දසමාසයක් වූ අපූරු චාරිකාව මෙසේ නිමා වු වගයි.

දසමාසයක් පුරාවට මං ආපු මගේ ගමන් මග එක් අසීරුතම පිම්මකින් නිමා වී අම්මාගේ ආදරයට මා තුරුල් වූ ඒ අසිරිමත් මොහොත මෙසේ උදා විය

ආදරේ සොයා ඇවිත් නැවතුනේ ඔබේ කුසෙයි

අම්මේ ඔබේ ලෙයින් පොඩි හදවතක් ගැහෙයි

දියවෙලා අම්මාගේ ලේ මස් සීරුවට ගලා ඇදෙයි

අම්මේ ඒ තුලින් ඔබේ නමට පණක් ගැහෙයි

 

සැගවිලා ඔබේ කුසයේ ආදරය මා සොයයි

ඔබේ මිහිරි හඩට මා සැනසුනා තමයි

මගේ පණ ඇත්තේ අම්මාගේ සන්තකෙයි

දන්නවා එය ඔබට ඔබේ පණ හා සමයි

 

දිනගණන් ගෙවී යනවා ඉවසිල්ල නැති හැඩයි

දග හින්දා මම ටිකක් ඔබේ කුසයේ අතපය වදියි

රිදෙනවාද මයේ අම්මේ සිත හඩගා අසයි

පිටවෙන්න වදන් නැති අම්මිගේ පුංචි පැටියා  මමයි

 

ඉපදෙන්න ඕනී මගේ හද මට කියයි

අම්මාට රිදේවිද මේ පොඩි හිතට බයයි

ඒ වුනත් ඔබේ ඔය මූණ දැකගන්න  ආසයි

එක්ව මූණ දෙමු මේ දුක සැමට පොදුයි

 

දසමසක් ගෙවු ඒ ගැබ මා තල්ලු කරයි

අම්මාගේ විලාපය අසනු බෑ මට දුකයි

මා මේ ගෙවා එන්නේ ලොව අසීරුම මගයි

දිරි ගන්න අම්මේ අපි අපට හිමියි

 

එකි නෙකා නොදැක කල ප්‍රේමයක් නිමාවෙයි

අම්මේ ඔබේ වත මට සිනහවක් ගෙනඑයි

හිමින් හිමින් මං ඇදුනේ ඔය පපුවටයි

කුක්කු දෙන්න අම්මි මට හරිම  කුසගිනියි.