දරුවා හැමදාම පංතියේ පළවෙනියා වීම ඔබේ බලාපොරොත්තුවද?

දරුවා හැමදාම පංතියේ පළවෙනියා වීම ඔබේ බලාපොරොත්තුවද?

ඔබ හැමදාමත් දරුවා පළමු තැන ගනීවි යැයි බලාපොරොත්තු නොවිය යුත්තේ ඇයි? ඔහුට පරාජය අත්විඳින්න ඉඩ දෙන්න.

දරුවා හැමදාම පංතියේ පළවෙනියා වීම ගැන කතාකරන්නට කලින් ඔබ දරුවා සාමඟ ගත කරන සාමාන්‍ය මොහොතක් ගනිමු.

ඔබ අවුරුදු 5 ක පුංචි පුතත් එක්ක කැරම් සෙල්ලම් කරනවා. ඔබට දිනන්න පුළුවන් වෙලත් ඔබ ඔහුට දිනාගන්න අවස්ථාව දෙනවා. අවුරුදු 4 ක පුංචි පුතාට ඔබත් එක්ක රේස් එකක් තියන්න ඕනේ වෙනවා. පුංචි පුතා දිනනවා. ඔබට ලෙහෙසියෙන් දිනන්න පුළුවන් වුනත් ඔබ ඔහුව දිනවනවා.

මේ හින්දා පුංචි පුතාට පරාජයෙන් ඇති වෙන සිත් තැවුල හා දුක හිතෙන එක නැති වෙලා යනවා. දෙමාපියන් විදිහට අපේ දරුවෝ දෙයක් ජය අරගෙන ලබන සතුට ඔවුන්ගේ මුහුණෙන් දකින්න හරි ආසයි. හැබැයි පරාජය විඳගන්න දරුවන් ඉගෙන ගත්තොත් ඔවුන් වැඩිහිටියන් වුනහම අභියෝග වගේම හැමදේම විඳගන්න පුළුවන් වැඩිහිටියන් බවට පත් වෙනවා.

ඔබේ දරුවන් පංතියේ පළවෙනියා වීම වගේම පරාජයද අත්විඳිය යුතු බවට හේතු 6 ක් 
1. ඔවුන්ගේ දරාගැනීමේ හැකියාව වැඩි වෙනවා

වැඩිහිටියන් විදිහට අපි කරන හැමදෙයින්ම දිනන්න අමාරු බව අපි දන්නවා. ලෝකය හරිම තරඟකාරීයි. ඉතින් සිඟිත්තන් ඔවුන්ගේ පෙර පාසලේදී කරන තරගයකදී, යහළුවන් අතර තියෙන රේස් එකකදී වගේම ගෙදර ඔබත් එක්ක කරන ක්‍රීඩාවකදී වුනත් ඔහුට පරාජය වෙන්න ඉඩ හැරීම වටින්නේ ඒ නිසයි.

Greater Good Centre හි දරුවන් බලාගන්න ආකාරය ගැන උපදෙස් දෙන අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් කාටර් පවසන ආකාරයට ඔවුන් පරදින්න ඉගෙන ගත්තේ නැතිනම් ඔවුන්ට ජිවිතයේ අභියෝග ජයගනිමින් ඉදිරියට යන්න හුඟක් අපහසු වෙනවා.

2. ඔවුන්ට සරල ලෙස සතුටු වෙන හැටි කියා දෙන්න

හිතන්න ඔබේ දරුවාට ඔහු සහභාගී වෙන හැම තරගයකින්ම ජය ගත යුතු වුනොත් එයාට එය කෙතරම් නම් පිඩනයක්ද? ඒ නිසා ඔබ දරුවන් හැම තරගයකටම යවන්න. ඔවුන් ජයග්‍රහණය නොකලාට වරදක් නැති බව ඔබේ දරුවන්ට ඔබ ඉගැන්විය යුත්තේ ඒ නිසයි. පරාජය දරාගන්න ඉගෙන ගන්න. දරුවෝ ඉතා විනෝදයෙන් තමන්ගේ යහළුවන් එක්ක සෙල්ලම් කරන්න ඉගෙන ගන්නවා.

3. සංවේදනාවන් ඔවුන්ට උගන්වන්න

අන් අයට දැනෙන හැඟෙන දේ අපේ දරුවන් ඉගෙන ගැනීම වැදගත්. එත් ඔවුන් එවැනි අත්දැකීම් ලබලා නැත්නම් අනිත් අයව තේරුම් ගන්නත් ඔවුන්ට බැරි වෙනවා. අනිත් අයගේ වේදනාව දැනෙන්නේ අපිත් එවැනි වේදනාවක් අත්දුටුවොත් විතරයි.

අපි දැකලා තියෙනවා ඕනේ තරම් සිඟිත්තන් තමන් තරගයකින් හරි රේස් එකකින් හරි පැරදුනහම කොයි තරම් කලබල කරනවද කියලා. ඒත් අපි දන්නවා ඔහු කියන විදිහට දිනන්න බැරි බවත් එහෙම කලබල කරලා කිසිම ප්‍රතිඵලයක් නොවන බවත්. එයට පිළියම කලබල කිරීම නොවන බවත්.

ඔහුට පරාජය දරාගන්න බැරි වීම නිසා ඔහු හැම විටම කලබල ඇති කර ගන්නෙක් විදිහට කා අතරත් කතාවට ලක් වෙනවා. නමුත් එය කිසි සේත්ම අපේ දරුවන්ට වෙනවා දකින්න අපි කැමැති නැහැ නේද? අවුරුදු 4 ක පුංචි පුතාට පැරදුන ගමන් හිනා වෙලා ඉන්න අමාරු බව කවුරුත් දන්නවා. එත් ක්‍රමයෙන් ඒ බව පුරුදු කරන්න උනන්දු වෙන්න.

පංතියේ පළවෙනියා වීම

“අන් අයට දැනෙන හැඟෙන දේ අපේ දරුවන් ඉගෙන ගැනීම වැදගත්.”

 5. ආත්ම විශ්වාසය ගොඩ නැගීමට

පරාජයත් ජිවිතයේ කොටසක් බව වටහා ගත්තම ඊළඟ අවස්ථාවේ ඔවුන් අතින් වුණ වැරදි හදාගන්න ඔවුන් ඉගෙන ගන්නවා. මේ නිසා ඔවුන් ගැන ආත්ම විශ්වාසය හා ඔවුන්ගේ හැකියාවන් ගැන අභිමානයක් ආඩම්බරයක් ඔවුන් තුළ ඇති වෙනවා.

 6. අත් වැරදීම් වලින් පාඩම් ඉගෙන ගන්න දෙන්න

විභාගයකදී හරි තරගයකදී හරි ඔහු හොඳින් ලකුණු ලබා ගැනීම මෙන් නොවේ. පරාජය වීම ඊළඟ අවස්ථාවේ එසේ නොවිය යුතු බවට ඔහු ඉගෙන ගන්නවා. මෙය ජීවිතය පුරාම අපිට හරිම වැදගත් ජිවිත අභ්‍යාසයක්.

Smart Parenting for Smart Kids හි සම කතෘ වෛද්‍ය එලින් කෙනඩි පවසන ආකාරයට තරගකාරී බව දරුවන් අතර පොදුයි. විශේෂයෙන් පෙර පාසල් යන දරුවන් අතරේ ඉතා බහුලයි. ඉතින් ඔබේ අවුරුදු 4 ක් වයස පුතා හැමදේම ජයග්‍රහණය කළ යුතුයි කියලා සිතමින් වැඩ කරන එක ඔබ එතරම් ලොකුවට සිතන්න ඕනේ නැහැ. සමහරවිට ඔහු මේ නිසා හැම විටම හැම දේම ඉතා හොඳින් කරනවා වෙන්නත් පුළුවන්.

එත් යම් අවස්ථාවක දී පංතියේ පළවෙනියා වීම ට නොහැකි වුවහොත් එහි වෙනස ඔහුට තේරුම් කර දෙන්න ඔබට පුළුවන්. යම් අවස්ථාවන් වලදී පරාජය වීම එතරම් නොසිතිය යුතු බවත් ඔබ දරුවට කියා දෙන්න. 

  • ඔහු පරාජය හොඳින් දරාගන්නා විට ඊට ප්‍රසංශා කරන්න.
  • ඔහු පරාජය වීමට හේතු ඔහුත් සමග කතා කරන්න.
  • ඔහුගේ ජයග්‍රහණය ලද යාළුවාට සුභ පතන්නත් ඔහු ගැන සතුටු වන්නත් ඔහුට උගන්වන්න.
  • ඔහුට පරාජය ඉගෙනීමට අවස්ථාවක් දෙන්න. ඔබත් සමග ක්‍රීඩාවන් වල යෙදෙන විට ඔබ එය ඔහුට උගන්වන්න පුළුවන්.

ඔබත් සමග ක්‍රීඩාවන් කරන විට ඔහු ජයග්‍රහණය කළොත්  ඉන් පසු ඔබ පරාජය සතුටින් බාරගත් හැටි දරුවට කියලා දෙන්න. දරුවා පරාජය වන හැම වාරයකම ඉන් ඔහු ඉගෙන ගන්න බව මතක තබා ගන්න.

ඒ වගේම වටිනා යමක් ලබාගන්න නම් අපිට හුඟක් මහන්සි වෙන්න වෙන බව දරුවා ඉගෙන ගන්නවා. ඒ නිසා ජයග්‍රහණ කරා යන්න තවත් උත්සහ කල යුතු බව, වැඩියෙන් පුහුණු විය යුතුයි කියලා ඔහු තේරුම් ගන්නවා.

දරුවන්ව යහපත් ගුණවත් දරුවන් කරන්න නම් ඔවුන් තේරුම් ගැනීම හරිම වටිනවා. ඊට ඔවුන් සමග අපිත් එක්ව කටයුතු කල යුතුයි.

theAsianparent Sri Lanka හැමදාමත් ඔබට මේ සඳහා උදවු වෙන්නේ ඔබේ දරුවා යහපත් දරුවෙක් කරන්නයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ