සුව සනීපෙන් දරුවා නිදි කරන්න පිළියම් 11 ක්

සුව සනීපෙන් දරුවා නිදි කරන්න පිළියම් 11 ක්

ඔබ ඔබේ දරුවා නිදිකරවන ආවේනික ක්‍රමයක් සොයමින් පසු තැවෙනවද? මෙම පහත ක්‍රම ඔබේ උවමනාවට උදවු වේවි.

ළදරු නින්ද ඔබට ගැටලුවක්ද? බබාව නින්දට යවන්න හුඟක් අමාරුද? දරුවා නිදි කරන්න පිළියම් හොයනවාද? ඔබේ දරුවා කොයි වයසේ හිටියත් ඔහුව නින්දට යැවීම තරමක් උපායශීලි ලෙස සිදු කරන්න වෙනවා.

ළදරු නින්ද ගැන ඔබ විශේෂයෙන් දැනගත යුත්තේ ඒ නිසයි.

මෙහි හොඳ පැත්ත තමයි වැරදි නිවැරදි කරමින් විවිධ ආකාර අත්හදා බැලීමෙන් දරුවන්ට සුදුසු පහසු ක්‍රමයක් තෝරාගන්න පුළුවන් වීම. ඉතින් ඊට පුංචි උදව්වක් ලැබීම හා කිරීම කාටත් නරකක් නම් වෙන්නේ නැහැ.

ඔබ ඔබේ දරුවා නිදිකරවන ආවේනික ක්‍රමයක් සොයමින් පසු තැවෙනවද?

රෑ පුරා මව්කිරි බීම

සාර්ථකව ළදරු නින්ද ලබාදෙන්නට මේ පිළියම් ඔබට උදවු වේවි.
1. පිටුපසට තට්ටු කරන්න

පිටුපසට මෘදු ලෙස තට්ටු කරමින් ටික වෙලාවක් කල්ගෙවීමෙන් දරුවා සන්සුන් කරන්න පුළුවන්. මෙලෙස හෙමින් පිටුපසට ලතාවට තට්ටු කිරීමෙන් දරුවාට ඉක්මනට නිදිමත ඇතිවෙනවා.

2. බෙල්ල පිරිමදින්න

අත්ලෙන් බෙල්ල පිටුපස ඉතා මෘදු ලෙස පිරිමදින්න. මින්වැඩිහිටියන් වුවත් සන්සුන් වන අතර දරුවන්ට එය ඉතා මෘදු සනීපයක් දෙන පිරිමැදීමක් නිසා නින්ද ළඟා වෙනවා.

3. මෘදු ශබ්දයක් තාලයකට කරනවා

ඒකාකාරී මෘදු ශබ්දයක් හරියට වැකුම් ක්ලීනරයක ශබ්දය වගේ නොනවත්වා ඇහෙන දෙයක් ඔබට පටිගත කර විකාශනය කරන්න පුළුවන් නම් එය එක දිගට ඇසීමෙන් සන්සුන් බවක් හා නින්ද ලැබෙනවා.

4. සාර්ථකව ළදරු නින්ද ලබාදෙන්නට ඉතා මෘදු ලෙස සොලවන්න

දරුවන් සෙලවීමට හා පැද්දීමට කැමති නිසා ඉතා මෘදු ලෙස එය කරන්න පුළුවන්.

5. ඕම්.....ම්.... ආදී ශබ්ද

ඉතා සෙමින් දරුවාගේ කන ආසන්නයේ ලයාන්විත ලෙස එක දිගට මුමුණන්න. හරියට යෝග භාවනාවක් වගේ. ඔවුන් පපුවට තුරුල් කරගෙන එය කිරීමෙන් හුඟක් සාර්ථක වෙන්න පුළුවන්.

6. පැද්දීම

පැද්දීම හැම විටම අනුමත කරන්න බැරි වුනත් ඔබ එය කරන ආකාරය ඊට බලපානවා. එය ඉතාම මෘදු වීමට වග බලාගන්න.

7. සාර්ථකව ළදරු නින්ද ලබාදෙන්නට ඔවුන්ගේ කන් අතගාන්න

දරුවාගේ කන් මෘදු ලෙස පිරිමැදීමෙන් කලබලයට හා අසහනකාරී ලෙස හැසිරෙන දරුවන් සමනය කරන්න පුළුවන්.

8. ඔවුන්ට ගයන්න

ඔවුන් සමග ගයනා කරන්න බැරි වුනත් ඔවුන්ට සුදුසු ළමා ගී තෝරා ගෙන මිහිරි ලෙස හැකි තරමින් ගයනා කරන්න. එය ඇත්තටම ඔවුන්ට අස්වැසිල්ලක් ගෙන ආවා.

9. යටිපතුල් සම්භාහනය

දරුවන්ගේ පීඩනය නැති කරන්න මෙය ඉතාමත් සුදුසුයි. ඉතා මෘදු සුමුදු තෙල් වර්ගයක් තෝරාගෙන එය කරන්න පුළුවන්.

10. කෙටි කෑමක්

ප්‍රධාන කෑම වේලකට පසු බඩගිනි දැනුනහම නිදිමත දැනෙන්නේ නැතිවෙන්න පුළුවන්. දරුවා කැමති නම් කෙටි කෑමක් දෙන්න. බඩ පිරුණමත් දරුවන්ට ඉක්මනට නින්ද යනවා. 

11. සාර්ථකව ළදරු නින්ද ලබාදෙන්නට කිරි දෙන්න

අන්තිම උත්සාහය එය වෙන්න පුළුවන්. ඒ නිසා අපි අද අවසානය වන තෙක් එය තබා ගත්තා.

මව්කිරි දීමත් දරුවන් නිදාගන්න සුදුසුම උපායක්.

දරුවන් සනසන්න නළවන්න එක් එක් දරුවාට යොදාගන්න ක්‍රම වෙනස් නිසා අපි ඔබට මේ ක්‍රම සියල්ල ගෙන ආවා. ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka ඔබට ආදරෙන් කළ මතක් කිරීමක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ