ඔබේ දරුවා නොමග යැවිය හැකි ප්‍රශංසා 6ක්

ඔබේ දරුවා තුළ ඍණාත්මක බලපෑම් ඇති කළ හැකි ප්‍රශංසාද තිබෙනවා. මෙම ලිපිය කියවා ඒ ගැන දැනුවත් වෙන්න.

ප්‍රශංසා මිනිසුන්ට ඔවුන්ගේ යහපත් බව වටහා දෙනවා. ඒ වගේම හැම විටම ප්‍රසංශා ලැබෙන්නේ හොඳ ක්‍රියාවකට නේද? නමුත් එය නිවැරැදි නැහැ. දෙමවුපියන් විසින්  ලබා දෙන සමහර ප්‍රසංශා සත්‍ය ලෙසම ධනාත්මක බලපෑමක් වෙනුවට  සෘණාත්මක බලපෑමක් ඇති කරනවා.

මෙන්න එම ප්‍රශංසා ලැයිස්තුව,

1. ඔබ බුද්ධිමත් දරුවෙක්.

ඔබේ දරුවාට ප්‍රශංසා ලබාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ ධනාත්මක හැසිරීම් සඳහා ඔවුන් දිරිමත් කිරීම වේ. කොහොම නමුත් ඔවුන් බුද්ධිමත්  බව  පැවසීම තුල කිසිම හැසිරීමක් ඇගයීමට ලක් වෙන්නේ නැහැ. ඔවුන්ට ඔවුන් බුද්ධිමත්බව සහජයෙන්ම එන හෝ ස්ථිර දෙයක් ලෙස සිතන්න පටන් ගන්නවා.

ඔබේ දරුවාට ඔවුන් බුද්ධිමත් බව පැවසීම වෙනුවට අධ්‍යාපනයේදි ඔවුන්ගේ  ප්‍රයන්ත හා බැරෑරුම් කාර්යයන් අගය  කළ යුතුයි. බුද්ධිමත් වු පමණින් සාර්ථකත්වය ළඟා වෙන්නෙ නැහැ. සාර්ථකත්වය වෙහෙස මහන්සියෙන් ළඟා කරගත යුතු වෙනවා. ඔබේ දරුවන්ට වෙහෙස මහන්සියෙන් වැඩ කටයුතු කිරීමේ අගය කියාදීම  මගින් පසුකාලීනව ජීවිතයේ ඔවුන්ට එය ප්‍රයෝජනවත් වේවි.

2. ඔබේ උසස් ප්‍රතිඵල ගැන මට ආඩම්බරයි.

ඔබේ දරුවාගේ  උසස් ප්‍රතිඵල දැකීමත් ආඩම්බරයට කරුණක් තමයි. නමුත් ඔබ ඔවුන්ට ප්‍රශංසා කල යුත්තේ අවසාන ප්‍රතිඵලය හඹා යාමට නොව ඔවුන් නොකඩවා වර්ධනයට බලපාන පරිදි ලෙසටයි.

අවසාන ප්‍රතිඵලය ලබා ගැනීමට වඩා වර්ධනය අරමුණු කර ගැනීමට ඔබේ දරුවාට කියා දෙන්න. එවිට එමගින් ඔවුන් වඩාත් සතුටට මෙන්ම සාර්ථකත්වයට පත් වේවි.

3. ඔබ යහපත් දරුවෙක්

ඔබේ දරුවාට ඔහු යහපත් හෝ අයහපත්  යැයි පැවසීම ඔවුන්ට විය හැක්කේ යහපත්  හෝ අයහපත්  පමණක් බව ඔවුන් හිතන්න පෙළඹෙනවා. ඔහුට යහපත් යැයි  පැවසීම වෙනුවට ඔවුන්ගේ යහපත් ක්‍රියා අගය කිරීම  වඩාත් සුදුසු වේ.

ඔවුන්  වයස්ගත කාන්තාවකට පාර මාරුවෙන්ට උදව් කළහොත් ඔවුන්ට එය යහපත් දෙයක් බව දැනෙන්න සලස්වන්න. ඔබේ දරුවාගේ ක්‍රියාවක් අගය  කිරිම මගින් පුද්ගලයකු යහපත්  හෝ අයහපත් බවට පත් කරන්නේ කුමක්දැයි ඔවුන්ට ම වටහාගත හැකි වෙනවා.

4. ඔබ හරිම ආකර්ෂණීයයි.

දියණියක් සිටින දෙමව්පියන්ට මෙය බොහෝ දුරට අදාල වෙනවා. ඔබේ දරුවා ආකර්ෂණ යැයි කීම කදිම ප්‍රශංසාවක් තමයි. නමුත් කෙනෙක් කවුරුන්දැයි පැවසීමට පෙනුම  වැදගත් වන බව සත්‍යයක් නො වුණත් ඔබේ මේ ප්‍රශංසාව තුලින් ම් දරුවා එය එසේ සිතන්නට පටන් ගන්නවා.

ඒ වෙනුවට ඔවුන් ගේ හොඳ පුරුදු, හොඳ ක්‍රියා, වෙහෙසකර කටයුතුවලට ප්‍රශංසා කරන්න. උදාහරණයක් ලෙස ඔබගේ දුවගේ වටිනාකම ඇයගේ පෙනුම මත රඳා පවතින්නේ නැහැ.

5. හොද ක්‍රියාවක්

දරුවන් උත්තේජනයට බොහෝ දෙමව්පියන් මෙසේ පවසනවා.  නමුත් ඇත්ත නම් මේ මගින් ඔබේ දරුවා ඔබේ සහතික වීම් මත රඳාපවතින අතර  ඔබ කියා සිටින දේ පමණක් කිරීමට ඔබේ දරුවා පෙළඹෙනවා. එම නිසා උත්තේජනය වෙනුවට තමන්ගේ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ඔවුන් ප්‍රශංසා ලබනවා.

ඔබ ඔබේ දරුවාට ආදරය කරන තරමට ඔවුන් කරන සෑම කුඩා ක්‍රියාවක්ම ඇගයීම අවශ්‍ය වෙන්නේ නැහැ.

6. ඔබ තමයි හොඳම

ඔබේ දරුවාත් ඔවුන් හොඳ බව පැවසීම තුළින් ඔවුන්ට ඔවුන්ගේ හැකියාවන් ගැන  යථාර්ථවාදී නොවන බලාපොරොත්තු ලබාදෙන අතර එමගින් ඔවුන් සාර්ථකත්වයට පත් වීමට හා විශාල පීඩනයක් දැරීමට සිදුවෙනවා.

ඔබේ දරුවා අසාර්ථක හෝ ප්‍රමාණවත් නො වන බව දැනෙන්නට වු විට ඔවුන් සතුව තිබූ ඉහළ බලාපොරොත්තු නිසා ඔවුන්ට වඩාත් දුර්වල වු  බවක්  දැනේවි.

අනෙක් අය සමඟ සැසඳීම හෝ ඔවුන්ගේ ජීවිත තරගකාරිත්වයට පත් කිරීමට වඩා ඔබේ දරුවාගේ පෞද්ගලික ඉටු කර ගැනීම අගය කරන්න. ඒ මඟින් ඔවුන් වැඩුණු පසු ඔවුන් වඩා හොඳ පුද්ගලයන් වේ.

දරුවන්ට ප්‍රශංසා  කරන්න අවශ්‍යයි. ඒත්  ප්‍රශංසා කරන්න කලින් මොහොතක් මේ ගැනත් හිතන්න අවැසි  බව ඔබට මතක් කරන්නේ theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී