theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දික්කසාදයෙන් පසු නව සබඳතාවක් ගොඩනගා ගැනීමට ඇති බාධා ජයගැනීම

4 අවම කියවීම
දික්කසාදයෙන් පසු නව සබඳතාවක් ගොඩනගා ගැනීමට ඇති බාධා ජයගැනීමදික්කසාදයෙන් පසු නව සබඳතාවක් ගොඩනගා ගැනීමට ඇති බාධා ජයගැනීම

දික්කසාදයෙන් පසු ජීවිතය අලුතින් පටන් ගැනීම අභියෝගයක් වන්නට පුළුවන්. අලුතින් සබඳතාවක් පටන්ගැනීමට මේ කරුණු උපකාර වන්නට පුළුවන්.

විවාහයක්  කියන්නේ සදාකාලික බැඳීමක්. නමුත් අවාසනාවකට හැම විවාහයක්ම එහෙම වෙන්නේ නැහැ. අනන්ත බාධා විඳගෙන ජිවිතයේ ඉදිරියට යන්නට දික්කසාද වීම විසඳුමක් වන අවස්ථා නැතුවා නොවේ.

විවාහය දික්කසාදයෙන් කෙලවර වුවත්, දික්කසාදයෙන් පසු ප්‍රේමය එතැනින් කෙලවර විය යුතුද?

නැහැ! එසේ වන්නට අවශ්‍ය නැහැ. ගිනි පෙල්ලෙන් බට කෑ පසු කණාමැදිරි එළියටත් බිය වීම සාමාන්‍ය දෙයක්. නමුත් මේ අමිහිරි අත්දැකීම් සහ බිය තුරන් කොට යළි ජිවිතයට ප්‍රේමය ළඟා කරගන්නට ඔබට පුළුවන්.

දික්කසාදයෙන් පසු බැහැර කරගත යුතු සුලභ දුර්වලතා

1 යළි ප්‍රේමයෙන් පරාජිත වේයැයි ඇති බිය

පීඩාකාරී සබඳතාවකින් පසු ප්‍රේමය කෙරෙහි බියක් ඇති කරගැනීම සාමාන්‍ය දෙයක්. ඔබව පිඩාවට ලක් කල මතකයන් යටපත් කිරීම කෙතරම් අපහසුද?

යළි ප්‍රේමයේ පැටලෙන්නට බියපත් වීම සාමාන්‍ය මුත්, ජිවිතයේ ඕනෑම දෙයක් ලබාගන්නට නම් යම් හෝ අවධානමක් නොගෙන බැහැ.

දික්කසාදයෙන් පසු

ආදරයට ඉඟියක්!

ප්‍රසිද්ධියේ ප්‍රේමය හොයන්නට ඔබ මාලි වේ නම්, කිට්ටු හිතවතියකට පවන්න. අන්තර්ජාලය හරහාද සුදුසු සහකරුවකු සොයාගන්නට හැකි වෙබ් අඩවි මදක් පිරික්සා බලන්න.

නොයෙක් සමිති සමාගම් සහ සමාජීය ක්‍රියා වල නියලිමත්, අලුත් පරිසර වලට විවෘත වී පුද්ගලයින් දන හැඳිනගැනීමත් වැදගත්. කෙසේ නමුත් ඔබගේ සුපුරුදු පරාසයෙන් ඔබ්බට පියවටක් තැබිය යුතුම වනවා.

2 විශ්වාසය කඩ වීම

දික්කසාදයෙන් පසු බොහෝ අය මුහුණ දෙන ප්‍රධානතම ගැටළුවක් නම් විශ්වාසය බිඳීමයි. අප්‍රසන්න ඔබ අත්දුටු අප්‍රසන්න අත්දැකීම් නිසා ප්‍රේමය කෙරෙහි තිබුණු පිවිතුරු ආකල්ප ජිවිතයෙන් ඈත් වන්නට ඇති.

පිවිතුරු ප්‍රේමය යනු මුලාවක් බව ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් මේ මතකයන් මදකට යටපත් කර විශ්වාසයට ජිවිතයේ පාලනය අතට ගන්නට ඉඩ දෙන්න. ‘විශ්වාසයට පුළුවන් කඳු ඉවත් කරන්න’ (Faith ca move mountains) යන කතාව ඔබ අහල ඇති නේද? ඉතින් විශ්වාසයට අවස්ථාවක් ලබා දෙන්න.

දික්කසාදයෙන් පසු

ආදර ඉඟියක්!

ජිවිතයට සුභවාදී ආකල්ප ගෙන දෙන පොත් සහ ලිපි කියවන්න. ඒ සම්බන්ධ වීඩියෝ පට බලන්න. ඔබ වටා ඉන්නා යහළු මිත්‍රයින් ඔබව ඔසවා තබන නොහොත් සුබවාදීව සිතන්නට උපකාර වන ය බවට වගබලා ගන්න.

3 සන්ඩු සරුවල් වලින් වළකින්නට ඇති උවමනාව

ඔබ මුහුණ දුන් අප්‍රසන්න මත ගැටුම් සහ සන්ඩු සරුවල් වල මතකයන් ඔබගේ හදවත වෙලාගෙන ඇති. නමුත් මදක් විවෘතව ඒ දෙස බැලීමෙන් ඒ ගැන පුළුල් අවබෝධයක් ඔබට ඇති වේවි.

ඕනෑම සබදතාවක මත ගැටුම් ඇති විය හැකි මුත් එය සෑම විටකම සබඳතාවන් කෙලවට වන්නේ නැහැ.

ආදර ඉඟියක්!  

ඕනෑම සබඳතාවකදී දෙපාර්ශවයක් අතර මැති මතාන්තර වෙනස් විය හැකි බව තේරුම් ගන්න. මෙම යතාර්ථය අවබෝධ කරගන්නට පුළුවන් නම් මත ගැටුම් සඳු සරුවල් වෙනුවට කතා බහකට හරවගන්නට හැකි වනවා පමණක් නොව, යමක් ගැන නව දැක්මක් ඇති කරගන්නටද උපකාර වන්නට පුළුවන්.

4 ආත්ම විශ්වාසය බිඳී යාම

දික්කසාදය තුළින් ඔබේ ජිවිතයේ පහනක් නිවුනා සේ හැඟෙන්නට පුළුවන්. ඔබ පලකට නැති කෙනෙකු සේ හැඟෙන්නට පුළුවන්. කලකිරීම, දුක ඔබ පහතට ඇද දමනවා ඇති. මෙය සතයක් නොවන බව තරයේ මතක් කරගන්න.

නිවසේදී මෙන්ම වැඩපොලේදීත් ආත්ම විශ්වාසය ගොඩනැගෙන ක්‍රියාකාරකම් වල නියැලෙන්න.

ආදර ඉඟියක්!

ඔබේ අල්මාරිය තුළ ගවේෂණයක් කරන්න. ලස්සනට අඳින්නට තීරණය කරන්න. රුපලාවන්‍ය කළමනා ආයිත්තම් වලින් සැරසෙන්න. ඔබට අභිමානයක් ගෙන දෙන ඇඳුම්, පාවහන් පළඳින්න. ඔබට දැනෙන වෙනස ඔබව මවිත කරාවි!

5 තව කෙනෙක් විශ්වාස කල නොහැකි වීම

දික්කසදයකින් පසුව නව සබඳතාවක් ඇති කරගැනීමේදී ඇති වන විශාලතම අභියෝගය විශ්වාසයයි. විශේෂයෙන්ම ඔබ චපල සහකරුවෙකුට කොටු වුනි නම් මෙය තවත් තදබල ලෙස දැනේවි.

නමුත් විවෘත මනසකින් සබඳතාව අරඹන්නට ඔබ අදිටන් කරගත යුතුයි.

ආදර ඉඟියක්!

ඔබගේ ක්‍රියාකාරකම් ගැන විවෘත වන්න. එම විවෘත බව ඔහුගෙන්/ඇයගෙන්ද බලාපොරොත්තු වන බව වටහා දෙන්න. වඩාත්ම වැදගත් වන්නේ ඔහු/ඇය කරන සෑම ක්‍රියාවක් දෙසම සැකයෙන් නොබැලීමයි.

6 නිතර අවිනිශ්චිත හැඟීමෙන් පසුවීම

දික්කසදයකින් පසුව පරාජිත හා අවිනිශ්චිත හැඟීම් ඇති වීම අසාමාන්‍ය දෙයක් නොවේ. නමුත් අවබෝධයෙන් යුත් කෙනෙක් ඔබව වටහා ගන්නා බවත් ඔබ තේරුම් ගත යුතුයි. එවන් කෙනෙක් ඔබේ අවිනිශ්චිත බවෙන් යුතු ප්‍රයෝජන ගන්නේ නැහැ.

ඔබේ නව සබඳතාව මදක් ලියලන්නට කල් දෙන්න. ආරම්භයේදීම ඔබේ සියළු හැඟීම් ගැන විවෘත වන්නට අවශ්‍ය නැහැ.

දික්කසාදයෙන් පසු

ආදර ඉඟියක්!

ඔබේ සබඳතාව ගැන සැනසුමක් නැතහොත් නිශ්චිත බවක් හැඟෙන තුරු ඔහුට/ඇයට ඔබේ හද පතුලේ ගැඹුරු සිතුවිලි ගැන විවෘත වන්නට අවශ්‍ය නැහැ. නමුත් එසේ විවෘත වූ විට එය ඔහුට/ඇයට අමතර බරක් සේ දැනෙන්නට ඉඩ හරින්නට එපා.

එය හුදෙක් තේරුම් ගැනීම සඳහා පමණක් බැවිනි.

7 ලිංගිකව ආකර්ශමත් නැතැයි සිතීම

ලිංගිකත්වය දෙස විවිධ පුද්ගලයන් බලන්නේ විවිධාකාර ලෙසයි.  යමෙක් ඔබේ කුමන අංග ලක්ෂණයකට ආකර්ෂණය වනවාදැයි ඔබ නොදන්නවා ඇති.

මෙය ඔබේ රූසපුව, සිනහව, දෙනෙත්, චර්යාව හෝ ආකල්ප වන්නට පුළුවන්. ඉතින් ඔබට ලිංගිකව ආකර්ශමත් නැතැයි සිතේ නම්, ඔබ වැරදියි.

ආදර ඉඟියක්!

ඔබේ නව සබඳතාවට ස්වභාවයෙන්ම දළුලන්නට ඉඩ හරින්න. මෙය නිශ්චිත සබඳතාවක්ද නැද්ද යන්න ඔබට වැටහෙනු ඇති.

ඉතින් දික්කසාදයෙන් පසු නව සබඳතාවක් ගැන සුභවාදී බලාපොරොත්තුවක් ඇති කරගන්න.

දික්කසාදය කෙතරම් වේදනාකාරී වුවත්, ඔබගේ වටිනා ජීවිතය ඔබ ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතුය. අතීතය අමිහිරි වුවත්, අනාගතය අති සුන්දර කිරීමට අවස්ථාවක් ඔබට ඇත. එය අහකලන්නට එපා!

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

පින්තූරු: Memes.lk වෙතින් සහ අන්තර්ජාලයෙන් 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • දික්කසාදයෙන් පසු නව සබඳතාවක් ගොඩනගා ගැනීමට ඇති බාධා ජයගැනීම
බෙදාගන්න :
  • දික්කසාදය නිසා බිද වැටෙන ඔබේ දරුවා ශක්තිමත්ව තබන්න කල යුතු දේවල් 4 ක්

    දික්කසාදය නිසා බිද වැටෙන ඔබේ දරුවා ශක්තිමත්ව තබන්න කල යුතු දේවල් 4 ක්

  • විවාහයක් දික්කසාදයක් කරා යන බව පෙන්වන අනතුරු ඇඟවීමේ සංඥා

    විවාහයක් දික්කසාදයක් කරා යන බව පෙන්වන අනතුරු ඇඟවීමේ සංඥා

  • දික්කසාදය නිසා බිද වැටෙන ඔබේ දරුවා ශක්තිමත්ව තබන්න කල යුතු දේවල් 4 ක්

    දික්කසාදය නිසා බිද වැටෙන ඔබේ දරුවා ශක්තිමත්ව තබන්න කල යුතු දේවල් 4 ක්

  • විවාහයක් දික්කසාදයක් කරා යන බව පෙන්වන අනතුරු ඇඟවීමේ සංඥා

    විවාහයක් දික්කසාදයක් කරා යන බව පෙන්වන අනතුරු ඇඟවීමේ සංඥා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it