theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවා හා අම්මා පළමු වරට එකිනෙකා දකින පළමු මොහොත තුල ඇතිවෙන අරුම පුදුම බන්ධනය

4 අවම කියවීම
දරුවා හා අම්මා පළමු වරට එකිනෙකා දකින පළමු මොහොත තුල ඇතිවෙන අරුම පුදුම බන්ධනයදරුවා හා අම්මා පළමු වරට එකිනෙකා දකින පළමු මොහොත තුල ඇතිවෙන අරුම පුදුම බන්ධනය

දරුවා හා අම්මා පළමු වරට එකිනෙකා දකින පළමු මොහොත  තුල සිදු වන්නේ පුදුමයකට එහා යන්නකි.

ඔයා මේ මොහොතේම එනකම්   සම්පූර්ණ මාස නවයක්  බලාගෙන හිටියා. සමහරවිට ඊටත් වැඩියෙන්. දරුවා හා අම්මා පළමු වරට එකිනෙකා දකින පළමු මොහොත,  එම වටිනා, වටිනා මොහොත සදාකාලික බවක් දැනේවි.

ඒ මොහොතේදී, ඔබේ මුහුණ දෙස බලන ඔබේ පුංචි පැටියා ඔබගේ මුහුණට අවධානය   යොමු කරමින් ඇස් ලොකු  කරනවා ඔබට  දැකිය හැකිය. ඔහු සංසුන්  වේවි.  

ඔහු සමහර විට  හිනහා වේවි. ඔබ සෑම පුංචි දේකින්ම ඔබ කම්පනයට පත් වී සිටින නිසා   ඔබේ ආදරණීයයාගේ  පුංචි මුහුණෙන් ඔබ ඇස් ඉවත් වී යන ලෙස ඔබේ කදුලින් ඇස් බොද කරගන්න  බැහැ.

දරුවා හා අම්මා පළමු වරට එකිනෙකා දකින පළමු මොහොත  නිසැකව ම සුවිශේෂීයි.  ඒ මොහොතේ දී ඔබ එකිනෙකා හඳුනාගෙන ඇති අතර ඔබ එකිනෙකා සදහටම  හදුනාගන්නා  කිසියම් ප්‍රාතිහාර්යයක්  සිදුවෙනවා.

මෙවැනි බොහෝ  සිදුවීම් අවස්ථාවන්හිදී අනුගමනය කරනු ඇත. ඔබ එකිනෙකාගේ ඇස් දෙක ඇතුලින්  ගැඹුරින් බලමින් තවමත් කතා කිරීමට නොහැකි වුවද ඔබේ දරුවා ඔහුගේ  අවශ්‍යතා කුමක්දැයි ඔබ දැන ගන්නවා වැනි දෙයකි. ඒක හරියට ඔබට පුංචි පැටියාගේ හිත කියවන්න පුළුවන් වෙනවා වගේ දෙයක්,

මව්වරුනි , ඔයා දන්නවද? ඔබට ඔබේ දරුවාගේ සිත කියවීමට  පුළුවන්.

ඔබේ ඇස් ළදරුවෙකුගේ ඇස් සමඟ  සම්බන්ධ වන විට පුදුම හිතෙන පරිදි ඔබේ මොළයේ තරංග  ඒ වේලාවේම සම්බන්ධ වේ.

මෙම මොළයේ තරංග වල අපුරු සම්බන්ධ වීම  ගැන මෑතකදී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් පවත්වන ලද අධ්‍යයනයක දී සොයා ගන්නා ලදී.

දරුවා හා අම්මා: ළදරුවා සමඟ ඇස් වලින් සම්බන්ධතාවය 

දරුවා හා අම්මා ඇස් වලින් සම්බන්ධතාවය ඇති කර ගත් විට, ඔබට දරුවා කතා කළ නොහැකි වුවද, ඔබ සැබවින්ම එකිනෙකා සමඟ සන්නිවේදනය කරන බව ඔබට හැඟී තිබේද?

පැටියෝ , අපි දෙන්නාම එක්කෙනෙක් ..

විද්‍යාඥයින්ගේ ජාතික විද්‍යා ඇකඩමියේ (PNAS) ක්‍රියා පටිපාටිය  ප්‍රතිඵල මත පදනම්ව, අම්මා සමග දරුවා  ඇසෙන් ඇස සම්බන්ධ වෙන විට, ඔවුන්ගේ මොළයේ  තරංග හා එකට  සම්බන්ධ වෙන බව පැවසීම ආරක්ෂිත වේ.

මෙය සිදු වූ විට, දරුවාට සිය මවත් සමග සංනිවේදනය කිරීමට දරුවා වැඩි වැඩියෙන් උත්සාහ කලා.

මෙන්න සිදු වූයේ කුමක්ද?

විද්‍යාඥයින්  විසින් දරුවන් 36 දෙනකුගේ (පළමුවැන්නේදී 17 හා දෙවැන්නේදී 19 ලෙස) මොළයේ තරංග සමීක්ෂණ දෙකක් තුලින් වෙනම අත්හදා බැලීම් දෙකක් සිදු කළහ.

කුඩා දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය හා සංඥා මනින හිස් කබල් ආවරණය පුංචි දරුවන්ට සවි කරන ලදී . මෙය electroencephalography ලෙස හැඳින්වෙන ක්‍රියාවලියකි.

පළමුවැනි වටය තුළ, කුඩා දරුවන්ට  වැඩිහිටියෙක් ගායනා කරන ලද නැලවිලි ගීතයක වීඩියෝවක් නැරඹීමට දෙන ලදී. වැඩිහිටියා පුංචි දරුවා දෙසින් ඉවත බැලීමට පෙර දරුවා  හා ඇසින් ඇස සම්බන්ධතාවය පවත්වා ගත්තා.

විඩියෝව අවසානය දක්වා වැඩිහිටියා නැවත ඇසින් ඇස සම්බන්ධතාවය  ඇති කර ගත් අතර ඇයගේ හිස කෙලින් තබා ගත්තා. වැඩිහිටියාගේ මොළයේ තරංග ඒ වනවිටත් පටිගත වී තිබුනා.

දෙවන සජීවී අත්හදා බැලීම් සිදු කරනු ලැබුවේ, දරුවාගේ සහ වැඩිහිටියාගේ  මොළයේ තරංග එකිනෙකා සම්බන්ධ වී ඇති ප්‍රමාණය  කොපමණ දැයි සොයා බැලීමටය.

සොයාගැනීම්

මෙම පරීක්ෂණයෙහි ඇසෙන් ඇස ගැටෙන අවධියේදී, ළදරුවන්ගේ හා වැඩිහිටියන්ගේ මොළයේ තරංග එකිනෙකට සමපාත වේ.

වැඩිහිටියා හිස හරවා සිටි නමුත් ඇස් සම්බන්ධතා පවත්වා ගෙන ගිය විටත් ළදරුවන් "සන්නිවේදනය" කිරීමට සහ ඔවුන්ගේ  මොළයේ  තරංග වැඩිහිටියා හා සම්බන්ධ කිරීමට  උත්සාහ කලා.

සන්නිවේදනය කිරීමේදී දරුවාගේ ප්‍රයත්නයන්, පරීක්ෂණයේදී  ඔවුන් විසින් කරන ලද ශබ්ද කෝෂවලින් මනිනු ලැබීය.

අධ්‍යනය පිළිබඳ ප්‍රධාන කතෘ ආචාර්ය වික්ටෝරියා ලියොන්ග්ට අනුව,

"වැඩිහිටි හා ළදරුවෙකු එකිනෙකා දෙස බැලූ විට, ඔවුන් එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට ඔවුන් සතු හැකියාව හා අදහස  සංඥා කරනු ලබයි."

"වැඩිහිටි හා ළදරු මොළය, ඔවුන්ගේ සහකරු සමග වඩාත් සම්බන්ධ  වීමෙන් ඇස් හා සම්බන්ධ වීමේ සංඥා  වලට ප්‍රතිචාර දක්වන බව අපි සොයා ගත්තා."

"කොයි වේලාවේද කථා කරන්න ඕනී , කොයි වේලාවේද අහන්න ඉන්න ඕනී යන්න සම්බන්ධ   කිරීම මගින් සන්නිවේදනයට දෙමව්පියන් සහ ළදරුවන්ව සූදානම් කිරීමට මෙම යාන්ත්‍රණය හැකි වනු ඇත. එමගින් ඉගෙනීම වඩාත් ඵලදායී වනු ඇත."

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දරුවා හා අම්මා ඇසට ඇසක් සම්බන්ධතාවය පවත්වා ගැනීම වැනි සරල ක්‍රියාවක් ඔහුගේ හැකියාවන් විවිධ ක්‍රම වලින්  වර්ධනය කරන්න පුළුවන්.

ඔබ සහ ඔබේ දරුවා සඳහා මේ මගින්  අදහස් වන්නේ  කුමක්ද?

මෙම අධ්‍යනයයේ සොයාගැනීම්වලින් පෙන්නුම් කෙරෙන්නේ බිළිඳුන් ඉතා හොද නිරීක්ෂකයන් බවත් ඔවුන්ගේ වර්ධනයට වැදගත් වන ඉතාම කුඩා වාචික නොවන සලකුණක් පවා ඔවුන් තේරුම් ගැනීමට අති දක්ෂයන් වන බවයි.

මව්වරුනි, මෙහි තේරුම වන්නේ, ඔබේ  දරුවන්ගේ  ඉගනීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම හා පෝෂණය කිරීම සඳහා  ඔබ ඔබේ දරුවා දෙස බලා සිටීම වැනි පුංචි දෙයක් කිරිමෙන් පුළුවන්.

දරුවා හා අම්මා අතර බැදීම සෑම විටම විශේෂ වූ අතර මෙම නවතම සොයාගැනීම එය සැබැවින්ම කොතරම් පුදුම සහගතද යන්න පෙන්නුම් කරනවා.

ඒනිසා  ඔබගේ හදවත් හා මනස එකිනෙකා අතර සම්බන්ධයක් ඇති බව දැන ගැනීම සදහා දැන්  ඔබ ඔබේ කුඩා දරුවා දෙස බලන්න.

දරුවා දෙස බැලීම වැනි පුංචි ක්‍රියාවකට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද? මේ ආදරණීය මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • දරුවා හා අම්මා පළමු වරට එකිනෙකා දකින පළමු මොහොත තුල ඇතිවෙන අරුම පුදුම බන්ධනය
බෙදාගන්න :
  • ජීවිත කාලය පුරාම ඔබේ දරුවා ඔබ සමග ඇති බැඳීම එලෙසම තබාගන්න අපූරු ක්‍රම 21 ක්

    ජීවිත කාලය පුරාම ඔබේ දරුවා ඔබ සමග ඇති බැඳීම එලෙසම තබාගන්න අපූරු ක්‍රම 21 ක්

  • දරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න තාත්තලාට ඉඟි කිහිපයක්

    දරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න තාත්තලාට ඉඟි කිහිපයක්

  • ජීවිත කාලය පුරාම ඔබේ දරුවා ඔබ සමග ඇති බැඳීම එලෙසම තබාගන්න අපූරු ක්‍රම 21 ක්

    ජීවිත කාලය පුරාම ඔබේ දරුවා ඔබ සමග ඇති බැඳීම එලෙසම තබාගන්න අපූරු ක්‍රම 21 ක්

  • දරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න තාත්තලාට ඉඟි කිහිපයක්

    දරුවන් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න තාත්තලාට ඉඟි කිහිපයක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it