දරු ප්‍රසුතියෙන් පසු බර අඩු කරගැනීමට සහය දෙමින් ලේලියගේ විශ්වාසය ගොඩ නැංවූ අපූරු නැන්දම්මා

lead image

මගේ නැන්දම්මා මෙහෙම කිව්වා. "ඔයාගේ බර වැඩි වෙලා. ඔයා ඒ ගැන දුක් වෙන්න ඕනී..."

මගේ නැන්දම්මා මෙහෙම කිව්වා. "ඔයාගේ බර වැඩි වෙලා. ඔයා ඒ ගැන දුක් වෙන්න ඕනී."

අපි හැමෝම නැන්දම්මා ගැන බය හිතෙන  කථා අසා තියෙනවා. මම විවාහ වූ විට මගේ පවුල එක විස්තාරිත පවුලක් ලෙස එකට  රැඳී සිටින බව මම  දැනගත්  විට මම ප්‍රමෝදයට පත්වුනේ නැහැ.

කොහොමවුණත්, මට මගේ විවාහ ජීවිතයේදී මගේ සැමියාගේ ළගම නැදෑයින් සමග මෘදුව ජීවත් වෙන්න හැකි වුනා. ඔවුන් සැලකිලිමත් වු නමුත්  මැදිහත් නොවූ අතර මට මගේ නැන්දම්මා සමග හොඳ සබඳතාවක් ගොඩනගා ගන්න හැකිවුනා.

දරු ප්‍රසුතියෙන් පසු තත්වයන් වෙනස් වීම

කොහොමවුණත් මගේ නැන්දම්මා මගේ දරු ප්‍රසුතියෙන් පසු තවත්  මට ලංවුනා. මෙම හොද සම්බන්ධතාවය ගැන ධනාත්මක කථාව බෙදා ගැනීම වැදගත් වන බව මට හිතුනා.

ඒ සාමාන්‍යයෙන් සැමියාගේ සමීපතම නැදෑයින් ඔවුන්ගේ ලේලියගේ ජීවිතය අපායක් කරන බවට පොදු පිළිගැනීම් සැමවිටම තිබෙන නිසයි.

මගේ කතාවට ආපසු ගියොත්, මම නිතරම කෙට්ටු කෙල්ලක් වුනා. මම  අසීරූ ගර්භණී සමයක් ගත කල අතර බොහෝ විට ඇඳ මත සිටිමින් සාමාන්‍යයෙන් වඩා වැඩි ආහාර ප්‍රමාණයක්  ගත්තා.

දරු ප්‍රසුතියෙන්  පසු, සෑම කෙනෙකුගේම බර යම් ප්‍රමාණයක් වැඩි වෙන නිසා මම වෙනසක් දැක්කේ නැහැ. හැබැයි මාස හයකට පස්සේ මම මගේ කාර්යාලයට නැවත ගිය විට මම යථාර්ථය තේරුම්  ගත්තා.

මගේ ඇඳුම් කිසිවක් මට ගැලපෙන්නේ නැතිව යෑමෙන් මම  මගේ සාමාන්‍ය බර ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව මට පෙනී ගියා .

කාර්යාලයට යෑම භයංකර වුනා. මා දුටු හැම කෙනෙක්ම මගේ බරේ වෙනස දුටුවා.

සමහරු නිහතමානී අයුරින් කියා සිටියේ අනෙක් අය අදහස් දැක්වීම ස්වාභාවික බවත් දැන් මා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවත්ය. 

මගේ නැන්දම්මා භාර ගත්තා

මම ගෙදරට ආ හැටියේම  හදවතින් හඩා වැටුනා. මම මගේ නැන්දම්මා සමඟ දුක බෙදා ගනිමින් මට මේ නරක අදහස් දරා ගත නොහැකි නිසා මම රැකියාවෙන් ඉවත්ව යන්න හිතන බව මම කිව්වා.

මගේ නැන්දම්මා සිනාසෙමින් මෙසේ පවසුවා.  "ඒත්  වේදනාකාරී  අදහස් ඇත්තක්. ඔයා  බර වැඩි වෙලා ඔයා එය ගැන කරදර විය වෙන්න ඕනී."

ඒ මොහොතේ මට දැනුනේ මගේ සැමියාගේ නැදෑයින් මාව අපායට යවන තරම් නරක දෙයක් සිදු වු බවයි. නමුත් පසුදා උදෑසන සිට සියල්ල වෙනස් වුනා. මගේ නැන්දම්මා මගේ බර අඩු කරගැනීමට උදව් කරන බව මට දැනුම් දුන්නා.

ඇය මඟ පෙන්නුවා.

ඊළඟ දවසේ උදෑසන මගේ නැන්දම්මා මා වෙනුවෙන් පළතුරු සහ ඕට් උදෑසන ආහාරයක් සකස් කර කාර්යාලයට යන ලෙස මට පැවසුවා. ඇය අසල සිටි යෝගා උපදේශකවරයෙකු සමඟ සාකච්ඡා කර කාර්යාලයෙන් පසුව පැයක යෝග පංතියක් සදහා මා ලියාපදිංචි කලා.

ඇය ඒ කාලය තුළ මගේ දරුවා රැකබලා ගත්තා. සති අන්තයේ ඇය නැවතත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් මා වෙනුවෙන්  සුදානම් කල අතර අසල පිහිටි උද්‍යානයේ  දුවන ලෙස ඉල්ලා සිටියා.

ඇය ආහාර වේල්  අධීක්ෂණය කල අතර රාත්‍රී කාලයේදී  ඇය මුළු පවුලටම  සෞඛ්‍ය සම්පන්න ආහාර පිළියෙළ කලා. මම හොදින් ආහාර ගත යුතු නමුත් එය  කල්පනාවෙන්  කල යුතු බව ඇය සිතුවා. මාස තුනක් ඇය මාත් එක්ක මේ චර්‍යාවන්  පවත්වා ගෙන  ගිය අතර දැන් ප්‍රතිඵල පෙන්වනවා.

කතාව දැන්

අද මගේ දරුවාට වයස අවුරුදු දෙකයි. මම නැවතත් මගේ ගැබ්ගැනීමට පෙර බරට ගොස් සිටිනවා. මගේ මහත්තයා මම තරබාරු වීම ගැන කිසිම දෙයක් නොකියා සිටියත්  මම නියමිත බරට පැමිණි බවත්  විශ්වාසය නැවතත් ලබා ගත් බවත්  ඔහු දැක්කා.

මගේ අම්මා පවා මා වෙනුවෙන් නොකල මගේ නැන්දම්මා මා වෙනුවෙන් කළ දේ මට දැනෙනවා . ඇගේ උත්සාහයන්  මගේ දෘෂ්ටිය වෙනස් කිරීමට පටන් ගත් අතර අද වෙන කවරදාටත් වඩා මම ඇයට සමීප වෙලා ඉන්නවා .

හැමදාම අහන නැන්දම්මා ලේලී සටනට හාත්පසින්ම වෙනස් වු මේ නැන්දම්මා ලේලී අපූරු ආදර කථාව ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි .

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී