විශ්වාසයෙන් පිරි ශක්තිමත් දියණියක් තනන්නේ මෙහෙමයි

lead image

ඔබේ දියණිය බල ගන්වා ඇයට හැකි ඕනෑම කෙනෙකු විය හැකි බවත් ඇයට හැකි ඕනෑම දෙයක් කල හැකි බවත් ඇයට දැන ගැනීමට ඉඩ හරින්න. එය කලයුත්තේ මෙන්න මෙහෙමයි.

පුංචි ගැහැණු ළමයි සදහා පිලිපැදීමට නිති ඇති අතර අනෙක් අවවාද ද හොදින් වටහා ගත යුතුය. නමුත් දෙමව්පියන් වශයෙන් අපිට ඔවුන්ට ඊට  වඩා වැඩි තැනක තැබීමට අවශ්‍ය  වෙනවා.   අපේ දියණියන් විශ්වාසයෙන් යුතු යුවතියන් බවට පත්ව ලෝකයට පිය මනිනවා දකින්න අපි කැමතියි.

ඔවුන්ට  හැකි ඕනෑම කෙනෙකු විය හැකි බවත් ඔවුන්ට හැකි  ඕනෑම දෙයක් කල හැකි බවත්  ඔවුන් දැන ගැනීම අපිට අවශ්‍යයි. Beyonce ගේ  "Who run the world? Girls" ගීතය වගේ

එසේ නම් මෙන්න මේ ක්‍රම දහතුන ඔස්සේ අපේ කුමාරිකාවන් ඒ උසස් තත්වයට ලගා වීමට බල ගන්වමු.

1. මව්වරුනි  පලමුවෙන් ඔබ තුල එය ගොඩනංවන්න

මව්වරුන් කෙරෙහි ඔවුන්ගේ දියණියන්  විශාල බලපෑමක් ඇත. එබැවින්  ඔබ  මුළු හදවතින්ම, මනසින් , ශරීරයෙන් මෙන්ම  ආත්මයෙන්ම ඔබ  තුල එය ගොඩනංවන්න. ඒ ඔබේ දියණිය  ඔබ දෙස බලා සිටින නිසාත් ඔබ පවසන සෑම වචනයක්ම සවන් දෙන නිසාත්ය.

කතා කරන්න. ඔවුන්ගේ දියණියන්ගේ ශරීර ස්වරූපය කෙරෙහි මව්වරු තුල විශාල බලපෑමක් ඇත. එම නිසා "මේ ඇඳුමට මම මහතට පෙනෙනවාද?" වැනි දේ කියමින් ඔබේ බර වැනි දේවල් වලින් පීඩා කිරීම නවත්වන්න.

ඒ වෙනුවට ධනාත්මක භාෂාවක් භාවිතා කරමින් අළුත් දේවල් නිතිපතා උත්සහ කර බලන්න. විශ්විස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි. මම රිය පදවන්නට ඉගෙන ගැනීමට පෙර, මගේ දියණියන් සැබවින්ම සිතුවේ රිය පියවරුන් සදහා පමණක් වු කාර්යයක් කියායි.

2. ඇය ගොඩක් සමඟ කතා කරන්න

පුංචි කෙල්ලෝ කොයි තරම් කතා කරන්න කැමතිද කියලා අපි හැමෝම දන්නවා. ඒ නිසා ඇය සමඟ කතා කරන්න, ඔබේ දුව සමග ශරීර ස්වරූපය හා හිරිහැර කිරීම වැනි විවිධ මාතෘකා ඔස්සේ ඇතුළත්. බුද්ධිමත් සංවාදයක යෙදෙන්න.

පිළිගැනීමක් සහ විවෘත සන්නිවේදනයක් ඇති පරිසරයක් සකස් කරන්න. ඔබ සවන් දීමට වග බලා ගන්න.

3. ඇයගේ අදහස් ලබා ගන්න

ඇයගේ සිතුවිලි සහ මතය සත්‍ය ලෙසම වැදගත් බව ඔබේ පුංච් පැටික්කිට දැනෙන්න දෙන්න. ඇය සැබවින්ම විශ්වාස කරන්නේ දේවල් ගැන කතා කිරීමට ඇය දිරිමත් කරන්න.

ඇයගේ "නරක ආරංච්" සඟවා තබනවා වෙනුවට ඇය මාධ්‍යට හා ප්‍රවෘත්ති වලට නිරාවරණය කරන්න. අර්ථවත් සාකච්ඡාවක් ඇති කර ගනිමින් ඇයට විවේචනාත්මක නිරීක්ෂකයෙකු වීමට උගන්වන්න.  සමට ක්ෂණික පෙනුමක් ලබා දෙන ලෙස කල දැන්වීමක හරි දේ හා ඇත්තටම සිදුවෙන දේ ගැන ගැන කතා කරන්න.

ප්‍රවෘත්ති කියවීමට සහ  පුස්තකාල යෑමට ඔබගේ දියණිය දිරිගන්වන්න. මේ තුලින් ඔවුන්ගේ බුද්ධිය වැඩි දියුණු කොට ලෝකය පුරා ගැටළු සහ සිදුවීම් පිළිබඳව ඔවුන්ගේ ඉදිරි දර්ශනය සකස් කල හැකිය.

4. ඇයට කාන්තාවගේ කාර්යභාරය පැහැදිලි කරන්න

මව්වරුන් හැරුණු විට, විවිධ පසුබිම් වල බලවත් වු තරුණියන් නිදසුන් ලෙස අපගේ දියණියන් හට ලබා දීම වැදගත් වේ.

එම නිසා ජීවිතයේ අමිහිරි ගැටුම් ජය ගැනීමට සමත් වූ අතර ලෝකය තුළ ධනාත්මක බලපෑමක් ඇති කල සැබෑ ජීවිතයේ සුපිරි ළදුන්ගේ කතා ඇයට හෙළිදරව් කරන්න.

5. ඇයගේ තේරීමට ගරු කරන්න

ඇගේ පුංචි දැරිය කවුරු වුනත්, ඇයගේ අද්විතීය පෞරුෂත්වය වෙනුවෙන් සහ ඇයගේ තෝරා ගැනීම් සඳහා  ගරු කරන්න. ඒවා ඇඳුම් පැළඳුම්, ච්ත්‍රපට හෝ මිතුරන් විය හැකිය.

ඔබේම අදහස් සහ අපේක්ෂාවන් ඇය මත පැටවීමට උත්සාහ නොකරන්න. ඇයව මඟ පෙන්වන්න, නමුත් ඇයට වීමට අවශ්‍ය තැනැත්තිය වෙන්න ඉඩ සලසා දෙන්න.

6. ඇගේ දිරි ගන්වන්නා වන්න

ඇය විභාගයට දුර්වල ලෙස මුහුණ දීම , පාසලේ නාට්‍යය තුළ ඇයගේ ස්ථානය අමතක වීම වැනි

කුමන තත්වයක ඇය සිටියත් ඔබ ඇය වෙනුවෙන් එහි සිටින බව ඔබේ දියණිය දැනගන්න අවශ්‍ය වෙනවා.

ඇගේ ලොකුම දිරිගන්වන්නා බවට පත් වන්න. ඇය එය වඩාත් ම වැදගත් වන අතර ඇයට නිර්භීත සහ විශ්වාසදායක හැඟීමක් ඇති වීමට එය හේතු වේ.

7. ස්වාධීන හා නිර්භීත වීමට ඇයට උගන්වන්න

විශේෂයෙන් පියවරුනි, ඔබේ දියණිියන්ගේ දුක් ගැහැට වලදි වඩාත් අනුග්‍රාහී ලෙස සලකන්න එපා. ඒ වෙනුවට නුහුරු නුපුරුදු ස්ථානවල ගමන් කිරීමට හා අලුත් දේවල් අත්හදා බැලීම  සඳහා ඇයට අවස්ථාවන් සහ මෙවලම් ලබා දෙන්න.

ඇද වැටීම ගැටළුවක් නොවන බවත් සියල්ල අමතක කර නැගි සිටීමටත් ඇයට උගන්වන්න, ඇයට ඔබේ පුතාගෙන් වෙනස් ආකාරයකට සලකන්න එපා.

ඇයට ඇයගේ සුවපහසු කලාපයෙන්  ඉවතට හෑමට ඇයව දිරි ගන්වමින් ඒ සෑම අවස්ථාවකදීම ඇය අලුත් දෙයක් ඉගෙනගන්නා බව මතක් කර දෙන්න.

8. සමාජ විශ්වාසය තහවුරු කර මිත්‍රත්වය ඇති කරගැනීමට දිරිගන්වන්න

හොඳ මිතුරන් ඇති කර ගැනීම සහ ගුණාත්මක සබඳතා පවත්වාගෙන යාමේ වැදගත්කම ඔබේ දියණියට කියාදෙන්න.  ඔබ වැටුන විට නැගී සිටීමට දිරි ගන්වන විශ්වාසය හා ආත්ම විශ්වාසය වැඩි කර ගැනීම සඳහා මිත්‍රත්වය තරම් කිසිවක් නොමැත.

පර්යේෂණවලින් කණ්ඩායම් වල ක්‍රීඩා කරන ගැහැණු දරුවන්ට වැඩි ආත්ම ගෞරවය ඇති බව පෙන්වන නිසා කණ්ඩායම්වලට ක්‍රීඩා වලට සහභාගී වීමට ඇය දිරිගන්වන්න.

9. ඇයගේ දක්ෂතාවය වඩා ඇයගේ උත්සහය අගය කරන්න

ප්‍රතිඵල කෙරෙහි අඩුවෙන් අවධානය යොමු කිරීම හා වැඩි වැඩියෙන් ප්‍රයත්නයන් හා නව නිපුණතා වර්ධනය කිරීමට අරමුණු කර ගන්න.

ඔබේ දියණිය උසස් ආත්ම අභිමානයක් සහිතව වර්ධනය වෙනවා දකින්නට අවශ්‍ය නම්, ඇය හොඳ පෙනුමක් ලබා ගැනීම හා දේවල් අත්පත් කර ගැනීම වැනි දේ වලට යොමු වෙනවාට වඩා විශ්වාසයේ හැඟීමක් ගොඩනඟන ක්‍රියාකාරකම් වලට ඇයව සම්බන්ධ කරවා ගන්න.

ක්‍රීඩා, රංගනය, සංගීත සහ කලා කටයුතු වැනි නිර්මාණාත්මක කටයුතු සුදුසු අතර ඒවා ඔවුන්ව අදහස් ප්‍රකාශ  කිරීමට මෙන්ම ඔවුන්ගේ සැඟවුණු හැකියාවන් ඉදිරිපත් කිරීමට ඉඩ සලසයි.

10. ඇයගේ පෙනුම හැර වෙනත් යමක් සදහා ඇයට ප්‍රශංසා කරන්න.

ගැහැනු ළමයෙක් ලෙස ඔබේ දියණිය පෙනුමට වඩා බොහෝ දේ ඇති බව දැන සිටිය යුතුය. එය ඔබ ගෙන් ආරම්භ වේ.

ඇය පෙනුමකට වඩා ඇය කවුද යන්නට වැඩියෙන් අවධානය යොමු කරන්න. ප්‍රශංසා කිරීමේදි පෙනුම පදනම් නොවු දෙයක් ගැන ඇයට ප්‍රශංසා කිරීමට උත්සාහ කරන්න.

11. ඇයගේ සෙල්ලම් බඩු ඥානවන්තව තෝරාගන්න

බාර්බි බෝනික්කන්වැනි දේ ඔබේ කුඩා දියණියට ලබා දීම හානියක් නොවන, නමුත් මේ වයසේ දී, ඒ වෙනුවට විද්‍යාත්මක හා තර්කාන්විත සෙල්ලම් බඩු ලබා දීමෙන්  හැගීම් වැඩි දියුණු වේ .

එවන් ක්‍රීඩා සඳහා නිරාවරණය වීමෙන් තරමට ඇයගේ විවේචනාත්මක සිතිමේ කුසලතා හා සංකල්ප පිළිබඳ අවබෝධය වර්ධනය වේ. ඒ මගින් ජීවිතයේ පසුකාලීනව ඇගේ වෘත්තීය තීරණවලට බලපෑම් කළ හැකිය.

12. මුදල් භාවිතා කිරිමේ කුසලතා ඇති කරන්න

මුදල් හා මූල්‍ය නිපුණතා සම්බන්ධයෙන් ගත් කල, කාන්තාවන් තවමත් පුරුෂයින්ට වඩා පසුගාමී බව පෙනේ. මෙය හා සටන් කිරීමේ ක්‍රමයක් ලෙස, ඔබේ දුවගේ අනාගතය සුදානම් කිරීමක් වශයෙන්  ඇයට මුදල් සහ ඉතුරුම් හදුන්වාදෙන්න

ආරම්භ ලෙස ඇය සතිපතා දීමනාවක් ලබා දෙන අතර ඇයට අවශ්‍ය යමක් ගැනීමට ඉතිරි කර ගැනීමට දිරිගන්න. ඔබගේ ඉතුරුම් හා වියදම් චර්යාවන්ගැන විවෘතව කතා කරන්න.

13. සිහින දකින්න ඇයට උගන්වන්න

සිහින දැකීම කොතරම් නොවිය හැක්කක් වුවත් ඇයගේ සිහින තවමත් වලංගු වෙන නිසා ඔබේ දියණියඒ සදහා දිරිගන්වන්න. අනාගත අරමුණු සකස් කිරීමට හා ඒවා සපුරා ගැනීමට කටයුතු කිරීම සඳහා ඇයට උගන්වන්න. ඇය සමඟ වාඩි වී ඇයට සිතන්න උදව් කරන්න.

වඩාත්ම වැදගත් කරුණ නම්, ජීවිතයේ කුමක් සිදුවුවත්, ඇයට ඔබ ආදරය කරන බව ඇයට දැන ගන්න ඉඩ දෙන්න.

දියණියන් සිටින අම්මාවරුනි මේ ආදරණිය ලිපිය ඔබටමයි. එය ආදරයෙන් ඔබ වෙත ගෙන එන්නේ theAsianparent  sri lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී