දරු ප්‍රසුතියෙන් පසුවත් අම්මා තවත් දරුවෙකු ලැබෙන්න වගේ පෙනුමින් ඉන්නේ ඇයි?

lead image

මීට හේතුව මෙම ලිපිය කියවා දැනගන්න...

දරු ප්‍රසුතියෙන් පසුව, සමහර අම්මලාට ගර්භණි සමයේ ඇතිවන බර වැඩිවීම අඩුකරගන්න පුළුවන් වුවත් සමහර අයට ඒක හුඟක් අමාරුයි. ඒ නිසා හුඟක් අම්මලා දරු ප්‍රසුතියෙන් පසුව කලකිරීමට පත් වෙනවා.

ඔවුන් දිනකට ගන්න කැලරි ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙමින් වුවත් මේ තත්වයේ යහපත් ප්‍රතිඵල අත් දකින්නට ලැබෙන්නේ නැහැ. ඉන් හුඟක් අම්මලා පසුබට වෙනවා. හුඟක් මව්වරුන්ට සති 6 සිට 8 ක පමණ කාලයක් ගර්භණි සමයේ පැවතී උදරයේ පෙනුම යටපත් වීමට ගතවෙනවා.

ගර්භණී සමය පහසු කරගන්න

දරු ප්‍රසුතියෙන් පසුව තවත් දරුවෙකු ලැබෙන්න වගේ ඉන්නේ ඇයි?

මීට හේතුව ගර්භාෂය හා මුත්‍රා මාර්ගය යන දෙකම දරුවාට ඉඩ ලබාදීමට විශාල වෙනවා. මුත්‍රා මාර්ගය තුළින් දරුවා එළියට ඒමට අවශ්‍ය ලෙස ශරීරය පවතින නිසා සමහර කාන්තාවන්ගේ ශරීරයේ එම වෙනස්කම මාස 6 ක් පමණ යනතුරුත් එලෙස පවතින නිසා ඇඟේ පෙනුමත් ඉන් වෙනස් නොවෙන්න පුළුවන්.

අනෙක් අතට දරු ප්‍රසුතියෙන් පසුව එක් එක් අයගේ ශරිරයේ ඇති වෙනස්කම් නිසාද මෙහි කාලය අඩු වැඩි වෙන්න පුළුවන්.

අපට උවමනා තරම් ඉක්මනට පෙනුම නොලැබෙන බව දැන ගැනීම අවබෝධ කර ගැනීම අම්මලාට නම් සැනසීමක් ලබාගන්න පුළුවන් බව මැසචුසෙට්ස් රෝහලේ වැඩි අවදානම් ගර්භණි සමය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලෝරා රිලේ පවසනවා.

සිසේරියන් සැත්කමක් හෝ වෙනත් ව්‍යාකූලතා ඇතිවූ මව් වරුන්ට ආහාර පාලනය හෝ වෙනත් සීග්‍ර ඇඟ අඩු කරගැනීමේ උපායන් වලට යාම වෛද්‍යවරුන් අනුමත කරන්නේ නැහැ.

WebMD ට අනුව කිරිදෙන මව්වරුන්ටත් එය කිසිසේත් සුදුසු නොවන බව පවසනවා. කිරි දෙන මවක් දිනකට 1800- 2000 ක් කැලරි ප්‍රමාණයක් ලබාගත යුතු අතර එසේ නොගැනීමෙන් ඔබට නොව දරුවාට අයහපත් ප්‍රතිඵල ළඟා වෙනවා.

පෝෂණවේදී එලිසබෙත් සෝමර් පවසනවා. ඔබ හොඳ ආහාර නොගත්තොත් හොඳින් මව් කිරි දෙන්න බැරි වෙනවා. ඇය තවදුරටත් පවසනවා.

මවක් නැවතත් ඇගේ පරණ පෙනුම හා බර ලබා ගන්න වෙහෙසෙනවා නම් සෞමය ව්‍යායාම කිහිපයක් කරන්න පුළුවන්. එමගින් ශරීර ශක්තිය වගේම පසු ප්‍රසූත විශාදයද අවම වෙනවා.

විශේෂඥයින් පවසන ආකාරයට මවකට තමන් නැවත සුවයට පත් වී ඇතැයි සිතන කාලය තුළ නැවත ව්‍යායාම ඇරඹිය හැකි නමුත් වෛද්‍ය උපදෙස් පිළිපැදීම ඉතාම සුදුසු බව පවසනවා.

වැදගත් වන්නේ ව්‍යායාම තුළින් ඔබට දැනෙන දෙයයි. ඉන් ඔබට සුවයක් දැනේනම් එය ප්‍රතිඵල  දායකයි. ඉන් වේදනාවක් දැනේනම් එය අහිතකර බව සිතට ගන්න. ලෝරා තවදුරටත් පවසනවා.

අම්මා කෙනෙකුට පෙනුම ඉතාම වැදගත් වුවත් ඊට ඉවසීම සංයමය ඔබත් දරුවාත් සුවෙන් තබනවා. මේ පණිවිඩය ඔබව හැමදාට ආදරය කරන theAsianparent Sri Lanka වෙතිනුයි.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ