theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවෙකු නිශ්චිත දින චර්යාවකට හැඩ ගැස්විය යුත්තේ ඇයි?

3 අවම කියවීම
දරුවෙකු නිශ්චිත දින චර්යාවකට හැඩ ගැස්විය යුත්තේ ඇයි?දරුවෙකු නිශ්චිත දින චර්යාවකට හැඩ ගැස්විය යුත්තේ ඇයි?

කුඩා බිළිදෙකු, ළදරුවෙකු, දරුවෙකු චර්යානූකූල  දෛනික කාලසටහනකට (Routine ) හැඩගස්සවා ගැනීම සුදුසුද? නුසුදුසුද? මෙතනනින් දැනුවත් වන්න....

අද  විශේෂාංගය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකන් මම්ස් සමුහය වෙත අයේෂා චතුරාණි සිරිබද්දන විසින් සපයන ලද තවත් ලිපියක්. අද සමාජයේ මවුවරුන්ගේ ඉතා සුලභ අත්දැකීමක් හරහා වටිනා අදහස් කිහිපයක් ඔබ හා බෙදාගන්නා අයේෂාගේ මේ ලිපිය ඔබව බොහෝ වැදගත් කරුණු කිහිපයකින් දැනුවත් කරනවා නොඅනුමානයි.

අද මා ඔබ සමඟ කතා කිරීමට බලාපොරොත්තු වන්නේ තරමක් විවාදාත්මක මාතෘකාවක්. එනම්..කුඩා බිළිදෙකු, ළදරුවෙකු, දරුවෙකු චර්යානූකූල  දෛනික කාලසටහනකට (Routine ) හැඩගස්සවා ගැනීම පිළිබඳවයි.

මේ සම්බන්ධව සමාජයේ විවිධ මත තිබෙනවා. කෙනෙක් එය හොදයි වැදගත් කියද්දී, තව කෙනෙක් එය සුදුසු නැහැ කියනවා. එම නිසාම මේ මාතෘකාව යටතේ වැඩිදුර කතා කරන්න කළින්, දරුවෙක් නිශ්චිත දින චර්යාවකට හැඩ ගස්සවා ගැනීමේ වාසි ගැන කතා  කරමු.

දරුවෙකු නිශ්චිත දෛනික දින චර්යාව කට හැඩ ගැසීම මඟින් බලාපොරොත්තු විය හැකි දේ මොනවාද?

1. ස්ථාවරභාවය සහ පිළිවෙල පිළිබඳ හැඟීමක් කුඩා කාලයේ සිටම වර්ධනය වෙනවා

2. එකම දෙය එකම පිළිවෙලට දවසේ කිහිප සැරයක්ම සිදු උනාම තමන්ගේම ක්‍රමයට ජීවත් වෙන්න, අලුත් දේවල් ඉගෙන ගන්න හොඳ ආරක්ෂාකාරී තැනක් ලෙස දරුවා ලෝකය හඳුනා ගන්නවා.

3. එය ඔහුට සුරක්ෂිත හැඟීමක් ගෙන එනවා

4. දරුවාගේ භාවාත්මක (emotional) ඥානාත්මක (cognitive) සහ සාමාජීය (social) දැනුම හා අවබෝධය වර්ධනයට බලපානවා

5. නියමිත කාලසටහනකට හැඩ ගැසීමට හැකි වෙනවා.

6. පවුලේ මානුෂීය සම්බන්ධතා දරුවා හඳුනා ගන්නවා.

උදා - හැමදාම රාත්‍රී කෑමෙන් පසුව දරුවන් මව පියා සමඟ සෙල්ලම් කරනවා කියලා හිතන්න.

එවිට දරුවා පවුලේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන අතර එකිනෙකා අතර ඇති සම්බන්ධතාවය වගේම එකිනෙකාට ගරු කරන විදිය, ආදී දේ වටහා ගන්නවා. ඒ අනුව පවුලක් තුළ වඩාත් වැදගත් කුමක්ද යන්න කුඩා කළ සිටම වටහා ගන්නවා.

7. ඉදිරියට වෙන ක්‍රියාවන් බලාපොරොත්තු වෙනවා. (predictable )

ඔබේ දරුවා සෙල්ලම් කර අවසන් වූ විට, සෙල්ලම් බඩු අහුරා අස් කරවීමට අරගල කරන්න සිදු වනවාද, දවස අවසානයේ දත් මැදීමට, ඇඟ සේදවීමට අරගල කිරීමට සිදු වෙනවාද?

මුල සිටම දරුවා නිශ්චිත රටාවකට හැඩ ගැස්වූ විට ඔබට එය මඟ හරවා ගන්න පුළුවන්.

දවස අවසානයේ සෙල්ලම් බඩු ඇහිරීම, දත් මැද ඇඟ සේදීම වැනි දෑ දෛනික  පුරුද්දක් වූ පසු, ඊළගට කළ යුතු ක්‍රියාව බලාපොරොත්තු වීමට සහ අරගල නොකර ඒවා කිරීමට දරුවා ඉගෙන ගන්නවා.

දවසේ සෙල්ලම් කරන්නේ මොන වේලාවේද, සෙල්ලම් බඩු අස් කර යුත්තේ මොන වෙලාවේද, නාන්නේ මොන වේලාවේද යන්න දරුවා ක්‍රමානුකූලව  වටහා ගන්නවා.

අරක කරන්න, මේක කරන්න කිය කියා දරුවාට කෑ මොර දෙනවාට වඩා එය සැබැවින්ම පහසුවක් නොවේද?

8. සන්සුන් නිවසක් ඇති කරනවා.

ඔබේ දරුවා වගේම නිවැසියනුත් දන්නවා ඊළගට වෙන්නේ මොකද්ද කියලා. එය ආතතිය (stress ) සහ අවුල් සහගත බව (anxiety ) අඩු කරනවා වගේම දරුවාට ජීවත් වීම සදහා ප්‍රසන්න වට පිටාවක් ලබා දෙනවා.

9. මෙම දෛනික සැලැස්මට තමාද ඇතුලත් නිසා, දරුවාට කුඩා කලම තමා ගැන වටිනාකමක් දැනෙනවා, යමක් කිරීමට බල කිරීම මඟින් එසේ වන්නේ නැහැ.

10. සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රයෝජනවත් පුරුදු පහසුවෙන් දරුවාට පුරුදු කිරීමට උපකාරී වෙනවා.

උදා - නින්දට පෙර දත් මැදීම

කෑමට පෙර අත් සේදීම වැනි....

11. කුඩා කල සිටම තමාගේ කාලය කළමනාකරණය කිරීමට ඉගෙන ගන්නවා.

12. ස්වයං විනයක් ගොඩ නැගේනවා.

13. නිරෝගීව වැඩීමට උපකාරී වෙනවා..

14. උද්‍යෝගයෙන් පිරුණු, ක්‍රියාශීලි සතුටින් සිටින දරුවෙක් බිහි වීමට උපකාරී වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

15. පවුලේ වෙනස්කම් සිදු වීමේදී, එ්වා ශක්තිමත්ව දරා ගැනීමට ඉගෙන ගනීවී.

උදා- මව/පියා වෙන්වීමේදී හෝ අහිමි වීමේදී, අලුතින් සහෝදර/සහෝදරියන් පවුලට එක් වීමේදී වැනි,

16. දරුවාට පමණක් නොව, දෙමාපියන් වශයෙන් ඔබටත්, නිශ්චිත වූ කාලසටහනකට වැඩ කිරීමෙන් වැදගත් දේ මඟහැරී යාම වැලැක්වෙනවා වගේම අත්‍යාවශ්‍ය දේ වඩාත් ඵලදායී ලෙස ඉටු කර ගැනීමට හැකි වේවි.

ඒ වගේම ඔබේ අනෙත් දරුවන්,ස්වාමියා වගේම ඔබ වටා සිටින ඔබේ ආදරණීය යන්ට ද වෙන්කරන්න කාලයක් ඉතුරු වීම නිසා ඔබේ එදි නෙදා ජීවිතය ආතතියකින් තොර,සැලසුම් සහගත ,ප්‍රීතිමටත් එකක් වනු ඇති.

මෙම රසවත් මෙන්ම හරවත් ලිපියෙන් අප දැනුවත් කල අයේෂා චතුරාණි සිරිබද්දන වෙත TheAsianParent Sri Lanka වෙනුවෙන් අපගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. දැනට ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන අයේෂා පූර්ව ළමාවිය අධ්‍යාපන වේදිනියක් (Educator of Early childhood Education and care) ලෙස ඔස්ට්‍රෙලියාවේ ප්‍රමුඛ ආයතනක පූර්ණ කාලීනව සේවය කරනවා.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • දරුවෙකු නිශ්චිත දින චර්යාවකට හැඩ ගැස්විය යුත්තේ ඇයි?
බෙදාගන්න :
  • දරුවෙකු නිශ්චිත දින චර්යාවකට හැඩ ගැස්විය යුත්තේ කෙසේද

    දරුවෙකු නිශ්චිත දින චර්යාවකට හැඩ ගැස්විය යුත්තේ කෙසේද

  • පාසලේ ගුරුවරුන් සමග දරුවාට ගැටළු ඇති දැයි දැනගන්නේ කොහොමද?

    පාසලේ ගුරුවරුන් සමග දරුවාට ගැටළු ඇති දැයි දැනගන්නේ කොහොමද?

  • දරුවෙකු නිශ්චිත දින චර්යාවකට හැඩ ගැස්විය යුත්තේ කෙසේද

    දරුවෙකු නිශ්චිත දින චර්යාවකට හැඩ ගැස්විය යුත්තේ කෙසේද

  • පාසලේ ගුරුවරුන් සමග දරුවාට ගැටළු ඇති දැයි දැනගන්නේ කොහොමද?

    පාසලේ ගුරුවරුන් සමග දරුවාට ගැටළු ඇති දැයි දැනගන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it