theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දින දහයක් වයසැති බිලිඳා මහමග දමා විශ්ව විද්‍යාලයට යන්නට ගිය සිසුවිය

3 අවම කියවීම
දින දහයක් වයසැති බිලිඳා මහමග දමා විශ්ව විද්‍යාලයට යන්නට ගිය සිසුවියදින දහයක් වයසැති බිලිඳා මහමග දමා විශ්ව විද්‍යාලයට යන්නට ගිය සිසුවිය

අඥානවන්ත ක්‍රියා රැසක්ම පිටුපස රටේ උගත්ම පිරිස් නොහොත් උපාධිධාරීන් සිටීම ඉමහත් කණගාටුවට කාරණාවක් පමණක් නොව රටේ අධ්‍යාපන ක්‍රමය ගැනද ඇති කරන්නේ විශාල ප්‍රශ්නාර්ථයක්. නමුත් දරුවෙකුට බුද්ධිය, ප්‍රඥාව, හික්මීම ආදී ගුණාංග ලබා දීම දෙමාපියන්ගේ වගකීමක්.

මෑතකදී අසන්නට දකින්නට ලැබෙන අඥානවන්ත ක්‍රියා රැසක්ම පිටුපස රටේ උගත්ම පිරිස් නොහොත් උපාධිධාරීන් සිටීම ඉමහත් කණගාටුවට කාරණාවක් පමණක් නොව රටේ අධ්‍යාපන ක්‍රමය ගැනද ඇති කරන්නේ විශාල ප්‍රශ්නාර්ථයක්.

නමුත් අධ්‍යාපනයෙන් උගත් කම දෙනු ලබනු වස් දරුවෙකුට බුද්ධිය, ප්‍රඥාව, හික්මීම ආදී ගුණාංග ලබා දීමේ ප්‍රමුඛ වගකීමක් පැවරෙන්නේ දරුවාගේ දෙමාපියන්ට නොවේද? මැදිරිගිරියෙන්  ඇසෙන ඇසෙන ලංකා රහස් වෙබ් අඩවියේ පළවූ පුවතක් අනුසාරයෙන් මේ පුවත ඔබ වෙත ගෙන එන්නේ අනාගතයේ මෙවන් සිදුවීම් වළකාලන්නට දෙමාපිය අපගේ කැපවීම තුළින් පුළුවන් බවට විශ්වාස කරන බැවිනි.

අනුරාධපුර ප්‍රදේශයේ තාවකාලික නිවසක පදිංචිව සිටි මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණියක් පොළොන්නරුවේ ජයන්ති විහාරයේ පැවති විභාගයකට සහභාගී වෙමින් සිටියදී පොලිසිය විසින් සුක්ෂම ලෙස අත්අඩංගුවට ගනු ලැබුවා. අනුරාධපුර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් මීට දින තුනකට ඉහතදී ඇය අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකාරිය දමා මහමග දමා ගිය දින දහයක් වයසැති ළදරුවා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල විට දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයට ඇතුළු කරන ලෙස විනිසුරු K. P. හර්ෂන් මහතා නියෝග කර තිබුනා.

දරුවා කෘරත්වයට පත්කළ සැකකාර තරුණිය වහා අත්අඩංගුවට ගන්නා ලෙසද නියෝග කරනු ලැබුවා. සැකකාරිනියගේ ජංගම දුරකථනය ලියාපදිංචි කල ලිපිනය ඔස්සේ සිදු කල පරීක්ෂණයක ප්‍රතිපලයක් ලෙස සැකකාරිනිය අත්අඩංගුවට ගැනීමට හැකි වුනා. සැකකාරිය පවසා තිබුනේ ඇගේ පෙම්වතාට දාව කුලුඳුලේ උපන් මෙම දරුවා ඔහුගේ නොවන බව පවසමින් විවාහ වීම මග හරින බැවින්, ඇයට දෙමාපියන්ටත්, ගමටත් මුහුණ දෙන්නට බැරිව ළදරුවාව මෙසේ මහා මග දමා ගිය බවයි. සැකකාරීය විශ්ව විද්‍යාල අපේක්ශිකාවක වන බවත්, ඇය දිළිඳු පවුලක් හා සම්බන්ධ බවත් පැවසුනා.  

මෙම සිදුවීම හා සම්බන්ධ ගැටළු නැතහොත් වැරදි රැසකි.

සිසුවියක වන 21ක් හැවිරිදි තරුණ මවගේ අතින් සිදු වූ වැරදි

1. අවබෝධයකින් තොරව ආදර සම්බනතාවක පැටලීම

2. අනාරක්ෂිත ලෙස ලිංගිකව එක් වීම

3. ඉගෙන ගන්නා අවධියේ විවාහයකින් තොරව ගැබ් ගැනීම

4. දරුවා මහා මග දමා යාමට තරම් කෘර වීම

දරුවාගේ පියා වන තරුණය අතින් සිදු වූ වැරදි

1. තරුණිය ලිංගික තෘෂ්ණාව සඳහා පමණක් පාවිච්චි  කිරීම

2. ගැබ් ගත් තරුණිය අතහැරීම

3. තම දරුවා අතහැරීම

4. කිසිඳු වගකීමකින් තොරව කටයුතු කිරීම

සමාජය අතින් නොහොත් අප අතින් සිදු වූ/සිදු වන වැරදි  

1. විනිශ්චය සහ නිගමන වලට ඒමට ඉක්මන් වීම

2. අසරණ වූ තරුණියක් කොන් කිරීම නැතහොත් මගහැරීම

3. උපත් පාලනය සම්බන්ධයෙන් අවම හෝ සෑහෙන ප්‍රමාණයේ දැනුමක් දරුවන් වෙත ලබා නොදීම

4. දරුවන් උගත් කමින් පුරවන්නට වෑයම් කරනවා විනා ඔවුනට බුද්ධිය, ප්‍රඥාව, හික්මීම ආදී ගුණාංග ලබා දීමට එපමණ උත්සුක නොවීම.

ඉහත කි සැම ඛන්ඪයකටම අප හෝ අප දරුවන් ඇතුලත් වන්නට පුළුවන්. දරුවන්ගේ අඥානවන්ත ක්‍රියා සමාජය තුල වේගයෙන් වැඩිවෙමින් පවතින යුගයක මෙවන් අකටයුතු කම් ඉදිරියේදී සිදු නොවීමට වගබලාගැනීම අපගේ යුතුකමක් වනවා.

දරුවන්ගේ බුද්ධිය, ප්‍රඥාව, හික්මීම ආදී ගුණාංග වැඩීමට කල හැකි දෑ කිහිපයක්.

1. දරුවන් හා මනා සන්නිවේදනය

දරුවා කුඩා කල පටන්ම මනා සන්නිවේදනයක් පවත්වාගෙන යාම ඉතාමත්ම වැදගත්. දරුවාගේ විශ්වාසය දිනාගනිමින් මව්පියන් හා සන්නිවේදනයේ යෙදෙන විට දරුවා වැරදි පාරක යාමේ ඉඩකඩ බොහෝ විට සීමිත වනවා. සමාජයට වැඩදායි දරුවකු බිහි කරන්නට හැකි වනවා.

2. දරුවා තේරුම් ගැනීම

දරුවා සමඟ කතා බහේදී ඉවසීමෙන් ඔවුනට සවන් දිය යුතු අතර නිගමන වලට ඒමෙන් වැලකීම ඉතාමත්ම වැදගත්. මෙවිට කුමන අකාරයේ කාරණාවක් වුවද ඔබේ හා බෙදාගන්නට දරුවා පැකිලෙන්නේ නැති බැවින් පිටස්තර සහය පතනවාට වඩා ඔබ ගැන විශ්වාසයෙන් ඔබ වෙත ඒමට දරුවා පෙළඹීම ඉතාම හොඳ දෙයක්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

3. කාලෝචිත හා ප්‍රමාණවත් ලිංගික අධ්‍යාපනයක් දරුවාට ලබා දීම.

නිසි කලට වයසට සරිලන ප්‍රමාණයේ ලිංගික අධ්‍යාපනයක් දරුවාට ලබා දීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම ලංකාවේ සංස්කෘතික ආකල්ප නිසා ලිංගිකත්වය ඉතාම රහස්‍ය මාතෘකාවක් වනවා. මේ නිසා දරුවන් සියලු දේ ලොවට හොරෙන් රහසිගතව කරන්නට පමණක් නොව, ඒවායේ ආනිසංස රහසිගතව දරාගනිමටත් පෙළඹෙනවා.

මේ කාරනා ඔස්සේ යහපත් හෙට දිනක් තනන්නට මාපිය අපගේ දායකත්වය නිවසේදීම ලබා දෙන්නට පුළුවන්. ඒ සඳහා ඇපකැප වෙමු!

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දේශීය පුවත්
  • /
  • දින දහයක් වයසැති බිලිඳා මහමග දමා විශ්ව විද්‍යාලයට යන්නට ගිය සිසුවිය
බෙදාගන්න :
  • මහනුවර ත්‍රිත්ව විදුහලේ සිසුවා රග්බි ක්‍රීඩා පුහුණුවීම් කරමින් සිටියදී මහමග ඇද වැටී මියයයි.

    මහනුවර ත්‍රිත්ව විදුහලේ සිසුවා රග්බි ක්‍රීඩා පුහුණුවීම් කරමින් සිටියදී මහමග ඇද වැටී මියයයි.

  • අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

    අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

  • මහනුවර ත්‍රිත්ව විදුහලේ සිසුවා රග්බි ක්‍රීඩා පුහුණුවීම් කරමින් සිටියදී මහමග ඇද වැටී මියයයි.

    මහනුවර ත්‍රිත්ව විදුහලේ සිසුවා රග්බි ක්‍රීඩා පුහුණුවීම් කරමින් සිටියදී මහමග ඇද වැටී මියයයි.

  • අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

    අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it