දවසක උදාවෙන ඈත්වීම යථාර්ථයට මුහුණ දෙන්න අම්මා හිත හදාගන්නේ කොහොමද

lead image

අපි ඔවුන්ව ජීවත කාලයටම අත්හරින්න අකමැති වුනත් ඔවුන් අපි අතැර ඔවුන්ගේ ලෝකයකට යන දවසක් ඒවි.

මට අවුරුදු පහක් හා හයක් ඇති පුංචි  ශක්තිවන්තයෝ දෙදෙනෙකුගේ මවක් වෙනවා. සමහර වෙලාවට මට ඔවුන්ට ඇති ආදරය පුපුරා යාමට අවශ්‍යයි.  අනෙක් වෙලාවට මට කෑ ගසමින් ඉවතට දිව ගොස්  සතියක් එක දිගට නිදා ගන්න පුළුවන් තැනක හැඟෙන හිතෙනවා.

පුංචි දරුවන්ගේ මවුවරුනනි මම කියන දේ ඔබට තේරෙනවා නේද? අපේ දරුවෝ අපේ ජිවිතවල ආදරය මෙන්ම හුස්ම පොද ද වෙනවා.

නමුත් සමහර වෙලාවට මවක් වීමට පෙර  වූ ඔබගේ දේවල්  සිහි වී  මවක් වීමට පෙර ඔබව මතක් කර ගන්න ඔබටම හිතෙනවා.

ඔබට වැඩකටයුතු නිසා රාත්‍රී බොහෝ වේලා අවදිව සිටින්නට හා දරුවන්  පාසල යැවීම සදහා  අරුණෝදය වැටීමට පෙර අවදි වීමට සිදු නොවූ කාලය.

පුංචි කට හඬක් ඔබව සොයන්නේ නැතිව නාන කාමරය  තුල  සාමයෙන් සිටින අවස්ථාව ,  පුංචි අත පය එක්ක ඔට්ටුවෙමින් නාන කාමරයට යන අවසාන පුද්ගලයා ඔබ  නොවී නිවාඩු පාඩුවේ එලියට  යාමට සුදානම් වු යුගය.

ඉක්මනින් රස බැලීමක් නැතිව ආහාර ගිල දැමීම කින් තොරව  ඔබට ආහාර ගැනීමට හා ආහාරය රස විඳීමට අවස්ථාව.

මේ එයයි. මෙය මාතෘත්වය වන අතර අපි සියල්ලම එය දන්නවා. වාතය, බඩගින්න ,පැමිණිලි ඔබට එය ඕනෑ විදියට නම් කළ හැක වුවත් අපේ සහෝදර දෙමාපියන් සමඟ කාලෙන් කාලෙට ඔවුන්  තේරුම් ගන්නා බව දැන ගන්නා නමුත් කරන්න දෙයක් නැහැ.

නමුත් එක දවසක් මගේ මේ තත්ත්වය වෙනස් වුණා.

එය අපේ පවුලේ  උත්සවයක් , මගේ පිරිමි දරුවන්  ඔවුන්ගේ නෑදෑ සොහොයුරන් සමඟ ඔහේ දුවමින් ගෘහ භාණ්ඩ උඩින් පනිමින් ප්‍රීතිමත් වුනා. මට පිළිතුරු දිය නොහැකි නොපැහැදිලි ප්‍රශ්න  වරින්වර අසමින් මා වටා  දිව්වා.

ඒ මොහොතේ මගේ පුංචි පුතා වැටිලා දණහිස වැද්දගෙන විලාප දෙමින් මා ළඟට ආවා.මේ වේදනාව නැති කරන ලෙස ඔහු මට කිව්වා. මම එසේ කලා. ඔහුගේ කඳුළු පිසදා ගනිමින් ආපසු ගියා. වේදනාව සම්පූර්ණයෙන්ම අමතක කර  ඔහුගේ සාමාන්‍ය වැඩවලට නැවත එකතු වුණා. ( ඔහුට අවශ්‍ය වුණේ මවගේ විශ්මිත සිත ගැනීමක් ගැනීමක් පමණි. හැම වේදනාවක්ම පහව ගියා )

මම ඇස් හැකුලුවා. මම මගේ ළඟම අසුනේ අසුන්ගෙන සිටි මගේ මස්සිනා වෙතට හැරුනා. ඔහුගේ  දරුවන් දැන් නව යොවුන් වියට එළැඹිලා. "මට විශ්වාසයි ඔබත් මෙය අත්වින්දා"  මම ඔහුට පැවැසුවා.

"ඔව් ඇත්තෙන්ම"  ඔහු මා දෙස බලා පැවසුවිට "ඇත්තම ද" මම ඔහුගෙන් ඇසුවා. ඒත් ඇයි?

ඔහු ඉනපසුව මට කිව්වා. ඔවුන් වර්ධනය වීම නිසා අපේ දරුවන් කරන සියලුම  පීඩාකාරී දේවල් නවත්තන දවසක් එනවා. නමුත් එම සතුට ඔබට සහනයක්, සාමයක්, සුවයක් හෝ විවේකයක් ඔබ හිතන පරිදි ලබා දෙන්නේ නැහැ.

අතීතය පිළිබඳ සානුකම්පිත බවක්, තනිකමක් එය ගෙන ඒවි.

ඔහු මට කිව්වා. ඔහුගේ දරුවන්  වයසින් වැඩෙත්ම රාත්‍රී කාලයේ සුරතල් කිරීම් වලින් ඈත් වෙන්න පටන් ගත්තා කියලා. ඔවුන් අවසානයේ නිවස පුරා දිව යමින් එය අනෙක් පැත්ත හරවමින් දේවල් කඩා බිඳ දැමීමත් නතර කර  දැමූවා. නමුත් එම නතර කිරීම සමග සැහැල්ලු සිනාවක් කෑකෝ ගැසීම වැනි එයත් සමග යන විහිලු නතර වුණා. පුංචි අය සියල්ල නතර කිරීමත් සමඟ ජීවී බවත් ඈතට ගියා.

පාසල කෙසේද යන පුංචි ප්‍රශ්නයකට ලැබෙන දීර්ඝ පිළිතුරු වෙනුවට හොඳයි යන්න පමණක් පවසා තව අසන්න දෑ ඉතිරිව තිබියදී ඉවත්ව යනවා.

ඔහුගේ ළමුන් වර්ධනය වෙලා. දැන් නිවස නිහඩයි.

මං එදා ඉගෙන ගත්තේ මේ පමණයි:

ලක්ෂ ගණනක් වු පිළිතුරු දීගත නොහැකි ප්‍රශ්න නැවතුන විට ඔබේ ප්‍රශ්න සඳහා ඔබේ දරුවා ගෙන් දීර්ඝ පුදුම හිතෙන පිළිතුරු ලැබෙවි. පිළිතුරු සමහර වෙලාවට ඔබට මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්න තරම් හුරුබුහුටියි.

ඔවුන් නවත්තනවා.

අවසානයේදී ඔබ සුව නින්දක් ලබනවා. ඔබ ඔබේ දරුවාට නින්දට යාමට පෙර ඔබට තුරුල් වෙලා සුරතල් වීම  සඳහා කතා කළ විට ඔහු එය ප්‍රතික්ෂේප කරනවා. ඔහු සැහැල්ලු මෙන්ම ඔහු එසේ කිරීමට වර්ධනය වී තිබෙනවා.

ඒ සේරම නවතිනවා.

මෙය රඳා පැවැත්ම ඔවුන්ගේ හැම වෙලාවකම අස්ථාවර අවශ්‍යතා  සිපගැනීම්, වැළඳ ගැනීම, සහතික කිරීම් සියල්ල ම ඔබට ඔබ වෙනුවෙන් විනාඩි පහක් ගැනීමට නතර කිරීමට ඔබ පතනවා. මේ සියල්ල නවතිනවා. එවිට ඔවුන්ගේ සිප වැළඳගෙන  දුර්ලභ මෙන්ම මැණිකක් තරම් වටිනවා.

ආදරය, සිනහව, කඳුල හා නොසන්සුන් බව පිරුණු ව්‍යාකූල දවස් අවසන් වෙනවා.මම මගේ මස්සිනා සමග කථා  කල දිනයේ මම තේරුම් ගත්ත දේ මෙපමණයි.

ඔබේ  කන් පුරවන හුරුබුහුටි කතා කෑකෝ ගැසීම් වලින් තොරවූ නිහඩ පිරිසුදු නිවසක් බවට  නිවස පත්වෙන්න දවසක් ඒවී. එක එක සෙල්ලම් බඩු  යටිපතුල් වලට තවත් හිංසා නොකරාවි.

ඔබේ ඇස් දිහා බලාගෙන ඔවුන්ගේ උණුසුමින්  පිරුණු පුංචි දරුවන් පමණක් දන්නා විදියට වැළඳ ගැනීම තවදුරටත් නොතිබේවි. ඔබේ සිපගැනීම්, වැලදගැනීම් , ස්පර්ශ, ඔබගේ වචන වල ඇති පුදුම හිතෙන සුව බලය නොතිබේවි.

මේ දිනය උදා වූ විට පසුගිය අවුරුදුවල පුංචි දරුවන් රැකබලා ගැනීමට ඔබ වැය

කළ සෑම ශක්ති බිඳුවක් සමඟම ඒ දෙබස් සමග බිඳුවක් සමඟම ඒ දේවල්  සමග ජීවත්වන එකම එක දවසක් ඔබ පතාවි.

ඔබේ පුංචි දරුවාගේ නොසන්සුන්තාවය සමග කටයුතු කළ මොහොත වල් , ඔවුන්ව සංසුන් කළ හැටි, සුරතල් කළ හැටි,  පසුව අලුත් විශ්වාසය ඔබගේ වෙලාව අපතේ හැරීමක් වුනේ නැහැ. එය වටිනා මෙන්ම වචනෙට එහා ගිය විශ්වාසය හා ආදරය කැටි වූ ගැඹුරු පාඩමක් ද වෙනවා. ඔබට ඒමොහොත කවදාවත්ම ආපසු නොලැබේවි.

පුංචි සිරුරක් ඔබගේ සුරතල් හෝ ඔබගේ ආරක්ෂාව නොපතන ඔබට නින්ද ගැන නොහිතන දවසක් ඒවි. මගේ නින්ද නැති රාත්‍රීන් තවදුරටත් නැහැ. නමුත් මම දන්නවා සුරතල් හා සිපගැනීම් පිරුණු රාත්‍රියේ  ඒ මොහොත වල් මගේ පිරිමි දරුවන් වයසෙන් වැඩෙත්ම අතීතයේ ප්‍රාර්ථනාවන් ඉටු කරගැනීමට උත්ප්‍රේරණය වෙනවා.

එමනිසා දැන් මම ඔවුන් නින්දට  යන විට කොහොමද ඔයාගේ දවස අහනවා. එකිනෙකා පටන් ගන්නෙ පළමුවෙන්ම පන්තියකට ගිහින් මම මගේ බෑග් එක තිබ්බා. මම ඔවුන් ඒ මොහොතේ හදිසි කරන්න නැහැ. මම ඔවුන්ට  කතා කරන්න ඉඩ දෙනවා. ඒ වගේම සිදුවූ විනෝදජනක දෙයක් කියන විට ඔවුන්ගේ මුහුණ  ප්‍රීතියෙන් එලිය වැටෙන අයුරු මම බලා සිටිනවා. ඔවුන් ගේ වර්ධන ක්‍රියාවලිය සිදුවන නොවැලැක්විය හැකි දේවල් වලින් ඔවුන් ළඟදී මෙසේ කතා නොකර ඉන්න බව මම දන්නවා.

මගේ අසීරුතම දරුවන් රැකබලා ගැනීමේ අවස්ථා පසු කරන විට පවා දැන් මම ඔවුන් ඉක්මනින් වයසින් වැඩෙන්න යැයි  පතන්නේ නැහැ. ඔවුන්  වයසින් මුහුකුරා යාම ඇස් පිල්ලමක් ගසන සැනින් වෙන බව මම මට මතක් කරනවා.

ඔබේ දරුවන් ළමා කාලය ප්‍රීතියෙන් ගත කරන්න. මව්වරුනි, පියවරුනි, ඔවුන්  ඊයේ මෙන් කුඩාවට කිසිදාක  නොසිටින අතර හෙට ඔවුන් ටිකක් වැඩි මහලු වේවි. මෙය  හැමදාම සිදුවන අතර ඔවුන්  එකවරම තවදුරටත් කුඩා දරුවන් නොවනතුරු, වමොවුන් වැඩිමහල් වන්න යැයි පතන එක ඉක්මන් නතර කරන්න. ඔවුන් දැනටමත් එහෙම නම් තත්පරේකින් එය ගිලිහී යන්න පුළුවන් .

අපි ඔවුන්ව ජීවත කාලයටම අත්හරින්න අකමැති වුනත් ඔවුන් අපි අතැර ඔවුන්ගේ ලෝකයකට යන දවසක් ඒවි . මේ කාරණාව ඔබට ආදරයෙන් මතක් කරන්නේ theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී