දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්

lead image

මේ සඳහා මැජික් ක්‍රමයක් නැතත් පෙර සේම ඒවා ඉතා ලස්සනට පත් නොවුනත් පියයුරු එල්ලා වැටීම පාලනයට ඔබට මේ පිළියම් උදවු වෙනවා.

ගර්භණි සමයේ පියයුරු විශාල වීමත් නැවත කිරිදෙන විටත් ඒවා විශාල වීම සාමාන්‍ය වුනත් ඉන් පසුවත් එම තත්වය පැවතීම හා පියයුරු එල්ලා වැටීම කාන්තාවකට සංවේදී හිත රිදවන දසුනක්.

මේ සඳහා මැජික් ක්‍රමයක් නැතත් පෙර සේම ඒවා ඉතා ලස්සනට පත් නොවුනත් පියයුරු එල්ලා වැටීම පාලනයට ඔබට මේ පිළියම් උදවු වෙනවා.

පියයුරු එල්ලා වැටීම

1. ආධාරයක් ලැබීම විශේෂයි

ගැබ් ගැනීමට පෙර සිටම පියයුරු වලට හොඳ ආධාරයක් අවශ්‍යයි. ඒ නිසා ගර්භණි කාලය පුරා ආධාරකයක් සහිත සුදුසු බ්‍රෙෂියර් එකක් ඇඳීම කළයුතු වෙනවා. නමුත් ඔබ ගැබ්ගෙන ඇතැයි දැනගත් වහාම අලුත් බ්‍රෙෂියර් රැසක් මිලදී ගන්නවාට වඩා ඔබේ ශරීරයේ මහත්වීම අනුව නිසි දැනුම ඇති අයෙකු ලවා බ්‍රෙෂියරයක් තෝරා බලා මිලදී ගත යුතු අතරම නිසි ලෙස බ්‍රෙෂියරයක් තෝරා නොගැනීම නිසා පියයුරු එල්ලා වැටීම සිදුවන්නට පුළුවන්.

2. ගර්භණි සමයේ ඔබේ බර වැඩිවීම ගැන අවධානයෙන් ඉන්න

WebMD අනුව කාන්තාවක් ගැබ් ගැනීම සමග බර කිලෝ 11-15 දක්වා සාමාන්‍ය බවත් බර අඩු කාන්තාවන් බර වැඩිකර ගැනීමටත් ඒ අනුව කටයුතු කිරීම වැදගත් බව පැවසෙනවා.

ඒ නිසා ගර්භණි සමයේ ඇතිවන බර වැඩිවීම අනුව ගුණය අඩු කෑම ගැනීමත්, කැලරි වැඩි අයිස්ක්‍රීම්, චොක්ලට් වැනි දේවල් ගැනීමත් ගැන සිතා බලන්න.

මෙය පියයුරු වලට බලපාන්නේ කොහොමද? ශරීරයේ මහත්වීම සමග පියයුරු විශාල වන අතර පසු කාලීනව ඒවා එල්ලා වැටීමත් සමේ ඉරි ගැසුණු තත්වයක් ඇතිවීමටත් ඉඩ තිබෙනවා.

3. තෙතමනය පවත්වා ගන්න

පියයුරු වල තෙතමනය පවත්වා ගැනීමෙන් එය ඉරි තැලීම හා ඉරි ඇතිවීම වැළකෙනවා. මේ නිසා ගර්භණි සමයට සුදුසු මොයිචර්රයිසින් වර්ගයක් තෝරා ගැනීම ඊට සුදුසුයි.

4. දරු ප්‍රසුතියෙන් පසු අලුත් බ්‍රෙෂියරයක් තෝරා ගැනීම

දරු ප්‍රසුතියෙන් පසු පියයුරු වල ප්‍රමාණය විශාල වන නිසා ඊට සරිලන බ්‍රෙෂියරයක් තෝරා ගැනීම ඉතා වැදගත්.

නිතර දරුවාට කිරිදෙන විට පියයුරු විශාල වන්නට පුළුවන් වගේම දරුවා ඝන ආහාර ගැනීම ආරම්භ කළ විට පියයුරු නැවත පැවති තත්වයට පත්වන්නට පුළුවන්. එහි පෙර හැඩය නොලැබෙන නමුත් එය පාලනය කරන්න පුළුවන්.

නමුත් මේ කාලය තුළ සුදුසු බ්‍රෙෂියර් තෝරා ගැනීමෙන් මේ තත්වය අවම කරගන්න පුළුවන්.

5. බර ක්‍රමානුකූලව අඩුකර ගැනීම

ශරීරයේ මහත අනුව ඔබට ඉතා ඉක්මනින් කෑම පාලනය සමග බර අඩු කරගන්න උත්සාහ කරන්නට සිතුනත් ක්‍රමානුකූලව එය සිදු කිරීමෙන් සමේ පැහැය හා සෞක්‍ය ඉතා හොඳ මට්ටමක රඳවා ගන්න ඔබට පුළුවන් වෙනවා.

6. බර එසවීම

පිටට හා පපුවට ශක්තිය සඳහා ආධාර වනසේ බර එසවීමත් බර අඩුකර ගැනීමට වගේම පියයුරු ශක්තිමත් කර මාංශ පේශි වල ශක්තිය වැඩිවෙනවා. ඒ වගේම නිවැරදි ඉරියව් වැදගත් වෙනවා. ඒත් මෙම ව්‍යායාම වලදී ක්‍රීඩා සඳහා භාවිත කරන බ්‍රෙෂියර් තෝරා ගැනීම වැදගත්. ඒ වගේම ඔබට මෙම ව්‍යායාම ගැලපෙනවා දැයි වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගැනීමත් වැදගත්.

දරු සම්පත වගේ රූ සම්පතත් එසේම වැදගත්. ඒ නිසාම theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ තොරතුරු ඉදිරිපත් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ