දිනපතා බිත්තරයක් ලබා දීමෙන් ඔබේ දරුවාගේ වර්ධනයට හා උස යාමට උදව් වෙනවා

දිනපතා බිත්තරයක් ලබා දීමෙන් ඔබේ දරුවාගේ වර්ධනයට හා උස යාමට උදව් වෙනවා

නවතම අධ්‍යන වාර්තාවන්ට අනුව බිත්තර මගින් දරුවන්ගේ වර්ධනය ඉහළ දැමීමේ හැකියාව ඉතා වැඩි බව සඳහන් කරනවා. ඒ ගැන ඇහුවොත් ඔබ පුදුම වෙයි.

පුංචි බිත්තර ආදරවන්තයෙකුගේ මවක් ලෙස මම මගේ හත් හැවිරිදි පුංචි පුතා බිත්තර වලට ආසා කළ ආකාරය ගැන හැම වෙලාවෙම පුදුම වුණා වගේම,  දිගුකාලීනව එය ඔහුගේ සෞඛ්‍යට හිතකර නොවේයැයි මට සිතුනා. ඇත්තටම මේ ගැටලුව මට අවුරුදු කිහිපයකට පෙර තිබුණ නිසාම මම ඒ ගැන කළ පරීක්ෂණ වලින් මේ ලිපිය ලියන්න හිතුවා.  ඔබේ දරුවාට දිනපතා බිත්තරයක් ලබා දීම හොඳයි. නවතම පරීක්ෂණ වාර්තා අනුව දිනපතා දරුවාට බිත්තරයක් ලබාදීම ගොඩක් හොඳ බව කියවෙනවා. ඇත්තටම එය ඔබේ දරුවාගේ උස සහ වර්ධනයට උදව් වෙනවා.

දරුවාට දිනකට බිත්තරයක් දීම

අධ්‍යනය

2017 ජුනි 6 වෙනිදා පළවුණ Pediatrics නම් ජර්නලයේ සඳහන් වන්නේ අධ්‍යනයට අනුව දිනපතා බිත්තරයක් මගින් පෝෂණයට හා වර්ධනයට අවශ්‍ය අඩු පාඩු පුරවන බවයි. මෙම අධ්‍යනයේ ප්‍රධාන කතෘ, බ්‍රවුන් පාසලේ සහ සෙන් ලොසියස් හි වොෂින්ටන් සරසවියේ ළමා පෝෂණය පිළිබඳ විශේෂඥවරියක් වන ලෝරා ලැනෙන්ට්ටි මේ ගැන කරුණු දක්වනවා.

2015 දී ලැනෙන්ට්ටි සහ ඇගේ කණ්ඩායමේ පාලනයෙන් ඉක්වදෝරයේ මාස 6ත් 9ත් අතර ළදරුවන් 160 දෙනෙකුට දිනපතා මාස 6 ක් බිත්තර ආහාරයට ලබා දුන්නා.  ඔවුන් සීනි සහ පැණි රස ආහාර අඩු කළා. එම සමාන වයසේම තවත් කණ්ඩායමකට දිනපතා බිත්තර දුන්නේ නෑ.

මේ පරීක්ෂණය මෙහෙයවීමේදී තරුණයන්ට විවිධ ගැටළු මතු වුණා. බිත්තර වලින් අසාත්මිකතා ඇති වේවිද සහ නිවෙස් වලදී මේ පරීක්ෂණයේ සැලසුම් නිවැරදිවම අනුගමනය කරයිද යන්න එලෙස නැගුණ ගැටළු අතර වුණා.

දිනපතා බිත්තරයක් ලබා දීමෙන් ඔබේ දරුවාගේ වර්ධනයට හා උස යාමට උදව් වෙනවා

ප්‍රතිලය

ප්‍රතිඵලයන් පුදුම සහගත වුණා. දරුවන්ට බිත්තර ලබා දීමෙන් ඔවුන්ගේ වයස අනුව උස සහ වයස අනුව බර සැලකිය යුතු ලෙස වර්ධනය වන බව සොයාගෙන තියෙනවා.

ඒ වගේම බිත්තර වලින් වර්ධනය හා කාය ශක්තිය 47% කින් වැඩි කරනවා.

සාමාන්‍ය ආහාර වලින් සිදුවන වර්ධනය ගෝලීය සාමාන්‍ය අගය 0.39ක් වන අතර බිත්තර ආහාරයට ගැනීමෙන් එය 0.63 ක් වන බව ලැනොට්ටි පවසනවා.

දිනපතා බිත්තරයක් ලබා දීමෙන් ඔබේ දරුවාගේ වර්ධනයට හා උස යාමට උදව් වෙනවා

හොඳ පෝෂණයක් ලබාදීමේ වැදගත්කම්

දරුවෙකුගේ ජීවිතයේ පළමු අවුරුදු දෙක වැඩීමේ හා සංවර්ධනයේ වැදගත්ම අවධිය වන අතර මෙම අධ්‍යනයේ ප්‍රතිඵලය එයට නිසැකවම කියාපානවා.

බිත්තර මිලෙන් අඩු, රසවත් සහ වට්ටෝරු රැසකට සකස් කරගත හැකි ආහාරයක්. ඒ වගේම තරුණ දරුවෙකු කලබලයෙන් සිටින අවසථාවක එක බිත්තරයක් ආහාරයට ලබා දෙන්න. මෙය ඔහුට සන්සුන් බව ලබා දෙන අතර හොඳ පෝෂණයක්ද ලැබෙනවා.

  • කෝලින් - මොලය වර්ධනය කිරීම , ක්‍රියාකිරීම හා මතක ශක්තිය ඇති කරනවා.
  • ෆොලේට් - රතු රුධිර සෛල නිෂ්පාදනය හා පාලනය.
  • අයන් - සෛල වලට ඔක්සිජන් වහනය කරනවා.
  • ලුතින් සහ ඇසියන්තින් - පෙනීම දියුණු කිරීම සහ UV කිරණ වලට එරෙහිව ක්‍රියා කර ඇස් ආරක්ෂා කරනවා.
  • නයිසින් - සාමාන්‍ය ස්නායු ක්‍රියාකාරිත්වය දියුණු කර ශක්තිය මුදා හැරීමට උදවු වෙනවා.

 

  • ඔමේගා-3 ෆැට්ස් - රුධිර කොලෙස්ටරෝල් ඉහළ දමනවා.
  • ප්‍රෝටීන් - ශරීර ශක්තිය පවත්වා ගැනීමට උදව් වෙනවා.
  • රිබෝෆ්ලෙවින් - ශරීරයේ පටක නිරෝගීව තබනවා.
  • විටමින් A - පිළිකා වලට එරෙහිව ක්‍රියා කරනවා.
  • විටමින් B12 - හෘදයාබාධ වලට එරෙහිව ක්‍රියා කරනවා.
  • විටමින් D - අස්ථි සහ දත් නිරෝගීමත් කරනවා.
  • විටමින් E - ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා.
  • සින්ක් - ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.

කුඩා දරුවන්ට සමබර ආහාර වේලක් අවශ්‍යයි. එයට බිත්තරයක් එක් කිරීමෙන් ආහාර වේල අංග සම්පූර්ණ වන අතර ඉන් දරුවට හැම අතින්ම ප්‍රතිඵල ලැබෙන බව මතක තබාගත යුතු වැදගත් කාරණයක්.

බ්‍රිතාන්‍ය පෝෂණ පදනම උපදෙස් දෙන පරිදි බිත්තර පෝෂ්‍යදායි ආහාරයන්ට ඇතුලත් වෙනවා. තරුණ දරුවන්ගේ විවිධ ආහාර පුරුදු වලට එය ඉතා වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ට අවශ්‍ය සියලුම විටමින් සහ මිනරල් ලැබෙනවා. නමුත් හැමවෙලාවෙම ඔවුන්ට ඉඩ දෙන්න ඕනේ පවුල සමග විවිධ රස හා විවිධ ආකාරයෙන් රස බලන්න.

තරුණ දරුවන්ට පෝෂණය ලබාගන්න ප්‍රෝටීන් බහුල ආහාර වර්ග අවශ්‍ය වෙනවා. එයට බිත්තර එකතු කර ගත හැකි අතර අමතරව බෝංචි, මාෂ බෝග, මාළු, විශේෂයෙන් තෙල් සහිත මාළු, මස් සහ කිරි නිෂ්පාදන එකතු කර ගත යුතුයි.

ඔබ අසාත්මිකතා ගැන සැලකිලිමත් වෙනවා නම් බිත්තර දරුවාගේ ආහාරයට පළමුවරට ලබාදෙන විට ඒ ගැන සැලකිලිමත් වන්න.

බිත්තර පාවිච්චියේදී සනීපාරක්ෂාව ගැන මේ කරුණු මතක තබා ගන්න.

  • කටුව සමග ඇති විට බිත්තරය අලුත් දැයි දැනගන්න.
  • බිත්තර කටුව කැඩීමට පෙර එය හොඳින් සෝදන්න.
  • බාගෙට තැම්බූ බිත්තර දරුවාට නොදිය යුතු අතර පාශ්චරීකරණය කරන ලද බිත්තර වඩා සුදුසුයි.

බිත්තර වල ඇති ඔබ නොදත් ගුණ වලින් දරුවාට ලැබෙන ප්‍රයෝජන ගැන ඔබව දැනුවත් කරන්න theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි