දසමාසයක් වූ අපුරු චාරිකා: හයවන මාසය

lead image

මේ මාසේ ඔබේ පුංචි පැටියා ඔබේ කුස තුළ මොනවද කරන්නේ? මෙම ලිපිය කියවා දැනගන්න

මගේ බර තව ටිකක් වැඩි වෙලා. අම්මිගේ ලොකු වෙච්ච බණ්ඩියේ ඉන්න මං හුගක් බර ඇති නේද? මයේ අම්මාට අමාරුයිද?

අම්මා දන්නවාද මට දැන් ඇගිලි නවන්නත් පුලුවන්. මං සමහර වේලාවට අත් දෙකේ ඇගිලි එකට ගුලි කරගෙන මගේ අම්මා දකින්න එන්නේ කවදාද කියලා මං කල්පනා කරනවා.

මගේ පුංචි ඇස් ඇරිලා. ඒත් අම්මාගේ ගර්භාෂය ඇතුලේ තියෙන කලුවර ඇරෙන්න මට කිසිම දෙයක් පේන්නේ නෑ.

ඒත් ඉදලා හිටලා අම්මාගේ ගර්භාෂය හරහා පුංචි ආලෝකයත් එන වේලාවක් එහෙමත්   තියෙනවා . දැන් මට තේරෙනවා අදුරට වඩා ආලෝකය කොච්චර සුන්දරද කියලා.

ඇගේ උෂ්ණත්වය රදවාගන්න පුලුවන් වෙන්න සමට යටින් තෙල් ස්ථර තැම්පත් වෙන්න පටන් අරන්. මගේ පුංචි සිරුර ඇතුලේ සකස්වෙලා තියෙන පුංචි පුංචි අවයව තවදුරටත් විකසනය වෙමින් ගර්භාෂයෙන් පිටත ලෝකයේදී ස්වාධීනව වැඩ පටන් ගන්නට හොද සුදානමක් ඇති කරගන්නවා.

අම්මා මං වෙනුවෙන් එවන හැම පෝෂණයකටම මට දෙන්න තියෙන්නේ මගේ පුංචිම පුංචි හදවතින් ගලා එන ආදරය විතරයි අම්මේ,

අම්මා බණ්ඩිය අතගාලා මාව හුරතල් කරද්දී මං හරිම ආසාවෙන් බණ්ඩියට හේත්තු වෙලා ඉන්නවා.