දසමාසයක් වූ අපුරු චාරිකාව - දහවෙනි මාසය

දසමාසයක් වූ අපුරු චාරිකාව - දහවෙනි මාසය

අම්මේ මේ මගේ හීන ඉටුවෙන මාසයයි. මම මේ ගෙවන්නේ දසවෙනි මාසය හෙවත් අවසාන මාසයයි.

අම්මේ මේ මගේ හීන ඉටුවෙන දසවෙනි මාසය. මම මේ ගෙවන්නේ දසවෙනි මාසය හෙවත් අවසාන මාසයයි.

දැන් මගේ උස අඟල් 20 ක්, බර රාත්තල්  7.2 ක් වෙනවා.   රෝම වැටිලා .අවයව පද්ධති හොඳින් වැඩිලා.පෙනහලු සිය කාර්යයන් ඇරඹීමට සූදානමින් , මගේ හිස පහළට අම්මේ,මම උපතට සූදානම්,

අනේ අම්මේ කවුදෝ මාව ටිකෙන් ටික තල්ලු කරනවා. අම්මේ අපි දෙන්නාගේම ජීවිතයේ අසීරුතම අවස්ථාවකට මුහුණ දෙන්න සුදානම් ,  අම්මේ මට දිරි දෙන්න. මගේ අම්මාත් දිරි ගන්න. අපි මේ මොහොතට එකට මූණ දෙමු.

මෙන්න මං ඒ ගමන පටන් ගත්තා. මට වේදනාව ගැන හැගීමක් නැතත් අම්මේ මාව මිරිකෙනවා. හිරවෙනවා. ඒත් අම්මේ අම්මා වේදනාවෙන් කෑගහනවා කෑගහන මට ඇහෙනවා.

අඩන්න එපා මගේ සුදු අම්මේ , මෙන්න මං ආවා .මං ඔයාගේ සුදු පැටියා , අනේ අම්මා කොච්චර ආදරෙන්ද මාව පපුවට තුරුලු කරගත්තේ, අම්මා ලග හරිම උණුසුමයි. අනේ අම්මා මාව තුරුලු කරගෙන ගත්ත සැනසුමේ හුස්ම පොද මටත් දැනුනා අම්මේ..දැන් මට අම්මාගේ හදවතේ රිද්මය හොදින් ඇහෙනවා.

දැන් නම් ඔය හුරතල් ඇති අම්මියෝ , දැන් මට බඩගිනියි. කුක්කු චුට්ටක් දෙනවාද?