theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රාත්‍රියේ නොනිදනා රෝගී වු පුංචි පැටියා සනසන්නේ කොහොමද?

4 අවම කියවීම
රාත්‍රියේ නොනිදනා රෝගී වු පුංචි පැටියා සනසන්නේ කොහොමද?රාත්‍රියේ නොනිදනා රෝගී වු පුංචි පැටියා සනසන්නේ කොහොමද?

රාත්‍රිය පුරා සුව නින්දකට උදව් කරන මේ නිසි මඟ පෙන්වීම අනුගමනය කිරීමෙන් ඔබේ රෝගී දරුවා නිදි කරවීම පහසු වේ.

දරුවා නිදි කරවීම ඔබට අභියෝගයක් ‌නේද?

ඔබ දරුවෙක් රෝගී වී තිබේ නම්, රෝගී දරුවන් සැනසීම දෙමව්පියන්ට මුහුණ දෙන්න වෙන කොයිතරම් ලොකු අභියෝගයක්ද කියලා ඔබ දන්නවා.

වැඩිහිටියෙකු රෝගී වීමත් ඉතා කරදරකාරීයි. තමන්ගේ  සිරුරේ  ක්‍රියාකාරිත්වය  මුලුමනින්ම නොදන්නා දරුවෙක් රෝගී වීම ඊටත් වඩා දරුණු වේ.

තමන්ගේ දරුවා දුකින් හෝ වේදනාවෙන් ඉන්නවා දකින එක තරම් කනස්සලක්, හද පැලෙන දුකක් දෙමාපියන්ට තවත් නැහැ.

රෝගී දරුවෙකු රැකබලා ගත් සෑම දෙමාපියෙක්ටම ඒ සියල්ල ගෙන් මිදීමට අවශ්‍ය වෙනවා. ඒ තුළ ඇති වන බියත් ඔවුන්ට හුරු පුරුදුයි . එහෙත්, සුවසේ රෝගී දරුවා නිදි කරවීම ගැන දැන සිටීමෙන්  එය ඉවත් කර ගන්න පුළුවන්.

සාමාන්‍ය කැස්සේ සිට බරපතල  ආසාදන දක්වා මෙම මාර්ගෝපදේශ හත නිසැකවම ඔබට ඔබේ  දරුවාගේ අපහසුතා ලිහිල් කිරීමට උදව් කරන අතර ඔබේ කනස්සල්ල  මග හරවයි.

රාත්‍රියේ නොනිදනා රෝගී වු පුංචි පැටියා සනසන්නේ කොහොමද?

සුවසේ රෝගී දරුවා නිදි කරවීම : දෙමාපියන් සඳහා උපදෙස් හයක්

1. ඔවුන් කැමති නැති විට විවේක ගැනීමට ඔවුන්ට බල කරන්න එපා.

නිදාගන්න හෝ විවේක ගන්න අවශ්‍ය කොයි වේලාවේද යන්න තීරණය කිරීමට ඔබේ කුඩා දරුවාට ඉඩදීම  ඔවුන්ට සැනසිල්ලක් ලබා දෙන හොඳම මාර්ගයකි.

2. ඔවුන්ගේ ආහාර නිර්මාණශීලව පිලියෙල කරන්න.

ඔබේ රෝගී  දරුවාගේ ආහාර රුචිය දුර්වල විට පවා, රෝගීව  සිටින දරුවන්ට ලබා දෙන සාම්ප්‍රදායික ආහාර ලබාදීම  අවශ්‍ය  නැත.

ඔවුන්ට ආහාරයට ගත හැක්කේ කුමක්දැයි විමසා එය සෞඛ්‍ය සම්පන්නව සකස් කල හැකි මාර්ග සොයාගන්න. ඔවුන් අකමැති ආහාර ගැනීමට බල කරන්න එපා.

එය සෙමින් දෙන්න, නමුත් ඔවුන් ආහාර වේල මග හැර නොගන්නා බවට සහතික වන්න.

ඔබේ දරුවා උණ, සාමාන්‍ය  සෙම්ප්‍රතිශ්‍යාව, පාචනය,  වැනි රෝග වලින් පෙලෙන විට ඔවුන්ව විජලනයෙන් තොරව  තබා ගැනීම  වැදගත් ය.

පානීය ජලය හා යුෂ මඟින් පමණක්  නොව නූඩ්ල්ස් සුප්, කුකුල් මස් සුප් හෝ බත් කැද මගින්ද සජලනය කරන්න.

ඔබේ දරුවා පැය 24 ක් හෝ ඊට වැඩි කාලයක් කෑම  හෝ බීම  ප්‍රතික්ෂේප කරනවා  නම්, වහාම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත ගෙන යන්න.

3.ඖෂධ (ටිකක්) වඩාත් විනෝදජනක  කරන්න

සියලු ඖෂධ රසවත් නැත. ඔබේ දරුවාට අප්‍රසන්න රසයක් ඇති ඖෂධ නියම කර තිබේ නම්, දැඩි ලෙස සීත කර තිත්ත රස සගවා ලබාදෙන්න.

ඔබ යෝගට් හෝ පුඩිං වැනි මෘදු ආහාර මිශ්‍ර කර එය ලබාදිය හැකිය.

ආහාර සමග මිශ්‍ර  කිරිමෙන් ඖෂධයේ කාර්යක්ෂමතාවට බලපාන්නේ නැති බවට තහවුරු  කර ගැනීම සඳහා වෛද්‍ය  උපදෙස් ලබා ගන්න.

4. තදබදය අඩු කර හැකි තරම් සුවපහසු ලෙස නිදි කරවන්න.

රාත්‍රියේ නොනිදනා රෝගී වු පුංචි පැටියා සනසන්නේ කොහොමද?

බොහෝ විට රෝගී  දරුවාගේ සැබෑ ගැටළුව වන්නේ  සිරවු නාසයයි.

දරුවන්ට ඔවුන්ගේ නාසය සුරන්න නොහැකි  නිසා, සේලයින්  දියර ඔවුන්ගේ නාස්පුඩු වලට යෙදීමෙන් එය පහසු කරවන්න පුළුවන්.

මතක තබා ගන්න: වයස අවුරුදු හතරට අඩු දරුවන් සඳහා ශ්වසන තදබදය නිර්දේශ කරන්නේ නැත.

රාත්‍රියේ හොඳ සහනයක් ලබා දීම සඳහා දිනකට කිහිප වරක් මෙය කරන්න.

ඔවුන්ට  පහසුවෙන්ම හුස්ම ගැනීමට උපකාර කිරීම සඳහා සිසිල් දුම වාෂ්ප හෝ වාෂ්ප ඇල්ලීම   භාවිතා කළ හැකිය

ඔවුන්ට හිසරදයක් තිබේද?  මෘදු පිරිමැදීමෙන් ඔවුන්ට සහනයක් ලැබේවි.

5. රෝගය  ගැන ඉගෙනගන්න කාලය වැය කරන්න.

දැනුම බලයක් පමණක්  නොවන අතර, එය බිය දුරු කරන ක්‍රමයක්ද විය හැකිය. ඔවුන්ගේ රෝගී තත්වය ගැන දරුවන්ට කතා කිරීමට මෙන්ම ඒ ගැන ඔවුන්ට කියවීමට කාලය ගත කරන්න.

ඔවුන් වැළදී ඇත්තේ කුමක්දැයි දැනගත් පසු, ඔවුන් බියට හෝ කනස්සල්ලට පත් නොවනු ඇත.

සියල්ලටම වඩා , ඔබ මේ සතුරා සමග සටන් කරන්නේ තනිව නොවන  බවත්, එය ඉක්මනින් සුව වෙනු ඇති බවත් ඔවුන්ට  මතක් කරන්න.

6.ඔවුන්ගේ අවධානය වෙනස් කරන්න . විනෝදයට පත් කරන්න.

ඔබේ රෝගී දරුවා රාත්‍රියේ කාර්‍යබහුල කිරීම සඳහා හොඳ පොතක් හෝ ප්‍රියතම  චිත්‍රපටයක්  තරම් සුදුසු කිසිවක් නොමැත.

ඔබේ ලග තිබෙන හොදම මෙවලම වන්නේ අවධානය වෙනස් කිරීමයි.  මව්වරුනි , පියවරුනි  රාත්‍රියේ සුවසේ රෝගී දරුවා නිදි කරවීම සදහා එය නැණවත්ව භාවිතා කරන්න.

7. අසීමිත මෘදු ආදරය හා ආරක්ෂාව නොමදව ලබාදෙන්න.

රාත්‍රියේ නොනිදනා රෝගී වු පුංචි පැටියා සනසන්නේ කොහොමද?

දරුවන්ට අපගේ නොබෙදුණු අවධානය අවශ්‍ය වෙනවා. දරුවන් රෝගී වු විට මෙය විශේෂයෙන් සත්‍ය වෙනවා .

රෝගී  වීම බියජනක විය හැක. එබැවින් සුරතල්  කිරීම , සිපගැනීම සහ සහතික  කිරීමේ වදන් අතිශයින් තීරණාත්මක ය. ඔබේ දරුවා රෝගී  වූ විට, ඔහුගේ    යුතු භෞතික අවශ්‍යතා  පමණක් නොව, මානසික  අවශ්‍යතා ඉටු කල යුතුය.

සියල්ලටමත් වඩා රෝග ලක්ෂණ දිගටම පවතින්නේ නම්, ඔබේ දරුවා වෛද්‍යවරයකු හෝ විශේෂඥයකු වෙත ගෙන යාමට  පසුබට නොවන්න.

ඔබ මෙම මාර්ගෝපදේශයන් උපකාරී වන බව අපි විශ්වාස කරනවා. ඔබ ඔබේ රෝගී දරුවා සනසන්නේ කෙසේද? පහලින් සටහනක් යොදා අපටත් කියන්න.

ඔබේ රෝගී දරුවා නිදි කරවීම ගැටලුවක් නොවන්නට  the Asianparent Sri Lanka අපි ගෙන ආ මේ ලිපිය වැදගත් වේ යැයි අපි හිතනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවන්
  • /
  • රාත්‍රියේ නොනිදනා රෝගී වු පුංචි පැටියා සනසන්නේ කොහොමද?
බෙදාගන්න :
  • පුංචි පැටියා බය නොකර බෙහෙත් පොවන්නේ මෙහෙමයි

    පුංචි පැටියා බය නොකර බෙහෙත් පොවන්නේ මෙහෙමයි

  • හිතුවක්කාර පුංචි ගවේශකයා ලෙඩ වෙලා

    හිතුවක්කාර පුංචි ගවේශකයා ලෙඩ වෙලා

  • පුංචි පැටියා බය නොකර බෙහෙත් පොවන්නේ මෙහෙමයි

    පුංචි පැටියා බය නොකර බෙහෙත් පොවන්නේ මෙහෙමයි

  • හිතුවක්කාර පුංචි ගවේශකයා ලෙඩ වෙලා

    හිතුවක්කාර පුංචි ගවේශකයා ලෙඩ වෙලා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it