දරුවෙකුට තේරුමක් ඇති තෑග්ගක් දෙමුද?

දරුවෙක් බලන්න යනකොට අපි තෑග්ගක් අරගෙන යන හරිම කැමතියි. අපි බොහෝවිට දරුවන්ට ඔවුන් කැමැති චොක්ලට්, ටොෆි වගේ දේවල් අරගෙන යන්න උත්සුක වෙනවා. ඒත් ඒ දේ හරියටම හරිද?

දරුවෙක් බලන්න යනකොට අපි තෑග්ගක් අරගෙන යන හරිම කැමතියි. අපි බොහෝවිට දරුවන්ට ඔවුන් කැමැති චොක්ලට්, ටොෆි, ටිපිටිපි වගේ දේවල් අරගෙන යන්න උත්සුක වෙනවා.

ඒත් ඒ දේ හරියටම හරි ද ? දරුවන්ගේ දත් පණුවො කෑම එතකොට ආහාර ගැනීමට හොර වීම සහ පෝෂ්‍ය ගුණයක් නැති වීම යන හේතූන් මත දෙමව්පියෝ ඒ වගේ ආහාර දරුවාට දෙන්න කැමැති නැහැ .

ඒ වගේ අවස්ථාවක අපි ඒ වගේ දේවල් දරුවාට තෑගි දීම යනු දෙමව්පියන් මත තවත් පීඩනයක් යෙදීමක් වෙනවා.

එහෙනම් දරුවෙකුට තෑගි දෙන්න හොඳ මොනවාද අපි බලමු

1. පලතුරු

පළතුරු කිව්වහම තියෙන සෑම පලතුරක්ම දරුවෙකුට දෙන්න බැහැ. බොහෝ පලතුරු වල විස රසායනික ද්‍රව්‍ය ගොඩක් දාලා තියෙන්නේ, ඔබට පුළුවන් නම් ගමෙන් සොයා ගන්න පුළුවන් කෙසෙල් ගෙඩියක් ගස්ලබු ගෙඩියක් දොඩම් ගෙඩියක් වැනි පලතුරක් රැගෙන යන්න ඒවා දරුවාට බොහෝ පෝෂ්‍ය ගුණයක් ලබා දේවි.

2. යෝගට්

පෝෂ්‍ය ගුණය සපිරි ආහාර යක් තමයි යෝගට් කියන්නේ ඔබට දරුවෙක් බලන්න යනකොට යෝගට් එකක් හෝ කීපයක් අරගෙන යන්න පුළුවන්. යෝගට් කිරි ආහාරයක් වන අතර කැල්සියම්ද බහුල ව තියෙනවා.

3.චීස්

චීස් කියන්නෙත් පෝෂ්‍ය ගුණයෙන් යුත් කිරි ආහාරක් , එයද කැල්සියම් වලින් අනූන වෙනවා. ඔබට දරුවාට පෝෂණයෙන් හීන චොකලට් ටිපිටිපි වැනි දේ දේ දෙනවා වෙනුවට චීස් අරගෙන යන්න පුළුවන්. 

4.පොතක්

දරුවෙකුට පොතක් දීම දීම ඉතාම වැදගත් දෙයක්, දරුවෙකුට ලියන්න පොතක් වගේම කියවන්න කතන්දර පොතක් තෑගි දීම තුලින් දරුවෙකුගේ මනස වැඩිදියුණු කරනවා.

5. පාසැල් අවශ්‍ය දෙයක්

දරුවන්ට නිතර අවශ්‍ය වන පොත්, පැන්සල්, පාට පෙට්ටියක් වගේ ගුණාත්මක දෙයක් දෙන්න පුලුවන්. ඒ දේවල් වලට දරුවන් කැමති වෙනවා.

6. මනස සංවර්ධනය කල හැකි සෙල්ලම් බඩුවක්

විවිධ ප්ලාස්ටික් සෙල්ලම් බඩු බොහොමයක් ප්‍රමිතියෙන් තොරයි. ඒවා තුලින් දරුවන්ට අනතුරු සිදුවෙන්න පුලුවන්. සෙල්ලම් බඩුවක් දරුවෙකුට දෙන්න අවශ්‍ය නම් මනස සංවර්ධනය වෙන ගුණාත්මක සෙල්ලම් බඩුවක් ලබා දෙන්න.