දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

lead image

ස්වභාවික දරු උපතකින් පසු මවකට එය ඉතා වේදනාබර අත්දැකීමක් වගේම එම විවරය නැවත සුවවීමට දින 7-15 ක කාලයක් ගත වෙනවා. නමුත් සමහර අම්මලාට මෙය ඉතා වේදනාකාරී අත්දැකීමක් වෙනවා. මේ තත්වයෙන් මිදෙන්න මේ ක්‍රම අනුගමනය කර බලන්න පුළුවන්.

ස්වභාවික දරු ප්‍රසූතියෙන් පසු මවකට එය ඉතා වේදනාබර අත්දැකීමක් වගේම එම විවරය නැවත සුවවීමට දින 7-15 ක කාලයක් ගත වෙනවා. නමුත් සමහර අම්මලාට මෙය ඉතා වේදනාකාරී අත්දැකීමක් වෙනවා.

මේ නිසා එදිනෙදා ඔබට තනිව කරගත හැකි වැඩපල සිදු කර ගැනීමට නොහැකි වෙනවා. මැහුම් ලිහිල් වීම, ඉදිමුම, අසාත්මිකතා මේ වේදනාව තවත් වැඩිකරන්න සමත් වෙනවා. වෛද්‍ය පාපියා ගෝස්වාමි මුකර්ජි, කුමාර් සායනය, මුම්බායි- නාරිවේද වෛද්‍ය පවසනවා.

නමුත් මේ තත්වයෙන් මිදෙන්න දරු ප්‍රසූතියෙන් පසු මේ ක්‍රම අනුගමනය කර බලන්න පුළුවන්.

උණුවතුර මත හිඳගෙන නෑම

මෙලෙස ස්නානය ඔබට ඇති වේදනාවට කදිම සහනයක් ගෙන දෙනවා. දිනකට දෙවරක් පමණ මෙලෙස උණුසුම් වතුර ටබ් එකක රැඳී සිටීම හොඳ බව වෛද්‍යවරුන් මතක් කරනවා. මේ මගින් තුවාලය හා අවට ප්‍රදේශයට සහනයක් ගෙන දෙනවා. උණුසුම් ජලයට බෙටර්ඩින් ස්වල්පයක් මුසු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. කස්තුරි සර්වෝතම් - නාරී වෛද්‍ය, ෆර්නෑන්ඩ්ස් රෝහල, හයිද්‍රාබාද් පවසනවා ඒ වගේම ලුණු එක්කර ගැනීමත් කළහැකි වගේම එම ප්‍රදේශය ඇතිල්ලීම නොකර මෘදු ලෙස තෙත මාත්තු කිරීම වැදගත්.

රබර් රවුමක ආකාරයේ මුදුවක හිඳ ගැනීම

මෙලෙස පසු තලය තද නොවීම පිණිස මුදුවක ආකාරය මෘදු රවුමක් වැනි කොට්ටයක් වැනි දෙයක් යොදා ගැනීම තුවාලයට ලක්වන පීඩනය අවම කරගන්න පුළුවන්. ඒ වගේම ඒ නිසා මවට දරුවාට මව් කිරි දීමත් පහසු කරවනවා.

සබන් එපා

පිරිසිදු කිරීමට සබන් නොදිය යුත්තේ ඇයි ? විශේෂඥයන්ට අනුව උණුසුම් වතුරින් පිරිසිදු කිරීම ප්‍රමාණවත්. සබන් මගින් අසාත්මිකතා හා අපහසුතාවයන් ඇතිවීමේ අවධානම තිබෙනවා.

උණුසුම හා සිසිල් සුවය

උණුසුම වේදනාවට සහනයක් ගෙනදෙනවා. උණුසුම් වතුර බෑගයක් මෘදු රෙදි කැබැල්ලකින් වසා තුවාලයේ මැහුම් මත තබන්න. නමුත් උණුසුම් ගතියෙන් ඔබට සහනයක් නොලැබෙන්නේ නම් සිසිල් වතුර බෑගයක් එලෙසම උත්සාහ කර බලන්න පුළුවන්.

පිරිසිදු කිරීමට උණුසුම් වතුර

මුත්‍රා පිට කිරීමේදී දැවෙන සුළු වේදනාවක් දැනෙන බව සමහර මව්වරුන් පවසනවා. ඒ නිසා මුත්‍රා කළ පසු උණුවතුරින් සේදීම සහනයක් ගෙන දෙනවා වගේම තරමක් ඉදිරියට නැමී මුත්‍රා පහ කිරීම මගින්ද සහනයක් ලබාගන්න පුළුවන්.

ශ්‍රෝණිය ආශ්‍රිත ව්‍යායාම

ශ්‍රෝණි ව්‍යායාමය හෝ කේගල් නමැති ක්‍රමයත් මගින් රුධිර ගමනය මේ ප්‍රදේශයට හොඳින් ලැබීම නිසා ඉක්මන් සුවයක් ලැබෙනවා.

ප්‍රසූත ලිංගික ප්‍රදේශයට හොඳ සත්කාරයක්

ඔබට පෙර වගේම ඇඳුම් විලාසිතාවයන් අඳින්න කැමැත්තක් තිබුනත් ප්‍රසූතියෙන් පසු ශරීරයට වැඩිපුර වෙහෙස හා බරක් ලබා දීම එතරම් සුදුසු නැහැ. ඒ වගේම ඉතා තද යට ඇඳුම් ආදියත් මැහුම් විවෘත කිරීමට සමත් වෙනවා.

මේ නිසා ඉක්මන් සුවය ප්‍රමාද වෙන බව මුකර්ජි පවසනවා. ඒ වගේම ඔබට වෛද්‍යවරයා හිරිවැටීමට යොදන ක්‍රීම් වර්ගයක් නිර්දේශ කර ඇත්නම් එය ගැල්වීම සුදුසුයි. මෙසේ ප්‍රසුත තුවාල සති 2-3 කාලයකදී සුව වන අතර ඉඳිමීම, වේදනාව, දුර්ගන්ධයක් තුවාල තුළින් වහනය වේනම් වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්.

දරුවෙකුගේ කිරි සිනහා දැකීම අනර්ඝම සතුටක් වුනත් ඒ කරා යන ගමන මවකට ඒ වගේ පහසු නෑ. ඒ වෙනුවෙන් ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ