කැමති දූ පැටියෙක්ට ද? මේ ඉඟි ගැන හිතලා බලන්න.

lead image

දූ පැටියෙක් ලස්සනට අන්දවලා සුරතල් බලන්න ආස නම් මේ ඉඟි ගැන හිතලා බලන්න.

දරුවෝ කවුරු වුනත් අපිට සම්පතක්. ඒ සම්පත හරියට අපිට සුරලොවින් ලැබෙන තෑග්ගක් වගෙයි. එත් පුතෙක් ඉන්නකොට දුවෙකුට ආස දෙමාපියන් ඉන්නවා. දුවෙක් පිළිසිඳ ගැනීම ට නම් කොහොමද එක් විය යුත්තේ? මේ ආශ්‍රිතව වෙනත් සැලකිය යුතු කාරණා තියනද? ඉතින් දූ පැටියෙක් ලස්සනට අන්දවලා සුරතල් බලන්න ආස නම් මේ ඉඟි ගැන හිතලා බලන්න.

දුවෙක් පිළිසිඳ ගැනීම

දුවෙක් පිළිසිඳ ගැනීම

1. නොගැඹුරු පිවිසුම් ක්‍රමයක්

දුවෙක් පිළිසිඳ ගැනීම ට නම් මෙහි පළමු පියවර ලෙස ශක්තිමත් ස්ත්‍රී ශුක්‍රාණු ක්‍රියාකාරිත්වයක් ගැන හිතන්න ඕනේ. ඒ නිසා එක් වීමකදී නොගැඹුරු පිවිසුම් ක්‍රමයක් භාවිත කරන්න. මෙහි අරමුණ තමයි මේ ශුක්‍රාණු තරලය ගමන් කරන විට පිරිමි ශුක්‍රාණු විනාශවීමත් සමග ගැහැණු ශුක්‍රාණු සෙමෙන් ගමන් කර ඩිම්බය හමුවීමට සැලැස්වීම.

2. අවශ්‍ය පසුබිම සැලසීම

අධික ඇසිට් තත්වයන් ඇති විටත් පිරිමින්ගේ ශුක්‍රාණු දුර්වල වීමක් වෙන නිසා PH අගය සකසා ගනිමින් පිරිමි ශුක්‍රාණු වැඩිපුර ඇති වීම පාලනයක් කල යුතු වෙනවා.

ඔබේ PH අගය දැනගැනීමට PH පටි මිලදී ගත හැකි අතර එමගින් ඔබ ක්‍රියාකළ යුතු ආකාරය දැනගන්න පුළුවන්. සමහර කාන්තාවගේ ශරීරයේ ඇසිඩ් ගතිය වැඩි අතර සමහරුන්ගේ එසේ නැහැ. නමුත් ආහාර මගින් ඔබට එය වෙනස් කරගන්න පුළුවන්.

විශේෂයෙන් කැල්සියම්, මැග්නීසියම් අලුත් පලතුරු, පැස්ටා කිරි, චොක්ලට්, පලා වර්ග වලින් ඔබට මේ තත්වය ළඟ කරගත හැකියි. ඔබට ගැහැණු දරුවෙක් ඕනේ නම් ලුණු හා පොටසියම් අධික ආහාර වලින් වැළකෙන්න වෙනවා. මෙය වේගවත් කරන්න අවශ්‍ය නම් ජලයට විනාකිරි තේ හැඳි දෙකක් දමා හරි PH අගය ලබාගන්න පුළුවන්.

3. සැලකිය යුතු අනෙක් බලපෑම්

කාන්තාවන්ගේ සුරතන්තයේදී ද PH අගයට බලපෑමක් ඇති වෙනවා. එමගින් බොහෝ විට පිරිමි ශුක්‍රාණු නිපදවීමේ වැඩි ප්‍රවනතවයකට පරිසරය සැකසෙනවා. ඒ නිසා සමහර විට පිරිමියාට පසු ගැහැණිය සුරතාන්තයට පත්විමට ද යෝජනා කෙරෙනවා.

මේ විද්‍යාත්මක කරුණු අතරට ඔබට සම්ප්‍රදායික ක්‍රමයකුත් අත්හදා බලන්න පුළුවන්.

4. දුවෙක් පිළිසිඳ ගැනීම: චීන ස්ත්‍රී පුරුෂ සටහන

ඉපැරණි චීන ස්ත්‍රී පුරුෂ සටහනට අනුව අම්මගේ වයස හා පිළිසිඳ ගත් මාසට අනුව ඔබට ලැබෙන දරුවා ගැහැනුද පිරිමිද යන්න දැනගන්න පුළුවන්. මෙය 100% ක් සාර්ථක නොවුනත් සාර්ථක බවක් ඇති නිසා ඔබටත් අත්හදා බලන්න පුළුවන්.

 ජිවිතයේ අපිට බලාපොරොත්තු ගොන්නක් තියෙනවා. ඉන් හැමදේම ඉටු කරගන්න බැරි වුනත් සමහර දේවල් ඉටු කරගන්න ඔබේ හොඳම මිතුරිය theAsianparent  Sri Lanka ළඟින්ම ඉන්නවා.

කියවන්න: පුංචි පුතෙකුට ආසියිද?

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ