පොඩ්ඩොත් එක්ක විනෝද ගමනක් යද්දි ගෙන යා යුතු කළමනා ලැයිස්තුව

lead image

පොඩිත්තෝ එක්ක දුර ගමන් යද්දී කලබලේ යම් යම් දේවල් මග හැරෙනවා. මේ ලැයිස්තුව අනුව සියල්ල සකසුරුවම් කර ගැනීමෙන් ලෙහෙසියෙන් හා පහසුවෙන් විනෝද ගමනට සුදානම් වෙන්න පුළුවන්. මෙය මුද්‍රණය කර පහසු තැනක තබා ගන්න. යහළු මිත්‍රයින්ට දෙන්නත් කදිම ලැයිස්තුවක් අප වෙතින්!

නිවාඩු කාලේ බොහෝ දෙනෙක් විනෝද ගමන් යන්න ලක ලැහැස්ති වී ඉන්නවා. පොඩි දරුවෝ එක්ක දුර ගමනක් යන විට අත්‍යවශ්‍ය දේවල් ගෙන යාම ඉතා වැදගත්. පවුලේ සැමගේම බදු භාණ්ඩ, ඇඳුම් ආයිත්තම් ගැන බොහෝ විට සිතා බලා කටයුතු කරන්න ඕනේ අම්මා.

ඉතින් ඔබට අවශ්‍ය විය හැකි සියලු දේ මුසු කොට ඔබට පහසුවෙන් දුර ගමනක් යාම සඳහා පිළිසකර වීමට උදව් විය හැකි ලැයිස්තුවක් මේ තියෙන්නේ.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/08/Chklist Ft.png පොඩ්ඩොත් එක්ක විනෝද ගමනක් යද්දි ගෙන යා යුතු කළමනා ලැයිස්තුව

මෙතන ක්ලික් කරන්න

අපගේ ආදර රසික ඔබ වෙත පිරිනමන විශේෂ තිළිණයක් ලෙස මෙම ලැයිස්තුව මුද්‍රණය කොට ළඟ තබා ගත හැකි ලෙස පහත දිගුව ඔස්සේ ලබාගන්න ඔබට පුළුවන්. එකින් එක කතිර ගසා හෝ පේන තැනක තබා ගෙන පහසුවෙන්ම ඔබේ ගමනට අවශ්‍ය සියලු දේ ලැහැස්ති කරගන්න පුළුවන්.

ඇඳුම්                           

1 වන දිනය

 ඇඳුම්

 යට ඇඳුම්

2 වන දිනය

 ඇඳුම්

 යට ඇඳුම්

3 වන දිනය

 ඇඳුම්

 යට ඇඳුම්

4 වන දිනය

 ඇඳුම්

 යට ඇඳුම්

අමතර දෑ

 සපත්තු

 මේස්

 සෙරප්පු

 සීතල ඇඳුම් (අවශ්‍ය නම්)

 පිහිනුම් ඇඳුම් (අවශ්‍ය නම්)

 තුවායක්

 කොට්ට, බෙඩ් ශීට් (අවශ්‍ය නම්)

 අමතර සිලි/ප්ලාස්ටික් මලු ටිකක්

(පාවිච්චි කල ඇඳුම් ආයිත්තම් සඳහා)

සනීපාරක්ෂක කළමනා

 දත් බුරුසු

 දන්තාලේප

 ක්‍රීම් වර්ග

 ෂැම්පු

 කන්ඩිෂනර්

 සබන් කැටයක්

 පුංචි කතුරු පිහියක් 

 ලිප් බාම්

අනෙකුත් පවුලේ කළමනා

 ටෝච් එකක්

 ෆ්ලාස්ක් එකක්

 තොප්පි

 ගිනි පෙට්ටියක්

 පිහියක්/කතුරක්

 රෙදී අත්පිස්නා

 ප්ලාස්ටික් කෝප්ප, පිඟන් හා හැඳි

 අමතර ප්ලාස්ටික් බෑග්

 කොටු පින් සහ රවුම් පින් ප්ලග්

 වතුර හීටරයක් සහ කුඩාජෝග්ගුවක්

 ටොයිලට් පේපර් රෝල්/ ටිෂූ

 පරණ පත්තර ටිකක්           

බබාට/දරුවන්ට අවශ්‍ය කළමනා

 නැප්කින්

 වෙට් වයිප්ස්

 ඇඳුම්

 පැම්පස්

 බබාගේ ටින් කෑම (හදිසියකට)

 බබාගේ බෝතල්/සූප්පු

 බබාගේ කෑම හදන භාජන

 ෆුඩ් වෝමර්

 බබාගේ සෙල්ලම් බඩු ටිකක්

 පාට කරන පොත් හා පාට

 

 කාර් සීට්

 ෆීඩින්ග් චෙයාර්

 ගෝ කාට් එක

 _____________

ප්‍රථමාධාර කට්ටලයක්

 පැනඩෝල්

 සමහන් පැකට් කිහිපයක්

 ප්ලාස්ටර් සහ පුළුන්

 මදුරු ආවර්ජක (පැඟිරි තෙල්)

 උණ කට්ටක්

 වික්ස්

වාහනයට අවශ්‍ය දෑ

  කුඩයක් හෝ කිහිපයක්

 ගීත CD තැටි

 අත පිස්නා

 බොන වතුර බෝතල්

 අමතර අත සෝදන වතුර බෝතලයක්

 _________________

 _________________

 _________________

අත්‍යවශ්‍ය නොවන මුත් හැකි නම් ගෙන යා යුතු දෑ

  එළිමහනේ එලන පැදුරක්

  ඇකිලිය හැකි පුටු

 බැඩ්මින්ටන් රැකට්/බැට් 

 ලොකු කුඩා බෝල

 අනෙකුත් සුදුසු ගේම්  

 පොත් 

 බිස්කට් වැනි අතුරු ආහාර

 _________________

 _________________

 _________________

ඔන්න ඉතින් අද ඔබට ගෙන දෙන මේ කළමනා පිරික්සුම් ලැයිස්තුව ඉදිරියේදී ඔබේ විනෝද ගමන් සඳහා ඉතාමත්ම ප්‍රයෝජනවත් වනවා නිසැකයි. ඔබට අවශ්‍ය පරිදි මෙම ලැයිස්තුව වෙනස් කරගත හැකි අතර මිට අමතරව ප්‍රයෝජනවත් විය හැකි යමක් ගැන ඔබට සිතන්නට පුළුවන් නම් ඒ ගැන අපට ලියා එවන්නත් අමතක කරන්න එපා.