යහපත් දරුවන් හදාගන්න ඔබට බෙහෙවින් වැදගත් කරුණු 8 ක්

lead image

හොඳ හැදියාවෙන් පිරිපුන් ලෙස ඔබේ දරුවා හදාගන්නේ කොහොමද? මෙම ලිපිය කියවා දැනගන්න.

පුංචි කාලයේ යහපත් දරුවන් ඇතැම් විට තරමක් ලොකු වෙද්දී  පුරුදු විදිහෙන් ටිකක් වෙනස් කියලා ඔබට හිතෙනවා.  ටිකක් තරහා යනවා. බඩු විසි කරනවා. ඔබ කියන දේ ගණනකට නොගෙන ඔහුට කැමති දේ කරනවා.

නමුත් ඒක සාමාන්‍ය තත්වයක්. ටිකක් වයසින් වැඩි දරුවන් වගේම සිඟිත්තන් ගෙනුත් මේ විනය හදන්න ඔබට ලෙහෙසි නැහැ. එත් මගින් ඉතා වටිනා රීතී ටිකක් අපිට කියා දෙන්නේ දරුවාව යහමගට යොමු කරන්නයි.

යහපත් දරුවන් හදාගන්න වැදගත් කරුණු 8 ක්

1. හැදියාව ගැන ආදරෙන් කියා දෙන්න

ඔබ මොන මොන විදිහට ඔබේ දරුවාගේ හැදියාව වෙනස් කරන්න ගියත් ඊට ආදරය මුසු නොකලොත් ඉන් ඵලක් නැහැ. හැදියාව වර්ධනය කියන්නේ දරුවාට සැර වැර කරලා ඉතා තද ලෙස උපදෙස් දීම නෙමෙයි. මේ නිසා යමක් ඉතා ආදරෙන් පහදලා දීලා දරුවාව තුරුළු කරගෙන සිප වැළඳගන්න. ඉන් ඔහු ඔබේ ඔවදන් පිළිපදින්න කැමති වෙයි.

 2. ගෙදර හැමෝටම එකම රීතී අනුගමනය කරන්න

ගෙදර එක අයෙක් එක රීතියකුත් තවත් අයෙක් තවත් රීතියකුත් අනුගමනය කළොත් දරුවා දන්නවා කාගෙන්ද ලේසියෙන්ම තමන්ට කැමති දේ ඉටු කරගන්න පුළුවන් කියලා. ඊට ඉඩ නොතබන්න ඔබ වග බලාගත යුතුයි.

 3. නරක ළමයි නැහැ, යහපත් දරුවන් විතරයි  

පුංචි දරුවන්ගේ සිතුවිලි වල තරහා, කේන්තිය හිත ඇතුලේ නිදන් ගත වෙලා නැහැ. ඉතින් ඒ නිසා එක අවස්ථාවක ඔහු ඉතා නරකට හැසිරුනාට ඔහු නරක ළමයෙක් වෙන්නේ නැහැ.

ඒ නිසා ඔබේ දරුවාට ‘නරක ළමයා’ කියලා කියන එක ඔබ නොකළ යුතුයි. ඒ වගේම දරුවන් එලෙස ඔහුව හඳුන්වනවාට කැමති වෙන්නේ නැහැ. දරුවාට ඔබ අලුත් නමක් දාලා කියලා එයාට දුක හිතෙයි. එහෙම නොකර දරුවා කරපු නරක සිදුවීම ඔහුට පහදා දෙන්න.

යහපත් දරුවන්

“ඔබේ දරුවාව වටහා ගන්න”

 4. ඔබේ දරුවාව වටහා ගන්න

සමහර දෙමාපියන් සාධාරන හේතුවක් නැතිව දරුවන්ගේ ඉල්ලීම් ඉටු නොකරන්න ගියහමත් ඔවුන් ඉතා නරකට හැසිරෙනවා. ඔබේ දරුවා තවමත් හැමදේම තේරුම් ගන්න වයසේ ඉන්න නිසා ඔහුට බඩගින්න, මහන්සිය, පාළුව වැනි දේවල් එකවර තේරුම් ගන්න තවම ශක්තියක් නැහැ.  ඒ නිසා අපේ ඉවසීම හරිම වැදගත්.

5. යහපත් දරුවන් වන්න නීති රීති පනවන්න

සමහර දෙමාපියන් දරුවන්ගේ නොමනා වැඩ සීමාව ඉක්මවාත් ඉවසගෙන ඉන්නවා. දරුවන් වැඩෙන්න වැඩෙන්න ඔවුන්ට සිමාවන් අවශ්‍ය වෙනවා. ඔබ ඔවුන්ගේ වැරදී ඉස්මතු කර ඊට නිසි දඬුවම් නොදුන්නොත් ඔවුන්ව පසුව වෙනස් කිරීම ඉතා අපහසු වෙනවා.

 6. පහර දීම කළ යුතු ද නැද්ද?

දරුවන්ට ගහලා ඔවුන්ව හොඳ අතට හැරුණු අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් ප්‍රවිණයන් කියන ආකාරයට ඉන් බෝහෝ දුරට ඔවුන්ගේ මනසට එය බලපාන්න පුළුවන්. පර්යේෂණ වලට අනුව දඬුවම් ලැබූ දරුවන් විශාදය, නිරන්තර අපයෝජන හා වැඩිහිටියන් ලෙස නිතර කේන්ති ගන්න අය බවට පත්විය හැකි බවයි.

 7. පුංචි වෙලාවක් දඬුවමක් දෙන්න

අවුරුදු 2 ක විතර දරුවන් හා ඊට වැඩි දරුවන්ට වැරද්දක් කළොත් විනාඩියේ සිට ඉහළට ඔවුන්ට නිහඬ තැනක, පුටුවක හුදෙකලාව තබන්න. ඊට අකමැති වන ඔවුන් නිතර නරක වැඩ නොකර ඉන්න උත්සහ කරයි.

 8. ඔබේ දරුවාගේ අවධානය වෙන තැනකට යොදවන්න

දරුවන් නරක වැඩක යෙදෙන විට ඔවුන්ට ඒ ගැන තේරුම් කර දීම තරමක් ප්‍රමාද කරලා අවධානය වෙනත් තැනකට යොමු කරවන්න. සමහර විට ඔවුන් කැමති සිංදුවක්, ක්‍රීඩාවක් වගේ වෙන්න පුළුවන්.

අපිට උපායශීලී ලෙස දරුවන්ගේ විවිධ නරක පුරුදු නැති කරන්න අධ්‍යනය කරන්න වෙනවා. මන්ද අපි වගේ ඔවුනුත් උපායශීලීයි. ඒ නිසා theAsianparent අපි මේ ඉඟි ඔබට ගෙනාවේ ඔබව අලුත් කරන්නයි.

 

Written by

theAsianparent

app info
get app banner