theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අපි නොසිතන පුංචි දේවල් වලින් දරුවෝ හුඟක් සතුටට පත්වෙනවා

4 අවම කියවීම
අපි නොසිතන පුංචි දේවල් වලින් දරුවෝ හුඟක් සතුටට පත්වෙනවාඅපි නොසිතන පුංචි දේවල් වලින් දරුවෝ හුඟක් සතුටට පත්වෙනවා

සමහර වෙලාවට අපේ අවධානය නොලැබෙන ඒත් අපේ දරුවන් හුඟක් සතුටු වෙන දේවල් ඔවුන්ගේ ජීවිත වල තියෙනවා. ඒ ගැන නැවත හිතන්න මේ හිත උණුසුම් කරන මේ ලිපිය ඔබට හුඟක් වැදගත් වේවි.

එක දවසක් මමත් මගේ සැමියත් දරුවන් දෙන්නත් මුහුදු වෙරළට ගියා. ඔවුන්ට අපි ඉන්න තැනින් ටිකක් ඈතට යන්න උවමනා වුණා. මොකද ඒගොල්ලෝ මුලදීම කිව්වා ඒගොල්ලන්ට ඩයිනෝසරයන්ගේ අරුම පුදුම දේවල් ගැන හොයාගන්න ඕනේ කියලා.

එක් වරම මගේ අවුරුදු 5 ක් වයස පුතා එයාගේ මල්ලිත් එක්ක හරිම කුතුහලයෙන් කෑගහගෙන අපි දිහාවට ආවා. මම හොඳටම කලබල වුනේ ඔවුන්ට මොකුත් කරදරයක් වත් වෙලාද කියලයි. ඒත් ඔවුන්ගේ මුහුණු වල ලොකු හිනාවක් ඇඳෙන කොට මගේ හිත ටිකක් නිවුනා.

මගේ ලොකු පුතාට යමක් කියාගන්න ලොකු හදිස්සියක් තිබුණා. ඔවුන්ගේ කුතුහලය හා උවමනාව කොයිතරම්ද කිව්වොත් ඔහුගේ ඇඟ ගැහෙමින් තිබුණා. නමුත් කුතුහලය සමග සිනාසෙන ඔහුගේ මුහුණේ ලොකු ප්‍රීතියක් සැඟවිලා තිබුණා. “දන්නවද මට මොනවද හම්බුනේ කියලා”. ඔහුගේ ඇස් දිලිසෙන බල්බ මෙන් තිබුණා.

ඔහුගේ වැලි දැවටුණු අත් දෙකේ සුදුපාට ගල් කැබැල්ලක් තිබුණා. “මේක ටයිරෙක්ස් කෙනෙකුගේ දතක්”. ඔහු උද්දාමයෙන් කෑගැහුවා. දරුවන් මෙවැනි පුංචි දෙයකින් කෙතරම් නම් සතුටු වෙනවා දැයි මම මොහොතකට හිතන්න ගත්තා.

මමයි මගේ සැමියයි වගේම අනිත් හැමෝම දෙමාපියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් හැමදේම කරන බව මම දන්නවා. ඔවුන්ගේ ටියුෂන් ක්ලාස්, ප්‍රැක්ටිස්, ඔවුන්ට සෙල්ලම් බඩු, කැමති කෑම බීම මේ හැමදේම අපි හැකි උපරිමයෙන් ලබාදෙන්න උත්සාහ කරනවා. ඔවුන් පාසලේ වැඩ ටික කරලද බලනවා. ඒත් ඔවුන් මේ දේවල් වලින් අපි තරම් සතුටු වෙනවද? පාසලෙන් පසු පුහුණුවීම් කරලා ලබන ප්‍රසංශාවට වඩා ඔහුව කැටුව යන්න ඔබ ඇවිත් ඉන්න බව දැනගත්තහම ඔහුගේ මුහුණේ ඇඳෙන හිනාව ඔහුට හුඟක් වටිනා බව ඔහුගේ මුහුණ අපිට කියනවා.

කියවීම හදවත ඇතුළතින්ම සතුටු කරනවා

අද කාලේ දරුවන් හුඟක්ම ඉලෙක්ට්‍රොනික උපාංග වලට පුරුදු වෙලා. ටැබ්, දුරකථන, අයි පෑඩ් එකක මුහුණ සඟවාගෙන ඉන්න දරුවා දුටුවිට සිත් ඇදගන්නා කතා පොතක් අරගෙන ඔහු ළඟට ගිහිල්ලා ඉඳගෙන ඔහුත් එක්ක පොත කියවන්න.

කියවීම දරුවනට රසවත් අත්දැකීමක් වගේම ඔහුගේ භාෂා හැකියාව හා සවන්දීමේ හැකියාව වර්ධනය කරනවා. ඒ වගේම පොතක් ඇතුලේ කතන්දර ලෝකයේ තනිවීම තරම් අන් කිසිවක් සොඳුරු නොවන බව ඔවුන් ඉගෙන ගන්නවා.

සන්නිවේදනයේ සුන්දරත්වය

දෙමාපියන් හා දරුවන් අතර ගොඩනැගෙන හොඳ සන්නිවේදනය නිසා දරුවන් තුළ ආත්ම විශ්වාසය හා අන්නෝන්‍ය ගෞරවය වර්ධනය වන බව පැවසෙනවා. නමුත් හුඟක් වෙලාවට අධික වැඩ හා දවස අවසානයේ වන තෙහෙට්ටුව නිසා අපිට දරුවන් එක්ක නිවී සැනසිල්ලේ කතා කරන්නවත් අමතක වෙනවා.

නමුත් ඔවුන් සමග කතා කරන්න කාලයක් වෙන්කර ගන්න. සමහර විට පාසල් යන්න පෙර, පසුව, වාහනයේදී, කෝච්චියේදී නැතිනම් නින්දට යන්නට පෙර වුනත් ඔබට එලෙස තෝරා ගන්න පුළුවන්.ඔවුන්ට ගැලපෙනවා යැයි සිතිය හැකි ආදරය, පවුල, පාසල, යහළුවන්, ක්‍රීඩා වැනි හුඟක් දේවල් ගැන ඔබට කතා කරන්න පුළුවන්.

මගේ සාමාන්‍ය පුරුද්ද නම් නින්දට පෙර ඔවුන්ට කුමක් හෝ කතා පොතක් කියවීමත් ඉන්පසුව ඔවුන් දවසේ කැමති හා අකමැති දේවල් විමසීමත් කරන එකයි. ඉන් ඔවුන් හොඳ වගේම නරක ගැනත් අම්මට කියන්න මැලි වෙන්නේ නැහැ. 

එක් එක් දරුවාට ලැබෙන අවධානය

නිවසක දරුවන් එක්කෙනෙකුට වඩා ඉන්න කොට ඔවුන් අවධානය ලබන්න දරන උත්සාහය වැඩියි. ඉන් ඔබ පීඩනයට පත්වීමෙන් වගේම ඉන් අපහසුතාවයට පත්වීමෙන් කිසිවක් සිදුවන්නේ නැහැ. මේ තත්වය නැතිකර ගන්න ප්‍රවිණයන් කියන්නේ එක් දරුවෙකුට ඔවුන්ටම වෙන්වූ කාලයක් යොදාගන්න කියලයි. මිචිගන් සරසවියේ වෛද්‍ය කයිලා බෝයිස්ට අනුව එක් දරුවෙකු තනිව සිටින විට ඔවුන් අනෙක් සහෝදරයන්ගේ කැමති අකමැති ගුණාංග ගැන ඔබට අසා දැනගන්න පුළුවන්. මේ හැඟීම් ඔබට එකිනෙකා සමග කටයුතු කරන විට වැදගත් වන්නට පුළුවන්.

පුංචි කාරණා හුඟක් වැදගත් වෙනවා

Time නම් ලිපියක ස්නායු විශේෂඥයින් පවසන ආකාරයට කෙනෙක් සිනාසෙන එක අසාගෙන ඉන්න විට මොලයේ ස්නායු පද්ධති වලට එය ඔවුන්ම සිනාසෙන ආකාරයේ හැඟීමක් ඇතිකරගන්න බව පැවසෙනවා. දරුවන්ට ඔබ ඔවුන් වෙනුවෙන් විශාල මුදල් වියදම් කර පාසලකට ඇතුලත් කළ බව කීම සිතේ සතුටක් ඇතිවන කාරණයක් නෙවෙයි. නමුත් ඔබ සතුටින් සිනාසෙනු දැකීම ඊට වඩා ඔවුන්ට සතුටක් ගෙන දෙන්නක් වන්නට පුළුවන්. ඒ වගේම දරුවන් සිප ගනිමින් ඔබ ඔහුට ආදරේ බව කීම ඊට වඩා වටිනවා. ඔහු කැමති සිංදුවකට ඔහුත් එක්ක එකතු වෙලා නටන්න සිංදු කියන්න පිටේ තියාගෙන ලුණු ගෝනියක් වගේ ඔහුව අරගෙන යන්න. මේ දේවල් තරම් ඔවුන් සතුටු කරන තවත් දේවල් නැති තරම්.

ඉර, හඳ, තාරකා, සුළඟ

ඔබේ දරුවා සමග රෑ අහස දකින්න මිදුලට යනවද? දේදුන්නක පාට, කැළෑමල් වල සුවඳ, ගල් කැට, වැලි කැට, උඳුපියලිය වල ඇවිද බලන්න. එයින් දරුවන් පරිසරයට ආදරය කරන්න වගේම ඇළුම් කරන්න පටන් ගන්නවා. පරිසරයේ නිදහසේ ඇවිදින්න, බෙහෙත් පැළෑටි ගැන කතා කරන්නත් වැනි දේද වලාකුළු ගැන කතා කරන්න ඔබට පුළුවන්.

ගහට, කොළට, පරිසරයට ආදරය කරන දරුවන් නිතැතින්ම වගකීම් සහිත දරුවන් බවට පත්වෙනවා. මේ නිසා ඔහු හොඳ නායකයෙන් වෙනවා.

ඔබ පුංචි පැටවුන්ගේ ඇසින් ලෝකය දකින්න. විශ්වයට වඩා ඔවුන්ගේ ඇසින් ඔවුන් දකින දේවල් හුඟක් විශාලයි. ඒ අරුත කියා දෙන්න theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • අපි නොසිතන පුංචි දේවල් වලින් දරුවෝ හුඟක් සතුටට පත්වෙනවා
බෙදාගන්න :
  • ඔබෙන් දිනපතා දරුවාට ලැබිය යුතු පුංචි දේවල් 8 ක්

    ඔබෙන් දිනපතා දරුවාට ලැබිය යුතු පුංචි දේවල් 8 ක්

  • දරුවන්ගේ ලිංගික අවයව ගැන ඔබ කතා කරන විට කිවයුතු නොකිව යුතු කාරණා

    දරුවන්ගේ ලිංගික අවයව ගැන ඔබ කතා කරන විට කිවයුතු නොකිව යුතු කාරණා

  • ඔබෙන් දිනපතා දරුවාට ලැබිය යුතු පුංචි දේවල් 8 ක්

    ඔබෙන් දිනපතා දරුවාට ලැබිය යුතු පුංචි දේවල් 8 ක්

  • දරුවන්ගේ ලිංගික අවයව ගැන ඔබ කතා කරන විට කිවයුතු නොකිව යුතු කාරණා

    දරුවන්ගේ ලිංගික අවයව ගැන ඔබ කතා කරන විට කිවයුතු නොකිව යුතු කාරණා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it