දරුවා හික්මවීම : දරුවා පහසුවෙන් හික්මවා ගන්නේ කෙසේද?

lead image

මව්වරුන්ට සහ පියවරුන්ට  තම දරුවන්ට  නිතී පනවන්නට නිදහස ඇත. නමුත් දරුවා  හික්මවීම සම්බන්ධයෙන් නම් මෙම මාර්ගෝපදේශයන්  ඔබට මහත් උපකාරයක් වනු ඇත.

උද්වේගකාරී ලෙස හැසිරුන සිය දරුවා සංසුන් වෙන තුරුම සංසුන්ව කතා කල මවක් සිටි   ආපනශාලාවක  මම  සිටියා.

ඔහුට  තවත් අයිස්ක්‍රීම් කෑ නොහැකි බවත් එය පසුව ඔහුගේ උදරයට වේදනාවක් අත්කර දිය හැකි බවත්  විස්තර කරමින් උද්වේගකාරීත්වය නවත්වා ඇය ඔහු කෙරේ වූ සෙනෙහස තහවුරු කලා.

මට නම් මෙය දෙමව්පියන් තම දරුවන් ආදරය , කරුණාව ,රැකවරණය සමග  හික්මවන   ආකාරය පිළිබඳව හෝ අවම වශයෙන්  ඔවුන් යමක් ඇසීමට පොළඹවා ගැනීම පිළිබඳව කදිම උදාහරණයක් වුනා.

මනෝ විද්‍යාඥයෙක් සහ කතුවරියක වන ලීසා ෆයර්ස්ටන් විසින් සයිකොලජි ටුඩේ (Psychology Today) යන ලිපියේ එම අදහසම  පෙන්වා දී තිබෙනවා. විනය හැසිරවීම සම්බන්ධයෙන් ගත් කල, මුල් පියවර වන්නේ දෙමව්පියන් තමන්ගේම හැඟීම්  පාලනය කර   ගැනිමයි.

විනය හැසිරවීම් රටාවන් ගත්  විට, මව්වරුන්  හා පියවරුන්  නීති රීති පනවයි.

එහෙත්, තම දරුවන් වර්ධනය වත්ම ඔවුන්ගේ හැගීම්බර අවශ්‍යතා වඩාත් සංකීර්ණ වන විට මෙම නීති රීති සංශෝධනය කිරීම වඩාත් ඵලදායී විය හැකි බව ඔවුන්ට හැගෙනවා.

විනයානුකූල දරුවෙකු ඇති කිරීම සදහා  දෙමාපියන් සඳහා නීති 6 ක්

1. සෑම අවස්ථාවකදීම සන්සුන්ව සිටින්න

පළමුව සැහැල්ලු වන්න. ඔබේ දරුවාට හික්මවීම ලබා දීමට පෙර ඔබේ හැඟීම් පාලනය කර ගන්න . දරුවෙක්ට  තමන්ගේ  දෙමව්පියන් විසින් කෑගැසීම තරම් කිසිවක් බියගන්වන සුළු වන්නේ නැහැ.

ඔබ කනස්සල්ලෙන් සිටින විට නිසි ලෙස සන්නිවේදනය කළ නොහැකිය. ඔබ පවසන දෙය දරුවන්ට මතක තබා ගත නොහැකි වන නමුත් ඔබේ කඩා පැනීම ඔවුන්ට මතක තියේවි.

2. ඔබේ අපේක්ෂිත ප්‍රතිඵල ගැන සිතා බලන්න

ඔබට ඔබේ දරුවාට ඉගැන්වීමට  අවශ්‍ය  කුමක්ද? ඔබගේ කෝපය ඔවුන් මත මුදාහැරීමකින් තොරව ඔබේ ආදරය  ඔවුන්ට සහතික කරමින්  ඔවුන්ගේ විනය හැසිරවීමේ හොදම ක්‍රමය කුමක්ද?

දරුවන් සුරක්ෂිතතාවය හා රැකවරණයක්  දැනෙන විට  දරුවන් ඇහුම්කන් දීම කරන අතර ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරයි. ඔවුන්ට දෝෂාරෝපණය නොකරන බව හැඟුණු විට  ඔබ  ඔවුන් ඉගැන්වීමට  බලාපොරොත්තු  වන  පාඩමට වඩාත් විවෘත වනු ඇත

නිදසුනක් ලෙස, ඔවුන්ගේ හැසිරීම ඔබව  කලකිරීමට පත් කල බව නොකියා , ඔවුන්ට ගෙදර වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීම  හෝ සෙල්ලම් බඩු හුවමාරු කිරීමට අකමැති වීම වැනි ඇතැම් ආකාරයේ හැසිරීම්  දිගු කාලීනව ඔවුන්ව අසීරුවට පත් කරන්නේ කෙසේදැයි තර්කානුකූලව පහදාදෙන්න.

3. සැබවින්ම ඔබ දරුවා සමඟ සම්බන්ධ වන්න

සාර්ථක විනය හැසිරවීමෙන් ඔබේම  හැඟීම් මර්දනය කර  ගැනීම පමණක් අදහස් කරන්නේ නැති අතර   ඔබේ දරුවා සංසුන්  කිරීමට උපකාර කිරීමද ඉන් අදහස් කරයි. ඔබ ඔබේ දරුවාව හොදින්  දන්නවා. .

ඔවුන්ව වැලඳගැනීම හෝ ඔවුන් දෙස බලා සිටීම උදව් වේවිද?

ඔබේ දරුවා පාසැල් ගෙදර වැඩ නොකිරීම නිසා උද්වේගකාරීව හැසිරුන විට නිදසුනක් වශයෙන්, ඔවුන්ට පහසුවෙන් මිදි යාමට ඉඩ  නොදී ඔවුන්ට එය කිරීමට උදව් කරන්න.

ඔවුන් කෙටි ආහාරයක් ගන්නා වේලාවේදී පවා ඔවුන් කැමති දේවල් කිරීමට විවේකය ලබා දෙන්න.

4. හිංසාකාරී  දඬුවමින් වැළකී සිටින්න

ඔවුන් හුදෙකලා කිරීම හෝ ශාරීරිකව දඬුවම් කිරීම මගින් බොහෝ දෙමාපියන් විසින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදෙන  බව ඔප්පු වී ඇත. හිංසාකාරි නොවී ස්ථිරව සිටීමට ක්‍රම  තියෙනවා.

අතීතයේ දී "තනි කිරීම˝ ක්‍රියාත්මක වු බව ප්‍රකටව  ඇති නමුත්, දේවල් ව්‍යාකූල වු විට දරුවාට සන්නිවේදනයෙන් ඉගනීමේ අවස්ථාව අහිමි විය හැකිය.

අන්තර්ක්‍රියාකාරිත්වයට ඇති හැකියාවට ඉඩ ප්‍රස්ථා සලසා දීම තුලින් ඔවුන්ගේ හැඟීම් නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය සම්පන්න ක්‍රම ගොඩනඟා ගත හැකි අතර ඔරොත්තු දීමේ හැකියාවද ගොඩ නැගේ.

5. ඔබට ඔවුන් හැසිරීමට අවශ්‍ය  පරිදි ඔබ හැසිරෙන්න.

හොඳ හැසිරීම් නිරූපනය කිරීම හෝ හොඳින් හැසිරීමට ආකාරය පිළිබඳ ශක්තිමත් උදාහරණ ලබා දීම, යම් යම් දේ නොකළ යුතු යැයි ඔවුන්ට කියනවාට වඩා හොදින් ක්‍රියා  කරයි.

හොඳට ක්‍රියාකාරී වැඩිහිටියන් බවට පත් වෙමින් වර්ධනය වීම මග හැරී යා හැකි හැගීම් ඔවුන්ට හැඟී යා හැකි නිසා ඔවුන් පමණට වඩා රැකබලා ගැනීම හො නරක් කිරීම නොකරන්න .

ඔවුන්ගේ ධනාත්මක ගුණාංග අගයමින් හා නිරන්තරයෙන් සහාය සහ ආදරය ලබාදෙන්න. ඔවුන් නරක හැසිරීමක් ප්‍රදර්ශනය කල පමණින් ඔවුන් නරක දරුවෙක්  බවට පත් නොවන බව ඔවුන් දන්නා බවට සහතික කර ගන්න.

6. සංවේදනය පෝෂණය කරන්න

දරුවන් රැකබලා ගැනීමේ සහ චරිත විශේෂඥ ආචාර්ය මිෂෙල් බර්බා විසින් "දරුවන් යහපත්කම සඳහා වෙහෙස වෙනවා " ‍යන්න සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. සංවේදීවීම වර්ධනය  කිරීම ඉතා වැදගත් වේ.ඒ ගෞරවය, සෙනෙහස, අවංකකම, කරුණාව යන වටීනාකම් සියල්ල පැමිණෙන්නෙ මේ තුලිනි.

වැදගත්ම දෙය නම් විනය හැසිරවීම සෑම ආකාරයකින්ම ඉගැන්වීම තුලින් හැසිරවිය යුතු අතර දඬුවම් නොකළ යුතුය. දෙමව්පියෙකු වශයෙන්, ඔබේ දරුවා සමඟ කරන  සෑම අන්තර් ක්‍රියාකාරිත්වක්ම ආදරණියව වුවද ස්ථිරව සිටිමින් ඔවුන් වැරදි ලෙස හැසිරෙන වේලාවේම සහතික කර ගන්න.  ඔවුන් ඔබ ආදරය කරන හොඳ ළමයෙක් වන  අතර  ඔබේ දරුවා ලෙස ඔහු හැදින්වීමට ඔබ  ආඩම්බර වනු ඇත.

ඔබේ දරුවාට ආදරයෙන් හික්මවීම ගැන කියාදෙන්න මග පෙන්වන මේ ලිපිය ඔබ වෙත ගෙනාවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී