ඔබේ දරුවා සමග තරහා නොගෙන ඉන්නේ මෙහෙමයි.

තරහා යෑම මනුෂ්‍ය ස්වභාවය වුවත් දෙමාපියන් වීම තුල එම මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා යමින් සංසුන් වීමක් අවැසි වෙනවා.

ඕනෑම දෙමව්පියෙක්ට ඔවුන්ගේ දරුවා සමග තරහා යෑම සාමාන්‍යයි. ඒ ඔබේ ළදරුවා ඔබට අකීකරු වීම, ඔවුන්ගේ එළවළු කෑම ප්‍රතික්ෂේප කිරීම හෝ ඔවුන් විසිත්ත කාමරය හැඩි කිරීම නිසා වන්නට පුලුවන්.

කොහොම නමුත් බොහෝ විට දරුවන් තමන් කරන දෙය පිළිබඳ අවබෝධයක් නොමැති බව දෙමව්පියන් දැන සිටිය යුතුයි. ඔවුන් අකීකරු වෙනවිට , උද්වේගකාරී වනවිට  හෝ ආහාර ප්‍රතික්ෂේප කරන විට ඔබේ ළදරුවා ඔබව හිතාමතාම තරහා ගස්සවන්න උත්සාහ කරන්නේ නැහැ.

දරුවන්ගේ ස්වභාවය වන අතර එය ඔවුන්ගේ සාමාන්‍ය හැසීරීමක් වේ. දරුවන් ලාබාල හා නොමේරූ අවධියක පසුවෙන බැවින් ඔවුන්ගෙන් වැඩිහිටියෙකුගේ නැතිනම් වැඩිමහලු දරුවෙකුගේ හැසිරීම් බලාපොරොත්තු වෙන්න බැහැ.

දරුවා සමග තරහා නොගැනීම: තරහා ඔබටත් දරුවාටත් දෙදෙනාටම සුදුසු නැහැ.

තරහා යනු ඔබේ දෙමව්පියන්ගේ වාග් මාලාවෙන් බැහැර කල යුක්තකි. දෙමව්පියෙක් වශයෙන් ඔබේ දරුවා ආදරය රැකවරණය පිරුනු පරිසරයක හැදි වැඩීම සහතික වීම බොහොම වැදගත් වෙනවා.

දෙමව්පියෙක් වශයෙන් තරහා යෑම වළක්වා ගන්න බෑ තමයි. ඒ වගේම තරහා දැනීමත් එකග විය හැක්කකි. නමුත් ඒ තරහා ඔබේ දරුවා දෙසට එල්ල කිරීම කිසිසේත්ම එකග නොවිය හැක්කකි. දරුවන් බොහොම සංවේදියි. විශේෂයෙන් එයාලා දෙමව්පියන් එක්ක බොහොම සංවේදියි.

ඔබේ රැකබලා ගන්නා, ඔබට ඇදුම් අන්දවන, ඔබ ගැන සැලකිලිමත් වෙන කෙනෙක් එකවරම තරහා අරන් ඔබට කෑගැහුවොත් ඔබට මොනවා සිතේවිද?

එය ඔබට සිදුවුවහොත් ඇත්තෙන්ම  එය ඔබට නරක අත්දැකීමක් වේවි. දරුවන් සෑම දෙයකටම ඔවුන්ගේ දෙමාපියන් බලාපොරොත්තු වෙන නිසා ඔවුන්ට මෙය වඩාත් දැනේවි.

වයසෙන් වැඩෙත්ම ඔවුන් මේ රිදවීමේ වේදනාව සමග ලොකු මහත් වීම නිසා මෙය ඔවුන්ට අනාගතයේ දවසක බලපාන්න පුලුවන්. ඔබ ඔබේ තරහා ඔවුන් මත මුදාහැර ඇති බැවින් ඔවුන් වර්ධනය වු පසු ඔබ මතත් එලෙස තරහා මුදාහරින්නට ඉඩතියෙනවා. ඔවුන් ඔබෙන් තරහා පිට කරනා ආකාරය ඉගෙන ගන්නා අතර ඔවුන්ව තරහාපිරි කාලයකට  විවෘත වන්නට පුළුවන්.

ඔබේ තරහා පාලනය

ඔබේ තරහා පාලනය පහසු කටයුත්තක් නොවුනද එය කල නොකල හැක්කක්ද නොවේ.  මෙම තරහා හේතුවෙන් ක්‍රියාත්මක නොවීම මතක තබා ගත යුතු පළමුවැන්නයි.

ඔබ ඔබේ දරුවා බිත්තිය මත චිත්‍ර අදිනවා දුටුවහොත් කෑගැසීම හෝ අත්වලට පහර දීමෙන් ප්‍රතිචාර දක්වන්න එපා. සංසුන් වෙන්න. හුස්මක් ගන්න.දරුවාට පවසන්නේ කුමක්දැයි සිතන්න. ස්ථාවර වෙන්න. නමුත් දරුවාට බනින්න එපා. දරුවන්ගේ නම් වලින් අමතන්න එපා. දඩුවම් ලබා දීම වැනි තීරණ ඔබ කෝපයෙන් සිටින විට ගන්න එපා.

ඔබේ  තරහා පාලනය ඔබේ දරුවන්ට ඔබට සංසුන් විය හැකි බවත් ඔබේ හැගීම් පාලනය කල හැකි බවත් පෙන්වා දේවී. ඒ තුලින් තරහා යනු ඔවුන්ගේ පාලනයේ තිබෙන්නක් බවත් ඔවුන් තරහාට තමන්ව පාලනය කිරීමට ඉඩ නොදිය යුතු බවත් වටහා ගැනීමට ඉඩ ලබාදේවි.

දරුවා සමග තරහා නොගැනීම: මතක තබාගැනීමට කරුණු කිහිපයක්

1.සංසුන් වෙන්න. ඔබට තරහා යන බව දැනුන විට මෙය සෑමවිටම ඔබේ මතකයේ තබාගන්න.

2. මොහොතක් ඉන්න. ඔබ ඔබේ හැගීම් ඉවත් කර  ගන්න. ඔබේ මනසින් තරහා ඉවත් කරගැනීමට සමහර අවස්ථා වලදී ඔබ ඒ අවස්ථාවෙන් ඉවත් වීම අවශ්‍ය වෙනවා. ඔබේ කාමරයට යන්න.  නැතිනම් නාන කාමරයට යන්න. විනාඩි පහක් එහි ගත කර ඔබේ තරහා නිවාගන්න.

3. ඔබේ තරහාට ඇහුම්කන් දෙන්න. ඔබට තරහා යන්නේ ඇයිදැයි තේරුම් ගන්න උත්සහ කරන්න. ඔබේ තරහා මත ක්‍රියා කරන්න එපා.

4.ඔබේ දරුවා සමග තරහා ගැනීම සියල්ල නරකට හරවන්න පුළුවන්. එමනිසා ඔබේ දරුවා දෙසට ඔබේ තරහා මුදාහරින්න එපා. එය ධනාත්මක දෙයක් වෙතට යොමු කරන්න.

5. දඩුවම් කිරීමට පෙර මොහොතක් ඉන්න. ඔබ තරහින් සිටින විට ඔබේ දරුවාට දඩුවම් දීම විනාශයට මග පාදා දීමක් විය හැකිය. ඔබ කල යුත්තේ දෙය තීරණය කරන තුරු සංසුන් වෙන්න.

6. කවදාවත්ම ඔබේ දරුවාට රිදවන්න එපා. ඔබේ දරුවාට රිදවීම වැරැද්දක් වන අතර එය කවදාවත්ම ඔබේ  දරුවන් හදාවඩා ගැනීම තුල කොටසක් විය යුතු නැහැ.

7. තර්ජනය කරන්න එපා. තර්ජනය කිරීමට වෙනුවට ඔබ ප්‍රති විපාක ලබාදීම පිලිබඳ සිතමින් සිටින බව ඔබේ දරුවාට පැවසීමට වග බලා ගන්න.  මෙය ඔබට සංසුන් වීමටත් දරුවාට තමන් කලදෙය වටහා ගැනීමටත් අවස්ථාවක් ලබාදේවි.

8. උපදේශන ලබාගන්න. සමහර වේලාවට ඔබටම ඔබේ තරහා පාලනය කරගත නොහැකි වේවි. ඔබට හොද දෙමව්පියෙක් වෙන්න අවැසි නම් ඔබේ තරහා යෑමේ ගැටළුවට සහයක් ලබාගැනීම අවැසි වෙනවා.

තරහා යෑම මනුෂ්‍ය ස්වභාවය වුවත් දෙමාපියන් වීම තුල එම මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා යමින් සංසුන් වීමක් අවැසි වෙනවා. මේ ආදරණීය මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී