theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරු පැටියා නින්දට යවන්න දරු නැළවිලි ගී

2 අවම කියවීම
දරු පැටියා නින්දට යවන්න දරු නැළවිලි ගීදරු පැටියා නින්දට යවන්න දරු නැළවිලි ගී

දරු නැළවිලි ගී මගින් දරුවන් නින්දට යැවීම ඉතා සුවබර ආදරණීය අත්දැකීමක් බවට පත්කර ගැනීමෙන් දරුවාටත් අම්මාටත් මානසික සුවයක් ලැබෙනවා.

දරුවන් නින්දට යැවීම සමහර අම්මලාට ගැටළුකාරී අවස්ථාවක්. ඒ වෙනුවට එය ඉතා සුවබර ආදරණීය අත්දැකීමක් බවට පත්කර ගැනීමෙන් දරුවාටත් අම්මාටත් මානසික සුවයක් ලැබෙනවා.

හුඟක් අම්මලාට අධික කාර්යබහුලත්වය හා විවේක මදිකම නිසාම වෙනත් උපායන් යොදා දරුවන් නින්දට යවන්නට පෙළඹෙන අවස්ථා තියෙනවා. නමුත් දරුවන්ගේ මානසික, කායික වර්ධනයට සුවදායි නින්දක් බෙහෙවින් වැදගත් වන බව මනෝ වෛද්‍යවරුන් සඳහන් කරනවා.

සුවබර නින්ද දරුවන්ගේ මොලයේ වර්ධනයට මෙන්ම ශරීරයේ අස්ථි වර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙන බැවින් සුව නින්දකට පූර්ව සැලසුමක් දෙමාපියන්ට තිබීම වැදගත්.

දරුවන් නළවන්න තාක්ෂණයට බාර දෙනවාද?

වර්තමානයේ හුඟක් දෙමාපියන් කියන කතාවක් තමයි ලැප්ටොප් එක, ටැබ් එක නැතිනම් ෆෝන් එකෙන් තමන් දරුවන් නින්දට යවන කතාව. හුඟක් දරුවන්ව නින්දට යවන්න විතරක් නෙමෙයි කෑම කවන්නත් දෙමාපියන් යොදාගන්නේ තාක්ෂණික මෙවලම්.

හය හතර නොදන්නා කිරිකැටියා අවසානයේ ආකර්ෂණය වන්නේ දෙමාපියන්ට  නොව මේ මෙවලම් වලට පමණයි. ඒ නිසා නිරායාසයෙන්ම අම්මලාට දරු නැළවිලි ගී කියන්න අමතක වෙලා ගිහින්.

දරු නැළවිලි ගී කියා පැටියා නැළවීමේ වැදගත්කම

දරුවන් දරු නැළවිලි ගී වලට ආසා කරන්නේ මව්කිරි වලට වගේමයි. මන්ද අම්මට හොඳ ගායන හැකියාවක් නැතත් ඇගේ හඬට මුසුවන ආදරය සෙනෙහස ඉන් දරුවාට හොඳින් දැනෙනවා.

නිතර නිතර ඇගේ මුවඟින් ගලා හැලෙන මේ රසබර වදන් පෙළ දරුවාගේ මනසේ සටහන් වෙනවා. දරුවා අම්මා හඳුනා ගන්නත් මවගේ ස්වරයට ඇහුම්කන් දෙන්නත් නිතැතින්ම ආසා කරන්නේ මවට ඇති අපරිමිත බැඳීම නිසයි.

එය දරුවා හා මව අතර ඇති බැඳීම ශක්තිමත් කරන්නත් දරුවා නිරවුල් මනසින් නින්දට යාමටත් හේතු වෙනවා. ඉන් දරුවන්ට සුව නින්දක් ලැබෙන අතර වර්ධනයට එය ඉතා හිතකර වෙනවා.

නැළවිලි ගී අපි දන්නේ නැහැනේ

හුඟක් අම්මලා එහෙම කියන්න පුළුවන්. දරු නැළවිලි ගී අපේ සංස්කෘතිය හා බද්ධ වී ඇති දෙයක්. එදා අම්මලා දරුවන්ට නැළවිලි ගී කිව්වේ පෙර පුහුණුවක් ඇතිව නෙමෙයි.

අතීතයේ පුංචි දරුවෙකු ඉන්න නිවසකින් දරු නැළවිලි ගීයක් නොඇසුනොත් එය පුදුමයට කාරණයක්. හුඟක් නවීකරණය වූ සමාජ ක්‍රමය තුළ ජීවත් වන අය ගමෙන් ඈත්ව ජීවත් වුවත් අපේ සංස්කෘතියේ මුල් වල ඇති වටිනාකම් අපේ දරුවන්ගේ ජීවිත වලට බෙහෙවින් වටිනා බව වැඩිහිටියන් අමතක කර දැමීම අපෙන් සිදුවන විශාල අත්වැරැද්දක්.

එදා ගෙවල් කිහිපයකට ඇහෙන්න අම්මා නැළවිලි ගී කිව්වත් එය වරදක් ලෙස සමාජය දකින්නේ නැත්තේ ඊට ගෞරවයක්, ආදරයක් හිමි වූ නිසයි. දරු නැළවිලි ගී ගැන ඔබට අත්දැකීමක් නැතිනම් ඔබේ පුංචි පැටියා වෙනුවෙන් අපි ඔබට සටහන් කරන්නම්. නමුත් ඔබට සුන්දර ළමා ගී කිහිපයක් වුනත් ගායනා කර පුංචි පැටියා සතුටින් නින්දට යවන්න පුළුවන්.           

  • අතට වෙරළු ඇහිඳ ගෙනේ
    ඉනට පලා නෙලා   ගෙනේ
    බරටම දර කඩා       ගෙනේ
    එයි අම්මා විගස        කිනේ

 

  • ඔන්න බබෝ ඇතින්නියා
    ගල් පොත්තේ සිටින්නියා
    රණ උණබට   තලන්නියා
    අත පිඹ පිඹ     දුවන්නියා 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
  • මගේ පුතා හරි හපනා
    වරුවට කොළඹට  යනවා
    පවුම් තිහක් පඩි     කනවා
    ඉන් පවුමක් මට   දෙනවා

 

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • වර්ධනය
  • /
  • දරු පැටියා නින්දට යවන්න දරු නැළවිලි ගී
බෙදාගන්න :
  • දරුවන්ගේ මොළයේ වර්ධනයට අම්මාගේ හඬ බලපාන්නේ මෙහෙමයි

    දරුවන්ගේ මොළයේ වර්ධනයට අම්මාගේ හඬ බලපාන්නේ මෙහෙමයි

  • තාත්තායි දුවයි මේ ආදරයයි - ඇබැද්දියක් වෙලා

    තාත්තායි දුවයි මේ ආදරයයි - ඇබැද්දියක් වෙලා

  • දරුවන්ගේ මොළයේ වර්ධනයට අම්මාගේ හඬ බලපාන්නේ මෙහෙමයි

    දරුවන්ගේ මොළයේ වර්ධනයට අම්මාගේ හඬ බලපාන්නේ මෙහෙමයි

  • තාත්තායි දුවයි මේ ආදරයයි - ඇබැද්දියක් වෙලා

    තාත්තායි දුවයි මේ ආදරයයි - ඇබැද්දියක් වෙලා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it