මගේ දියණිය රාත්‍රී අටට නිදි කරන්න හුරු කලේ මෙහෙමයි

මම දරුවන් රැකබලා ගැනීම පිළිබඳ පොත් කියවීම  නැවැත්තුවා. අවංකවම, ළදරුවන් රාත්‍රියේ  ප්‍රමාද වී  නින්දට යෑම  සාමාන්‍ය  දෙයක් කියා සිතීම නවතා දැමුවා.

මම මගේ ක්‍රමයක් උත්සහ    කර සිදුවන්නේ කුමක්දැයි  බැලීමට තීරණය කලා.

සෑම මවක් ම එකට බැඳී ඇති පළමු දේ වන්නේ  දරුවන්ගේ නින්දට  යෑමට කොයි තරම් රෑ වෙනවා ද , ඔවුන්ව වේලාසන නින්දට යැවීමට කොතරම් මහන්සි වෙනවාද යන්න   වේ. නමුත්  ඔවුන් සෑම විටම අසමත් වේ.

'' මගේ දුව එක පැයක් කලින් නිදි කරවන්න අමාරුයි. ''

'' මම තවත් කුමක් උත්සාහ කළ යුතුදැයි මම දන්නේ නැහැ, ඔවුන් කිසිදිනෙක වේලාවට  නිදා ගන්නේ නැහැ. මම තවදුරටත් උත්සාහ කිරීමෙන්  වෙහෙසට පත් වුනා . ''

'' පැය දෙකක් සෙල්ලම් කිරීමට කාර්‍යබහුල වුනා. ''

මේ මම  මවක්    වූ තැන් පටන්  වසර ගණනාවක් තිස්සේ  මා අසා ඇති බොහෝමයක් පොදු වාක්‍ය  කිහිපයකි. ඇත්ත වශයෙන්ම, මට  මතක  විදියට , මම ගර්භණී බව දැන සිටි තරුණ මව්වරුන්ගෙන් මෙය මට අසන්න ලැබුනා. . දැන් නිදාගත්තාට දරුවෙක් උපන් පසු රාත්‍රියට නිදා ගන්නේ යන්තමින්

මගේ දුව ඉපදී පළමු  අවුරුද්දට පසු ඉතා දුෂ්කර වුනා.

ඇත්ත වශයෙන්ම, අනෙක් අලුත් මව්වරුන් වගේ  මමත් බය වු අතර, මගේ පළමු දියණියගේ උපතින් පළමු අවුරුද්දෙන් පසු මට එය භයංකාර මෙන්ම  අතිශයින් වෙහෙසකර වුනා. එය දිවා කාලයද හා රාත්‍රියද යන්න පවා මට වැටහුණේ නැහැ. පුංචි පැටියා අපේක්ෂා නොකල වේලා වල   අවදි වුනා, සමහර වෙලාවට ඇය නිදාගත්තේ බොහොම ටිකයි,. ඇය  නිදාගන්නවාට වඩා වැඩි කාලයක් මට ඇය නිදි කරවන්න   ගත වුනා.

එමනිසා මම පැයක් හෝ ඊට වැඩියෙන්  වැය කර   ඇයව නින්දට යැවීමට උත්සහ කරනවා. ඇය නිදාගන්නේ විනාඩි 30 පමණි.  පසුව යළිත් අවදි වුනා. මේ චක්‍රය දිගටම ඇවතුනා. පළමු වන අවුරුද්දේ ඇය දවල්ට  කිහිප වතාවක් නිදාගත්තා.   නමුත්  සවස් වූ විට, ඇය වඩාත් ක්‍රියාශීලී  වූ අතර රාත්‍රී  කාලයේ හොදින් අවදි වී සිටියා.

එතකොට මම භාගෙට  මිය ගිහින් සහ ක්ලාන්ත  වීමට ආසන්න වුනා. ඒත්, ඇය ටිකක් විවේක ගන්නවත් කිසිම අදහසක් තිබුනේ නැහැ  . ඒ නිසා ඇය රාත්‍රියේ  අවම වශයෙන් 1 හෝ 2 දක්වා අවදියෙන් සිටි අතර පසුවදා 6 වන විට  යළිත් අවදි වුනා.

ඉතින්, මම දෙවෙනි වතාවට ගැබ්ගත් විට,  නැවතත් මෙම නින්ද සම්බන්ධ ගැටළුව සිදු නොවිය යුතුයැයි  මම  තරයේ විශ්වාසයි එක දෙයක් වුනා.මම දරුවන් රැකබලා ගැනීම පිළිබඳ පොත් කියවීම  නැවැත්තුවා. අවංකවම, ළදරුවන් රාත්‍රියේ  ප්‍රමාද වී  නින්දට යෑම  සාමාන්‍ය  දෙයක් කියා සිතීම නවතා දැමුවා.

මගේ දෙවන දරුවා සමඟ වු මගේ සැලැස්ම

පළමු මාස ​​4 දී, මම එය බැරැරුම්ව  නොගැනීමට   තීරණය කළා. මගේ බාල දරුවා කොලික් තත්වයෙන් පෙලෙන  එවැනි අවස්ථා වල ඇයගේ වේදනාවෙන් ,අපහසුවෙන් ,හඩන විට     මගේ සිතේ තිබුණු එකම  දෙය නම්, කෙලෙසින් හෝ ඇය නිදි කරවා ගැනීමය. ඇයට මාස 5 ක් වන විට  ඇයගේ  කොලික් තත්වය  වැඩිදියුණු වීම  ආරම්භ වූ අතර එය ඇයට නින්ද පිලිබඳ චර්‍යාවක් ආරම්භ කිරීමට කාලය බව මට වැටහුනි.

මෙන්න මෙහෙමයි  මම  කලේ...

මගේ දෙවැනි දරුවා ඉපදෙන විට වැඩිමල් දරුවාට වයස හයක පාසැල් යන දැරියකි, එමනිසා ඇය සිය පියා සමග නින්දට ගිය අතර මම කුඩා දරුවා සමග නින්දට ගියා.මම මුලින්ම මගේ වැඩිමල් දරුවාට  චර්‍යාවක් ඇති කිරීමට   කැප වුනා. ඒ නිසා, ඇය දිවා කාලයේ නින්දක් ලැබුවා නම්   එය පැයකට වඩා වැඩි නොවන්නත් මම කටයුතු කලා. ඒ වගේම ඇයට බොහෝ  වේලාවක්  සෙල්ලම්  කරන්න ඉඩ දුන් අතර  ඒ නිසා ඇය සෑහෙන කායික ක්‍රියාකාරකම්  ලැබුන බැවින් වෙහෙසට පත් වුණා.

රාත්‍රී 6:30 වන විට රාත්‍රී  ආහාරය පිළියෙළ කල අතර රාත්‍රී  7 වන විට ඇයට  ආහාර ගන්නට  හැකි විය. රාත්‍රී 7:15 ට පමණ ඇයට කුඩා කිරි වීදුරුවක් ලබා දුන් අතර, ඉන්පසුව ඇය පැමිණ මාත් පුංචි දරුවාත් සමඟ  හිඳගෙන, මාත් සමඟ කතන්දර  කිහිපයක් කියවනවා. ඉන් පසු රාත්‍රී  7:30 වන විට නින්ද සදහා ඇදට යන අතර සියලුම විදුලි බුබුළු  නිවා දමා ඇයගේ පියා ඇය ලගින් වැතිර සිටියි. මුලදී ඇය 9 හෝ 9:30 දක්වා අවදි ව සිටියා වුවද ඇය සිටියේ ඇද මතය.

ඇයට නැඟිටින්නට හැකි දැයි ඇය ඇසුවාය. නමුත් ඇගේ පියා එය   නිදා කාලය බවත් එහිදී අපි වෙහෙස නිවාගත යුතු බවත් ඇයගේ පියා පැවසුවා.    . මගේ සැමියාට නැගිට සිට ඇය කිරීමට අවශ්‍ය දේ පැවසීමට හෝ ඔහුට යලිත් නැගිට වෙනත් කාර්යයක යෙදීමට විශාල ප්‍රයන්තයක් දරන්න සිදු වුනා.( පසෙකින් වැතිර සිටීමට සිදුවීමෙන් ඔහුට අනිවාර්යයෙන්ම කම්මැලි වීමට පුරුදු වුනා.)

මම පුංචි දරුවාට 6 පමණ නාවන   දෙන  එතැන් පටන් ඇය සමඟ මෘදුව  කතා කරනවා. ,ඇයව සුරතල් කරමින් ඇයගේ පිට හිස සම්බාහනය කරනවා. මගේ වැඩිමල් දරුවා නින්දට ගිය පසු මම කුඩා  දරුවාට මව්කිරි  ලබා දී ඇයව ඇදෙන්  තබා ඇයගේ පසෙකින් වැතිරෙනවා.

ඇය මව්කිරි  අවශ්‍ය  නම්, මම වැතිර  සිටම එය ලබා දෙනවා. මම  නැඟිටිනනේ නැහැ .දරුවන්ට බාධාවක් නොවන්න  මගේ මහත්තයාත් මමත් ජංගම දුරකථන අපේ කාමරය තුල තබන එක නැවැත්තුවා. මුලදී පුංචි දරුවා බොහෝ රෑ වෙනතුරු  අවදිව සිටි අතර, ඇය කලින්  නිදාගත්තත්  රාත්‍රියේ බොහෝ වරක් අවදි විය. නමුත්  ඇයට මාස 8 ක් සම්පූර්ණ  වන විට  ඇය දිගු පැය ගණනාවක් නිදා ගත් අතර  අවදි වුයේ බොහෝ කලාතුරකිනි.

මේ වන විට  මගේ දියණියන්  වයසින් අවුරුදු 4 සහ 10 ක් වෙනවා. වැඩිමලා ඇගේ රාත්‍රී  ආහාරය රාත්‍රී  7 ට ගෙන රාත්‍රී 8 වෙන කොට  නින්දට යනවා  . අපි සිටින්නේ නිවසෙන් පිට නම්, ඇයට  අවදිව සිටීමට අමාරුයි. කෙසේ වෙතත් සවස ඇය නිදාගැනීම  නතර වී ඇත.

පුංචි දරුවාත්  සවස නින්දක් නොගන්නා අතර  ඇයගේ රාත්‍රී  ආහාරය  6 වන විට ලබා ගන්නා අතර ඇය බොහෝ දින වල රාත්‍රී 6:30 වන විට නින්දට  ගිය අතර පසුව රාත්‍රී  7 විය.

දරුවන් දෙදෙනාම ඔවුන්ගේ නින්ද අතර තුර අවදි නොවී උදෑසන 6.30 ට පමණ අවදි වේ.

දරුවා නිදි කිරීම අසීරු කාර්‍යයක් නේද ? මේ අම්මාගේ අත්දැකීම් ඔබ වෙත ආදරයෙන් ගෙන එන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී