දිවාසුරකුම් මධ්‍යස්ථානවලින් වැළදෙන රෝග වලට විශ්මිත සාම්ප්‍රදායික පිළියමක්

lead image

ඔබේ දරුවා දිවා සුරකුම්  මධ්‍යස්ථානයට යැවීමේ  එක් අවාසියක් වන්නේ දිවා සුරකුම් මධ්‍යස්ථාන තුළින් බෝවන ලෙඩ රෝග  වේ. මෙම සාම්ප්‍රදායික පිළියම ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිය ඉහළ නංවන්නට උදව් කරාවි.

බොහොමයක් ළදරුවන් දිවාසුරකුම් මධ්‍යස්ථානයට යන මුල් මාස කිහිපය තුල නිතර රෝගී වෙනවා. දිවා සුරකුම් මධ්‍යස්ථාන දරුවන්  පැමිණ එකිනෙකා මුණ ගැසෙන ආසාදන හුවමාරු කර ගන්නා ස්ථානය බවට පත්වීම නිසා එහි පුදුම වන්නට දෙයක් නැහැ.

සුරකුම් මධ්‍යස්ථාන වලින් වැලදෙන රෝග වැළදෙන බොහෝ දෙමව්පියන් කනස්සල්ලට පත් කිරීමට හේතු වෙනවා. එම නිසා මගේ ආච්චි අම්මාගේ රහස්‍ය සාම්ප්‍රදායික පිළියමක් මට බෙදා ගන්න අවශ්‍ය වෙනවා.

මගේ දරුවා දිවාසුරකුම්  මධ්‍යස්ථානය වෙත යෑම ආරම්භ කළ පසු එක් දිනක් දිවා සුරකුම් මධ්‍යස්ථානයකින්  තදබද රෝගයක් වැලදුන විට ඇය එම පිලියම  මට කියා දෙනු ලැබුවා.

දිවා සුරකුම් මධ්‍යස්ථාන වලින් වැලදෙන රෝග

දිවා සුරකුම් මධ්‍යස්ථාන වලින් බෝවෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව එක් නිතර වැලඳෙන ආසාදනයක් වෙනවා. බොහෝ විට එය බරපතළ නොවන නිසා දෙමාපියන් රෝගී දරුවන් දිවා සුරකුම් සුරැකුම් මධ්‍යස්ථානයට යවනවා. ඒ වගේම උණ නොමැති නම් මෙම දිවා සුරකුම් මධ්‍යස්ථාන ද එහි කාලය  ගත කිරීමට ඉඩ දෙනවා. කොහොම නමුත් නාසය අවහිර වූ දරුවකු පැත්තෙන් පැත්තට හරවා නිදි කිරීම කොතරම් පීඩා කාරීද කියලා දන්නෙ දෙමව්පියෙක්ම පමණයි.

මෙම දිවා සුරකුම් මධ්‍යස්ථාන වලින් වැළදෙන රෝග ඔබේ දරුවාට එතරම් බරපතළ නොවුවත් මුලදී දිවා සුරකුම් මධ්‍යස්ථාන වල්දි රෝගී වන දරුවන් පසුකාලීනව හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියකට හිමිකම් කියන බව පර්යේෂණ පෙන්වා දෙනවා. රෝගී භාවය ආසාදනයකට ප්‍රතිචාරයක් පමණක් වන බැවින් ඔබේ දරුවාට ප්‍රතිශක්තිකරණය ලබාගැනීමට රෝග වලට ගොදුරු වීම අවශ්‍ය නොවේ.  ඔබට රෝගයක ක්‍රියාකාරිත්වය පාලනය කරන්න පුළුවන් නම් ඔබේ දරුවාව බරපතළ ලෙස රෝගී ප්‍රතිශක්තිකරණය අත්පත් කරගැනීමට පුළුවන්.

සාම්ප්‍රදායික පිළියම් ප්‍රයෝජනවත් වන්නේ මෙන්න මේ අවස්ථාවලයි. එය සෑම දිනකම අමුද්‍රව්‍ය වලින් සාදන බැවින් ඔබේ දරුවාට එයට වඩාත් ප්‍රතිචාර දක්වාවි. ඒ වගේම කැස්ස සදහා වු බෙහෙත් වගේ නොව ඔබේ දරුවාට නිදිමත ගතියක් නොදැනේවි. ඒ වුනත් උණ ගතියක් තිබේ නම් ඔබේ වෛද්‍යවරයා හමු වීම අවශ්‍යයි.

දිවා සුරකුම් මධ්‍යස්ථාන ඔස්සේ වැළඳෙන රෝග සදහා  සාම්ප්‍රදායික පිළියම

මෙම පිළියම ඉතාම සරල වන අතර ඔබ පුදුම වීමට පවා ඉඩ ඇත. එයට අවශ්‍ය වන්නේ වර්ග දෙකක් පමණයි. කහ කුඩු හා හකුරු, ඔබට ලඟම තියන ඔසු සලකින් පහසුවෙන් ඒ දෙකම මිලදී ගත හැක. එහි ඇති පැණි රසය නිසා ඔබේ දරුවා එමගින් විනෝදයක් ද ලබයි.

සාදන ක්‍රමය

1. හකුරු ග්‍රෑම් අටකට ( තේ හැඳි දෙකක්) සූරාගන්න. මෙමගින් සිනිදු බවට පත්වන බැවින් එය කුඩාවට ගුලි කර ගැනීමට පහසුවේ.

2. කහ ස්වල්පයක්  (0.5g) පමණ එයට එකතු කරන්න.

3. හොඳින් කවලම් කරන්න .පුංචි ගුලියකට ගුලි කරන්න. ඔබේ දරුවා කුඩා නම් නම් මෙය ගුලි දෙක තුනකට සදා දෙන්න පුළුවන්.

දවල් කෑම වෙලාවට හා උදේට ගුලි  ඔබේ දරුවාට දෙන්න පුළුවන්. සිර වු නාසය පහසු කරන ඖෂධීය සංඝටක කහ් වල තියෙනවා. දවස් දෙක තුනකට පසු සෙම්ප්‍රතික්ශාවේ පැහැදිලි අඩුවීමක් ඔබට දැකිය හැකිය.

ඔබට හකුරු සොයා ගන්න අපහසු නම් කණගාටු වෙන්න එපා. කහ ස්වල්පයක් පැස්චරීකරණය කරන ලද මී පැණි වලට මිශ්‍ර කරන්න. සැලකිලිමත් විය යුතුය. මේ පැණි ළදරුවන්ට ලබා දීම මින් අදහස් කරන්නේ නැහැ. එම නිසා ඔබේ දරුවාගේ වයස අවුරුද්දට අඩු නම් මී පැණි ලබා දෙන්න එපා.

මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

මේ සාම්ප්‍රදායික පිලියමකි. මෙම මූල්‍ය වෙළෙඳපොළෙන් මිලදී ගන්නා හා ප්‍රමිතිය රසායනාගාර  තුල පරික්ෂා කර නොමැති නිසා අවුරුද්දට අඩු දරුවන්ට භාවිතයෙන් වලකින්න. වැඩිමල් දරුවන්ට පවා අසාත්මිකතාවය සලකුණක් පෙනේ නම් හෝ එසේ තිබේනම්  මෙම පිලියම වහාම නවත්වා වෛද්‍යවරයෙක් හමුවෙන්න.

සුරැකුම් මධ්‍යස්ථානවල වැළදෙන ලෙඩ රෝග වලක්වා ගන්නෙ කෙසේද?

රෝගවලට ගොදුරු වීම ඔබේ දරුවාගේ ශරීරයේ තත්වය මත රඳා පවතී. එනම් දෙමාපියෙක් වශයෙන් ඔබේ දරුවා නිතර රෝගී වන විම අවම කර ගැනිමට ඔබට කළ හැකි දේවල් තියෙනවා.

1. ඔහුට එළිමහනේ සෙල්ලම් කරන්න දෙන්න.

දුහුවිල්ලට හා නැවුම් වාතයට නිරාවරණය වීම මගින් ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ ඉහළ නැංවෙනවා. එමනිසා ඔහුට ඇති තරම් එළිමහනේ සෙල්ලම් කරන්න ඉඩ දෙන්න.

2. අත් සෝදන සනීපාරක්ශක දියර සීමා කරන්න.

අත් සෝදන සනිපාරක්ෂක දියර ඔබේ දරුවාගේ අත්වල අැති බැක්ටීරියා 99% ක් විනාශ කරනවා. අවාසනාවකට ඒ මඟින් සම මත සිටින හිතකර බැක්ටීරියාද විනාශ වී  දරුවා රෝග වලට ගොදුරු  වෙනවා. සරල අත් සේදුම් දියරයක් එළිමහනේ සෙල්ලම් කිරීමෙන් පසු භාවිතය සුදුසු වේ. එම නිසා අත් සේදුම් සනිපාරක්ෂක දියර සීමා කරන්න.

3. ප්‍රෝටීන් බහුල ආහාර

ප්‍රෝටීන් අඩංගු  උදෑසන ආහාර වේලකටම ඔබේ  දරුවාගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවිය හැකිය. එම නිසා සෑම ආහාර වේලකටම ප්‍රෝටීන් අඩංගු ආහාර එක්කර ගැනීමට අමතක නොකරන්න.  නිර්මාංශ අයට ප්‍රෝටීන් අඩංගු ආහාර ලෙස රනිල කුලයේ ආහාර බ්‍රොකලී, පරිප්පු, ටෝෆු ,පනීර් හා සෝයා පෙන්වා දිය හැක. බිත්තර හා මස් නිර්මාංශ නොවන අය සඳහා සුදුසුප්‍රෝටීන් බහුල ආහාර වෙනවා. ඔබට හැකිනම් සකස් කළ මස් වෙනුවට නැවුම් මස් භාවිතා කරන්න. කිරි ආහාර ද අමතක කරන්න.

4. ප්‍රතිශක්තිකරණය ලබා දීම (එන්නත්)

උණ වර්ග සදහා වු එන්නත් ලබාදීම මගින් ඔබේ දරුවාගේ උණ රෝගයේ තීව්‍රතාව අඩු කරනවා. එමනිසා උණ රෝග සඳහා වන එන්නත් ලබා දී ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණය  ලබා දීමට අමතක නොකරන්න.

මව්වරුනි ඔබේ දරුවා  ඔහුගේ ප්‍රතිශක්තිකරණය ගොඩනඟා ගනිමින් සිටිනවා. ඔහු දිගටම දිවා සුරකුම් මධ්‍යස්ථාන වලට යැවීම මගින් ඔහු ආසාදන වලට ගොදුරු වීමේ අවස්ථා වැඩි වෙනවා. ඔහු මෙම  මධ්‍යස්ථානයකට යැවීමේ බොහොමයක් වාසිද තියෙනවා. දිවා සුරකුම් මධ්‍යස්ථාන වලට යන දරුවන් නිවසේ සිටින දරුවන්ට වඩා බොහෝ දක්ෂ වන බව අධ්‍යනයන් පෙන්වා දෙනවා. එමනිසා මෙය ඔබ ඔහුව වර්ධනය කරන දෙයක් විදියට ඔහු හිතනවා. නමුත් දැනට මගේ ආච්චි අම්මගේ රහස් පිලියම ඔබට වැඩ කරාවි යැයි මම හිතනවා.

ලෝකය පුරා වූ මෙවැනි විශ්මිත රහස්  ඔබ වෙත ගෙන එන්නේ The Asianparent Sri Lanka විසිනි .

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී