දරුවෙක් පිළිසිඳගැනීම: මෙය ප්‍රමාද වීමට එක වැදගත් හේතුවක්

lead image

විවාහයේ උතුම්ම ඵලය දරුවෙක් පිළිසිඳගැනීම වේ. ඒ කිරි සිහිනය අරමුණු වෙනුවෙන් කල් දැමීමට සමහර විට කල් දැමුවත් ඒ සිහිනයට හරස් වෙන කාරණාද නැතුවම නොවේ.

මාස තුනක් උත්සාහ කිරීමෙන් පස්සේ  මගේ ඔසප් වීම නැවතුනහම මම ප්‍රීතියෙන් පිනා ගියා. ඒත් ගර්භණිත්ව පරීක්ෂාව ඍනාත්මක ප්‍රතිඵල ලබා දුන් විට මගේ බලාපොරොත්තු බොදවෙලා ගියා.

අනෙක් වැඩ කරන කාන්තාවන් මෙන්ම මම විවාහ වු පසු දරුවෙක්  පිළිසිඳගැනීම  අවුරුදු කිහිපයක් කල් දමන්න මම තීරණය කලා.

ඒ වගේම මම විවාහ වෙද්දී වයස අවුරුදු 24 වු අතර ඒ වන විට මම මගේ රැකියාව පටන් ගත්තා පමණයි. මේ සියල්ල නවතා දරුවෙක්  පිළිසිඳගැනීම  කිසිම හේතුවක් නිසා මට අවශ්‍ය වුනේ නැහැ.

රැකියාව හා අනෙක් කටයුතු එක්ක මගේ ජීවිතය ගෙවුනා. කොහොම නමුත් දින මාස බවට පත් වී මාස අවුරුදු බවට පත් වී සය වසක් ගෙවුනා. අවසානයේදී  සුදුසු කාලය පැමිණ ඇති බව මට සිතුන විට දරුවෙක්  පිළිසිඳගැනීම මේ ලොව ඇති පහසුම දෙය නොවන බව මම තේරුම් ගත්තා.

මේ අතර මගේ බර වැඩිවුනා. මංගල මුද්ද හිර වී ඇති බව දැනුනා. මම ආස කල කලිසම දැන් මට හිර වී ඇති බව දැනුනා. ඒ ව්‍යායාම අඩුවීම මත හෝ මා විසින් නොසලකා හරින ලද මගේ කාර්‍යබහුල ජීවිතය නිසා යැයි මම සිතුවා. විවිධ ක්‍රම වලට උත්සහ කරමින් ගර්භණී පරීක්ෂණ  පත්‍ර වල පුංචි ඉරි දෙක බලමින් අසීරු කාර්යයක් සිදු කලා.

කිසිම දෙයක් ඵලක් වුනේ නැහැ.

නමුත් කිසිම දෙයක් එලක් නොවුනා. ගර්භණී වීමට මට සහය විය හැකි සාර්ථක ක්‍රමයක් මම මගේ අම්මා ගෙන් හා අනෙක් හිතවත් කාන්තාවන් ගෙන්  විමසුවා.

කොට්ටයක් පිටට තබා එක්වීමෙන් ඉක්මනින් පිළිසිඳගන්නා බව එක් අයෙක් පැවසු අතර, "පොල් ගොඩාක් කන්න එය පිළිසිඳගැනීමේ අවස්ථා ඉහල නංවනවා!", තවත් අයෙක් කිව්වා. නමුත් කිසිවක් ඵලක් වෙන බවක් පෙනුනේ නැහැ.

මාස තුනක් උත්සාහ කිරීමෙන් පස්සේ  මගේ ඔසප් වීම නැවතුනහම මම ප්‍රීතියෙන් පිනා ගියා. ඒත් ගර්භණිත්ව පරීක්ෂාව ඍනාත්මක ප්‍රතිඵල ලබා දුන් විට මගේ බලාපොරොත්තු බොදවෙලා ගියා.

දවස් පහලොවක් ප්‍රමාද වී මගේ ඔසප් වීම සිදුවුනා. මානසික පීඩනය සියල්ලටම හේතුව බව මම සිතීම නොසලකා හරිමින් උත්සාහ කරමින් මගේ ජීවිතය ගත කලා.

මාස තුනකට පස්සේ මගේ ඔසප් වීම ආයෙමත්  නතර වුනා. ඒත් ගර්භණිත්ව පරීක්ෂාව ඍනාත්මක ප්‍රතිඵල ලබා දුන්නා. මගේ ඔසප් වීම ඊලග මාසයේද සිදු නොවු අතර  මම කණගාටුවට පත් වී නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත ගියා.

ඔහු මට පළමුවෙන්ම ටීඑස්එච් (TSH) නැමැති තයිරොයිඩ් හොමෝන පරීක්ෂාවක් කරන ලෙස දැන්වුවා.

මට දරුවෙක්  පිළිසිඳගැනීම ප්‍රමාද වීමට හේතුව

මගේ අක්‍රමවත් ඔසප් වීම හා දරුවෙක්  පිළිසිඳගැනීමට අසමත් වීමට එක් හේතුවක් තිබුනා. මගේ සරුභාවයට බලපෑම් කල සහ දරුවෙක්  පිළිසිඳගැනීම ප්‍රමාද කල හයොපෝ තයිරොයිඩ් තත්වයක් මට තිබුනා.

හැගීම් දෝලනය, මහත් තෙහෙට්ටුව, හිසකෙස් යෑම ඒ නිසා ඇති වු අනෙක් ලක්ෂණ වු අතර මෙම ලක්ෂණ එකල බහුල වුයෙන් මම ඒවා නොසලකා හැරියා.

කොහොම නමුත් මම නිවැරදි වේලාවේ නිවැරදි නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් හමු වීමට වාසනාවන්ත වු අතර  තයිරොයිඩ් පරීක්ෂණයේ ප්‍රතිඵල වලින් පසුව ඇය මගේ දරුවෙක්  පිළිසිඳගැනීමේ සැලසුම් මදකට නතර කල මාසයකට ඖෂධ නියම කලා.

තයිරොයිඩ් 2

මාස දෙකක් ඖෂධ භාවිතයෙන් පසු නැවත තයිරොයිඩ් පරීක්ෂාවක් කරන ලෙස ඇය දැන්වුවා.  එය සාමාන්‍ය පරාසය තුල තිබුනා.

මම නැවතත් දරුවෙක්  පිළිසිඳගැනීම සදහා උත්සාහ කිරීම ආරම්භ කල යුතු බව ඇය දැන්වු අතර  මාසයක් ඇතුලත ගර්භණී පරීක්ෂා පටියේ මතු වු පුංචි  රතු ඉරි දෙක මෙවර එය සාර්ථක වී තිබුනා.

තයිරොයිඩ් මට්ටම අඩුවීම සහ තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරිත්වය අඩුවීම  ඔබේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ නිපදවීමට බලපෑම් කරන අතර එමගින් සරු භාවය අඩුකරන මව මාරියෝ සායනය පවසනවා.

මීට අමතරව පිටියුටරි ගැටළු හෝ ස්වංක්‍රීය ප්‍රතිශක්තිය වැනි හයිපෝ තයිරොයිඩ් තත්වයේ සැගවුන හේතුන් ද සරුබව අඩු වීමට හේතු විය හැකිය.

ඔබත් මම වගේම මෙම ගැටළුවෙන් පීඩා විදිනවා නම් ඔබගේ තයිරොයිඩ් මට්ටම පරීක්ෂා කරගන්නා ලෙස මම තරයේ කියා සිටිනවා. එය ඔබේ නිසරු බවට, හැගීම් දෝලනයට,ඔබේ සිරුරට හා ඔබේ මනසේ සැනසිල්ලට බලපාන අනෙක් හෝමෝන තත්වයන්ට  හේතුව වෙන්න පුළුවන්.

ඔබට ගැටළුවක් , අදහසක් තිබේ නම් පහලින් සටහනක් යොදන්න.

දරුවෙක්  පිළිසිඳගැනීම වලක්වන තයිරොයිඩ් තත්වයන් ගැන මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී