theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දෙමාපිය පදවිය තුළ ඇති දැවෙන පීඩනය

5 අවම කියවීම
දෙමාපිය පදවිය තුළ ඇති දැවෙන පීඩනයදෙමාපිය පදවිය තුළ ඇති දැවෙන පීඩනය

මේ නිසාම පීඩනයෙන් මිදෙන්න මේ පිළියම් 5 ගැන සිතා බලන්න.

දෙමාපිය පදවියේදී දරන දැවෙන පීඩනය හා ආතතිය අපි හිතනවාට වඩා වේදනාකාරියි. දෙමාපිය පදවිය ඇත්තටම ඉතා බැරෑරුම් වගේම පීඩාකාරියි.

සමහර දවස් සැනසිලිදායක වුනත් සමහර දවස් හරිම පීඩාකාරියි. නමුත් සමහර දෙමාපියන්ට එය දිනපතාම පීඩාකාරී අත්දැකීමක් වන්නට පුළුවන්. ඔබ ඒ පීඩාවෙන් දැනටමත් ජීවත් වන්නට පුළුවන්. වෘත්තීමය වශයෙන් ඇතිවන සිත දැවීම හැරුණු කොට මව්පියන් ලෙස ඇතිවන හිත දැවෙන ගැටළු ඉතා පීඩාකාරී අත්දැකීමක්. මව්පියන් 1/8 ක් මේ ගැටළුවෙන් පීඩා විඳින බව පැවසෙනවා.

මේ සිංගප්පුරුවේ තාත්තා කෙනෙකුගේ කතාවක්.

ඇගේ බිරිඳ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කියලා දැන ගැනීමත් නීතියෙන් ඇය තවදුරටත් දරුවන් බලාගැනීමට සුදුසු පසුබිමක නැති බවත් නීතිය මගින් තීරණය කිරීම නිසා මේ තාත්තට වගකීම කරට ගන්නට සිදුවුණා.

මේ තාත්තා උදේ හතරට අවදිවෙලා දරුවන්ගේ වැඩ කරලා ඔවුන්ව පාසලට ඇරලවලා කාර්යාලයට ගියා. නැවත නියමිත වෙලාවට පෙර කාර්යාලයෙන් පිටවෙලා දරුවන්ගේ බාහිර වැඩ ටික කරලා දුරකතනයෙන් ඔහුට හිමි වැඩකොටස ඉටුකරන්න උත්සාහ කළා.

ඒ විතරක් නෙමෙයි රෑ කෑම, දරුවන් නින්දට යැවීම ඇතුළු බොහෝ දේ කරලා ඔහු කාර්යාලයේ වැඩ ඉන්පසුව කරලයි නින්දට ගියේ.

නමුත් දිගින් දිගටම මේ දින චරියාවන් ගෙවී යද්දී ඔහුට ඔහුගේ පරික්ෂකගෙන් අවවාදයක් ලැබුණා. ඒ නිසාම පවුල් උපදේශකයෙක් මුණ ගැහෙන ලෙස උපදෙස් ලැබුණා. ඊට හේතුව දිගින් දිගටම ඔහුගේ නොසන්සුන් බව ඔහු දැකීමයි.

නමුත් ඊට ඔහු හුඟක් ප්‍රමාද වැඩියි. ඔහු පවුල් උපදේශකයෙක් මුණගැසුනත් ඔහුට හෘදයාබාධයක් වැළඳුනා.

ඔහුගේ වෛද්‍යවරයා මේ කතාව උදාහරණයක් ලෙස ගෙන අනිත් අය දැනුවත් කිරීමට ගැනුණා. දෙමාපියන් ලෙස හිත දැවෙමින් ජීවත් වීම 21 වන ශතවර්ෂයේ ඇති වසංගත ගැටළුවක් ලෙස ඔවුන් මෙය දකිනවා.

දෙමාපිය පදවිය තුළ පීඩනය

ඇත්තට මේ හිත් දැවීම මොනවගේ දෙයක්ද?

සාමාන්‍ය දෙමාපිය පදවියකදී දෙමාපියන්ට සතුට, අසතුට වගේම ඉතා අප්‍රිය ජනක සිදුවීම් පවා ඇතිවන්න පුළුවන්. මෙහිදී ඔවුන් ආතතියකින් ජීවත් වීම මත දෙමාපියන් ලෙස කරන කටයුතු වලට ඔවුන් තුළ එතරම් කාර්යශුර බවක් නොමැති වී යාම වන්නට පුළුවන්. පීඩනය නිසා මෙම සිත් දවන හැඟීම ඇතිවෙන්න පුළුවන්.

මින් අවදානම ඇත්තේ කාටද?

හුඟක් වෙලාවට දෙමාපියන් මේ අවදානම තුළ සිටින අතර සමහරුන් එම අවදානම දැඩිව උසුලනවා. හුඟක් වෙලාවට අම්මලාට මේ පීඩනය වැඩියෙන් දැනෙනවා. මොකද අම්මලා බොහෝ දේවල් තාත්තලාට වඩා කැපකරගනිමින් දරුවන් වෙනුවෙන් කැපවෙනවා.

 ඒ නිසා හැමවිටම තාත්තලාට වඩා අම්මලාට ඇති පීඩනය වැඩිවෙනවා. අම්මලා හැමවිටම තමන්ට හැකි උපරිම ලෙස ගෙදර පරිපාලනය කරගෙන යන්න උත්සාහ කරන නිසා ඔවුන් ගැන ඔවුන්ට සැලකිල්ලක් දක්වන්න වෙලාවක් ලැබෙන්නේ නැති තරම්.

මේ නිසා නොදැනුවත්වම ඔවුන් සිතින් දැවි දැවී ජීවත් වෙනවා. ගෙදර ඉන්න අම්මා කෙනෙක් වුනත් රැකියාවක් කරන අම්මා කෙනෙක් වුනත් එහි වෙනසක් නැහැ. රැකියාවක නිරත අම්මලා නිවසේ හා කාර්යාලයේ වගකීම් අතර සිරවෙනවා. නිතර කාලය සමග අරගලයක යෙදෙනවා. ඔවුන්ට පැය 24 ත් මදි තරම්.

මේ සිතින් දැවි දැවී ජීවත් වීමේදී දැකිය හැකි ලක්ෂණ

  • අධික වෙහෙස සහ තෙහෙට්ටුව
  • නොසන්සුන් බව
  • අනික් දරුවන් තමන්ගේ දරුවන්ට වඩා හොඳ යැයි සිතීම
  • ආතතිය
  • ඉවසීම අඩු බව
  • බලාපොරොත්තු කඩවුණු ස්වභාවය (හැම කටයුත්තක්ම විශේෂයෙන් දරුවන් බලගැනීමට යොදන උත්සාහය අසාර්ථක බව සිතීම)
  • දරුවන් සමග සංවේදී සබඳතා ගිලිහී යාම

සිතින් දැවෙමින් ජීවත් වන මව්පිය පදවිය නිසා ඇතිවන ප්‍රතිඵලය

මේ තත්වය මුලින්ම හඳුනා නොගැනීම නිසා ඔවුන්ට දෙමාපියන් ලෙස කටයුතු කරගෙන යාමට අපහසුතා ඇතිවිය හැකියි. මේ නිසා දරුවන් ද දුකට පත්වෙනවා. දෙමාපියන් පීඩනයකින් ඉන්න විට දරුවන්ට අවශ්‍ය අවධානය ඔවුන්ට නොලැබී යනවා. එය දරුවන්ට හානියක්.

දරුවන්ගේ කායික මානසික දුර්වලතා දකින්නට ලැබෙන්න පුළුවන්. මේ නිසා දරුවන් සහ දෙමාපියන් තමන්ගේ ජීවිත වලට කරදර ඇතිකර ගැනීමට පවා පෙළඹෙන්නට පුළුවන්.

මේ ගැටළුව පීඩනය හා අලස බව පමණක් නොව සෞඛ්‍යමය ගැටළු පවා ඇති කරන ගැටළුවක් ලෙස දෙමාපියන් හඳුනා ගැනීම වැදගත්.

මේ සඳහා කළ යුත්තේ මොනවද?

මෙයට ප්‍රතිකාර කිරීම පහසු වුනත් එහි ස්වභාවය හඳුනා ගැනීම වැදගත්. මේ සඳහා ප්‍රතිකාර කිරීමෙන් සුවයක් ලබන්න පුළුවන්. මේ ඉන් මිදීමට කළ හැකි උපක්‍රම 5 ක්.

දරුවන් හෝ ඔබ සර්ව සම්පූර්ණ නැති බව වටහා ගන්න. ඉන් පීඩනයට පත්වීමෙන් වැළකෙන්න.

ඔබටත් දරුවන්ටත් සුදුසු ඉලක්කයන් ගැන සලකා බලන්න. අනෙක් පවුල් වල සිදුවෙන දේ අනුකරණය හෝ එයම සිදුවිය යුතු යැයි සිතීමෙන් ඈත්වන්න.

ඔබේ රාමුවටම දරුවන් කොටුකිරීමට හැමවිටම උත්සාහ කරන්න එපා. උවමනාවට වඩා දරුවන්ට පීඩනය එල්ල කිරීමෙන් ඔවුන් ගැටළු වලට මුහුණ දීමට අවස්ථාවක් වන්නට පුළුවන්. ඒ නිසා ඔබ සහ දරුවන් අතර ඇති සබඳතාවයන් අඩුවී යන්නට පුළුවන්. අරගලකාරී ලෙස හැසිරෙන්නට යොමු කිරීමෙන් ඔබේ සිත දැවී යන පීඩාවන් වැඩිවෙනවා.

නිතරම ශුභාවාදිව සිතන්න.

උවමනාවට වඩා සර්ව සම්පූර්ණ වීමට සිතන විට ඔබ ශුභදායි ලෙස සිතන්නට ගන්නවා. ඔබට දෙමාපිය පදවිය තුළ ඇති හැකියාවන් නිතර භාවිත කරන්න. නැති හැකියාවන්ට තල්ලු කරනවාට වඩා තියෙන දෙයින් ප්‍රයෝජන ගන්න. දරුවාට පිහිනීමට බැරිනම් එය අත්හරින්න. ඔහු වෙනත් දෙයකින් දක්ෂතා දක්වා ඇති නිසා ඊට යොමු කරන්න.

හැමදේම කරගන්න බැහැ.

හැමදේම තනිව කරනවාට වඩා උදවු ලබාගැනීමට සිතන්න. ඔබේ දුර්වලතා ගැන හිතවත් අයෙකුට කියා ඒ ගැන කතාබහ කරන්න. එක්ව සහයෝගයෙන් වැඩකරන හැටි දරුවන්ට කියා දෙන්න. සැමියා හා බිරිඳ අතර වගකීම් බෙදාගන්න. නැතිනම් සේවිකාවකගේ උදව් ලබාගන්න. සමහර විටෙක යහළුවන් උදව් කරන සමාගම් හෝ උපදේශන සහය ලබාගන්න.

සීමාවක් තබාගන්න.

ඔබ වැඩකරන මවක් හෝ පියෙකු නම් වැඩකරන කාලයට සීමාවක් තබාගන්න. දරුවන් සමග ගත කරන කාලය තුළ අන්තර්ජාලයෙන් මිදෙන්න. දරුවන්ට හිමි කාලය කාර්යාලයේ වැඩ වලටත් බෙදා නොගෙන සිටින්න උත්සාහ කරන්න.

හැමදේටම කැමැත්ත දෙනවාට වඩා ‘බැහැ’ කියන්නත් අවශ්‍ය බව තේරුම් ගන්න. නින්දට අවශ්‍ය කාලය ගන්න. අනාගතයේ දරුවන් සමග කල් ගෙවන්නට ඉඩ අඩුවන බව සිතන්න. ඔබ කියන දේ අනුගමනය කරන්නත් අමතක කරන්න එපා.

ඔබටත් කාලයක් වෙන් කරන්න.

ඔබ ඔබ වෙනුවෙන් කල් වෙන්කර ගැනීම ආත්මාර්ථකාමී යැයි සිතන්න එපා. හරියට ගුවන් යානයකදී ඔක්සිජන් ආවරණය අන්අයට පෙර ඔබට පැළඳ ගැනීමට උපදෙස් ලැබෙනවා වගේ.

වැඩිහිටියන් ලෙස අඹුසැමියන්ටත් කාලයක් වෙන්කර ගන්න. දරුවන් ඉතා වැදගත් වුනත් ඔබට කාලය වෙන් කිරීම වැදගත් බව සිතන්න. එදා නම් දරුවන් බලාකියා ගැනීම ඉතා සරල දෙයක් වුණා. නමුත් දියුණු වන ලෝකයේ කාර්යබහුල බව නිසා සියල්ල වෙනස් වෙලා. හුඟක් වෙලාවට හොඳම දෙමාපියන් වීමට යාම මේ ගැටළුවට මුලයි.

ඔබත් හිත දවන ගැටළුවෙන් පීඩා විඳිනවා නම් අදම ඉන් මිදෙන්න සිතන්න. දෙමාපිය පදවිය මැරතන් එකක් වගෙයි. ජීවිත කාලය තුළම මෙය කළ යුතු නිසා හරි කළමනාකරණයකින් ඊට මුහුණ දෙන්න.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • දෙමාපිය පදවිය තුළ ඇති දැවෙන පීඩනය
බෙදාගන්න :
  • බිරිඳගේ මානසික පීඩනය දෙගුණ තෙගුණ කරන්නේ දරුවන් නොවේ සැමියයි!

    බිරිඳගේ මානසික පීඩනය දෙගුණ තෙගුණ කරන්නේ දරුවන් නොවේ සැමියයි!

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • බිරිඳගේ මානසික පීඩනය දෙගුණ තෙගුණ කරන්නේ දරුවන් නොවේ සැමියයි!

    බිරිඳගේ මානසික පීඩනය දෙගුණ තෙගුණ කරන්නේ දරුවන් නොවේ සැමියයි!

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it