දෙමාපිය දු දරු සම්බන්ධතාවය ශක්තිමත් කල හැකි යහපත් පුරුදු හතක්

දෙමව්පිය දුදරු සම්බන්ධතාවය නැවත ඇතිකර ගැනීමටත් එය ශක්තිමත් කරගැනීමටත් යහපත් පුරුදු හතක් මේ සමග ඉදිරිපත් කරනවා.

වේගයෙන් දිව යන ලෝකයක් තුල  අප ජීවිතයේ සිටින වැදගත්ම පුද්ගලයන් වන දරුවන් සමග වු සම්බන්ධතාද පහසුවෙන් ගිලිහි යනවා. දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන් හා සම්පුර්ණයෙන්ම වැදගත් වු දෙමව්පිය දුදරු සම්බන්ධතාවය නැවත ඇතිකර ගැනීමටත් එය ශක්තිමත් කරගැනීමටත් යහපත් පුරුදු හතක් මේ සමග ඉදිරිපත් කරනවා.

ඔබේ දරුවා වයසින් වැඩෙත්ම සුන්දර වු දෙමාපිය දූදරු සම්බන්ධතාවය ක්‍රමයෙන් දුර්වල වීම පහසුවෙන්ම සිදුවෙනවා. පාසැල් වැඩ හා මිතුරන් සමග දරුවන් තමාගේම කුඩා ලෝක ගොඩනගා ගන්නා අතර රැකියා කටයුතු සමග දෙමාපියන්ද එසේ වෙනවා.

නමුත් එය එසේ විය යුතු නැහැ. ඔබේ ජීවන රටාවේ සුළු සුළු වෙනස්කම් කිහිපයක් කිරීම මගින් ඔබේ දරුවා සමග බලාපොරොත්තු නොවන ක්‍රම මගින් සදාකාලික සම්බන්ධයක් ගොඩනගා ගැනීමට මග පාදගන්න පුලුවන්.

ඔබ හා ඔබේ  දරුවාගේ සම්බන්ධතාවය ශක්තිමත් කරගත හැකි මේ අදහස් හත සම්බන්ධයෙන් ඔබට ආස්වාදයක් ලැබේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.

1. එක්ව ආහාර ගන්න

එක්ව ආහාර ගන්නා පවුල් හා දරුවාට ඇති ධනාත්මක වර්ධනය වන ප්‍රතිලාභ අතර සම්බන්ධයක් ඇති බව පරීක්ෂණයන් පෙන්වා දෙනවා. හොද ආහාර ගැනීමේ පුරුදු, හොද ක්‍රීඩා කෞෂල්‍යයන්, යහපත් හැසිරීම සහ ශක්තිමත් මානසික හා සමාජීය දක්ෂතා වර්ධනයත් මේ මගින් ලැබෙනවා.

සැමදා එක්ව රාත්‍රී ආහාර ගැනීමට අපහසු නම් හැකි සෑමවිටම එක්ව ආහාර ගන්න උත්සහ කරන්න. රාත්‍රී ආහාර වේල එක්ව ගත නොහැකි නම් අඩුම තරමින් උදෑසන ආහාර වේල හෝ කෙටි ආහාර වේලක් එක්ව ගන්න.

ඔබ පවුලක් ලෙස ආහාර ගන්නා විට ඔබ  ඔබේ ආහාර ගන්නා අවස්ථාවේ විනෝදය ලබා ගන්නා අතර දරුවන්ගේ දවස ගත කල ආකාරය හා ඔබේ දවස ගත වු ආකාරය කථා කරන්න අවස්ථාවක්ද උදාකර ගන්නවා. ඔබ එකිනෙකා අතර වු සම්බන්ධතාවය එහි අඛණ්ඩත්වයටද දායක වෙනවා.

2. එක්ව නින්දට යන්න.

ඔබ රාත්‍රියේ පමාවෙනතුරු වැඩ කිරීම නිසා ඔබේ රාත්‍රී ආහාර වේල මගහැරුනොත් ඔබේ දරුවා සමග නිදාගන්නා අවස්ථාවේ එකට ඉන්න උත්සහ කරන්න.

ඔබට ඔබේ දරුවා හා සම්බන්ධතාවය පවත්වා ගැනීමට නින්දට යන වේලාව හොද අවස්ථාවක් ලබා දෙනවා. එය නින්දට යනතුරු කතාන්දරයක් කියාදීම පමණක් නොවේ නින්දට පෙර සුරතල් කිරීමක්ද වෙනවා. ඒ වගේම එය එකිනෙකා සමග තමන්ගේ දවස ගැන කථා කරන්න අවස්ථාවක්ද උදාකර දෙනවා.

ඔබ ඔබේ දවස ගෙවු විදිය පිලිබඳ ආඩම්බර වෙන දේවල් ඔබේ දරුවා සමග බෙදා ගන්නා අතර ඔහුගේ දවස සතුටින් ගත කිරීමට හේතු වුයේ මොනවාදැයි විමසන්න. ඔබ පවසන ඔබේ තොරතුරු මගින් දරුවා කෙරෙහි ඇතිවෙන විශ්වාසය ඔබ  දෙපාර්ශවයේම සම්බන්ධතාවය ඇති කිරීමට මෙන්ම ශක්තිමත් කිරීමටද හේතුවේ.

3. එකව විනෝද වෙන්න.

ඔබේ දරුවාත් සමග  ඇති සම්බන්ධතාවය ඇති කිරීමට හොදම ක්‍රමය වන්නේ එකට විනෝද වීමයි. මෙය සුන්දර වු උද්‍යාන හා මුහුදු වෙරල වැනි එළිමහන් පරිසරයන් තුල කල හැක.

ඒ වගේම සාධාරණව සෙල්ලම් කිරීම හා ආචාරශීලී  පරාජිතයෙක් වීම වැනි අමතර ප්‍රතිලාභ ලැබෙන ගෘහස්ථ ක්‍රීඩා තුලින්ද මෙය කල හැක.

ක්‍රීඩා ඔබට අදාල දෙයක් නොවේ නම්, ඔබ ආහාර පිසීම, චිත්‍ර ඇදීම, අත්වැඩ කිරීම හෝ ළමා චිත්‍රපටයක් සමාලෝචනය කිරීම වැනි දේවල් එක්ව නොකරන්නේ ඇයි?  මෙම අදහස් සම්බන්ධතා ඇති වීමට හේතු වන අතර එම ක්‍රියාකාරකම් අනිවාර්යයෙන්ම එසේ කිරීමට උදව් කරාවි.

4. තදින් වැලදගන්න, සුරතල් කරන්න.

සරල හා සම්පුර්ණයෙන්ම විනෝදජනක වු සුරතල් ක්‍රියා සහ දරුවා වැලදගැනීම ඔබේ  සම්බන්ධතා ශක්තිමත් කල හැකි පහසු ක්‍රමයකි.

දරුවා වැලදගැනීම උදෑසන ඔබගේ ප්‍රථම කාර්යය ලෙසත්, පාසැල්  හෝ පෙර පාසැල් යාමට පෙර, නැවත නිවසට පැමිණි විට හා නින්දට පෙර  දරුවා වැලදගන්න. නොමසුරු වැලදගැනීම් හා සුරතල් කිරීම් ඉහත වේලාවල් අතරටද දෙන්න.

අමතර ප්‍රතිලාභයක් ලෙස වැලදගැනීම ඔබගේ යහපත් සෞඛ්‍යයට හේතුවෙන බව පරීක්ෂණ මගින් ඔප්පුකොට තියෙනවා.

5 එකිනෙකාට ගෞරව කරන්න .

දරුවන් අපිව කෝප ගන්වන බවත් අපේ පීඩනය වැඩි කරන බවත් සත්‍යයක්,  නමුත් ඔබ ඔබේ  දරුවාට විනය ගරුක වන විට ඔහු හෝ ඇයට ගෞරවයක් පෙන්වන විට ඔබටද කාර්‍යක්ෂම, ධනාත්මක හා දීර්ඝකාලීන ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.

විනය හැසිරවීමේ දරුණු ක්‍රම මගින් ඉක්මන් ප්‍රතිඵල ලබා දුන්නත් ගෞරවය පෙන්වීම තුලින් හැගීම් හා වර්ධනීය ප්‍රතිඵල නිතර ඔබට ලබා ගන්න පුලුවන්.

කොහොම නමුත් ඔබ ඔබේ විනය තුල ගෞරවනීය නම් ඔබ ඔබේ  දරුවා සමග බැදීමක් ඇතිකර ගන්නවා පමණක් නොවේ. කවුරුත් හෝ ඔහු රිදවු විට පවා ගෞරවනීය වීම හා කාරුණික වීම ඒ තුලින් උගන්වනු ලබනවා.

6. කාර්යයන් පවරන්න.

ඔබේ පුංචි දරුවාට වයසට ගැලපෙන කාර්යයන් පැවරු විට ඔවුන්ගේ වටිනාකම විදහා දක්වන ආත්ම අභිමානය මෙන්ම ආත්ම විශ්වාසය ගොඩ නංවනු ලබනවා.

ඔහු ඔහුගේ කාර්යයන් නිමකල විට ඔහු කර ඇත්තේ හොද කාර්යයක් බවත් නිවසේ කටයුතු වලදී ඔහුගේ දායකත්වය මොනතරම් වටිනවාද යන්නත් ඔබේ  දරුවාට කියාදෙන්න. මේ මගින් ඔබ එකිනෙකා ලංකරන අතර ඔබේ දරුවා කාරුණික සංවේදී වැඩිහිටියෙක් බවට පත් කරාවි.

7. පුංචි දේවල් කරන්න 

ඔබට ඔබේ දරුවා හා ගත කිරීමට කාලයක් නොමැති නම් පුංචි පුංචි ක්‍රම තුලින් ඔබේ ආදරය පෙන්වන්න පුලුවන්.

ආදරණීය වදන් පෙලක් ලියා කෑම පෙට්ටියට දැමීම, සති අන්තයේදී විනෝදජනක වැඩසටහන් සැලසුම් කිරීම , ඔබට හැකි සෑමවිටම බාධාවලින් තොරව ඔහුට හෝ ඇයට සම්පුර්ණ අවධානය ලබාදීම සදහා සම්පුර්ණයෙන්ම කැපවෙන්න. ඒ සියල්ල ඔබ හා දරුවා අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට උදව් කරාවි.

දෙමව්පියනි, දෙමව්පිය දු දරු සබදතා ඇති වීමටත් ශක්තිමත් කිරීමටත් වෙනත් ක්‍රම තිබේද? ඔබේ අදහස් පහලින් සටහනක් යොදා අප හා බෙදා ගන්න.

ඔබත් ඔබේ දරුවාත් අතර සම්බන්ධතාවය රැක ගැනීමට දායක වෙන  මේ වැදගත් තොරතුරු ගෙන ආවේ theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී