නවීන විද්‍යාවට අනුව දරුවෙක් බිහිකළ යුතු හොඳම වයස ගැන ඔබ දන්නවාද?

ප්‍රවීණයන්ට අනුව ඔබට පළමු දරුවා බිහිකළ හැකි වයස ඇසුවොත් ඔබට පුදුමත් හිතේවි.

දරුවෙක් බිහිකළ යුතු හොඳම වයස  මොකද්ද කියලා ඔබට අනිවාර්යයෙන්ම හිතෙනවා.

සමහර මතයන්ට අනුව දරුවෙකු බිහිකළ යුතු හොඳම වකවානුව අවුරුදු 20 පසුකළ පසු බව කියනවා.

එම කාලය තුළ මවක් වීමට කාන්තාවගේ ශරීරය සුදානම් බවත් එය ඇගේ ශරීරයේ සාරවත්ම කාලය බවත් කියනවා. අනෙක් අතට තරුණ වයසේදීම මවක් වීමෙන් තමන්ගේ වෘත්තීය හා අධ්‍යාපනික ඉලක්ක සපුරා ගැනීමට අපහසු වෙනවා. අනෙක් අතට දෙමාපිය පදවිය නොමේරූ තරුණ වියේදීම විඳින්නට සිදුවීම අම්මෙකුට බරපතල කාරණයක් වන්නට ඉඩ තියෙනවා.

අනෙක් උපදෙස නම් දරුවෙකු ලැබීමට හොඳම කාලය වයස අවුරුදු 40 දී පමණ බව කියවෙනවා. මීට ස්ථාවර මානසික මෙන්ම ආර්ථික පසුබිම වැදගත් වීම හේතු ලෙස දැක්වෙනවා. නමුත් සෞක්‍යමය අතින් බලන විට එය එතරම්ම ගුණදායක වනවා යැයි සිතන්නට බැහැ.

එහෙනම් දරුවෙක් බිහිකළ යුතු හොඳම වයස කුමක්ද?

ටෙක්සාස්හි සමාජ විද්‍යා වෛද්‍ය ජෝන් මිරෝස්කිට අනුව කාන්තාවකට දරුවෙක් බිහිකළ යුතු හොඳම වයස අවුරුදු 34 ක පමණ කාලය බව කියනවා.

මේ වයසේදී කාන්තාවන්ගේ ශරීරයේ හැම අතින්ම දරුවෙකු බිහිකිරීමට සුදුසු ලෙස සැකසී ඇති බව පැවසෙනවා.

ඔවුන් 1800 කට වැඩි මව්වරුන් ගණනක් ඇසුරෙන් ඔවුන්ගේ වර්තමාන සෞක්‍ය තත්වය ගැන ප්‍රශ්න අසා තිබුණා. බාහිර හා අභ්‍යන්තර සාධක සියල්ල ගැන සලකා වෛද්‍යවරයා නිගමනය කෙරුනේ දරුවන් ලැබීමට කාන්තාවකට සුදුසුම වයස අවුරුදු 34 බවයි.  

අනෙක් ප්‍රවීණයන්ද මේ මතයට එකඟ වන්නට මේ වකවානුව තුළදී කාන්තාවන් නිසි දැනුමෙන් මුහුකුරා යාම හා අත්දැකීම් නිසා බිළිඳෙකු රැකබලා ගැනීමට සුදුසුකම් ලබන බවයි. අනෙක් අතට ආර්ථික වශයෙනුත් ඔවුන් අවුරුදු 30 පසුකරන විට යම් ස්ථාවර බවක් ලබන බවත් ඔවුන් සනාථ කරනවා.

ඉතින් ඔබට දැන් ඒ ගැන පැහැදිලි අදහසක් ඇතත් මේ කාරණය දෙමාපියන් දෙදෙනාම එක්ව කරුණු ගැන අවබෝධකරගෙන ගත යුතු වැදගත් තීරණයක්. ඔබේ අදහස් අපි ඉතා අගය කරන අතරම අනාගතය ගැන හිතන දෙමාපියන් වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ