දියේ ගිලීම: ජලය නොමැතිව වුවද දරුවන් කරා නිහඬව එන මේ මාරයා හදුනා ගනිමු.

ය යන්නේ ජලය තුල යැයි අපි සිතුවාට දරුවා ජලය නොමැතිව ගිලීම ද සිදුවන්න පුළුවන්. මේ පුංචි දරුවා මෙලොවින් සමුගත්තේ ඒ පිලිබඳ අපිට කියාදෙමිනි.

මෑත ඛේදවාචකයක් නිසා රෝග ලක්ෂණ හඳුනා ගැනීමෙන් පසු මෙම ක්ෂිනිකව සිතන  තාත්තා තම දරුවා ජලය නොමැතිව ගිලීම නිසා මිය යන්න ඉඩ නොදි ආරක්ෂා කර ගත්තා.

දියේ ගිලීම: ජලය නොමැතිව ගිලීමේ ලක්ෂණ

දියේ ගිලීම යනු වේගයෙන් නොපැහැදිලිව සිදුවන්නක් ලෙස අපි හිතනවා.

ඔබේ දරුවා හදිසියේම වතුරෙහි වැටී ඇති බව දුටුවොත් ඔහුගේ හිස යට යෑමට පෙර ඔවුන් වෙත යෑමට ආවේගයෙන් පිහිනනවා.

අපි ඔවුන්ගේ සපත්තුවක් හෝ අල්ලා ගතහොත්  ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත වනු ඇතැයි අප සිතනවා.

බය හිතෙන කරුණ නම් මෙය සෑමවිටම සිදුවන්න නොවේ.

මරණය ආසන්නයට ගොස් දිවි ගලවා ගත්  කුඩා දරුවන්ට තව දුරටත් ජලය නොමැතිව දියේ ගිලී යාමේ තර්ජනයක්  තිබිය හැකිය.    

මෙය පැය කිහිපයකින් හෝ දින කීපයකින් බලපෑම් පෙන්නුම් කරන නිසා නොපෙනෙන තර්ජනයක්ද වේ.

"ඔහු හුස්මක් ගත්තා නමුත් කිසි දිනෙක ඔහු එය ආපහු පහත හෙලුවේ නැහැ."

ටෙක්සාස් හි ඩයික් වෙත පවුලක් පිහිනුම් ගමනක් ගියා. අවුරුදු හතරක් වු ෆ්රැන්කි විශාල රැල්ලකට හසු වුනා .

ඔහු ගිලුනා,  ෆ්රැන්සිස්ක් ඩෙල්ගාඩෝ නැමති පියා සීඑන්එන් (CNN) වෙත පැවසුවා.  ඔහුගේ පවුලේ මිතුරෙකු ඔහුව ඉක්මනින් ඔහුව අල්ලා ගත්තා .

මේ නිර්භීත දරුවා ඔහු හොදින් බව මවුපියන්ට සහතික  කලා.  "ඔහු  දවසේ ඉතිරි කොටස විනෝදයෙන් ගත කලා," ෆ්රැන්සිස්කෝ පැවසුවා. "මම ඒ ගැන කිසිම දෙයක් හිතුවේ නැහැ ."

දිනකට  පසු කුඩා ෆ්රෑන්ක් වමනය කරන්නට වු අතර පාචනය තත්වයක්ද ඇති  වුනා.

මීට කලින්ද ඔහුට මේ ලක්ෂණ සහිතව අජීර්ණයක් ඇති වී තිබු නිසා  ඔහුගේ දෙමව්පියන් ඒ ගැන වැඩිපුර හිතුවේ නැහැ. ඔවුන් අත්බෙහෙත්  කිහිපයක්  දෙන්න තීරණය කළා.

නමුත් සතිය පුරාම රෝග ලක්ෂණ පැවතුනා. එක රැයක් ෆ්රෑන්ක් අවදි වුනේ උරහිස් වේදනාව ගැන විලාප නඟමිනුයි.

"මම මගේ පුතාට ගොඩක් ආදරෙයි, මම හැමවෙලේම එයාට ස්පර්ශ කරනවා. ඔහු නිදාගෙන ඉන්න විට පවා හැම වේලේම එයා එක්ක කතා කරනවා. හදිසියේම එයා නින්දෙන් අවදිවුනා." කියා ඩෙල්ගාඩෝ CNN හා පැවසුවා .

"ඔහු මාව දිහා බැලුවා, ඉන්පසු  ඔහුගේ දෑස් ආපසු වසාගෙන ගැඹුරෙන් හුස්ම ගත්තා" ෆ්රෑන්කිට මොකද වුනේ," මම හිතුවා. මම ඉක්මනින්ම ඇදෙන් නැගිට්ටා. ඔහු හුස්මක් ගත්තා නමුත් කිසි දිනෙක ඔහු එය ආපහු පහත හෙලුවේ නැහැ."

ෆ්රැන්කිව රෝහලට වහාම  ගෙන ගියා. පැයකටත් වැඩි කාලයක් වෛද්‍යවරුන්  ඔහුට නැවත ජීවිතය දෙන්න උත්සාහ කළා.

ෆ්රැන්කිගේ අම්මා වන ටාරා ABC13 වෙත ඇගේ භීතිය සිහිපත් කළා: "මම  දැක්කා ඔහුව දිගා කරලා තියෙනවා, ඔවුන්  ඔහුව බේර ගන්න උත්සහා කලා, මම කෑගහලා, 'මට මගේ පුතාව අල්ලන්න   දෙන්න, එයාගේ   අම්මාව එයාට  ඕනී ඇති,'" මම කෑගැහුවා.

කනගාටුවට කරුණක් නම් වෛද්‍ය කාර්ය මණ්ඩලය කුඩා ෆ්රෑන්ක්ව බේරා  ගන්න  නොහැකි වුනා .

ඔහුගේ පෙණහලු හා ඔහුගේ හදවත අවට ජලය  තිබුණු බව වෛද්‍ය වරු ඔහුගේ  දෙමාපියන්ට පැවසුවා.

මරණයට හේතුව වුනේ දරුවා ගිලීම  නිසා ඇති වු  පසු  ප්‍රතිඵලය හෙවත් දරුවා ජලය නොමැතිව ගිලීම වේ.

ජලය නොමැතිව ගිලීම යනු කුමක්ද?

WebMD වලට අනුව  ඔබේ දරුවාගේ පෙනහළු වලට ජලය ගිය විට ජලය නොමැතිව ගිලීම සිදුවේ.  

දියේ ගිලී යාමේ සිදුවීම් තුල  ඇතිවෙන ප්‍රතිඵල මෙහිදී  අත්විය හැකිය. එහෙත්, පුංචි  ෆ්රෑන්ක්ගේ ඛේදවාචකයේ පෙන්නු පරිදි එය සෑමවිටම  නොපෙන්වයි.

ඔවුන්ගේ මුවට  ගන්නා ජලය පෙනහළු කරා යෑමෙන් ජලය නොමැතිව ගිලීම සිදුවිය හැකිය.

දරුවන්  ප්‍රමාණයෙන් කුඩා නිසා වැඩිහිටියන්ට වඩා දරුවන්   ජලය නොමැතිව ගිලීම සදහා  වැඩි ඉඩකඩක් ඇත.

පෙනහළුවල ඇති ජලය නිසා ඉදිමීමක් ඇතිවීම  හා රුධිරයට ඔක්සිජන් ඇතුල් වීම වැළැක්වීමට හේතු වන අතර, වෛද්‍ය  ජුවාන් ෆිට්ස් CNN වෙත පැවසු පරිදි  මේ මගින් හුස්ම ගැනීමේ අපහසුතා සහ හෘද සිරවීම් ඇති විය හැක.

ජලය නොමැතිව ගිලීමෙහි භයානක පැත්ත වන්නේ එය ක්ෂණිකව සිදු නොවීමයි. ඔබේ දරුවා ජලයෙන්  පිටට පැමිණි පසු බොහෝ දුරට යථා තත්වයෙන් පසුවෙන බව පෙන්වන්නට ඉඩ තියෙනවා.

රෝග ලක්ෂණ පැය  විසි හතරක් ඇතුලත මතුවෙන අතර  එය හඳුනා නොගන්න ඉඩ තියෙනවා.

දෙමව්පියන්ට  සොයාගත හැකි  සාධක

ඔබට එය හදුනාගත හැකිනම් ජලය නොමැතිව ගිලීමේ ඛේදවාචක නියම වේලාවට  වළක්වා ගත හැකි වීම සතුටට කරුණකි.  

ඔහුගේ ඛේදවාචකය නිම වු වහාම  කුඩා ෆ්රෑන්ක්ගේ කතාව දැනටමත් තවත් ළදරු  ජීවිතයක් බේරාගෙන ඇත.

ෆ්රෑන්ක්ගේ ඛේදවාචකය පිළිබඳ පුවත කියවීමෙන් ගාවන් වෙගා නැමති පියා කම්පනයට පත් වුනා .

ෆ්රැන්කිගේ ‍රෝග ලක්ෂණ ඔහුගේ අවුරුදු දෙකක් වු දරුවා නාන තටාකය වෙත ගොස් පැමිණ පෙන්වමින් සිටි  ලක්ෂණ වලට සමාන වුනා.

ක්ෂණිකව සිතා බැලූ පියා වහාම ක්‍රියාත්මක වුන බව වාර්තා වුනා. ඔහු දරුවා  රෝහලේ  වෙත ගෙන ගියා.

එහිදි දරුවා එක්ස් කිරණ පරීක්ෂණයකට යොමු කල අතර වෛද්‍යවරුන්  පැවසුවේ ෆ්රෑන්ක්ගේ ඛේදවාචකයෙන් ඉගෙන ගත් කටුක ඇත්ත නොවුනා නම්, මේ ගියෝ නම් දරුවා තව එක් රැයක් ජීවත් නොවන බවයි.

" කතා කරන්නේ කොහොමද කියා හිතාගන්න බැරි වුනත් කුඩා ෆ්රෑන්ක්ගේ දෙමව්පියන් හමුවෙලා ඔවුන්ගේ පුංචි දරුවා අපේ පුංචි  දරුවාගේ ජීවිත බේරා ගත්ත බව කියන්න මට හිතෙනවා," යයි ස්තුතිවන්ත වෙමින් මේ තාත්තා ABC 13 වෙත  පැවසුවා.

ෆ්රැන්කිගේ දෙමව්පියන්ගේ  විදින වේදනාව  තවත් පවුල් කිහිපයකට   අත්වීමෙන් ආරක්ෂා කර ගත හැකිය. විශේෂඥයින් පවසන පරිදි  ජලය නොමැතිව ගිලීමේ පහත ලක්ෂණ ඔබට හදුන ගන්න පුළුවන්.

වමනය

නොනවතින  කැස්ස

පපුවේ වේදනාව

හුස්ම ගැනීමේ අපහසුතාව

අධික නිදිමත හෝ උදාසීනත්වය

අමතක වීම 

ඔබේ දරුවා මෙම රෝග ලක්ෂණ හෝ ජලය පිටවීමෙන් පසු වෙනත් අසාමාන්‍ය  ලක්ෂණ පෙන්නුම් කළහොත්, වහාම වෛද්‍යවරයා  වෙත රැගෙන යන්න .

කාලගුණය උණුසුම් නම් ඔබ හා ඔබේ පවුලේ අය නාන තටාකයට  හෝ වෙරළ තීරයට යන්න හිතාගෙන ඇති, අපි අපගේ කුඩා දරුවන් සුරක්ෂිතව තබා ගනිමු.

දරුවන් ජලය නොමැතිව ගිලීම සිදුවිය හැකි බව මේ මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී