සීත දෙසැම්බර් මාසයේ උපන් දරුවන් ගැනයි මේ.

ඔබේ දරුවාත් දෙසැම්බර් මාසයේ උපන් දරුවන් අතරින් කෙනෙක් නම් මවක් වශයෙන් ඔබ නත්තලින් වැසී යන උපන්දිනයක් සහිතව දරුවා ලොකු මහත් වීම ගැන කණගාටු වෙනවා වෙන්න පුළුවන්.

එහෙත්, අධ්‍යනයන්ට  අනුව, ඔබගේ දරුවා දෙසැම්බර් මාසයේ උපත ලැබීම ගැන ඔබ සැබවින්ම උද්යෝගිමත් විය යුතුය.

මෙන්න, විද්‍යාව අනුව දෙසැම්බර් උපත ලද ළදරුවන් ගැන පවසන්නේ  කුමක් ද?

1. ඔවුන් නිදි කරවීමට  හා අවදි කිරීමට  පහසු වේ.

ඉතාලි හා ස්පාඤ්ඤ විශ්ව විද්‍යාල සිසුන් සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ දෙසැම්බර් මාසයේ උපත ලබන දරුවන් අවුරුද්ද  මැද උපන්  දරුවන්ට වඩා  නිදි කරවීමට  හා අවදි කිරීමට  පහසු බවයි.

2. ඔවුන් ත්‍යාගශීලී , ශුභවාදී සහ විනෝදජනක ලෙස හැදි වැඩෙනු ඇත.

ඔබ ජෝතිෂ්‍යය පිළිබඳව හුරුපුරුදු නම්, ඔබ දෙසැම්බර් මාසයේදී උපත ලබන ළදරුවන් ධනු හෝ මේෂ යන ලග්න දෙකින් එකකට අයත් වෙන්න පුළුවන් ධනු ත්‍යාගශීලී , ශුභවාදී, හා විනෝදජනක ලෙස පැහැදිලි  කර ඇති අතර මේෂ ප්‍රායෝගික, වගකිව යුතු සහ ස්වයං විනයානුකූල ලෙස සලකනු ලැබේ.

ඇත්ත වශයෙන්ම, මෙම ගති ලක්ෂණ වර්ධනය වීම  ලග්න මත  නොව, දෙමාපියන්ගේ ආදරය  හා මඟ පෙන්වීම මත රදා පවතියි.

දෙසැම්බර් මාසයේ උපන් දරුවන් සුවිශේෂී ඇයි? ඔවුන් උපතින්ම වේලාසන අවදි වන්නන් වේ

3. ඔවුන්ට අධ්‍යාපනික වාසි ඇත.

දෙසැම්බර් මාසයේ උපන් දරුවන් සාමාන්‍යයෙන්  ඔවුන්ගේ පංතියේ බාලයා වන අතර අධ්‍යයනවලින් කියැවෙන්නේ, අනාගතයේ දී ඔවුන්ට  අධ්‍යාපනයේ අති දක්ෂයින් වීමට එය උපකාරී වන බවයි. ඒ  ඔවුන්ට ළදරු කාලයේ පටන් පැසුනු හෝ වැඩිමහලු  දරුවන් ගෙන් ඉගෙන ගත හැකි විම හා ඔවුන් සමඟ වර්ධනය විය හැකි වීම නිසයි.

4. ඔවුන් එක් දිනක් දන්ත වෛද්‍යවරයෙකු බවට පත්වනු ඇත

අසාමාන්‍ය  වුවත්, අතීතයේ පර්යේෂණයට අනුව දරුවාගේ උපන් මාසය වැඩිහිටියෙකු ලෙස කුමන වෘත්තියක යෙදීමට බලපෑම් කළ හැකිදැයි කියනු ලැබේ. දෙසැම්බරයේ උපත ලද ළදරුවන් මුඛ වෛද්‍ය  විද්‍යාවේ වෘත්තියක අනාගතයේදී  නියැලීමට  බොහෝ විට ඉඩ ඇත.

5. සිය 100 වැනි උපන්දිනය සැමරීමට ඔවුන් ජීවත් විය හැකිය.

නිවාඩු කාලය තුළ උපන් බිළිඳුන්ට දිගු ආයු කාලයක් ඇති බව වයස පරීක්ෂණ සගරාවක පල කල සංඛ්‍යා ලේඛන අනුව  දැනගෙන තිබේ.

අවුරුදු සීයයකට වඩා වැඩි   කාලයක් ජීවත් වූවන් උපත ලබා ඇත්තේ වසරේ අවසාන  කාර්තුවේ බව 1,000 කට වැඩි පරීක්ෂණ  වලින්   පර්යේෂකයන් සොයාගෙන තිබේ.

මේවා ආකර්ෂණීය   සොයාගැනීම් වුවද, වැදගත්ම දෙය වන්නේ ඔබේ දරුවා නිරෝගීව   ඉපදීමයි. ඔවුන්ගේ උපන්නේ  කවදාදැයි  නොතකා  හරින්න.

දෙසැම්බර් මාසයේ උපන් දරුවන් ගැන වු මේ ආකර්ෂණීය සොයා ගැනීම් රැගත් මේ ලිපිය ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී