දරු උපතෙන් පසුව නැවත රැකියාවට යන ඔබ මේ කරුණු 5 සැලසුම් කල යුතුයි

දරු උපතෙන් පසුව නැවත රැකියාවට යන ඔබ මේ කරුණු 5 සැලසුම් කල යුතුයි

නැවත රැකියාවට යන්න පෙර මේ කරුණු දරුවා වෙනුවෙන් සැලසුම් කර ගන්න.

දරු උපතෙන් පසු වැඩ ආරම්භ කරන කාලය නැවත ඇවිත්. පුංචි පැටියා දත් නැති කට පෙන්නලා හිනාවෙන්න පටන් ගන්නයි යන්නේ. සුරතල්ම කාලේ. අම්මාටත්, පුතාටත් එක තුරුලේ උණුසුමට නිදාගත්තු කාලයෙන් වෙන් වෙලා ටිකකට යන්න වෙනවා. මේක ටිකක් අමාරු වැඩක්.

එත් දරුවට මව් කිරි ටික හරි නොනවත්වා දෙන්න හුඟක් අම්මලාට උවමනායි. සමහර අයට ගෙදර අයගේ උදවු ලැබෙනවා. එත් ඔබ දරු උපතෙන් පසු වැඩ අරඹන්න පෙර මේ දේවල් හරියටම වෙන බව නිසැකවම දැනගෙන සිටීම හා සුදානම් කිරීම හරිම වැදගත්.

දරු උපතෙන් පසු වැඩ ආරම්භ කිරීම

1. දින චර්යාවක් ස්ථාපිත කරන්න

ඇත්තටම පළමු සති කිහිපය ඔබට හරිම අපහසුවක් පිඩාවක් දැනෙන්න පුළුවන්. සැලසුම් කරන විදිහට කිසිවක් නොවෙන්න පුළුවන්. රැය දවල් දෙකම පැටියට ඕනේ විදිහට කැරකෙනවා වගේ දැනෙයි.

ඇත්තටම මේ කාලය දරුවා ටිකෙන් ටික රෑ දවල් වෙනස හඳුනාගන්න කාලය. ඒ නිසා දින චර්යාවකට එක විටම පුරුදු කරන්න අමාරුයි. ඉතින් රාජකාරි අරඹන්න සති දෙකකට විතර ඉස්සෙල්ලා මේ දින චර්යාව සටහන් කරගෙන ක්‍රියාත්මක කරන්න.

මිට දරුවන් නින්දෙන් අවදිවීමේ සිට, නාන වෙලාව, කිරි දොවා ගන්න කාල සිමාවන්, නිදාගන්න වෙලාව වගේ හැමදේම ඇතුලත් කරන්න.

2. උදවු ලබා ගන්නා අයව මේ ක්‍රියා පිළිවෙතට හුරුකරන්න

හුඟක් අම්මලා අන්තිම මොහොත එනතුරු මෙය කරන්නේ නැහැ. ඉතින් දරුවා බලාගන්නා අයට මෙය අවසාන මොහොතේ බාර දීමෙන් අපහසුතාවයන් ඇතිවෙනවා.

දරුවත් අපහසුතාවයට පත්වෙනවා. ඉතින් හොඳම විදිහ තමයි ඔවුන්වත් දරුවාව සති දෙකකට පමණ පෙර ඉඳන් හුරු කිරීම. දරුවා බලාගන්න කෙනාටත් තවම හුරු මදිනම් ඔබේ මව හෝ දන්නා වැඩිහිටියෙකු ඇය ළඟ ටික කාලයක් තබා යාම නුවනට හුරුයි. ඔවුන්ට දරුවාගේ දින චර්යාව පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමට කාලයක් දෙන්න.

ඔබ ශීතකරණයේ තබා මව් කිරි ලබාදෙන්න සුදානමක් ඇත්නම් එය මයික්‍රෝවේව් එකේ නොතබන්න මතක තබා ගන්න. දරුවාට කෑම හා කිරි දෙන විට කල යුතු දේ හා නොකළ යුතු දේ ඔවුන්ට පවසන්න. හැකිනම් හැමවිට නිරීක්ෂණය කරන්න.

3. රාජකාරියට ගියත් දරුවාට නිසි පෝෂණය ලැබෙන්නට කටයුතු සලස්වන්න

බොහෝ මව්වරු මාස 6 ක් දරුවන්ට කිරි විතරක්ම දෙන්නයි උත්සහ කරන්නේ. නමුත් ඉන් පසුව වුනත් මව් කිරි දීම හුඟක් වටිනා නිසා අම්මලාට මව් කිරි දොවා යන්න පුළුවන්.

මව් කිරි හා දෙවීම පිළිබඳ විශේෂ උපදෙස් ලබාගෙන පෙර සිටම සුදානම් වුනොත් ගැටළු ඇති වෙන්නේ නැහැ. වැඩිපුර ජීවානුහරණය කරන ලද බෝතල් කිහිපයක් තබාගැනීම හා ඒවා පිරිසිදු කිරීම හා පාවිච්චිය ගැන නිවසේ උදවුවට සිටින අයට ඉගැන්වීමත් වැදගත්.

4. කිරි දෙන මවකට රාජකාරි මට්ටමින් අයිතිවාසිකම් ගැන දැනුවත් වෙන්න

ලංකාවේ නම් කිරි දෙන මව් වරුන්ට අමතර පැය 11/2 ක් සිට නිවාඩු කාලයක් දිනකට මවකට ලැබෙනවා. එය සමහර සේවා ස්ථානවල ඊටත් වඩා වැඩි වෙනවා. මව් කිරි දීමේ අගය හුඟක් කළමනාකාරිත්වයන් හඳුනන නිසා සුහදව කතා කරලා ඔබට ඊට අවස්ථාව ලබාගන්න බැරි වෙන එකක් නැහැ.

5. දරු උපතෙන් පසු වැඩ: මානසික සුදානම

පුංචි පැටියා එක්කම කාලයක්ම ඉඳලා එයාව දාලා රැකියාවට යන එක අම්මලාට හරිම දුක හිතෙන දෙයක්. මේ වෙන්වීම පැය කිහිපයක වුනත් අම්මෙකුට දරාගන්න බැහැ.

එත් හිත ශක්තිමත් කරගෙන ඔබට ජීවිතයට මුහුණ දෙන්න වෙනවා. නිතරම ඔබට උදවු විය හැකි අන්තර්ජාල මිතුරු කණ්ඩායමක් සමග ඵලදායි අදහස් බෙදාගන්න උත්සාහ කරන්න.

දරුවෙකුට අම්මෙක් තරම් තවත් කෙනෙක් නැති තරම්. එකේ සැකයක් නැහැ. එත් මේක හැම වෙලාවකම ප්‍රයෝගික නැහැ. දුකෙන් වුනත් දරුවාව තනිකරන්න වෙනවා.

එත් ඔබේ වගකීම් නිසි ලෙස ඉටු කරන්න උදවු වෙන්න theAsianparent Sri Lanka අපි උත්සහ කළේ ඔබට දැනෙන ඒ වේදනාව මදකට හරි තුරන් කරමින් ඔබව සුරක්ෂිත කරන්නයි.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ