2018 වසරේ දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ ඉවසීම ප්‍රගුණ කරගන්නේ කෙසේද?

lead image

දරුවන් කෙරෙහි ඉවසීම ප්‍රගුණ කරගැනීමට මත්තෙන් ඔබ, ඔබටම කාරුණික වන්න. ලෝකය ඔබ සිතන තරම් කුරිරු නැත. ඔබේ සන්සුන් වීම තුළින් ඔබේ වටපිටාව සාමකාමී කල හැක.

දෙමාපියන්ගේ ඉවසීම මව සහ පියා තුල තිබිය යුතු මහඟු ගුණාංගයකි. මේ නිසා දරුවන් සමඟ එම ගුණාංගය ප්‍රගුණ කරගන්නේ කෙසේද කියා මෙම ලිපියෙන් විමසා බලමු.

2017 වසරට ආයුබෝවන් කීමත් සමඟ මෙම මාපිය දූ දරු සටනේ ජයග්‍රහණය කරා තවත් පියවරක් තැබීමට ඇති අවස්ථා පිළිබඳවයි මේ...

දරුවා සමඟ ඉවසීම - ඉටු කරගත නොහැකි සිහිනයක් නොවේ.

දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ ඉවසීම ප්‍රගුණ කරගත හැකි ක්‍රම කිහිපයක්

1. දරුවාගේ දෘෂ්ටිකෝණයෙන් බැලීම

යම් යම් අවස්තාවන් පිළිබඳව ඔවුන්ගේ මානසික මට්ටමින් බැලීමේදී ඔබ එය නිවැරදි නොමැති ලෙස හැඟුනත් ඔහුව හෝ ඇයව වඩාත් නිවැරදිව අවබෝධ කරගැනීමට එය ඉවහල් වනු ඇත.

නිදසුන් ලෙස, අවුරුදු 6ක් දරුවා ඔහුට උවමනා කමිසය තෝරාගත් විට එය කිරීමට ඉඩ දෙන්න. කාර්යබහුල වේලාවන් වල ඔබේ මුලිකත්වය අනුව කල යුතු වැඩ කලබලයෙන් නිම කිරීමට උත්සාහ නොකර ඔවුන්ට උවමනා පරිදි ඒවා සිදු වන්නට ඉඩ හරින්න.  ඔබට ස්වාධින දරුවකු ගොඩනැගීමට මේ අකාරයෙන් හැකි වනු ඇත.

2. හොඳ සවන් දෙන්නෙකු වන්න

පළමුව කල යුතු දේ පළමුව! ඔබේ දරුවා ඔබට කතා කරන විට ඔබේ සම්පුර්ණ අවධානය ඔහු/ඇය වෙත යොමු කිරීමට වගබලා ගන්න. වෙන වැඩ කටයුතු ගැන සිතීමට එය අවස්තාවක් නොවේ. එය ඔහු ඔබගෙන් අහාර ඉල්ලීමක් හෝ කතන්දර කීමට ඉල්ලීමක් හෝ විය හැක. ඔබේ සම්පුර්ණ අවධානය ඔබේ දරුවාගේ අවශ්‍යතාවයි. ඇහුම්කන් දීම හා අවධානය යොමු කිරීම මගින් දෙදෙනා අතර සාර්ථක සන්නිවේදනයක් ගොඩනැගෙනු අතර ඔවුන් ඔබට වැදගත් බව ඔවුන්ට ඒත්තු ගන්වන්නට පිලිවෙන.

3. ඔබේ ප්‍රමුඛතා නිවැරදිව පෙළගස්වන්න

ඇතැම් අවස්ථාවන්හි එක් වරම කාර්යයන් රාශියක් එකවර පැන නැගිය හැක. මේ තත්වය ඔබ ප්‍රකෝප කල හැකියි.

නිදසුන් ලෙස ඔබේ කුඩා දරුවා විසිත්ත කාමරයේ ඔහුගේ සෙල්ලම් බඩු වපුරා අවුල් කර ඇති අතර ඔබගේ ඉතා සිත්ගත් පිඟානක් කෑලි වලට බිඳ දමා මුළුතැන්ගෙයි ගෙයි විසි තිබෙන අවස්තාවක් විය හැක. දරුවාට කෑ ගැසීමට හෝ බැනීමට පෙර හොඳ හුස්මක් ඉහලට ගන්න.

ඔබේ එම කෙටි විරාමය ඔබට සහනයක් දන්වනු ඇත. ඉන්පසු පළමුව මුළුතැන්ගෙය පිරිසිඳු කරන විට එයට ප්‍රමුඛත්වය දිය යුතු බව  ඔබට හැඟෙනු අතර එය කරන අතරම ඔබේ දරුවාට විසිත්ත කාමරයේ ඇති ඔහුගේ සෙල්ලම් බඩු ඉවත් කර පිළිවෙල කරන්නට ඔහුව යොමු කල හැක.

මෙය වඩා සුදුසු හැසිරීම නොවන්නේද?

4. කල්තියා සැලසුම් කරගන්න

ඔබට හැම දේම සැලසුම් කරගත නොහැකි වන මුත් එලෙස සැලසුම් කල විට එය ඔබට නිරතුරු පහසුවක් වනු ඇත. ඉතා සුළු දේවල් වන උදේ අහාරය මොනවාදැයි කලින් දිනම තීරණය කිරීම.

පසුවදා අඳින ඇඳුම තීරණය කර එය මැද සකස් කර තිබීම, ඔබට උදෑසන කාර්යක්ෂම කරගන්නට රුකුලක් වනු ඇත.

5. ඔබ ඔබටම කාරුණික වන්න

ඔබේ දරුවාව ඉවසීමට පෙර ඔබ ඔබවම ඉවසගන්න. ඔබටම කාරුණික වන්න. ලෝකය ඔබ සිතන තරම් කුරිරු නැත. දරුවා දඩබ්බර කම් කරනවා නම්, මුරණ්ඩු වී සිටි නම්, එය දරුවා ඔහුගේ ලෝකයේ එම අවස්ථාවට මුහුණ දෙන ආකාරයයි.  මේ නිසා දරුවාටද කාරුණික වන්න.

දරුවන්ව ඉවසීම සාමාන්‍යයෙන් සෑම දෙමාපියෙක්ම පාහේ අත්දකින දුෂ්කරතාවයකි. එහෙත් මෙම කුඩා කරුණු ඔබට 2018 වසර වඩාත් ඉවසීමෙන් හා උනන්දුවෙන් තරණය කිරීමට ඉවහල් වනු ඇත.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා