දෙවැනි දරුවාගෙන් පසුව ඔබට බලාපොරොත්තු විය හැකි දේවල් 15 ක්

lead image

දෙමාපියන් පළමු දරුවාගෙන් හුඟක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් දෙවැනි දරුවාගෙනුත් ඔබට තවත් අලුත් දේවල් ඉගෙන ගන්න තිබෙන බව ඔබ සිතුවද?

දෙමාපියන් පළමු දරුවාගෙන් හුඟක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් දෙවැනි දරුවාගෙනුත් ඔබට තවත් අලුත් දේවල් ඉගෙන ගන්න තිබෙන බව ඔබ සිතුවද?

මේ වෙනකොට වෙනදාට වඩා මුහුකුරා ගිය ඔබේ අත්දැකීම් එක්ක ඔබ බුද්ධියෙන් වැඩිවෙලා. ඒ වගේම දෙමාපියන් ලෙස ඔබට දැන් හුඟක් අත්දැකීම් තියෙනවා. ඉතින් තවත් මොනවද? ඉතින් දෙන්නා තුන්දෙනා වෙලා දැන් හතර දෙනෙක් වෙන්න යනවා නම් ඔබට අලුතෙන් ඉගෙන ගන්න කාරණා නැහැ කියලා හිතන්න එපා. මේ ඒ ගැනයි

ඔබ හිතනවාට වඩා ඔබ ශක්තිමත්

පළවෙනි බබා ලැබෙන්න ඉන්නකොට ඔබ හුඟක් බයෙන් හිටියා. කුතුහලය වැඩියි. ඉන්පසුව ඔබ උගත් දේවල් නිසා දැන් ඔබට ඕනෙම දෙයකට මුහුණ දෙන්න ශක්තිය ලැබිලා.

පළවෙනියට සාර්ථක වූ පිළිවෙත් දෙවනියට සාර්ථක නොවෙන්න පුළුවන්.

පළවෙනියාත් එක්ක ඔබ අත්දුටු හැමදේම දෙවනියාත් එක්ක අත්දකින්න ලැබෙන එකක් නැහැ. දැන් ඔබට තවත් අලුත් අත්දැකීම් එකතු වේවි.

නිතර බබා අඬනවා කියන්නේ ලෝකේ අවසානය නම් නෙමෙයි.

පළවෙනි බබා දිගටම අඬන කොට ඔබ හුඟක් අසරණ වුණා. ඒත් දැන් ඔබ දන්නවා එයා අඬනකොට මොකද කියලා. බඩගින්නට, කේන්තියට, දහඩියට, අසනීපයකට. මේ හැමදේම දැන් ඔබට තේරෙනවා.

මහන්සියි කියන වචනයේ තේරුම දැන් හොඳටම දන්නවා

ඉස්කෝලේ ගිය කාලේ මහන්සි කියල නිදාගත්තා. අම්මා කෙනෙක් වුනහම මහන්සිය කියන්නේ මොකද්ද කියලා ඔබ වටහා ගත්තා. දෙවනියත් එක්ක ඔබට එය උවමනාවටත් වඩා තේරුම් යනවා.

කිරි කැටියා නින්දට ගියහම පුංචි පුතා ඔබව ඇහැරවලා තියනවා.

පුංචි අමුත්තා නිදාගන්න වෙලාවත් පළවෙනියා නිදාගන්න වෙලාවත් දැන් වෙනස් වෙනවා. ඉතින් ඔබ මේ වෙනසට දැන්ම සුදානමින් ඉන්න.

පුංචි කෙටි නින්දක් අවශ්‍යයි.

පළවෙනියා ලැබෙනකොට අම්මලාට නිතර ලැබෙන අවවාදයක්. නමුත් දෙවැනියාගෙන් පස්සේ නම් මෙය අනිවාර්යයි.

ආදරය සමසේ බෙදා දෙන්න ඉගෙන ගන්න.

ඔබ දැනටමත් දෙවනිය ලැබෙන්න සුදානමින් නම් අනාගතයේ ඔබේ මුළු දවසම පළවෙනිය වෙනුවෙන් වෙන් කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ආදරය බෙදා දෙන්න ඔබට සිදුවෙනවා. ඔබත් වැඩිමහල් දරුවත් දෙදෙනාම ඊට සුදානම් වීම වැදගත් වන්නේ ඒ නිසයි.

එහි ප්‍රතිලයක් ලෙස ( අංක 7) පළවෙනියගේ හැසිරීම් වෙනස් වේවි.

මේ නිසා පළවෙනියා හුඟක් ඉරිසියා වෙන්නත් නැතිනම් හුඟක් ආදරේ පෙන්වන දරුවෙක් වෙන්නත් පුළුවන්. මේ දෙපැත්තම ඔබට සුදානම් වෙන්න වෙනවා.

හැමදේම හැමදාම හොඳ අතට හැරෙනවා.

හැමදාම හැමදේම නරක අතටත් විඩාබර බවටත් පත්වෙනවා කියලා සිතන්න එපා. එන්න එන්න ඔබට වැඩකටයුතු පහසු වෙන බව සිතන්න. 

කිරිකැටි බිළිඳු සිනහව ඔබව සතුටින් තියයි.

විඩාබර දවසක් ගෙවී යද්දී පුංචි පැටව් එකට එකතුවෙලා හිනාවෙන, හුරතල් කතා කියන විට ඔබේ විඩාව නිවිලා යනවා. ඔබව ප්‍රබෝධයෙන් අලුත්වෙනවා.

ඔබේ හිත හයිය වුනත් හැමදේම කරන්න බැහැ.

යථාර්තය එයයි. ඒ නිසා උදව් ගන්න පුළුවන් නම් උදව් ඉල්ලන්න මැලි වෙන්න එපා. හැමදේම තනිවම කරන්න ඔබට අමාරුයි. එය හුඟක් විඩාබරයි.  

ඉස්සර වගේ නෙමෙයි දැන් හරියට කෑගහනවා.

ඉස්සර ඔබ හුඟක් කෑගහනවා, කේන්ති යනවා කියලා හිතුවට දැන් ඔබට ඊටත් වඩා කෑගහන්න වෙන වෙලාවල් තියෙන බව දැනෙයි.

දරුවන් දෙන්නෙක් එක්ක කාලය පියඹා යාවි.

ඔබ හුඟක් දේ දැන් අත්දැකලා අවසන්. ඒ නිසා පුරුද්දත් එක්කම ඔබේ අමාරු කාලය ඉක්මනින් ගෙවී යනවා.

ඔබේ හිතේ දෙන්නේකුටම ඉඩ හැදිලා.

පළවෙනියා විතරක් ඉන්නකොට දෙවනියෙකුට ආදරය බෙදන්න බැරිවෙයි කියලා ඔබ හිතුවා නේද? ඒත් දෙවනියා ලැබුනට පස්සේ ආදරේ සමසමව බෙදිලා යනවා.

වෙනදාට වඩා ඔබ ගැන හිතන්න.

දැන් දෙන්නෙක් එක්ක වැඩ දෙගුණ වෙලා. ඒත් ඔබ ගැන සිතන්න එය හුඟක් වැදගත්. ඔබ වෙනුවෙන් කාලය යොදවන්න. ඔබේ ජීවිතය විඳින්න.

අම්මලාට දරුවන්ගෙන් තොර ලොවක් නැහැ. ඒ වෙනුවෙන් හැමදේම කරන අම්මලාට දරුවන් දෙන්නෙක් බරක් නොවුනත් හිතට දැනෙන අලුත් වගකීම් ගොන්න තවත් සැහැල්ලු කරන්න theAsianparent Sri Lanka අපි මේ ලිපිය ලිවුවා.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ