ ඔබ නාන විට සබන් පෙන දානවා වගේ වතුර වලටත් පෙන දාන නිසාද ?

කියලා දරුවා අහන්න පුළුවන්. මේ සිද්ධි දෙක වෙන වෙනම අරගෙන ඔබට එහි වෙනස්කම් පහදා දෙන්න පුළුවන්.

4. දරුවා නිතර ප්‍රශ්න අසයි නම් අන් අයගේ සහය ලබා ගන්න

නිතර ප්‍රශ්න අසන දරුවාගෙන් ඔබ පීඩාවට පත්වන විට ඔහුව ඔබේ සහකරුට නැතිනම් ආච්චි සීයා වෙත යොමු කරන්න පුළුවන්.

ඒ වගේම දරුවාට කියවීමට පුංචි පොත් කියවන්න පුස්තකාලයකට යොමු කරන්න.

ඉන් පොත් කියවන්න විතරක් නෙමෙයි දරුවා අධ්‍යාපනයටත් යොමු වෙනවා. එය ඔහුගේ අධ්‍යාපනයේ හොඳ සුදානමක් වෙයි.

දරුවා නිතර ප්‍රශ්න අසයි

“මම දන්නේ නැහැ” කිව්වට කමක් නැහැ. ඔබ දන්නේ නැති දෙයක් ගැන දන්නේ නැති බව කීම නරක නැහැ.

නමුත් ඔබ ප්‍රශ්නය මග හරිනවට වඩා ඊට උත්සාහයක් දීම නිසා ඔබ එයාගේ දැනුම ලබාගන්න සහකරු බවට පත් වෙනවා.

පුස්තකාලයෙන් අන්තර්ජාලයෙන් තොරතුරු ලබාගෙන දැනුවත් වීම තුළිනුත් ඔබත් ඔබේ සුරතල් දඟමල්ලත් සමග ඇති නොබිඳෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න පුළුවන්. ඔබටත් අලුතින් ඉගෙන ගන්න පුළුවන්.

දවස පුරා ඔබ මහත් පීඩාවට පත් වුනත් ඔබට හැකි තරම් මීට මුහුණ දීම දරුවාගේ බුද්ධි වර්ධනය ඉහළ දමන බව වටහා ගන්න.

ඔබේ දරුවාගේ වයස අවුරුදු කීපයක් පුරාවට මෙවන් අභ්‍යාස කිරීමෙන් ඔබට ඔබේ දරුවාගේ IQ අගය ලකුණු 6 කින් ඉහළ නැංවිය හැකි වනවා.

මේ නිසා දරුවා සමඟ මෙවන් අභ්‍යාස ඔබට හැකි ඉක්මනින් ආරම්භ කරන්න, ඔහු තවදුරටත් පවසයි.

සාක්ෂිවලින් පෙනී යන්නේ, ඔබේ දරුවාට වයස අවුරුදු හතර ඉක්මවූ පසුව මේවා ආරම්භ කිරීමෙන් සාපේක්ෂව විශාල ප්‍රතිලාභයක් නොලැබෙන බවයි.

දරුවන්ට කියවීමද බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. රොචේ මෙසේ ලියයි. “බොහෝ විට දරුවන්ට කතන්දර කියන දෙමව්පියන්ට සිටින දරුවන්ට ඉහළ IQ අගයක් ඇත.

දරුවාට සරලව සවන් දෙන්නට සලසනවා වෙනුවට දරුවා සමඟ අන්තර්ක්‍රියාකාරී ලෙස කියවීම තුළින් එම යථාර්තය තවදුරට්ත් සත්‍යයක් වනවා.

ඔබේ දරුවා විශේෂයෙන් සම්බන්ධ වන්නේ කුමක් දැයි කියවන විට සහ දකින විට විවිධ කටහඬවල් සහ හැඟීම් භාවිතා කරන්න. "ඔහු සිතන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් විමසන්න."

 5. දරුවාගේ බුද්ධි වර්ධනය ගැන අපේක්ෂාවෙන් සිටින්න

මෙය එතරම්ම සරල උපක්‍රමයක් වන අතර, එයින් ඇතිවිය හැකි විශාල වෙනසක් බොහෝ දෙමව්පියන් නොදන්නවා විය හැකියි. "Believing You Can Get Smarter Makes You Smarter," නම් වූ විශේෂ අධ්‍යයනයෙන් කියවෙන්නේ ඔබ දක්ෂයෙක් යැයි විශ්වාස කරන තරමට ඔබ දක්ෂයෙක් බවට පත්වේ” ලෙසයි.

මනෝවිද්‍යාඟයින් විසින් සිසුන්ට ඉගැන්වූයේ බුද්ධිය ස්ථාවර ගුණාංගයක් නොවන නමුත් වෙනස් කළ හැකි හා වැඩි දියුණු කළ හැකි බවයි. එය සත්‍යයකි.

මෙම යථාර්තය තේරුම්ගත් සිසුන් අධ්‍යාපනය ගැන උනන්දුවක් දැක්වූවා සේම අධ්‍යාපනයෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ඇති බවත්, එසේ නොකළ අයට වඩා ශාස්ත්‍රාලිකයින් වඩා බැරෑරුම් ලෙස සලකන බවත් ඔවුන් සොයා ගත්තා.

මෙම සොයා ගැනීම  දෙමව්පියන්ව පැහැදිලි ක්‍රියාමාර්ගයක් වෙත යොමු කරනවා. ඔබේ දරුවන්ට ඔවුන් බුද්ධිමත් යැයි පවසන්න. ඔවුන්ගේ බුද්ධිමත් බව අපේක්ෂා කරන්න.

ඔවුන් අදට වඩා හෙට වඩා දක්ෂ විය හැකි බව ඔවුන් දැනසිටින බවට වග බලා ගන්න.  මෙය සත්‍යක් බව ඔවුන්ට ඒත්තු ගන්වන්න. මන්ද, ඔබ එසේ කරන්නේ නම්, එය එසේ වනු ඇත.

දරුවන් නැණවතුන් බුද්ධිමතුන් කරන්න අඩිතාලම දමන්නට හැකියාව ඇත්තේ දෙමාපියන් වන අපටමයි. theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ලෙස ඔබව ආදරයෙන් දැනුවත් කළේ ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

කතන්දර ලිපි